කන්න ආසම ස්පැගති රස රැසකින්

ලොකු පොඩි කවුරුත් ආස ඉටැලියන් කෑමක් තමා ස්පැගති කියන්නෙ. මේක එකම විදියට හදලා කනවට වඩා වෙනස් රස වලින් කන්න කවුරුත් කැමති ඇතිනේ. ඔන්න කියවද්දිත් කටට කෙළ උනන ස්පැගති රෙසිපි 5ක් අරගෙන අපි ආවා. හදලා අපිට ෆොටෝස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

 

 

1. ක්‍රීම් චීස් ස්පැගති

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ස්පැගති පැකට් 1
  2. ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1
  3. ග්‍රේට් කරගත් චීස්
  4. ලුණු කුඩු ටිකක්
  5. සුදුළූණු බික් 3
  6. පාස්ලි කොළ ටිකක්
  7. ගම්මිරිස් කුඩු
  8. වතුර ටිකක්

 

  • පැකට්ටුවේ සඳහන් විදියට ස්පැගති ටික තැම්බෙන්න තියන්න. ඒ ස්පැගති ටික තැම්බනු වතුර වලින් කෝප්ප 1/4ක් විතර වෙනම අයින් කරගන්න. ඊළඟට ස්පැගති ටික පෙරා ගන්න.
  • වෙන පෑන් එකක් ලිපේ තියලා ඒකට කපා ගත් සුදුළූණු බික් දාලා බැදගන්න. ඒකටම ක්‍රීම් ටික එක් කරගන්න. ලුණු කුඩු, ග්‍රේට් කරගත් චීස් එක් කර හොඳින් කලවම් කරන්න. මෙය අඩු ගින්නෙන් විනාඩි 2ක් විතර පිසගන්න.
  • ඒකට ස්පැගති ටික එක් කරන්න. ස්පැගති තැම්බූ වතුර ටික හා කපාගත් පාස්ලි කොළ ටිකද එක් කරන්න. නැවතත් හොඳින් කලවම් කරන්න. විනාඩි දෙක තුනක් පිසගෙන ඒකට ගම්මිරිස් කුඩු එකතු කරන්න. රස අනුව ලුණු මදි නම් දාගන්න.

 

 

2. ස්පැගති පීට්සා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ස්පැගති 400g
  2. ටොමැටෝ සෝස්
  3. ෆ්‍රෙෂ් මිල්ක් 125ml
  4. ග්‍රේට් කරගත් චීස් 100
  5. බිත්තර 2
  6. ලුණු කුඩු ටිකක්
  7. ගම්මිරිස් කුඩු ටිකක්
  8. සොසේජස් කරල් 12-15

 

  • මුලින්ම ස්පැගති ටික පැකට්ටුවේ සඳහන් විදියට තම්බා ගන්න.
  • බෝල් එකක් අරගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක්, බිත්තර, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු දාලා හොඳින් කලවම් කරන්න.
  • දැන් බේකින් ට්‍රේ එකක් අරගෙන ඒකට ඔයිල් පේපර් එකක් දාලා තම්බා ගත් ස්පැගති ටික දාන්න. දැන් කලින් සාදා ගත් මිල්ක් එග් මික්ස් එක ඒකට උඩින් වක් කරන්න.
  • ඊට උඩින් ටොමැටෝ සෝස් දා ගන්න. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු ඉහගන්න. උඩින් ග්‍රේට් කරගත් චීස් එක් කරන්න. දැන් සොසේජස් කෑලි කපා ගෙන චීස් එකට උඩින් අතුරා ගන්න.
  • දැන් ස්පැගති පීට්සා එක සෙල්සියස් 200° කට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 20 ක් 25 ක් විතර බේක් කරගන්න.

 

 

3. ගාර්ලික් චිකන් බටර් ස්පැගති

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බටර් මේස හැඳි 2
  2. තෙල් ටිකක්
  3. චොප්කරගත් සුදුළූණු බික් 3-4
  4. රතුසීනි මේස හැඳි 1
  5. තම්බාගත් ස්පැගති පැකට් 1
  6. චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 300
  7. ලුණු හා ගම්මිරිස්කුඩු
  8. කෑලි මිරිස් තේ හැඳි 1

 

 

  • පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් මේස හැන්දක් හා තෙල් දාලා හොඳට කලවම් කරන්න. ඒකට කපාගත් සුදුළූණු වලින් භාගයක් හා රතු සීනි දාලා හොඳින් කලවම් කරන්න.
  • චිකන් වලට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කෑලි මිරිස් දාලා පැය භාගයක් මැරිනේට් කරන්න. කලින් සදා ගත් ගාලික් බටර් මික්ස් එක චිකන් උඩින් තවරා ගන්න. මේක පැය භාගයක් සෙල්සියස් 180°ට බේක් කරගන්න.
  • දැන් වෙනම පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් මේස හැන්දක් දාලා රත් වුනාම ඒකට ඉතිරි චොප්කරගත් සුදුළූණු දාලා බැදගන්න.
  • ඒකට තම්බා ගත් ස්පැගති ටික දා ගන්න. හොඳින් කලවම් කරන්න. දැන් ඒකට කලින් බේක් කරගත් චිකන් ටික කඩලා දාලා කලවම් කරගන්න.

 

 

4. වයිට් සෝස් ස්පැගති

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ස්පැගති පැකට් 1
  2. තෙල් ටිකක්
  3. බටර් මේස හැඳි 1
  4. චොප් කර ගත් සුදුළූණු බික් 4
  5. පාන්පිටි මේස හැඳි 1/2
  6. ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/2
  7. ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැඳි 2
  8. ලුණු ටිකක්
  9. වියළි ඔරිගානෝ
  10. කෑලි මිරිස්
  11. චීස් වෙජස් 4

 

  • පැකට්ටුවේ සඳහන් විදියට ස්පැගති ටික තම්බගෙන කූල් වතුරෙන් පොඩ්ඩක් හෝදන්න.
  • දැන් වෙනම පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් දාන්න. ඒකටම චොප් කර ගත් ගාර්ලික් දා ගන්න. හොඳින් බැදගන්න. ඒකට පිටි ටිකක් දාන්න. හොඳින් කලවම් කරන් ඒකට ෆ්‍රෙෂ් මිල්ක් එක් කරන්න. දිගටම කලවම් කරන්න.
  • මේකට ෆ්‍රෙෂ් ක්‍රීම් එක් කරන්න. ලුණු කුඩු, ඔරිගානෝ හා කෑලි මිරිස් දාලා නැවත හොඳින් කලවම් කරන්න. කැටි ගැහෙන්න දෙන්න එපා.
  • මේකට චීස් දාලා හොඳට කලවම් කරන්න. ඊට පස්සේ කලින් තම්බා ගත් ස්පැගති ටික එක් කරන්න. හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.

 

 

5. ටොමැටෝ ස්පැගති

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ස්පැගති පැකට් 1
  2. ලුණු ටිකක්
  3. තක්කාලි ගෙඩි 4
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  5. චොප්කරගත් සුදුළූණු බික් 2
  6. චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1/2
  7. මිරිස්කුඩු තේ හැඳි 1/2
  8. සීනි තේ හැඳි 1
  9. ගම්මිරිස්කුඩු ටිකක්
  10. වියළි ඔරිගානෝ තේ හැඳි 1
  11. කෑලිමිරිස් තේ හැඳි 1
  12. තක්කාලි සෝස් මේස හැඳි 1
  13. ග්‍රේට් කරගත් චීස් ටිකක්

 

  • පැකට්ටුවේ සඳහන් විදියට ස්පැගති ටික තම්බගන්න. මේක කූල් වතුරෙන් සෝදගන්න.
  • තක්කාලි වෙන් නොවෙන විදියට පොත්ත විතරක් යන්තම් පිහියෙන් ඉරි කපලා වතුරට දාලා තම්බගන්න. හොඳට තැම්බුනාම මේකෙ පොතු ගලවලා ඇට අයින් කරලා බ්ලෙන්ඩ් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු හා සුදුළූණු දාගන්න. මේක බැදෙන කොට චොප්කරගත් බෙල්පෙපර් ටික දාලා හදාගත්ත ටොමැටෝ පියුරි එක දාගන්න. හොඳට කලවම් කරගන්න.
  • විනාඩි 3ක් විතර වහලා පිසගන්න. සීනි හා ගම්මිරිස්කුඩු ටිකත් දාගන්න. ඔරිගානෝ හා කෑලිමිරිස් ටික දාගන්න. ටිකකින් තම්බාගත් ස්පැගති ටික දාලා හොඳට කලවම් කරගන්න. උඩින් තක්කාලි සෝස් හා චීස් ටික දාලා කලවම් කරගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *