බ්‍රෙක්ෆස්ට් එකට සැන්ඩ්විච් එකක් වගේ ගන්න අයට ඔන්න නියම ස්ප්‍රෙඩ් රෙසිපි ටිකක් ගෙනාවා. මයෝ දාලා හදන, ඒත් වෙනස්ම රස වලින් තියන මේ රෙසිපි ඇත්තටම හරිම ලේසියි. ලයිෆි අපි හැමදාමත් ඔයාලා ගැන හිතන නිසා ඔන්න අදත් ලේසි රෙසිපි සෙට් එකක්ම ගෙනාවා. ට්‍රයි කරලා බලන්න.
1. චිකන් චිලී මයෝ ස්ප්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- මයෝනේස් මේස හැඳි 2
- කෙචප් මේස හැඳි 1/2
- තම්බා අඹරාගත් චිකන් කප් 1
- කෑලිමිරිස් තේ හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- ලුණු පින්ච් එකක්
- දෙහිබෑයක යුෂ
- මයෝනේස් වලට කෙචප්, මිරිස්කුඩු, කෑලිමිරිස් දාගන්න. ඊළඟට රස අනුව ලුණු හා දෙහි යුෂ දාලා හොඳට කලවම් කරන්න.
- ඒකට අඹරාගත් චිකන් ටික දාල හොඳට මික්ස් කරගන්න. දවස් දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් මේ ස්ප්‍රෙඩ් එක.
2. ගාලික් මයෝ එග් ස්ප්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- මයෝනේස් මේස හැඳි 2
- තම්බා පොඩි කරගත් බිත්තර 3
- සවර් ක්‍රීම් මේස හැඳි 1
- ඩ්‍රයි පාස්ලි තේ හැඳි 1
- සුදුළූණු පව්ඩර් තේ හැඳි 1/2
- මයෝනේස් වලට සවර් ක්‍රීම් දාලා කලවම් කරගන්න. ඊළඟට පාස්ලි හා සුදුළූණු දාලා කලවම් කරගන්න.
- මේකට තම්බා පොඩි කරගත් බිත්තර එකතු කරගෙන පාන් පෙති වල තවරගන්න.
3. චිකන් මස්ටර්ඩ් ස්ප්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා අඹරාගත් චිකන් කප් 1
- මයෝනේස් මේස හැඳි 3
- කෙචප් මේස හැඳි 1
- සුදුළූණු පව්ඩර් තේ හැඳි1/2
- සීනි තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- ගම්මිරිස්කුඩු ස්වල්පයක්
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- ලෙමන් යුෂ තේ හැඳි 1/2
- මස්ටඩ් තේ හැඳි 1
- මයෝනේස් වලට කෙචප් දාලා සුදුළූණු පව්ඩර් එකතු කරන්න.
- ඊළඟට රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු, සීනි හා මස්ටර්ඩ් ටික දාලා ලෙමන් යුෂ ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.
- මේ මිශ්‍රණය චිකන් වලට දාල හොඳට මික්ස් කරලා ස්ප්‍රෙඩ් එක හදාගන්න. මේකත් දවස් දෙකක් තුනක් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්.
4. ටූනා මයෝ ස්ප්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- ටූනා ග්‍රෑම් 100
- චොප්කරගත් පාස්ලි තේ හැඳි 1
- චොප්කරගත් ඔලිව්ස් කෝප්ප 1
- මයෝනේස් මේස හැඳි 2
- ඔලිව්තෙල් තේ හැඳි 2
- ලෙමන් යුෂ තේ හැඳි 2
- ගම්මිරිස්කුඩු ස්වල්පයක්
- බ්ලෙන්ඩර් එකට ටූනා, පාස්ලි හා ඔලිව්ස් දාලා මයෝනේස් ටික දාලා බ්ලෙන්ඩ් කරගන්න.
- ඒකටම ඔලිව්තෙල් ටික දාලා ලෙමන් යුෂ එකතු කරන්න. මේකට ගම්මිරිස්කුඩු දාලා නැවත හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- මේ ස්ප්‍රෙඩ් එකත් දවස් දෙකක් තුනක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්.
5. කෝන් ඇන්ඩ් චෙඩාර් චීස් ස්ප්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- ස්වීට් කෝන් කප් 1/2
- බටර් මේස හැඳි 2
- පාන්පිටි මේස හැඳි 1 1/2
- කිරි කෝප්ප 1
- චෙඩාර් චීස් ග්‍රෑම් 200
- මයෝනේස් මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- පෑන් එකක් ලිපේ තියලා බටර් දාලා මෙල්ට් වෙනකොට පාන්පිටි දාලා විස්ක් කරගන්න. මේකට කිරි ටික ටික දාගන්න. දැන් ලම්ප්ස් නැති වෙනකල් විස්ක් කරගන්න. තික් වේගෙන එනකොට ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
- ටිකකින් චෙඩාර් චීස් ටික දාලා මෙල්ට් වෙනකල් විස්ක් කරගන්න. ලම්ප්ස් නැති වෙනකල් විස්ක් කරලා ලිපෙන් බාගන්න. ඒකට මයෝනේස් ටික මික්ස් කරගන්න.
- ස්වීට් කෝන් ටික ගෑරප්පුවකින් පොඩි කරල මේකට එකතු කරල මික්ස් කරගෙන ස්ප්‍රෙඩ් එක හදාගන්න.
6. මයෝ එග් ස්ප්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බිත්තර 2
- මයෝනේස් මේස හැඳි 2
- ලෙමන් යුෂ තේ හැඳි 1/2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- මස්ටඩ් පේස්ට් තේ හැඳි ½
- එළවළු තෙල් මේස හැඳි ½
- බෝල් එකකට දෙහි යුෂ, ගම්මිරිස්කුඩු, මස්ටඩ් පේස්ට් හා තෙල් ටික දාලා ගෑරප්පුවකින් බීට් කරගන්න.
- තම්බාගත් බිත්තර හොඳින් පොඩි කරලා බීට් කරගත් මිශ්‍රණය දාල කලවම් කරගෙන ස්ප්‍රෙඩ් එක හදාගන්න.
7. චික්පී ස්ප්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල කෝප්ප 1
- මයෝනේස් මේස හැඳි 1
- සුදුළූණු බික් 3
- ලුණු හා ගම්මිරිස්කුඩු
- හොට් සෝස් මේස හැඳි 1
- කඩල වලින් පොඩ්ඩක් යන්තම් කෑලි හිටින්න ගෑරප්පුවකින් පොඩි කරගන්න.
- ඉතුරු කඩල ටික බ්ලෙන්ඩර් එකට දාල ඒකට මයෝනේස්, සුදුළූණු, ලුණු හා ගම්මිරිස්කුඩු, හොට් සෝස් ටික දාගන්න.
- මේ ටික හොඳට ස්මූත් වෙනකල් ග්‍රයින්ඩ් කරගෙන පොඩි කරගත්ත කඩල ටිකත් මික්ස් කරල ස්ප්‍රෙඩ් එක හදාගන්න.
Leave a Reply