මෝටර් බයික් කියන්නේ කොයි වගේ පිස්සුවක්ද කියන එක සාමාන්‍යයෙන් කොල්ලෝ ඉතාම හොඳට දන්නවා. කොල්ලෝ විතරක් නෙවෙයි, සමහර වෙලාවට කෙල්ලොත් ඉතාම හොඳින් දන්නවා. ගොඩක් වෙලාවට මෝටර් බයික් එකක් මිලදී ගන්නවා කියන්නේ කොල්ලෙක්ගේ, කෙල්ලෙක්ගේ සිහින සැබෑවීමක් වගේ තමයි. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. කොයි තරම් මෝටර් බයික් වලට පිස්සු වැටිලා හිටියත්, හිතට අල්ලන බයික් එක ඔහේ අරගෙන ඇවිත් හරියන්නෙ නෑ. විශේෂයෙන්ම සෙකන්ඩ් හෑන්ඩ් බයික් එහෙම ගන්නවා නම් අතිශයින්ම ප්‍රවේසම් වෙන ඕන. ආන්න ඒ නිසා අපි හිතුවා මෝටර් බයික් වලට ආස කෙනෙක්ට මෝටර් බයික් එකක් ගන්න කලින් හිතන්න ඕන දේවල් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න.
1. මොන ජාතියේ එකක්ද ගන්නේ?
මෙන්න මේක ඉතාම වැදගත් ප්‍රධාන කාරණාවක්. බයික් එකක් ගන්න කලින් හිතල බලන්න ඕන තමන්ට ගැලපෙන්නේ, තමන්ට අවශ්‍ය වෙන්නේ මොන වගේ බයික් එකක්ද කියන එක. ඔන්න ස්කූටර් බයික්ස් තියෙනවා. ස්කූටියක් ඉතින් එදිනෙදා පාවිච්චියට, ලඟ ලඟ දුවන්න මරු. ඊට පස්සේ කෘසර් බයික්ස් තියෙනවා. මේවා දැවැන්ත බයික්. මෙව්වා හරියන්නේ ඉතින් දුර ධාවනයට තමයි. ස්පෝර්ට්ස් බයික් වල ලුක් එක එහෙම සුපිරි. හැබැයි එව්වා ගැලපෙන්නේ එදිනෙදා ට්‍රැෆික් පාරවල් වල යන්න නෙවෙයි. වඩාත් වේගවත් ධාවනයකට. එතකොට ඩර්ට් බයික්ස් නැතිනම් ට්‍රේල් බයික්ස් එහෙම ගත්තහම ඒවා තියෙන්නේ ගොඩක්ම ඕෆ් රෝඩ් වගේ ධාවනයන්ට තමයි. එදිනෙදා පාවිච්චියට ඒ තරම් සැපපහසු නැතිවෙන්න පුළුවන්. ඊට පස්සේ කමියුටර් බයික්ස් කියන්නේ එදිනෙදා ඔෆිස් යන්න එන්න, ට්‍රැෆික් පාරවල යන්න වගේ දේවලට කියාපු බයික්ස්. මේවා වල සැපපහසුවත් හොඳයි. ඒ වගේම ගොඩක් වෙලාවට කමියුටර් වල තෙල් වැඩ කිරීමත් අනර්ඝයි.
ඉතින් මෙන්න මේ විදියට තියෙන විවිධ බයික් අතරින්, තමන්ගේ අවශ්‍යතාවය අනුව මොකද්ද හරියන්නේ කියලා හිතලා බලන්න පුළුවන්.
2. රයිඩ් එකේ කොලිටිය සහ ප්‍රායෝගිකත්වය
සමහරු ඇත්තටම බයික් එකක් ගන්නේ ඒකේ තියෙන පෙනුමට. බොරු නෙවෙයිනේ. හැබැයි පෙනුමට ගන්න බයික් එක පදින්න ගියහම කෙනෙක්ට තේරෙන්න පුළුවන් ඇත්තටම තමන්ට ගැලපෙන බයික් එක ඒක නෙවෙයි කියලා. හැබැයි ඉතින් දැන් මොකද විකුණන්නද, බැහැනේ. ආන්න ඒ නිසා මුලින්ම හිතන්න ඕන අපිට ප්‍රායෝගිකව ගැලපෙන බයික් එකක්ද අපි ගන්න යන්නේ කියන එක. උදාහරණයක් විදියට කිවුවොත්, අර දෙකට නැවිලා පදින්න ඕන විදියේ රේසින් බයික් එකක් ගත්තට, එහෙම බයික් එකක් දිනපතා පාවිච්චිය කෙනෙක්ට අමාරු වෙන්න පුළුවන්.
ඊලඟට රයිඩ් එකේ කොලිටිය. මේක නම් ඇත්තටම වැදගත් වෙන්නේ තමන් බයික් එකක් ගන්න කාරණාවට. ඒ කියන්නේ තමන්ට ලඟ අහළ පහළ කඩේකට යන්න නම්, දීර්ඝ ගමනක රයිඩ් කොලිටිය ලබාදෙන බයික් එකක් අවශ්‍ය නෑ. හැබැයි තමන් ගන්න බයික් එක හැබෑවටම එන්ජෝයි කරන්න අවශ්‍ය කෙනෙක් නම් ගන්න ඕන දීර්ඝ ගමනකදී වුනත් තමන්ට දැනෙන රයිඩ් කොලිටියක් තියෙන බයික් එකක් තමයි.
3. සයිස් එක ඕකේද?
බයික් එකක සයිස් එක ඇත්තටම බලපානවද? ඔව්, බලපානවා. අන්න ඒ නිසා එතනදීත් තමන්ගේ හීන බයික් එක කොහොමහරි ගන්නවට වඩා, තමන්ගේ සයිස් එකට හරියනවද ඒ බයික් එක කියලා පොඩ්ඩක් හිතන්න වෙනවා. උදාහරණ ගමු. දැන් ඔය ට්‍රේල් බයික් තියෙන්නේ. එව්වා සාමාන්‍යයෙන් ගත්තහමත් සෑහෙන්න උසයි. හැබැයි අපිට කොහොම හරි ට්‍රේල් බයික් එකට නැගගත්තත් කකුල් බිම තියාගන්නවත් බැරි නම්? ආන්න ඒක සෑහෙන්න අවදානමක්. එතකොට ඔය රෝයල් එන්ෆීල්ඩ් වගේ බයික් එකක් ගත්තොත් විශාලයි වගේම සෑහෙන්න බරයි. එතකොට එහෙම බයික් එකක් ඕනම කෙනෙක්ට හැන්ඩ්ල් කරන්න බෑ. එතකොට සෑහෙන්න විශාල හොන්ඩා සීබීආර් එකක් නැතිනම් සුසුකි හයබුසා වගේ බයික් එකක් අරගෙන කුරුල්ලා වගේ යන්න අපි ආස වුණත්, ඒ වගේ විශාල බයික් එකක් හැන්ඩ්ල් කරගන්න තමන්ගේ ශරීර ප්‍රමාණය සහ ශරීර ශක්තිය ප්‍රමාණවත් නැති නම්, ඒක කෙළවර වෙන්නේ අනතුරකින් වෙන්න පුළුවන්.
4. බ්‍රෑන්ඩ් නිව් ද? යූස්ඩ් ද?
සමහරු ඉන්නවා පාවිච්චි කරපු වාහන ගන්න කැමතිම නෑ. හැබැයි ඇත්තටම අපිට මෝටර් බයික් එකක් ගන්නකොට එක්කෝ ඒවල මිල ගණන් එක්ක පාවිච්චි කරපු එකකට යන්න වෙනවා. එහෙම නැතිනම් අපිට ඕන බයික් එකක් බ්‍රෑන්ඩ් නිව් අපේ රටේ ගන්න නැති නිසාත් පාවිච්චි කරපු එකකට යන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. හරි, අපි මේ දෙකේම හොඳ නරක හිතලා බලමු. බ්‍රෑන්ඩ් නිව් බයික් එකක සාමාන්‍යයෙන් තියෙන්නේ නවීනතම තාක්ෂණය. විශේෂයෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් එහෙම තියෙන නවීනතම තාක්ෂණයන් බ්‍රෑන්ඩ් නිව් බයික් එකක තියෙනවා. ඒ ඇරෙන්න ඒජන්ට් වොරන්ටි එකක් එක්ක තමයි අළුත්ම බයික් එකක් එන්නේ. තමන්ගේ විදියට බයික් එක සීසන් කරලා ගන්නත් පුළුවන්. එතකොට පාවිච්චි කරපු එකක් ගන්නකොට මිල ගණන් අඩුයි. හොඳ බයිකර් කෙනෙක් පාවිච්චි කරපු එකක් නම් හරි විදියට සීසන් වෙලා ඉවරයි. අපිට ඒකට අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ. හැබැයි ඉතින් පාවිච්චි කරපු බයික් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම තමන්ට බයික් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. කාර්මික පැත්ත ගැන පවා. එහෙම නැතිනම් එහෙම දැනුමක් තියෙන කෙනෙක්ව එක්කරගෙන යන්න ඕන බයික් එක ගන්න යනකොට.
5. පෙට්‍රල් හොඳට කරනවද?
මේ කාරණාව වැදගත් වෙන්නේ ඇත්තටම එදිනෙදා පාවිච්චියට බයික් එකක් ගන්න කෙනෙක්ට තමයි. එතනදී අපි බලන්න ඕන බයික් එකේ පෙනුම සහ ප්‍රීමියම් ගතියට වඩා ෆුවල් ඉකොනොමි ෆැක්ටර් එක. ඒ කියන්නේ තෙල් හොඳට වැඩ කරනවද කියන එක. ආසාවට රයිඩ් එකක් යන්න වගේ වැඩකට, පෙනුමට සහ ආතල් එකට ගන්න බයික් එකක තෙල් කොච්චර වැඩ කරනවද කියන එක ලොකුවට හිතන්න අවශ්‍ය කාරණාවක් නොවෙන්න පුළුවන්. හැබැයි හැමදාම කිලෝමීටර් විස්සක් තිහක් ගෙවාගෙන වැඩට යන්න එන්න බයික් එකක් ගන්නවා නම්, ඒක හොඳට තෙල් කරන්නෙ නැති බයික් එකක් නම් ඉතින් බංකොලොත් වෙලා තමයි නවතින්නේ.
6. අමතර කොටස් තියෙනවද?
මෙන්න මේ කරුණත් මෝටර් බයික් එකක් ගන්න කලින් අනිවාර්යයෙන්ම හොයලා බලලා දැනගන්න ඕන දෙයක්. දැන් හිතන්න අපිට ආසම විදියේ බයික් එකක් ගන්න තියෙනවා කියලා කෙනෙක් ගාව. ඒක දුවලා ගිහිල්ලා ගත්තා වගේ නෙවෙයි, ඒකේ මොකක් හරි කාර්මික දෝෂයක් මතුවුණු අවස්ථාවක ඒකට අවශ්‍ය පාට්ස් එහෙම ලංකාවේ ගන්න නැතිනම්. ඊට පස්සේ රටවටේ දුවන්න වෙනවා පාට්ස් හොයන්න.
ඒ වගේම, තවත් සමහරු ආසයි තමන්ගේ බයික් එක කස්ටමයිස් කරන්න. ඒ කියන්නේ හැන්ඩ්ල්ස් වෙනම දාන්න, ලයිට් කප්ස් දාන්න, එක්සෝස්ට් සිස්ටම් එක වෙනස් කරන්න වගේ දේවලට. සමහර බයික් හදලා තියෙන්නෙම ඕන විදියකට කස්ටමයිස් කරගන්න පුළුවන් වෙන්න. තව සමහර ඒවා එහෙම කරන්න බෑ. අන්න ඒ නිසා ඔය කාරණෙත් හිතලා බලන්න වෙයි.
තුන්වෙනියට, දැන් ඔය මිලෙන් අධික මෝටර් සයිකල් තියෙන්නේ. ඒවා අපි මොන ගේමක් හරි ගහලා බ්‍රෑන්ඩ් නිව්ම ගත්තා කියමුකෝ. හැබැයි ඉතින් ඕනම මැෂින් එකකට වගේ මෝටර් සයිකලේකට වුණත් කාලෙන් කාලෙට පාට්ස් දාන්න වෙනවා පාවිච්චියත් එක්ක. එතකොට ඔය මිලෙන් අධික මෝටර් සයිකලේක පාට්ස් එහෙමත් ඒ විදියටම මිලෙන් අධිකයි. අපිට ඒක දරන්න පුළුවන්ද? ආන්න ඒකත් හිතන්නම වෙනවා.
7. සල්ලි තියෙනවද?
මේක ඉතින් අපි හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක්නේ. ඇත්තටම මෝටර් බයික් දැන් සෑහෙන්න ගණන්. ඒත් ඒක අරුමයක් නෙවෙයි, මොකද වාහන හැම එකක්ම ගණන් ගිහින් තියෙන නිසා. හැබැයි ඉතින් එහෙමයි කියලා අපිට දරන්න පුළුවන් වත්කමකටනේ ගන්න ඕන බයික් එකක්. ආන්න ඒ නිසා, මුලින් කියපු කරුණු කාරණා එක්ක මෙන්න මේක ගැනත් හිතලා බලන්න ඕන. විශේෂයෙන්ම අපිට බයික් එකක් ඕන කරන්නේ එදිනෙදා පාවිච්චියට නම්, ඒකට මිලාධික මෝටර්බයික් එකක් අරගෙන තේරුමක් නැතිවෙයි. ආසාවට එහෙම මිලෙන් වැඩි මෝටර් සයිකලයක් ගත්තත්, ඒකට අපි කැප කරන මුදල ආයෝජනයක් වෙන්නෙ නැති නම්, ඒක දීර්ඝ කාලීනව අපේ ආර්ථිකයටනේ බලපාන්නේ. කෑෂ් දීලා ගන්න ගියත්, ලීස් එකකට ගියත් තත්වේ ඒක තමයි. අන්න ඒ නිසා, තමන්ට අතේ සල්ලි තියෙනවද, ගන්න හිතන බයික් එක තමන්ගේ ආර්ථිකයට සුදු අලියෙක්ද නැද්ද කියන කාරණාව ගැනත් හිතන්න ඕන අනිවාර්යයෙන්ම.
පැහැදිළියිනේ? මේ කරුණු කාරණා ගැන සැලකිල්ලට ගන්නවා කියන්නේ, තමන්ට හරියටම හරියන මෝටර් බයික් එකක් කාටවත් අහුවෙන්නෙත් නැතුව ගන්න පුළුවන් කියන එක. එහෙමනම් ඉතින් ඊලඟට බයික් එකේ නැගලා හුළඟ කපාගෙන යන්න තමයි තියෙන්නේ!
Leave a Reply