දුම්පානය, නැතිනම් ස්මෝකින්ග් කියන්නේ ලෝකේ සෑහෙන්න විවාදාත්මක මාතෘකාවක්. ඒකට හොඳ හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් දුම්බීම සම්බන්ධයෙන් මිනිස්සු සෑහෙන්න දෙපැත්තට බෙදිලා ඉන්නවනේ. ඒක ස්වභාවිකයි. හැබැයි දුම්බීම සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ බෙදීම සෑහෙන්න ධ්‍රැවීකරණය වෙලා තියෙන්නේ. වෙනත් විදියකට කිවුවොත්, දුම් නොබොන මිනිස්සු ගොඩක් වෙලාවට දුම් බීමට මාරාන්තිකවම විරුද්ධයි විතරක් නෙවෙයි, දුම් බොන මිනිස්සුන්වත් තරයේ පිළිකෙව් කරන තරමට ඒකට විරුද්ධයි. ඒකට එක හේතුවක් තමයි දුම් බොන එක ශරීර සෞඛ්‍යයට අතිශයින්ම අහිතකරයි කියලා මේ වෙනකොට ලෝකේ පුරාම පැතිරිලා තියෙන අදහස. අනික් පැත්තට ගත්තොත්, දුම් බොන අයගෙන් නම් දුම් නොබොන අයට ඒ තරම් අවුලක් නෑ.
හරි, කොහොම වුණත් දුම් බොන එක හරිද වැරදිද වගේ දේවල් ගැන කතා කරන්න අපේ අදහසක් නෑ. හැබැයි එකක්: ලෝකේ වෙන ඕනම දේකට වගේ දුම්බීම සම්බන්ධයෙනුත් ඒක කරන්න ඕන හරි විදියක් තියෙනවා. ඒ කියන්නේ සිගරට් එක හරියට අල්ලගන්නේ කොහොමද වගේ කතන්දරයක් නෙවෙයි. ඊට වඩා දුම් බීමේදී තියෙන සදාචාරාත්මක සීමාවන් මොනවද, ආචාර ධාර්මිකව, තවත් කෙනෙක්ට කරදරයක් නොවී දුම් බොන්නේ කොහොමද වගේ කාරණා තියෙනවා. මේ කතා කරන්න යන්නේ ඒවා ගැන තමයි.
1. පබ්ලික් ප්ලේස් වල බෑ
මේක ඉතින් හැමෝම දන්නවනේ. පබ්ලික් ප්ලේස් වල දුම්බීම තහනම්. ඒකට පොදු ප්‍රවාහනයත් අනිවාර්යයෙන්ම ඇතුළත්. ඒ වගේම වෙනත් ගොඩක් තැන්වල වුණත් අපිට හිතුණු ගමන් සිගරට් එකක් පත්තු කරගන්න බෑ. උදාහරණයක් විදියට අපි කියමු අපි කොහේ හරි ගෙයක් ඇතුළේ ඉන්නෙ කියලා. එතකොට අපිට ඉන්න තැනම ඉඳන් සිගරට් එකක් පත්තු කරගන්න බෑ. හරි විදිය තමයි ගෙයින් එළියට එන එක. ඒ වගේම සිගරට් එක පත්තු කරගන්න කලින් ගෙදර කෙනාගෙන් ඒක කමක් නැද්ද කියලා අහන එක. එතකොට ඔය රෙස්ටුරන්ට්, පබ් වගේ තැන් වලදී වුණත් ගොඩක් වෙලාවට ඉන්න තැනම ඉඳන් සිගරට් එක පත්තු කරගන්න බැහැ. එතන ඉන්න කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ස්මෝකින් ඒරියා එක කොහෙද කියලා. ඊට පස්සේ එතනට ගිහින් තමයි සිගරට් එක බොන්න ඕන.
2. බල කරන්න එපා
මේක බොහොම වැදගත් කාරණාවක්. කිසිම මොහොතක වෙනත් කිසිම කෙනෙකුට සිගරට් එකක් හෝ වෙනත් මාධ්‍යයකින් දුම් බොන්න බලකරන්න බෑ. ඒක අතිශයින්ම වැරදි වැඩක්. අපි දකිනවා සමහර වෙලාවට දුම් බොන්නේ නැති කෙනෙක්ට වුණත් සමහරු සිගරට් එක දෙනවා. එපා කිව්වට සමහරු අහන්නෙත් නෑ. ඒ වගේම සමහර අවස්ථා වල තව කෙනෙක්ව වක්‍රාකාරයෙන් දුම් බොන්න පොළඹවනවා. ඒ කියන්නේ එක එක විදියේ කතා කියලා එහෙම. “අයියෝ කොල්ලෙක් නේද, සිගරට් එකක් ගහන්නෙ නැති කොල්ලෙක්ගෙන් වැඩක් තියෙනවද, සිගරට් එකක් බොන එකේ ආතල් එක ඉතින් පත්තු කරගෙනම බලන්න ඕන”. මෙන්න මේ වගේ නොයෙක් කතා කියලා බල කිරීම් කරන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම සදාචාර සම්පන්න නොවන කාරණයක්.
3. පිනට ස්මෝකින් හරි නෑ
ඔබ දුම්බොන්නෙක් නම් ඔබේ දුම්කොළ රැගෙන එන්න කියල පුරාණේ ඉඳන්ම දුම්බොන ඉරිසින්නාන්න්සෙලා කියලා නෑ. හැබැයි ඒක දුම්බොන කෙනෙක් පිළිපදින්න ඕන ආචාර ධර්මයක්. ඒ කියන්නේ තමන් දුම් බොන මනුස්සයෙක් නම් තමන්ගේ සිගරට් අරගෙන එන එක. එහෙම නැතුව ඕනම තැනකට ගිහින් වෙන කෙනෙක්ගෙන් පිනට බොන එක හරි නෑ. හැබැයි එහෙම තමන්ගේ සිගරට් අරගෙන යන හාදයෙක් නම්, වඩා හොඳයි ඒකට හොඳ සිගරට් කේස් එකක් තියාගන්න එක.
ඒ වගේම, කරුණාකරලා දුම් බොනවා නම් තමන්ගේ ලයිටරයක් හෝ ගිනිකූරු පෙට්ටියකුත් ලඟ තියාගන්න. එහෙම නැතුව ගින්දර නැද්ද කිය කියා හතරවටේට වාත වෙන එක අප්සට්.
4. සෝෂල් ඩිස්ටන්ස් තියාගමු
මේක අතිශයින්ම වැදගත් කාරණාවක්. සිගරට් බොන කෙනෙක් මේක තරයේ සිහි තබාගත යුතුයි. ඒ තමයි තමන් සිගරට් එකක් බොන වෙලාවෙදී තවත් කෙනෙක්ට ඒ සිගරට් එකෙන් කොටසක් පෙවෙන විදියට වැඩ නොකළ යුතුයි කියන එක. ඒ කියන්නේ අර පළවෙනියටම කියපු පබ්ලික් ස්පේස් වල දුම් බොන්න එපා කියන එක ඊට අදාළ කාරණයක්. ඒ වගේම, තමන් ඉන්නේ තවත් කෙනෙක් හෝ කිහිප දෙනෙක් ඉන්න තැනක නම්, තමන් එතනින් පොඩ්ඩක් හුදෙකලා තැනකට ගිහින් සිගරට් එක පත්තු කරගන්න එක තමයි හරි විදිය. එහෙම ඈතට යන්න ගොඩක් ඉඩ නැතිනම් අනික් අයගෙන් අහන්න ඕන “මම සිගරට් එකක් පත්තු කරගත්තට කමක් නැද්ද” කියලා. ඊට පස්සේ තමන් සිගරට් එක බොද්දී දුම් පිඹින්නේ කොහේටද කියන එක ගැනත් සැළකිලිමත් වෙන්න ඕන. වෙන කෙනෙක්ගේ මූණට දුම් පිටකරනවා වගේ එව්වා නම් අන්තිම සදාචාර විරෝධී වැඩ. අන්න ඒ දේවල් ගැනත් හිතන්න ඕන. කොටින්ම, දුම් බොනකොට සෝෂල් ඩිස්ටන්සින්ග් තියාගන්න ඕන.
5. ප්‍රොමෝට් කරන්නත් එපා
දැන් සිගරට් වලින් සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා කියන එක සෞඛ්‍ය බලධාරීන් කියනවනේ. ඒක හරි. හැබැයි එහෙම වුණා කියලා ගොඩක් වෙලාවට සිගරට් කියන්නේ තහනම් දෙයක් නෙවෙයි. ඒ නිසා වයස අවුරුදු 21 ට වැඩි නම් ඕනම කෙනෙක්ට නීත්‍යානුකූලව වෙළඳපොළේ විකුණන්න තියෙන සිගරට් එකක් අරගෙන බොන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා සිගරට් ප්‍රමෝට් කරන එක ඒ තරම් ආචාර ධර්මානුකූල නෑ. ඒ කියන්නේ තමන් බොන එක වෙනම වැඩක්. හැබැයි සිගරට් බොන එක ඇඩ්වර්ටයිස් කරන්න යන එක, ප්‍රොමෝට් කරන්න යන එක තව දෙයක්.
