කාලෙන් කාලෙට ලෝකයට ආධ්‍යාත්මික නායකයෝ බිහි වෙනවා. සමහර වෙලාවට මේ අයට හොඳ ප්‍රතිචාර ලැබෙද්දී සමහර වෙලාවට එම විශ්වාස වලට ප්‍රතිවිරුද්ධ විශ්වාසයන් දක්වන අය සහ ඇතැම්විට ඔවුන්ගේ අනුගාමිකයන් අතින්ම මේ ආධ්‍යාත්මික නායකයන්ට ඍණාත්මක ප්‍රතිචාර ලැබෙනවා. අපි අද ඔබත් එක්ක කතා කරන්න යන්නේ වර්තමානයේ ලෝකයේ පිළිගැනීමට ලක්වෙලා තියෙන ආධ්‍යාත්මික නායකයෝ කීප දෙනෙක් පිළිබඳව. ඇතැම් අය පිළිබඳව සිංහල භාෂාවෙන් ඔබ කියවන පළවෙනි අවස්ථාව මෙම ලිපිය වෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙම ආධ්‍යාත්මික නායකයන්ගේ දේශන හරහා ඔබේ ජීවිතයට යම් අර්ථයක් එකතු කරගන්න ඔබට පුළුවන් වෙන්නත් පුළුවන්. ඔවුන්ගේ දේශන වලින් වැඩි හරියක් යූටියුබ් වැනි සමාජ මාධ්‍ය හරහා ඔබට නරඹන්න සහ අහන්න පුළුවන්. ඒ තීරණය ඔබ සතුයි.
1. දීපක් චොප්රා
ඉන්දීය සම්භවයකින් පැවත එන දීපක් චොප්රා, මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ නිත්‍ය පුරවැසියෙකු බවට පත්ව තිබෙනවා. ඔහු විසින් නිකුත් කරන ලද “The Seven Spiritual Laws of Success” කෘතිය අලෙවි වාර්තා තැබූ අතර ඒ මගින් වඩාත් හොඳ මනුෂ්‍යයෙකු වන්නේ කෙසේද යන ප්‍රශ්නයට සරල සහ පහසු විසඳුමක් ඔහු විසින් ලබා දෙනවා. ඔහු නායකත්වය ලබාදෙන චොප්රා පදනම මගින් ලෝකයාව ශරීරය සහ මනස පිළිබඳ අධ්‍යාත්මික සංහිඳියාවකට යොමු කිරීම සිදු කරනවා.
2. දලායි ලාමා
ටිබෙට් රටේ ආධ්‍යාත්මික නායකයා සහ රාජ්‍ය නායකයා වන දලයි ලාමාතුමා දශක ගණනාවක් තිස්සේ සිය උපන් බිමෙන් පිටුවහල්ව ඉන්දියාවේ සරණාගතයකු ලෙස ජීවත් වෙනවා. ඒ මහජන චීනය විසින් ටිබෙටය අත්පත්කර ගැනීම නිසයි. එතැන් පටන් ටිබෙටයේ නිදහස් අරගලයේ ප්‍රතිමූර්තියක් බවට උන්වහන්සේ පත්ව තිබෙන අතර ඒ සඳහා ගෙනයන අවිහිංසාවාදයේ අරගලය නිසා ලෝක ජනතාවගේ ජනප්‍රසාදයට ලක්ව තිබෙනවා. මේ නිසාම ටිබෙට් බුද්ධාගම පිළිබඳව පෙර නොවූ විරූ උනන්දුවක් ලෝකය තුළ ඇතිව තිබෙනවා.
3. පවුලෝ කොයියෝ
මෙතුමාගේ නම මෙම ආධ්‍යාත්මික ගුරුවරුන්ගේ ලයිස්තුවේ දකින්නට ලැබීම ඇතැම් විට ඔබව තිගැස්මට ලක් කිරීමට සමත් වූවා වන්නට පුළුවන්. නමුත් අපි විසින් ලේඛකයෙකු ලෙස හඳුනාගන්නා පවුලෝ කොයියෝ බටහිර ලෝකය තුළ ගෞරවාදරයට පාත්‍ර වන්නේ ආධ්‍යාත්මික නායකයෙකු ලෙසයි. ඔහු විසින් රචනා කරන ලද “The Alchemist” කෘතිය පිටපත් මිලියන 150 කටත් වඩා වැඩි ප්‍රමාණයක් විකිණී ඇති අතර මිලියන ගණනක ජනතාවක් එම කෘතිවලින් පැහැදිළි කරන ආධ්‍යාත්මික පණිවිඩය සිය ජීවිතයට සමීප කරගෙන තිබෙනවා.
4. ප්‍රැන්සිස් පාප්වහන්සේ
සමස්ථ කතෝලික ලෝකයේ ආධ්‍යාත්මික නායකයා වන ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ලෝක සාමය වෙනුවෙන් දක්වනු ලබන කැපවීම නිසා කතෝලික ආගම අදහනු නොලබන ජනතාව අතර පවා ආධ්‍යාත්මික ගුරුවරයෙකු ලෙස ගෞරවය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. උන්වහන්සේගේ විශ්වාස වර්තමාන කතෝලික සභාවේ තීරණ කෙරෙහි විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා.
5. ටිච් නැට් හන්(හ්) (Thich Nhat Hanh)
වියට්නාමයේ උපත ලද මුන්වහන්සේ සෙන් බෞද්ධ දර්ශනය ලොව පුරා ප්‍රචලිත කිරීමේ ව්‍යායාමයේ නිරතව සිටිනවා. උතුර සහ දකුණ ලෙස වියට්නාමය බෙදී ගොස් තිබූ අවධියේ දී එම කොටස් දෙක එක් කරමින් එක්සත් වියට්නාමයක් බිහිකිරීම සඳහා මුන් වහන්සේගේ ඉගැන්වීම් සුවිශාල දායකත්වයක් ලබා දෙනු ලැබුවා. මේ වන විට 94 හැවිරිදි වියේ පසු වන උන්වහන්සේ තවමත් ලෝකය පුරා සංචාරය කරමින් ජනතාව අවදි කිරීමේ මෙහෙයක නිරත වෙනවා.
6. එක්හාර්ට් ටෝල්
“The Power of Now” සහ “A New Earth” කෘති යුග්මය ආධ්යාත්මාවේදය පිළිබඳව ගවේෂණය කරන පිරිස්වල අත් පොත් දෙකක් බවට පත්ව තිබෙනවා. ගැඹුරු ආධ්‍යාත්මික පණිවුඩ රැගත් මෙම කෘති පරිශීලනය කිරීම මගින් මිනිසාට තමන්ගේම ආධ්‍යාත්මික දියුණුව කරා යා හැකි බවට මේ කෘති භාවිතා කළ බොහෝ පිරිසකගේ අදහස වනවා.
7. ජේම්ස් රෙඩ්ෆීල්ඩ්
ඔහු රචනා කරනු ලැබුවේ “The Celestine Prophecy” නම් නවකතාවක්. නමුත් මෙම නවකතාව ආධ්‍යාත්මික ගවේෂකයන් අතර අතිශය ජනප්‍රිය කෘතියක් බවට පත්වූයේ එහි සාකච්ඡා කෙරුණු පුරාණ පෙර අපර දෙදිග සම්ප්‍රදායන් තුළ මුල් බැස තිබෙන මනෝවිද්‍යාත්මක සහ ආධ්‍යාත්මික අදහස් පිළිබඳව ලෝකයා ඉදිරියේ නව සාකච්ඡාවක් ඇති කිරීමට සමත් වීම නිසයි
එහි ප්‍රතිඵලයක් වූයේ ජේම්ස් රෙඩ්ෆීල්ඩ් ආධ්‍යාත්මික ගුරුවරයෙකු ලෙස ගෞරවාදරයට පත් වීමයි.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් එය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply