බතලවලින් හදාගන්න පුළුවන් රස කෑම වර්​ග

බතල කියන්නෙ සෑහෙන්න ගුණ ආහාරයක් උනාට අපේ අය ටිකක් කන්න අදිමදි කරන කෑමක්. ඒ වගේම එකම විදියට තම්බලා කාලා එපා වෙලා ඉන්න උදවිය මෙන්න මේ රෙසිපි ටික ට්‍රයි කරන්න. හැමදාම උනත් බතල කයි.

 

1. බතල චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්දකරගත් බතල අල 3
  2. මිරිස්කුඩු තේ හැඳි 1
  3. ලුණු ටිකක් 

 

  • බතල ටික සෝදලා හීනි පෙති කපාගන්න. දැන් මේක රෙදි කෑල්ලක් උඩ තියලා වතුර ගතිය හිඳුනට පස්සෙ ගැඹුරු තෙලේ බැදගන්න. 
  • රස්නෙන්ම ලුණු හා මිරිස්කුඩු ඉහලා කෑමට ගන්න. 

 

2. බතල කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බතල අල 2
  2. ලුණු ටිකක් 
  3. පොල්කිරි කෝප්ප 1

 

  • බතල සුද්ද කරලා කෑලි කපාගන්න. මේකට වතුර දාලා තම්බගන්න. දැන් මේක බ්ලෙන්ඩර් එකට දාලා වතුර කෝප්ප 1/4ක් වගේ දාලා බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් පෑන් එකක් ලිපේ තියලා බතල මිශ්‍රණය දාගන්න. මේකට පොල්කිරි ටිකත් දාලා හොඳට හැඳිගාන්න. රස අනුව ලුණු දාලා හොඳට නටවගන්න. 

 

3. බේක් කළ බතල

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බතල අල 3-4
  2. ලුණු හා ගම්මිරිස්කුඩු
  3. ඔලිව්තෙල් ටිකක් 
  4. මිරිස්කුඩු ටිකක් 
  5. ‍රෝස්මරි ටිකක් 

 

  • බතල සෝදලා තරමක කෑලි කපාගන්න. මේකට මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරලා බේකින් ෂීට් එකක් දාපු ට්‍රේ එකකට දාගන්න. 
  • දැන් උඩින් ඔලිව්තෙල් ඉහලා රෝස්මරී දාලා සෙල්සියස් 180°ට විනාඩි 15ක් බේක් කරගන්න. 

 

4. බතල බැදුම්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බතල අල 3-4
  2. ලියාගත් ලොකු ළූණු ගෙඩි 1
  3. සුදුළූණු බික් 3
  4. රම්පේ හා කරපිංචා 
  5. වියළි මිරිස් කරල් 4
  6. කුරුඳු පොතු කෑල්ලක්

 

  • බතල සෝදලා හීනියට ග්‍රේට් කරගන්න. මේක රෙදි කෑල්ලක තියලා තෙත හින්ඳලා ගැඹුරු තෙලේ බැදගන්න. 
  • ළූණු, සුදුළූණු, රම්පේ, කරපිංචා, වියළි මිරිස් හා කුරුඳු පොතු කෑල්ලත් වෙන වෙනම බැදගන්න. 
  • තෙල් බේරුනාට පස්සෙ මේ ටික එකතු කරලා ලුණු දාලා හැන්දකින් කලවම් කරගන්න. වියළි බෝතල් වල අසුරගන්න. 

 

5. බතල පැටී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෑලි කපා තම්බාගත් බතල කෝප්ප 1
  2. තම්බාගත් කඩල කෝප්ප 1
  3. චොප්කරගත් බේසිල් කොළ කිහිපයක් 
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. සුදුළූණු බික් 2
  6. පාන්පිටි මේස හැඳි 1
  7. බිස්කට් කුඩු කෝප්ප 1

 

  • ඉහත සියල්ලම දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න.  
  • මේකෙන් පොඩි බෝල හදලා අතින් පැතලි කරලා පෑන් එකකට තෙල් ටිකක් ගාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. වෙජිටේරියන් බර්ගර්ස් වලට ගන්නත් පුළුවන්.

 

6. බතල බොණ්ඩා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බතල 3-4
  2. කඩල පිටි මේස හැඳි 2
  3. මිරිස්කුඩු තේ හැඳි 1
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. කෝන්ෆ්ලා තේ හැඳි 1
  6. බේකින් සෝඩා පින්ච් එකක්
  7. කහකුඩු පින්ච් එකක්
  8. තුනපහකුඩු පින්ච් එකක්

 

  • තම්බාගත් බතල වලට ලුණු හා ගම්මිරිස්කුඩු ටිකක් දලා හොඳට පොඩි කරලා බෝල හදාගන්න. 
  • කඩලපිටි, මිරිස්කුඩු, කහකුඩු, ලුණු, කෝන්ෆ්ලා, බේකින් පව්ඩර්, බේකින් සෝඩා හා තුනපහකුඩු දාලා කලවම් කරගන්න. මේකට වතුර ටික ටික දාලා තික් බැටර් එකක් හදාගන්න. 
  • දැන් බතල බෝල මේ බැටර් එකේ දාලා ගැඹුරු තෙලේ බැදගන්න. 

 

7. බතල පකෝරා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කඩලපිටි මේස හැඳි 5
  2. හාල්පිටි මේස හැඳි 1
  3. මිරිස්කුඩු තේ හැඳි 1
  4. සූදුරු තේ හැඳි 1/4
  5. බේකින් සෝඩා පින්ච් එකක්
  6. ලුණු ටිකක්
  7. ග්‍රේට් කරගත් බතල 3 

 

  • කඩලපිටි, හාල්පිටි, මිරිස්කුඩු, සූදුරු, බේකින් පව්ඩර් හා ලුණු දාලා කලවම් කරගන්න. මේකට වතුර ටිකක් දාලා තික් බැටර් එකක් හදාගන්න. 
  • බතල ටික මේ බැටර් එකට දාල කලවම් කරන් හැන්දකින් පොඩ්ඩ පොඩ්ඩ මිශ්‍රණය ගැඹුරු තෙලට දාලා බැදගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *