ගොඩක් අය පාඩම් කරලා ගන්න පොඩි බ්‍රේක් එකකදී එක එක දේවල් කන්න පුරුදු වෙලා ඉන්නවා. සමහර දේවල් කන එකෙන් නම් පාඩම් වැඩවලට වගේම ශරීර සෞඛ්‍යයටත් ටිකක් අවුල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද කියන්න හිතුවා පාඩම් කරන වෙලාවට කන්න බොන්න පුළුවන් කෑම බීම වර්ග හතක් ගැන…
1. කෝපි
කෝපි කියන්නෙ පාඩම් කරද්දි බොන්න පුළුවන් හොඳම දෙයක්. ගොඩක් වෙලාවට රෑට පාඩම් කරනවනම් කෝපි බොන්න පුරුදු වෙන එක නිදිමත, කම්මැලිකම සහ ඈලි මෑලි දුබල ගතිය දුරු කරවන්න හොඳ ක්‍රමයක්. උණුම උණුම කෝපි කෝප්පයක් බොන්න අපි ගොඩක් අය කැමතියිත් එක්කනේ. ඉතින් මේ කෝපි බොද්දි සීනි ටිකක් අඩු කෝපි කෝප්පයක් බොන්න පුරුදු වෙන්න. මොකද සීනි වැඩි වුණාමත් නිදිමත ගතිය එනවා. ඒ වගේම කිරි දානවා නම් නන්ෆැට් කිරිපිටි වර්ගයක් පාවිච්චි කරන්න පුරුදු වෙන එක වඩාත් හොඳයි.
2. ඩාර්ක් චොක්ලට්
මේ අපි සාමාන්‍යයෙන් කන චොක්ලට් එක නම් නෙමෙයි. මේ චොක්ලට් එක සාමාන්‍යයෙන් ෆුඩ් සිටි වල වගේ තියෙනවා. එච්චරම ගාණක් වෙන්නෙත් නැහැ. සාමාන්‍ය චොක්ලට් එකට වඩා මේකේ සීනි ගතිය අඩුයි. ඒ වගේම කොලිටියත් වැඩියි. පාඩම් කරද්දී එන ස්ට්‍රෙස් එක නැති කරගන්න සහ නිදිමත ගතිය අඩු කරගන්න වගේ ගොඩක් දේවලට ඩාර්ක් චොකලට් කෑල්ලක් කන එක හොඳ විසඳුමක්. ඒ වගේම ඩාර්ක් චොක්ලට් වලින් මොළයට හොඳ ලේ සැපයුමක් යනවා. ඒකත් ගොඩක් හොඳයි පාඩම් කරද්දි.
3. මිදි
මිදි කියන්නෙත් ගොඩක් අය කන්න ආස පළතුරක්. ඒ වගේම මිදි වල ඖෂධීය ගුණයත් ඉහළයි. අමු මිදි වල සීනි මට්ටම අඩු වුණත් ඉදෙද්දි ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා මිදි වල. ඒ නිසා ඉක්මනින් ශරීරයට ගොඩක් ශක්තිය හම්බෙනවා මිදි වලින්. ඒ වගේම උගුර ආශ්‍රිත රෝග වලටත් මිදි ගොඩක් යෝග්‍යයි. මිදි ගෙඩි කනවා වෙනුවට මිදි යුෂ පානය කරන්නත් ඔයාට පුළුවන්. ඒකත් ගොඩාක් හොඳයි පාඩම් කරන වෙලාවට.
4. රටකජු
රටකජු කියන්නෙත් පාඩම් කරද්දි කන්න පුළුවන් තවත් හොඳ කෑමක්. විශේෂයෙන් මුකුත් එකතු නොකරපු, ලුණුවත් එකතු නොකරපු රටකජු කන්න පුරුදු වෙන්න. සමහර වෙලාවට ඒ ලුණු ගතියට ඔයාට තිබහ, නිදිමත හැදෙන්න පුළුවන්. රටකජු වල ප්‍රතිඔක්සිකාරක ගුණය වගේම විටමින් සහ ඛනිජ ලවණ වර්ග රැසක් තියෙනවා. ඒත් ගොඩක් අය අකමැති වුණත් අමු රටකජුවලින් මේ පෝෂණයන් ඔක්කොම අපිට ලබා ගන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න…
5. ආමන්ඩ්ස්
ආමන්ඩ්ස් කියන්නෙ නම් ලංකාවේ ටිකක් මිලෙන් වැඩි කෑමක්. රටකජු වගේ දෙයක්නේ. ගොඩාක් සුපර් මාකට් වල ආමන්ඩ් ගන්න තියෙනවා. ආමන්ඩ් වල තියෙන තන්තු, විටමින් වර්ග, ඛනිජ ලවණ නිසාම පාඩම් කරන අයට කියාපු කෑමක්. ඒ වගේම රුධිරයේ සීනි මට්ටමත් සාමාන්‍යයෙන් පහත හෙළන්න පුළුවන් ආමන්ඩ් වලට. ඒ නිසා දියවැඩියා රෝගීන්ටත් ආමන්ඩ් ගොඩක් හොඳයි. පුළුවන් විදිහට ආමන්ඩ් පැකට් එකක් එහෙමත් පාඩම් කරන වෙලාවට කන්න බලන්න.
6. සමපෝෂ
සමපෝෂ නම් ගොඩාක් පෝෂණයෙන් ඉහළ ජනප්‍රිය කෑමක් නේ. සමපෝෂ විවිධ විදියට අපිට හදන්න පුළුවන්. සාමාන්‍ය අග්ගලා ගුලිය විදිහට නැත්නම් රොටි විදියට, සීරියල් එකක් විදියට වගේ මේවා හදන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් පාඩම් කරන දවසේ උදේට, ටී ටයිම් එකට වගේ සමපෝෂ ටිකක් කන්න පෝෂණයෙන් අනූන ධාන්‍ය වර්ග රැසක් සමපෝෂ වල තියෙන නිසා ගොඩාක් ගැලපෙනව හැමෝටම වගේ…
7. චීස්
චීස් කියන්නෙත් පෝෂණයෙන් අනූන ආහාරයක්. ඒත් සමහර චීස් වල ලුණු තරමක් අධිකයි. ඒ හින්දා පුළුවන් නම් ලුණු අඩු චීස් ජාතියක් ගන්න බලන්න. ඔයාට පුළුවන් චීස් කෑල්ලක් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් එක්ක කන්න. විශේෂයෙන් ලුණු අඩු බිස්කට් ජාතියක් එක්ක කන තරමට හොඳයි. චීස් වල කැල්සියම්, පොස්පරස් වගේ ඛනිජ ලවණ බහුලයි. චීස් විතරක්ම නෙමෙයි, යෝගට් වගේ දේවලුත් ගැලපෙනවා පාඩම් කරද්දී කන්න.
ඉතින් අදත් වෙනදා වගේ ම ඔයාගේ දැනුමට ගොඩාක් දේවල් එකතු වුණා කියලා හිතනවා. මීට අමතරව ඔයා පාඩම් කරද්දි පාවිච්චි කරන කෑම බීම ගැනත් අපිට කියන්න. ඒ වගේම මේ තොරතුරු යාළුවොත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා…
ශශින් ප්‍රබෝද්
Leave a Reply