සීනි අගුණ අයට සීනි අඩුවෙන් හදාගන්න ඩෙසර්ට් රෙසිපි ටිකක්

සීනි කියන්නෙ අපේ ශරීරයට ඕනේ, ඒත් වැඩියම ගන්න හොඳ නැති දෙයක්. මේතාක් අපි ගෙනාපු රෙසිපි වලින් ගොඩක් තියෙන්නෙ සීනි එකතු කරල හදන ඒවා. ඉතින් අපි හිතුවා සීනි වැඩිය නොදා හදන ඩෙසර්ට් රෙසිපි ටිකක් ගේන්න. දියවැඩියාවෙන් පෙළෙන, ඒත් පැණි රස කෑම කන්න ආසා අය අනිවාර්යෙන්ම මේවා ට්‍රයි කරයි කියලා හිතනවා. 

 

1. ආමන්ඩ් චොක්ලට් පන්නා කොත්තා (Almond Chocolate Panna Cotta)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ආමන්ඩ් මිල්ක් කෝප්ප 1 (සීනි රහිත)
  2. විප් ක්‍රීම් කෝප්ප 1/2
  3. ජෙලටින් මේස හැඳි 1
  4. වැනිලා ස්වල්පයක් 
  5. උණුවතුර කෝප්ප 1/4
  6. ග්‍රීක් යෝගට් කෝප්ප 1/4
  7. ඩාක් චොක්ලට් කෑලි 4-5
  8. චොප්කරගත් කජු ටිකක්

 

  • කිරි ටික ලිපේ තියලා මේකට විප්ක්‍රීම් ටික දාගන්න. හොඳට කලවම් කරලා බුබුළු දානකොට වැනිලා ටික දාලා තව කලවම් කරගන්න. 
  • ජෙලටින් වලට උණුවතුර දාලා ටිකක් වෙලා තියන්න. ඩාක් චොකලට් ටික ඩබල් බොයිල් කරගන්න. 
  • දැන් ජෙලටින් වලට සාදාගත් කිරි මිශ්‍රණය දාන්න. යෝගට් සහ ඩබල් බොයිල් කර ගත් ඩාක් චොකලට් එකතු කරන්න. 
  • හොඳට විස්ක් කරලා පෙරලා කප් වලට දාන්න. උඩින් කජු ටිකක් ඉහලා පැය 3ක් ෆ්‍රිජ් එකේ දාලා කෑමට ගන්න. 

 

2.  යෝගට් කේක් (Yoghurt Cake)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 3
  2. සීනි සහිත යෝගට් 1
  3. බටර් ග්‍රෑම් 100
  4. වැනිලා ස්වල්පයක් 
  5. බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
  6. පාන්පිටි ග්‍රෑම් 175

 

  • පාන්පිටි වලට බේකින් පව්ඩර් දාලා හලාගන්න. වෙනම බෝල් එකක බටර් ටික හොඳට බීට් කරන්න. මේකට යෝගට් එක දාලා තවත් හොඳට බීට් කරන්න. බිත්තර එකින් එක දාලා බීට් කරගන්න.
  • හොඳටම බීට් උනාම වැනිලා ටික දාගන්න. පාන්පිටි ටික ටික දාලා ස්පැතූලා එකකින් පෙරලිම් කලවම් කරන්න. 
  • හොඳට කලවම් කරලා ඔයිල් පේපර් එකක් දාගත් පොඩි තැටියකට දාලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න. 

 

3. චොකලට් බනානා අයිස්ක්‍රීම් (Chocolate Banana Ice cream)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ෆ්‍රීස් කරගත් කෙසෙල් ගෙඩි 6
  2. ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4
  3. කොකෝවා පව්ඩර් මේස හැඳි 1 (පුරවලා)
  4. පීනට් බටර් තේ හැන්දක්

 

  • කෙසෙල් ටික පෙති කපාගන්න. මේකට කිරි, චොක්ලට් පව්ඩර් සහ පීනට් බටර් දාල හොඳට බ්ලෙන්ඩ් කරගන්න. 
  • මේ මිශ්‍රණය පැය 2ක් ෆ්‍රීස් කරලා කෑමට ගන්න. 

 

4. බ්ලූබෙරි කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 3
  2. ආමන්ඩ් පිටි කෝප්ප 1
  3. සීනි තේ හැඳි 1
  4. බේකින් පව්ඩර් තේ හැඳි 1

 

  • බිත්තර ටික බීට් කරගන්න. මේකට ආමන්ඩ් පිටි හා බේකින් පව්ඩර් ටිකත් දාලා හොඳට බීට් කරගන්න. 
  • මේක බේකින් ට්‍රේ එකට දාලා උඩින් බ්ලූබෙරි අතුරගන්න. සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න. 

 

5. බ්‍රවුනීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට් කරගත් කිතුල් හකුරු කෝප්ප 3/4
  2. එළවළු තෙල් කෝප්ප 1/2
  3. මෙල්ට් කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/4
  4. බිත්තර 2
  5. කුඩුකරගත් ඕට්ස් කෝප්ප 1/2
  6. ආමන්ඩ් පිටි කෝප්ප 1/4
  7. කොකෝවා පව්ඩර් කෝප්ප 1/4

 

  • හකුරු වලට තෙල් ටික දාලා විස්ක් කරගන්න. හොඳට දියවුනාම මෙල්ට් කරගත් චොක්ලට් හා බිත්තර ටික දාලා විස්ක් කරගන්න. 
  • ටිකකින් ඕට්ස්, ආමන්ඩ් පිටි, කොකෝවා පව්ඩර්, බේකින් සෝඩා දාලා ස්පැතූලා එකෙන් කලවම් කරගන්න. 
  • දැන් මේකට ග්‍රේට් කරගත් චොක්ලට් කෑලි ටිකක් දාලා කලවම් කරලා බේකින් ට්‍රේ එකකට දාගන්න. 
  • සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න. 

 

6. ස්ට්‍රෝබෙරි මූස් පයි (Strawberry Mousse Pie)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

පයි ක්‍රස්ට් එකට

 

  1. ගාගත් පොල් කෝප්ප 1
  2. සන්ෆ්ලවර් සීඩ්ස් කෝප්ප 1
  3. ලුණු පින්ච් එකක්
  4. බටර් කෝප්ප 1/4

 

මූස් ලේයර් එකට

 

  1. ක්‍රීම්චීස් කෝප්ප 1
  2. ස්ට්‍රෝබෙරි ගෙඩි 5
  3. සීනි තේ හැඳි 1
  4. ලෙමන් යුෂ මේස හැඳි 1/2
  5. හෙවික්‍රීම් කෝප්ප ½ වෙනම හෙවික්‍රීම් කෝප්ප 1/4
  6. වැනිලා ස්වල්පයක් 
  7. වෙනම ස්ට්‍රෝබෙරි ගෙඩි කීපයක්

 

  • පයි ක්‍රස්ට් එකට අදාළ ඔක්කොම එකට ග්‍රයින්ඩ් කරලා හදාගත්තු පයි ක්‍රස්ට් එක බේකින් පෑන් එකේ අඩියට දාල තද කරගන්න.
  • මූස් ලේයර් එකට ක්‍රීම්චීස්, ස්ට්‍රෝබෙරි ගෙඩි 5ක්, සීනි හා ලෙමන් යුෂ බ්ලෙන්ඩ් කරගන්න. 
  • මේකට හෙවි ක්‍රීම් කෝප්ප 1/2ක් දාලා හොඳට බීට් කරගන්න. පයි ක්‍රස්ට් එක උඩින් මේක දාලා ස්ට්‍රෝබෙරි පෙති ටිකක් අතුරගන්න. 
  • හෙවික්‍රීම් කෝප්ප 1/4 හා වැනිලා හොඳට බීට් කරලා උඩින් ලේයර් එකක් දාගන්න. කැමති විදියකට ස්ට්‍රෝබෙරි පෙති අතුරලා පැය 3ක් ෆ්‍රිජ් දාගන්න. 

 

7. කිටෝ තිරමිසු (Keto Tiramisu)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ස්වීට්නර් මේස හැඳි 2
  2. බටර් මේස හැඳි 2
  3. බිත්තර 3
  4. හෙවික්‍රීම් කෝප්ප 1/4
  5. වැනිලා ස්වල්පයක් 
  6. ආමන්ඩ් පිටි කෝප්ප 1/2
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1/
  8. ලුණු පින්ච් එකක්

 

ෆ්‍රෝස්ටින් එකට

 

  1. බිත්තර කහමද 3
  2. හෙවික්‍රීම් කෝප්ප 1/4
  3. ස්වීට්නර් කෝප්ප 1/4
  4. Mascarpone චීස් කෝප්ප 1/4
  5. චොක්ලට් පව්ඩර් කෝප්ප 1/4

 

  • ස්වීට්නර් හා බටර් බීට් කරගන්න. මේකට බිත්තර ටිකත් දාලා හොඳට බීට් කරගන්න. ටිකකින් හෙවික්‍රීම් ටික දාගන්න. වැනිලා ටිකත් දාන ගමන් බීට් කරලා ආමන්ඩ් පිටි ටික දාගන්න. බේකින් පව්ඩර් හා ලුණු දාගන්න. 
  • හොඳට බීට් කරලා බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට විනාඩි 20ක් බේක් කරගන්න. 
  • ෆ්‍රොස්ටින් එකට බිත්තර කහමද වලට ස්වීට්නර් දාලා ඩබල් බොයිල් කරගන්න. කැට වෙන්න දෙන්න එපා. 
  • ලම්ප්ස් නැති බැටර් එකක් ආවම ලිපෙන් බාගන්න. දැන් මේක ටිකක් වෙලා බීට් කරගන්න. මේකට mascarpone චීස් දාලා බීට් කරගන්න.  
  • හෙවි ක්‍රීම් ටික වෙනම බීට් කරලා මේකට දාගන්න. හොඳට කලවම් කරන්න. බේක් කරගත්ත කේක් එක හරහට දෙකට කපලා මේ ෆ්‍රෝස්ටින් එකෙන් සැන්විච් කරන්න. උඩින් චොක්ලට් පව්ඩර් ඉසගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *