ඇත්තටම ලෝකේ -හරියටම ඉන්ටර්නෙට් එකේ- වෙබ් සයිට් කීයක් විතර තියෙනවද කියලා අනුමාන කරන්න පුළුවන්ද? 1992 වෙනකොට ලෝකේ වෙබ්සයිට් තිබිලා තියෙන්නේ 10 යි. හැබැයි 1993 වෙනකොට ඒ වෙබ්සයිට් ගාණ ඒ වගේ දහගුණයකටත් වැඩි වෙනකල් වර්ධනය වෙලා තියෙනවා. හැබැයි 1994 වෙනකොට මේ ප්‍රමාණය තුන්සිය ගුණයකින් වගේ වැඩි වෙලා වෙබ්සයිට් 3000 ක් වගේ වෙලා තියෙනවා. එතකොට දැන් -ඒ කියන්නේ 2021 වෙනකොට- වෙබ්සයිට් කීයක් වගේ තියෙනවද? බිලියන 1.7 කටත් වඩා! හැබැයි මේ වෙනකොට සක්‍රීය තත්ත්වයේ තියෙන්නේ වෙබ් අඩවි මිලියන 200 ක් විතර කියලා තමයි අහන්න ලැබෙන්නේ. හැබැයි මේ මිලියන 200 ක් කියන්නෙත් කොයි තරම් ලොකු සංඛ්‍යාවක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පැයෙන් පැය ඒ වෙබ්සයිට් ගාණ වැඩිවෙමින් පවතිනවා මිසක් අඩු වෙන්නෙ නෑ. මේ වෙබ්සයිට් මිලියන 200 න් අපි නොදන්නා, ඒත් ප්‍රයෝජනවත් වෙබ් අඩවි කොයි තරම් තියෙනවා ඇතිද?
ඇත්තටම ඒ වගේ වෙබ් අඩවි ගැන අපි පාර්ට් වන් සහ පාර්ට් ටූ කියලා කොටස් දෙකකින් කතා කරලා තියෙනවා. අද ඉදිරිපත් කරන්න යන්නේ ඒකේ පාර්ට් ත්‍රී එක.
ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – පළමු කොටස
ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – දෙවන කොටස
1. Photopea
ඔබ ෆොටෝෂොප් පාවිච්චි කරනවද? ඇත්තටම ඔය සංකීර්ණ ග්‍රැෆික් ඩිසයින්, ෆොටෝ එඩිට් වල ඉඳලා සරල ෆේස්බුක් පෝස්ටරයක් දක්වා දේවල් නිර්මාණය කරගන්න ගොඩක් අය ෆොටෝෂොප් පාවිච්චි කරනවා. හැබැයි ඉතින් ෆොටෝෂොප් සොෆ්ට්වෙයාර් එක හරි විදියට සල්ලි දීලා ගන්න සාමාන්‍ය කෙනෙක්ට අමාරුයි. මාසෙකට ඩොලර්ම 20 කට වැඩියි. දැන් එහෙම ගෙවලා ගන්නවට වඩා ඔය සරල වැඩ කටයුතු කරගන්න canva වගේ ඔන්ලයින් වෙබ් ටූල්ස් තියෙනවා තමයි. හැබැයි ඉතින් ෆොටෝෂොප් සහ ෆොටෝෂොප් වලින් ලැබෙන ඇඩ්වාන්ස් පහසුකම් වලට හුරු වෙලා ඉන්න කෙනෙක්ට, ෆොටෝ ෂොප් නැතිනම් ඊලඟ විසඳුම මොකක්ද? ඒක තමයි මේක! Photopea කියන්නේ ෆොටෝෂොප් වගේම පෙනුම තියෙන, ෆොටෝෂොප් වල තියෙන බේසික් සහ ඇඩ්වාන්ස් ටූල්ස් තියෙන එඩිටින් වෙබ් ටූල් එකක්. ෆොටෝ ෂොප් වල ප්‍රමාණයටම සංකීර්ණ වැඩකටයුතු කරගන්න බැරි වුණත්, සරල ෆේස්බුක් පෝස්ටරයක ඉඳලා ඇඩ්වාන්ස් මට්ටමින් ෆොටෝ එකක් එඩිට් කරගැනීම දක්වා දේවල් ගැටළුවක් නැතුව කරගන්න Photopea වෙබ් අඩවියෙන් පුළුවන්.
2. Account Killer
අපි ඉස්සර නම් ඉතින් හිටු කියලා ලෑන්ඩ් වෙන ඕනම වෙබ්සයිට් එකක එකවුන්ට්ස් හදනවනේ. ආයෙ ඉතින් ඊට පස්සේ ඊමේල් ඉන්බොක්ස් එක නිව්ස්ලෙටර්ස් වලින් ප්‍රොමෝෂන් වලින් සහ වෙන අනං මනං වලින් පිරෙන්නෙ කිසි කිසි ගාලා. හැබැයි ඉතින් ඔය ගොඩක් වෙබ්සයිට් වල අපි එකවුන්ට්ස් හැදුවට මොකෝ, ඊට පස්සේ එව්වා ඩිලිට් කරන්න ගියාට ඩිලිට් කරගන්න බෑ. දැන් ඔය ෆේස්බුක් වගේ එකක නම් අපේ එකවුන්ට් එක ඩිලිට් කරන්නේ කොහොමද කියලා සෙටින්ග්ස් වලට ගිහින් හොයාගන්න පුළුවන්. හැබැයි වෙන ගොඩක් වෙබ් අඩවි වල ඔය වැඩේ කරන්නෙ කොහොමද කියලා හොයාගන්නවත් නෑ. ආන්න එතනදී තමයි මේ Account Killer වෙබ් අඩවිය වැදගත් වෙන්නේ. ඒකෙන් එකවුන්ට්ස් ඩිලිට් කරල දෙන්නෙ නෑ. හැබැයි අපිට අවශ්‍ය ඕනම වෙබ් අඩවියක අපේ එකවුන්ට් එක අයින් කරගන්න කරන්න ඕන මොනවද, යන්න ඕන පියවර මොනවද කියන එක පැහැදිලිවම කියලා දෙනවා.
3. AlternativeTo
දැන් දැන් ලෝකේ සෑහෙන්න ඔය හොර කොපි සොෆ්ට්වෙයාර් පාවිච්චි කිරීම අධෛර්යමත් කෙරෙමින් පවතින්නේ කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා ගොඩක් දෙනෙක්ට එක්කෝ නීත්‍යානුකූල මෘදුකාංග හෝ වෙබ් සේවාවන් සල්ලි දීලා ලබාගන්න වෙනවා. එහෙම නැතිනම් ඉතින් වෙන විකල්පයකට යන්න වෙනවා. දැන් හැබෑටම මොනවද වෙන තියෙන විකල්ප? ආන්න ඒ ගැන තමයි අපි මේ කියන්න යන්නේ. ඕනම සොෆ්ට්වෙයාර් එකකට හෝ වෙබ් සේවාවකට නොමිලේ ලබාගන්න පුළුවන් විකල්ප හොයාගන්න පුළුවන් AlternativeTo වෙබ් අඩවියෙන්. ගිහින් සර්ච් කරලා බලන්න විතරයි තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, ෆොටොෂොප් මෘදුකාංගය වෙනුවට ඒ වැඩකටයුතුම කරගන්න පුළුවන් විකල්ප සොෆ්ට්වෙයාර් හෝ වෙබ් ටූල්ස් දෙසීයකට වැඩි ගාණක් මේ AlternativeTo වෙබ් අඩවියෙන් හොයාගන්න පුළුවන්. එතනින් සෑහෙන ප්‍රමාණයක් ඉතාම අඩු මුදලකට හෝ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගන්න පුළුවන් ඒවා වීම විශේෂයක්. ඕන නම් Netflix වෙනුවට තියෙන විකල්පත් සිය ගාණක් හොයාගන්න පුළුවන් මෙතනින්.
4. Mount Everest 3D
කෙනෙක්ට එයාගේ එවරස්ට් කන්ද කියන එකෙන් කියවෙන්නේ, එයාගේ ජීවිතේ ලඟා කරගන්න තියෙන කූටප්‍රාප්තිය, උපරිමය මොකක්ද කියන අදහස . එතකොට කඳු නගින අයට එයාලගේ එවරස්ට් කන්ද මොකද්ද? ඒ අයගේ එවරස්ට් එක ඇත්තටම එවරස්ට් එකම තමයි. ලෝකයේ උසම කූටය විදියට සැලකෙන හිමාලයේ එවරස්ට් කඳුවැටිය තරණය කරන්න ආසාවක් හරි තියෙන කෙනෙක්ට ගිහින් බලන්න ගැලපෙනම වෙබ් අඩවියක් තමයි Mount Everest 3D කියන්නේ. නමින්ම කියන විදියට මේ වෙබ් අඩවියෙන් එවරස්ට් කඳුවැටියේ ත්‍රිමාණ සිතියමක් පෙන්නලා දෙනවා. ඒකේ එවරස්ට් තරණය කරන්න යෝග්‍යම ට්‍රැක්ස් මොනවද, කෑම්ප්ස් කොහෙද තියෙන්නේ වගේ හැම තොරතුරක්ම වගේ තියෙනවා. හැබැයි ඇත්තටම එතනින් එහාට ගියහම, එවරස්ට් තරණය කරන්න හිතන කෙනෙක්ට සම්පූර්ණයෙන්ම තමන්ගේ චාරිකාව සැලසුම් කරගන්න උදවු වෙන සියළුම තොරතුරු මේ වෙබ් අඩවියේ තියෙනවා.
5. Outline
Outline කියන්නේ බැලූ බැල්මට බොහොම සරල වෙබ් අඩවියක්. හැබැයි කෙනෙක්ට පේනවට වඩා බොහොම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් වෙබ් අඩවියක්. උදාහරණයක් විදියට අපි කියමු, අපිට මොකක් හරි වෙබ් අඩවියක තියෙන ආටිකල් එකක් කියවන්න ඕන කියලා. හැබැයි ඒක කියවන්න බෑ එහෙන් මෙහෙන් ඇඩ්වර්ටීස්මන්ට් මතු වෙවී වද දෙන නිසා. ආන්න එතකොට කරන්න තියෙන්නේ අදාළ ආටිකල් එකේ URL එක කොපි කරලා, ඒක Outline.com එකේ පේස්ට් කරන එක. ආන්න එතකොට Outline.com එක බබා වගේ ඒ ආටිකල් එක විතරක් ග්‍රහණය කරගෙන අපිට අනවශ්‍ය කරදර මොකුත් නැතුව කියවන්න දෙනවා. ඒ වගේම ඔය කන්ටෙන්ට් එක කොපි කරන්න බැරි විදියට හදලා තියෙන වෙබ් අඩවියකින් මොනවා හරි කොපි කරගන්න අවශ්‍ය වුණත්, Outline.com එකට ඒකේ URL එක දුන්නහම ලස්සනට කොපි කරගන්න පුළුවන් ටෙක්ස්ට් එකක් විතරක් ලබාදෙනවා.
6. Worn On TV
ඔන්න අපි Netflix එකේ ටීවී ෂෝ එකක් බල බලා ඉන්නවා. එතකොට අපිට දකින්න ලැබෙනවා ඒකේ ඉන්න ප්‍රධාන නිළිය හරිම ලස්සන ගවුමක් ඇඳගෙන එනවා. එතකොට ඉතින් ඔන්න අපිටත් ආස හිතෙනවා ඒ වගේ ගවුමකට. හැබැයි ඉතින් ඒක කොහෙන්දැයි හොයන්නේ? සමහර වෙලාවට ගූග්ල් සර්ච් කරලා හොයාගන්න පුළුවන් වෙයි, ඒත් ඒකත් ෂුවර් නෑ. ආන්න ඒ වෙලාවට තමයි මේ wornontv.net වෙබ් සයිට් එක පිහිටට එන්නේ. ඒකේ තියෙනවා ගොඩක් දෙනෙක්ගේ ප්‍රියතම ටීවී සීරීස් සහ ෂෝ ගණනාවක්ම. ආන්න එතකොට අපිට අදාළ සීරීස් එක හරි ෂෝ එක හරි තෝරගෙන, බලන්න පුළුවන් ඒකේ අදාළ නිළිය ඇඳලා ඉන්න ඇඳුම කොතනද තියෙන්නේ කියලා. ඒක හොයාගත්තට පස්සේ ඒක මොකක්ද, ඒක හඳුන්වන්නේ කොහොමද, මිල ගණන් කොහොමද වගේ විස්තර දැනගන්න පුළුවන්. ලංකාවේ ඉඳලා ඒ සමහර එව්වා කෙලින්ම මිලදී ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි නම හොයාගත්තහම අපිට ගෙන්න ගන්න හරි පුළුවනිනේ.
7. DeepL
සාමාන්‍යයෙන් අපිට මොකක් හරි පරිවර්තනය කරගන්න ඕන වුණහම අපි පටස් ගාලා හොයාගෙන යන්නේ ගූග්ල් ට්‍රාන්ස්ලේටර් එකනේ. ඒකට හේතුවක් තියෙනවා. ගූග්ල් ට්‍රාන්ස්ලේටර් එකේ සිංහල සහ දෙමළ ඇතුළු ලෝකේ භාෂා බරගාණක් තියෙනවා. හැබැයි ඉතින් ගූග්ල් ට්‍රාන්ස්ලේටර් එක ඒ තරම් නිවැරදි පරිවර්තනයන් ලබාදෙන්නෙ නෑ කියලත් අපි දන්නවනේ. ආන්න ඒ නිසා අපිට ලෝකේ වෙනත් භාෂාවක් වඩාත් සාර්ථකව පරිවර්තනය කරගන්න විකල්පයක් අවශ්‍ය නම්, යන්න www.deepl.com එකට. මේ වෙබ් එක ඇත්තටම භාෂා විසිපහක් විසිහයක් වගේ තමයි ලබාදෙන්නේ. හැබැයි ඒ ලබාදෙන පරිවර්තනයන් ඇත්තටම ඒ රටවල භාෂාව භාවිතා වෙන විදියට ලබාදෙන්න DeepL එකෙන් උත්සාහ කරනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ඕනම පරිවර්තනයක ව්‍යක්ත භාෂාවෙන් කියවෙන විදිය වගේම කටවහරේ භාෂාවෙන් කියවෙන විදිය වෙනම තෝරගන්න හැකියාව දෙනවා. හැබැයි ඒකට සබ්ස්ක්රිප්ෂන් ප්ලෑන් එකකට යන්න ඕන. කොහොමත් වඩාත් නිරවද්‍ය පරිවර්තන ලබා ගන්න නම් DeepL කියන්නේ හොඳ විකල්පයක්.
ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – පළමු කොටස
ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – දෙවෙනි කොටස
ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – හතරවෙනි කොටස
Leave a Reply