වට්ටක්කා වලින් රසවත්ම අතුරුපස වර්ග 5ක් හදාගනිමු

උයලා කන වට්ටක්කා ගෙඩියෙන් ඩෙසර්ට් එකක් හදමුද? ඔව් ඔව් වට්ටක්කා තමා. ඇහුවමත් පුදුම හිතෙනව නම් අනිවාර්යෙන්ම කියවලා බලන්න මේ ටික. රසම රස රෙසිපි ටිකක් ගෙනාවෙ ඔයාලා වෙනුවෙන්මයි.

 

 

1. වට්ටක්කා පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. තම්බාගත් වට්ටක්කා ග්‍රෑම් 250
  2. සීනි ග්‍රෑම් 30
  3. ඩබල් ක්‍රීම් මි. ලී. 30
  4. කිරි මි. ලී. 70
  5. අගර් අගර් මේස හැඳි 1
  6. වැනිලා ස්වල්පයක්

 

 

  • වට්ටක්කා වල පොතු අයින් කරලා බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. මේකට සීනි හා ඩබල් ක්‍රීම් ටික දාගන්න. දැන් ස්මූත් වෙනකල් හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • කිරි ටික භාජනයකට දාලා ලිපේ තියන්න. වැනිලා එකතු කරන්න. ටිකකින් අගර් අගර් දාලා කැටි ගැහෙන්න නොදී හොඳට හැඳි ගාන්න. බුබුළු දාගෙන එනකොට ලිප නිවලා වට්ටක්කා ටික එක්කරන්න. දිගටම හැඳිගාන්න.
  • ඩෙසර්ට් කප්ස් වලට දාලා නිවුණට පස්සෙ පැය 2ක් සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තියන්න.

 

 

 

2. Praline Pumpkin Dessert

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පම්කින් පියුරි කෝප්ප 1
  2. කිරි කෝප්ප 2
  3. සීනි කෝප්ප 1
  4. කුරුඳු කුඩු ස්වල්පයක්
  5. බිත්තර 3
  6. ‍රෙඩිමේඩ් කේක් මික්ස් පැකට් එකක්
  7. චොප්කරගත් ආමන්ඩ් ඇට, වෝල්නට්ස් හා කජු ස්වල්පයක්
  8. මෙල්ට් කරගත් බටර් මේස හැඳි 2

 

  • පම්ප්කින් පියුරි හදාගන්න තරමක වට්ටක්කා පළුවක ඇට සහ තෙත මදය සම්පූර්ණයෙන් ඉවත් කරගන්න.
  • ෆොයිල් පේපර් එකක් දාපු බේකින් ට්‍රේ එකක තියල විනාඩි 45ක් සෙල්සියස් 190ට ප්‍රීහීට් කරපු අවන් එකක බේක් කරගන්න.
  • බේක් වුණාට පස්සෙ මදය සූරල අරගෙන හොඳින් ක්‍රීම් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න. අවශ්‍ය නම් විතරක් වතුර මේස හැන්දක් දෙකක් දාගන්න.
  • එහෙම හදාගත්ත පියුරි එකට කිරි, බිත්තර, සීනි හා කුරුඳු කුඩු දාලා විස්ක් කරගන්න.
  • මේක බේකින් ට්‍රේ එකකට දාලා උඩින් වියළි ‍රෙඩිමේඩ් කේක් මික්ස් එක ඉහගන්න. දැන් මේකට චොප්කරගත් ආමන්ඩ් හා අනික් සියල්ලම ලේයර් කරලා මෙල්ට් කරගත් බටර් උඩින් දාන්න.
  • සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 40ක් වගේ බේක් කරගන්න. කැමති නම් විපින් අයිසින් උඩින් දාලා කන්න පුළුවන්.

 

 

 

3. වට්ටක්කා හල්වා

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ගී මේස හැඳි 3
  2. රේසින් මේස හැඳි 1
  3. කජු කෝප්ප 1/4
  4. ග්‍රේට්කරගත් වට්ටක්කා කෝප්ප 1
  5. කිරි කෝප්ප 1/2
  6. ටින්කිරි කෝප්ප 1/4

 

 

 

  • පෑන් එකට ගී මේස හැන්දක් දාලා කජු හා රේසින් දාගන්න. ටිකක් බැදෙන්න දෙන්න. දැන් මේ ටික අයින් කරලා තව ගී මේස හැන්දක් දාලා ග්‍රේට් කරගත් වට්ටක්කා ටික දාගන්න.
  • හොඳට තැම්බුනාම ගින්දර අඩුම කරලා සීනි ටික දාලා හැඳිගාන්න. මේක බුබුළු දාන නටනකොට කිරි ටික දාගන්න.
  • මද ගින්නෙ හොඳට හැඳිගාන්න. දිගටම හැඳිගාන්න. ටින්කිරි ටික දාගන්න. මේක තික් බැටර් එකක් උනාම ගී මේස හැන්දක් දාලා තව හොඳට මික්ස් කරගන්න.
  • දැන් මේක එක ගුලියක් වගේ වේගෙන එනකොට කලින් බැදගත් නට්ස් ටික දාලා කලවම් කරගන්න.

 

 

 

4. පම්කින් පයි

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. ඩෝ එකට
  2. පාන්පිටි කෝප්ප 1
  3. බටර් ග්‍රෑම් 60
  4. එළවළු තෙල් මේස හැඳි 1
  5. සීනි මේස හැඳි 1
  6. ලුණු පින්ච් එකක්

 

 

 

ෆිලින් එකට

 

 

  1. පම්කින් පියුරි කෝප්ප 1/2
  2. මිල්ක්මේඩ් පොඩි ටින් 1
  3. බිත්තර 2
  4. ලුණු ස්වල්පයක්
  5. කුඩුකරගත් කරාබුනැටි පින්ච් එකක්
  6. කුරුඳු කුඩු ස්වල්පයක්

 

 

  • බටර් ටික මෙල්ට් කරගන්න. මේකට එළවළු තෙල්, සීනි හා ලුණු දාලා කලවම් කරගන්න.
  • ඊළඟට පිටි ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. දැන් මේක පයි ට්‍රේ එකට දාලා තුනී කරගන්න. වටේ බිත්ති ටිකත් ලස්සනට හදාගන්න. පොලිතින් එකකින් රැප් කරලා විනාඩි 30ක් ෆ්‍රිජ් එකේ තියන්න.
  • ෆිලින් එකට අදාළ සියල්ලම දාලා හොඳට විස්ක් කරගන්න. මේක හදාගත්ත පයි ට්‍රේ එකට වක්කරලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 40ක් වගේ බේක් කරගන්න.

 

 

 

5. පම්කින් බෝල්ස්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පම්කින් පියුරි කෝප්ප 1/4
  2. සීනි මේස හැඳි 2
  3. හාල් පිටි අවශ්‍ය තරම්
  4. වෙනම හාල්පිටි කෝප්ප 1/2
  5. බිස්කට් කුඩු

 

  • බෝල් එකකට පම්කින් පියුරි එක දාගන්න. මේකට සීනි දාලා අනලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න අවශ්‍ය තරම් හාල්පිටි පොඩ්ඩ පොඩ්ඩ දාලා ඩෝ එක අනාගන්න. මේකෙන් තරමක බෝල හදාගන්න.
  • හාල්පිටි වලට වතුර සහ ලුණු ටිකක් දාලා උකු බැටර් එකක් හදාගන්න. දැන් බෝල ටික බැටර් එකේ දවටගෙන බිස්කට් කුඩු තවරගන්න.
  • ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *