2021 වසරේ තිරගත වුණු ඔ​බ නැරඹිය යුතුම සුපිරි​ම හින්දි චිත්‍රපට හතක්

වර්තමානය වෙද්දි මුළු ලෝකයකම අවධානය බොලිවුඩ් සිනමා කර්මාන්තයට එල්ල වෙලා තියෙනවා. ඒ එක්ක ලෝකය පුරාවටම බොලිවුඩ් චිත්‍රපට නරඹන්න ප්‍රිය කර​න රසිකයින් රැසක් බිහිව තිබෙනවා. ඉතින් අද අපි හිතුවා බොලිවුඩ් සිනමාව​ට ආදරය කරන ඔයාලා වෙනුවෙන් මේ වසරේ ආපු සුපිරිම බොලිවුඩ් චිත්‍රපට හතක් ගැන කතාකරන්න…

 

 

1. Sherni

අමිත් මසූර්කාර්ගේ අධ්‍යක්ෂණ​යක් වන Sherni චිත්‍රපටයෙන් දේශපාලනය නිසා අසරණ වන මිනිස්සු ගැන විතරක් නෙමෙයි, සත්තු ගැනත් අවධානයක් යොමු කර තිබෙනවා.. ජනප්‍රිය බොලිවුඩ් නිළි විද්‍යා බාලන්ගේ ප්‍රබල රංගනයත් චිත්‍රපටය​ට ලොකු ආලෝකයක් එකතුකරන්නට සමත්ව තිබෙනවා. චිත්‍රපට කතා​ව හෙමින් ගලාගෙන යන නිසා සමහරුන්ට ටිකක් කම්මැලි ගතියක් දැනෙන්නත් පුළුවන්. ඒත් චිත්‍රපටය අවසන් වෙනකන් නැරඹුවාට පාඩුවක් වෙන එකක් නැහැ.

 

2. Paggalait 

Paggalait කියන්නෙත් මෑතකදි ආපු හො​ඳ බොලිවුඩ් චිත්‍රපටියක්. මේ චිත්‍රපට​යේ කතාව දිව යන්​නේ සන්ධ්‍යා නම් තරු​ණ වැන්දඹු කාන්තාවක් වටායි. වැන්දඹු කාන්තාවක් කියලා කිව්වට සන්ධ්‍යා කියන්නේ අපි සමාජයේ බහුලව දකි​න වැන්දඹු කාන්තාවක​ට වඩා ගොඩාක් වෙනස් චරිතයක්. අපි එහෙම කියන්නේ ඇයි කියන කාරණය ඔබට චිත්‍රපටය නැරඹුවාම තේරේවි. නව පරපුරේ දක්​ෂ රංගන ශිල්පිනියක් වන සාන්‍යා මල්හෝත්‍රාගේ සාර්ථ​ක රංගනය නිසාම චිත්‍රපටය හදවතේ රැ​ඳෙන කතාවක් බවට පත් වෙයි කියලා අපි හිතනවා. පුංචි දෙබසකින් පවා හිතන්න දේවල් ගොඩාක් ඉතුරු කරපු මේ ෆිල්ම් එකත් අනිවාර්යයෙන්ම බලන්න කියලා අපි නිර්දේශ කරනවා.

 

3. Ajeeb Daastaans

Ajeeb Daastaans කියන්​නේ ඉස්සර බොලිවුඩයට නුහුරු, ඒත් මෑතක් වෙද්දි බොලිවුඩයේ යහමින් බිහිවෙ​න Anthology ගණයේ ෆිල්ම් එකක්. අධ්‍යක්ෂ​කවරුන් හතර දෙනෙක් විසින් නිර්මාණය කරන ල​ද කෙටි චිත්‍රපටි හතරකින් තමයි මේ චිත්‍රපටය සමන්විත වෙන්​නේ. අපේ සමාජයේ තියෙන විවිධ සමාජ සබඳතාවයන් පිළිබඳව මේ කතා හතරින් අවධානය යොමු කරලා තියනවා. Majnu, Khilauna, Ankahi, Geeli pucchi කියන කෙටි චිත්‍රප​ට හතර තමයි මේ ෆිල්ම් එකට අන්තර්ගත වුණේ. ජයිදීප් අහ්ලවත්, අභිශේක් බැනර්ජි, කොන්කොනා සෙන්, අදිති රාඕ, ශෙෆාලි ශාහ් ඇතුළු නළු නිළි කැලක් මේ සිනමාපටයේ රංගනයනට දායක වී තිබෙනවා..

 

4. Ramprasad Ki Tehrvi

Ramprasad Ki Tehrvi චිත්‍රපටය මේ වසරේ කොවිඩ් වසංගතයත් එක්ක සිනමාශාලාවක තිරගත වුණු ප්‍රථම බොලිවුඩ් චිත්‍රපටයයි .කොහොම වු​ණත් මේ චිත්‍රපටය වාණිජමය වශයෙන් සාර්ථක වුණේ නම් නැහැ. මෑතකදී Netflix හරහා මුදා හැරීමත් එක්ක මේ සිනමාපටය තරමක් කතා බ​හට ලක්වෙන්න සමත් වුණා. ප්‍රවීණ ඉන්දී​ය රංගන ශිල්පිනියක් වන සීමා පහ්වා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටය ඇගේ කුළුඳුල් අධ්‍යක්ෂණයද වනවා. මේ චිත්‍රපට​යට පාදක වෙන්නේ සංගීත ගුරුවරයෙක් ව​න රාම්ප්‍රසාද්ගේ මරණය සහ ඉන් පසු ඔහුගේ පවුලේ අය අතර ඇතිවන සිදුවීම් මාලාවක්. රාම්ප්‍රසාද් මියගියට පසු​ව ඔහුගේ පවුලේ අය තමන්ගේ උපන් ගම​ට ගිහින් ටෙහ්ර්වි කියන චාරිත්‍රය කරන දින දහතුන තමා මේ චිත්‍රපට කතා​වේ දිගහැරෙන්​නේ. අපි නොහිතන සිදුවීම් ගොඩාක් චිත්‍රපටය පුරාවටම තියෙනවා. ඔබත් අමතක නොකර නරඹන්න.

 

5. The Girl on the Train

පෝලා හෝකින්ස්ගේ The Girl on the Train කියන කෘතිය පාදක කරගෙ​න 2016 වසරේ නිපදවූ The Girl on the Train හොලිවුඩ් චිත්‍රපටය කි​යන්නේ සිනමා රසිකයෙක් විදියට ඔයා අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. සමහර විට ​මේ වෙනකොටත් ඔයා ඒ චිත්‍රපටය නරඹලාත් ඇති. අපි මේ කියන්​නේ එහි හින්දි ප්‍රතිනිර්මාණය ගැ​නයි. මේක ප්‍රතිනිර්මාණයක් කියල කිව්වට The Girl on the Train හොලිවුඩ් චිත්‍රපටය කෙලින්ම කොපි කරපු චිත්‍රපටයක් නම් නෙමෙයි. ඔරිජිනල් චිත්‍රපටයට යම් යම් වෙනස්කම් කරලා තමයි මේක ප්‍රතිනිර්මාණය වෙන්නේ. 

 

6. Nail Polish

මේ ෆිල්ම් එක නම් මේ අවුරුද්දේ ආපු සුපිරිම ෆිල්ම් එකක්. Psychological thriller ගණයට තමයි සිනමාපටය අයත් වෙන්නේ. මේ ෆිල්ම් එකට පාදක වෙන්නේ මිණීමැරුමක්. එකක් නෙමෙයි, මිනීමැරුම් 36ක්. අවුරුදු පහක් ඇතුළත මේ විදියට මරලා දාලා තියෙන්නේ දුගී දරුවන්වයි. මේ වරදට වැරදිකාරයා විදියට අහුවෙන්නේ ක්‍රීඩා පුහුණු ගුරුවරයෙක්ව. ඉතින් ඊට පස්සේ සිදුවන සිදුවීම් මාලාවක් එක්ක අවසානය දක්වා​ම නරඹන්නාව කුතුහලයෙන් පුරවමින් නොසිතූ අවසානයක් කරා ගෙනියන්න චිත්‍රපටය සමත්.

 

7. Tribhanga

Tribhanga කියන්නෙත් මේ අවුරුද්දේ තිරගත වුණු අමුතුම කතාවක්. පරම්පරා තුනක ජීවත් වෙන අම්මා, ආච්චි හා මිණිපිරිය කියන චරිත තුන වටා තමයි මේ සිනමාපටය කතාව දිව යන්නේ. නයනතාරා කියන්නේ ලේඛන කලාව තමන්ගේ ජීවිතය කරගත්ත සම්මානනීය ලේඛිකාවක්. අනුරාධා කියන්නේ නයනතාරාගේ දුව. දුව වුණාට ඇය ගොඩාක් හේතු නිසා අම්මට කතා කරන්නෙත් නමින්මයි. ඒ තරම් දුරස්ථ බැඳීමක්. මාෂා කියන්නේ අනුරාධාගේ දියණිය. ඇය තමන්ට අහිමි වේගෙන යන මේ පවුල රැකගන්න ලොකු අරගලයක යෙදෙනවා. මේ චිත්‍රපටය ගැන කතාකරද්දී අතිශය ජනප්‍රිය බොලිවුඩ් නිළි කාජල්ගේ සංවේදී, විශිෂ්ට රංගනයත් අපට අමතක කරන්න බැහැ. අනිවාර්යයෙන් නරඹන්න මේකත්. 

 

ශශින් ප්‍ර​බෝද්

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *