ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එක අපි දන්නෙ තේ වෙලාවට කන හෝ උණ හැදුණම වගේ කෑම අප්පිරියාව තියෙන වෙලාවක කන බිස්කට් එකක් විදියටනේ. ඒකෙ එච්චර පැණි රසක් නෑ. ඒත් ඉතින් මේකෙන් අපිට රස කෑම ගොන්නක් හදාගන්න පුළුවන් කියලා දැනගන්න කොට ඔයාට වයස කීයද? වයස කීය උනත් කමක් නෑ ඔන්න අද නියම රෙසිපි ටිකක් ගෙනත් තියෙන්නෙ. එහෙනම් හදන්නයි තියෙන්නේ.
1. ක්‍රීම් ක්‍රැකර් පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය
- ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 6
- බිත්තර 1
- යෝගට් 2
- කිරි කෝප්ප 1/4
- සීනි මේස හැඳි 1
- බිස්කට් ටිකට කිරි ටිකක් දාලා පෙඟෙන්න තියලා පෙඟුනට පස්සෙ අනෙක් ද්‍රව්‍ය හා බිස්කට් ටික එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න.
- ස්ටීම් කරන්න පුළුවන් භාජනයක් අරගෙන සීනි ටික දාලා කරවේගෙන එනකොට වතුර තේ හැඳි 2ක් දාලා කැරමල් එක හදාගන්න.
- ඊළඟට කලින් බ්ලෙන්ඩ් කර ගත් බිස්කට් මික්ස් එක කැරමල් කරගත් භාජනයට දාලා විනාඩි 45 ක් විතර ස්ටීම් කරගන්න.
2. ක්‍රීම් ක්‍රැකර් පතුරු
අවශ්‍ය ද්‍රව්‍ය
- ක්‍රීම් ක්‍රැකර් බිස්කට්
- සීනි ටිකක්
- ලුණු ටිකක්
- වතුර
- වැනිලා තේ හැඳි 1
- භාජනයක් අරගෙන ඒකට සීනි, ලුණු හා වතුර දාලා ලිපේ තියන්න. බුබුළු දාගෙන එද්දි ඒකට වැනිලා එසන්ස් ටිකක් එක් කරන්න.
- හොඳට උණු වුණාම බිස්කට් ටික එක් කරන්න. ගින්දර අඩු කරන්න. සීනි හයි වෙනකන් ඉඳලා රස බලන්න.
3. ක්‍රීම් ක්‍රැකර් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 7-8
- තම්බාගත් අල ගෙඩි 2
- සැමන් පොඩි කෑල්ලක්
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කරපිංචා ටිකක්
- බිත්තර 2
- පාන්පිටි ටිකක්
- බිස්කට් කුඩු
- බැදීමට තෙල්
- තෙල් ටිකක් දාලා රත්වෙනකොට අල, සැමන් පොඩියට කපාගත් ළූණු දාලා හොඳින් තෙම්පරාදු කරගන්න.
- ඒකටම ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කරපිංචා දාලා හොඳින් කලවම් කරන්න. මේ මිශ්‍රණය ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් උඩට උසට පුරවා ගන්න. ඒක තව බිස්කට් එකකින් සැන්ඩ්විච් කරගන්න.
- දැන් වෙනම භාජනයකට බිත්තර හා පිටි දාලා බැටර් එකක් එන විදියට හොඳින් කලවම් කරන්න.
- ඊළඟට පිරවුම දා ගත් බිස්කට් මේ බැටර් එකේ ගාගෙන බිස්කට් කුඩු තවරල ගැඹුරු තෙලේ බැදගන්න.
4. ක්‍රීම් ක්‍රැකර් පීට්සා
අවශ්‍ය ද්‍රව්‍ය
- ක්‍රීම් ක්‍රැකර්
- තක්කාලි සෝස්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප් කරගත් බෙල්පෙපර් ගෙඩි 1/2
- ස්වීට් කෝන් ටිකක්
- ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1/2
- කෑලි මිරිස් ටිකක්
- වියළි ඔරිගානෝ ටිකක්
- බෝල් එකක් අරගෙන ඒකට තක්කාලි සෝස්, ගම්මිරිස්කුඩු දාලා හොඳින් කලවම් කරන්න.
- වෙනම බෝල් එකක් අරගෙන ඒකට හීනියට කපා ගත් ළූණු, චොප් කරගත් බෙල්පෙපර්, ස්වීට් කෝන්, ලුණු කුඩු දාලා හොඳට කලවම් කරන්න.
- ඊළඟට ට්‍රේ එකකට ක්‍රීම් ක්‍රැකර් බිස්කට් අතුරා ගන්න. ඒවට කලින් සාදා ගත් තක්කාලි සෝස් මික්ස් එක ගා ගන්න. ඊට උඩින් සාදාගත් පිරවුම දා ගන්න. ඊට උඩින් ග්‍රේට් කරගත් චීස්, ඔරිගානෝ හා කෑලි මිරිස් ඉහගන්න.
- සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත්ත අවන් එකේ විනාඩි 3-4 ක් බේක් කරගන්න.
5. ක්‍රීම් ක්‍රැකර් චොක්ලට් බාර්
අවශ්‍ය ද්‍රව්‍ය
- ක්‍රීම් ක්‍රැකර් බිස්කට්
- සීනි කෝප්ප 1
- බටර් කෝප්ප 1
- ඩාර්ක් චොකලට් 50g
- පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි හා බටර් දාලා බැටර් එකක් එන විදිහට හොඳින් කලවම් කරන්න. ඒ අතරතුර බේකින් ට්‍රේ එකකට ක්‍රීම් ක්‍රැකර් බිස්කට් අතුරා ගන්න. දැන් කලින් සදා ගත් බැටර් එක බිස්කට් උඩින් තවරා ගන්න. එය සෙල්සියස් 180°ට විනාඩි 5 ක් විතර බේක් වෙන්න තියන්න.
- ඒ අතරතුර ඩබල් බොයිල් ක්‍රමයට ඩාර්ක් චොකලට් උණු කරගන්න. කලින් බේක් කරගත් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් මත චොක්ලට් ටික වක්කරගන්න. මේක පැයක් ෆ්‍රීස් වෙන්න තියන්න.
6. ක්‍රීම් ක්‍රැකර් බයිට්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කෑලි කර ගත් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 8
- බිත්තර 1
- රස අනුව ලුණු කුඩු
- කෑලි මිරිස් මේස හැඳි 1
- උම්බලකඩ මේස හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1 /2
- කපාගත් ලොකු ළූණු ගෙඩි 1
- සුදුළූණු බික් 6 ක්
- කරපිංචා ටිකක්
- පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා සුදුළූණු දාලා ටික වේලාවකට පසුව කපාගත් ළූණු හා කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.
- ඊළඟට බිත්තරය, ලුණු කුඩු, උම්බලකඩ කුඩු, ගම්මිරිස් කුඩු දාලා හොඳින් කලවම් කරන්න.
- විනාඩියකට විතර පසුව කෑලි මිරිස් දාලා නැවත හොඳින් කලවම් කරන්න. ඊළඟට ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කෑලි ටිකත් එක් කරන්න. හොඳින් කලවම් කරන් ටිකකින් ලිප නිවාගන්න.
7. ක්‍රීම් ක්‍රැකර් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 8
- බිත්තර 1
- දෙහි යුෂ තේ හැඳි 1
- පොල් තෙල් මේස හැඳි 1
- සීනි කෝප්ප 1
- පිටි කෝප්ප 1
- බේකින් පවුඩර් තේ හැඳි 1
- චොක්ලට් පවුඩර් මේස හැඳි 1
- ක්‍රීම් ක්‍රැකර් බිස්කට් ග්‍රයින්ඩ් කරල කුඩු කරගන්න. වෙනම භාජනයක් අරගෙන ඒකට බිත්තරය, පොල්තෙල් හා පිටි දාලා හොඳින් බීට් කරගන්න. ඊළඟට සීනි දාලා හොඳින් නැවත බීට් කරන්න.
- බේකින් පවුඩර් ටික දාලා හොඳින් කලවම් කරන්න. ඒකට ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කුඩු හා දෙහි යුෂ දාලා කලවම් කරන්න.
- ඒ බැටර් එකෙන් කොටසක් අරගෙන චොක්ලට් පවුඩර් දාගෙන හොඳින් කලවම් කරන්න.
- බේකින් ට්‍රේ එකක් අරගෙන ඒකට චොකලට් දාපු නැති බැටර් එක දාගෙන ඒකට උඩින් චොකලට් බැටර් එක රටාවකට දාගන්න.
- සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30 ක් විතර බේක් කරගන්න.
Leave a Reply