6. ලයිටරේ හංගගන්න එපා
මේකත් ඉතින් දුම්බොන අය අතර ලියවිලා නැතත් අනිවාර්යයෙන්ම තිබිය යුතු ආචාර ධර්මයක්. “ලයිටරේ හංගගන්න එපා!” සමහර වෙලාවට පාටියකදී එහෙම වුණත් එක්කෙනෙක් දෙන්නෙක් සිගරට් පත්තු කරගත්තට පස්සේ තුන්වෙනියට සිගරට් එක පත්තු කරගන්න රට වටේ ලයිටරේ හොයන්න ඕන. බැලින්නම් දෙවෙනියට පත්‍තු කරගත්තු එකා ඒක සාක්කුවේ දාගෙන. ආන්න එහෙම කරන්න එපා. එකක් ඉන්න හැමෝටම පත්තු කරගන්න ගිනිපෙට්ටිය හෝ ලයිටරය පාස් කරන්න. ඊට පස්සේ හැමෝම පත්තු කරගෙන ඉවර නම්, ලයිටරේ අදාළ අයිතිකාරයාට දෙන්න.
7. පාස් ඉට් ටු ද ලෙෆ්ට්
මේක නම් ඇත්තටම ආචාර ධාර්මික කාරණයකට වඩා සම්ප්‍රදායක්. දැන් හිතන්න කීප දෙනෙක් ඉන්නවා. එතකොට එක සිගරට් එකක් (මේක ඕනම සිගරට් එකක් වෙන්න පුළුවන්, හරිද, යූ නෝ වට් වී මීන්) පත්තු කරලා, හැමෝම ෂෙයාර් කරගන්න එක තමයි වෙන්නේ. ආන්න එතකොට සිගරට් එක පත්තු කළාට පස්සේ මුලින් අමුත්තෙක් ඉන්නවා නම් එයාට දෙන එක තමයි සම්ප්‍රදාය. ඊට පස්සේ සිගරට් එක පාස් කරන්න ඕන වම් පැත්තට, වාමාවර්තව. එතකොට එක් කෙනෙක් හරි විදියට නම් දුම් උගුරු දෙකක් බීලා ඒක වම් පැත්තේ ඉන්න අනික් කෙනාට පාස් කරන්න ඕන.
8. බට් එක කොහෙද?
මේක පරිසරයට බොහොම වැදගත් වෙන කාරණයක්. හිතන්න ඕන දේවල්. අපි සිගරට් එකක් බීලා අළු ටික දාන්නේ කොහාටද? නිකම්ම බිමට හලනවා නම් වැරදියි. හරි විදිය ඈෂ් ට්‍රේ එකකට. ඈෂ් ට්‍රේ එකක් නැතිනම් ගහක් මුලට. එහෙමත් හොයාගන්න බැරි නම් පිටත මුල්ලකට. ගෙයක් ඇතුළේ නම් අඩු ගාණේ සිගරට් පෙට්ටියට. එතකොට සිගරට් එක බීලා සිගරට් බට් එක දාන්නේ කොහාටද? කොහාට දාන්නත් කලින් හරියට බලන්න ඕන ඒක නිවිලද කියලා. සිගරට් බට් එකේ සාමාන්‍යයෙන් බීලා ඉවර වුණහම ගින්දර තියෙනවා. එහෙම හරි හැටි නිවන්නෙ නැතුව විසි කරපු සිගරට් බට් වලින් ලැව් ගිනි පවා ඇතිවෙලා තියෙනවා. ආන්න ඒ නිසා එක්කෝ සිගරට් බට් එක හරියට නිවිලා කියලා සැකහැර දැනගෙන කුණු කසල ගොඩකට දාන්න ඕන. හැබැයි හරි විදිය සිගරට් බට් එකත් ඈෂ්ට්‍රේ එකටම දාන එක.
ඒ එක්කම තව දෙයක්. ඇත්තටම දුම් පානය ශරීර සෞඛ්‍යයට අහිතකරයි තමයි. ඒ හින්දමනේ සිගරට් පැකට් එකේ ගහලම තියෙන්නේ දුම් බීමෙන් අහවල් අහවල් ලෙඩ රෝග ඇතිවිය හැකියි කියලා. අන්න ඒ නිසා මතක තියාගන්න, මේ ආටිකල් එකෙන් කරන්නේ දුම් බීම ප්‍රොමෝට් කරන එක නෙවෙයි. හැබැයි දුම් බොන කෙනෙක් තව කෙනෙක්ට කරදරයක් නොවෙන විදියට ඒක කළ යුත්තේ කොහොමද කියන එක ගැන කතා කරන එක තමයි අපි මේ කරන්නේ.
Leave a Reply