ප්‍රොෆෙෂනල් මනුස්සයෙක් කියන්නේ සරලවම රස්සාවක් කරන මනුස්සයෙක් කියන එකම නෙවෙයි. ඊට එහා ගියපු තේරුමක් ඒ වචනේ තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ රැකියාවේ නැතිනම් රැකියා ක්ෂේත්‍රයේ හොඳ ප්‍රවීණත්වයක් ලබාගත්තු මනුස්සයෙක් කියන එක. දැන් කාලේ ඉන්න එහෙම හොඳ ප්‍රවීණත්වයක් සහිත ප්‍රොෆෙෂනල්ස්ලාට ගොඩක් වෙලාවට අප්-ටු-ඩේට් වෙන්න වෙනවා ඉදිරියට යන ලෝකෙත් එක්ක. ආන්න එතනදී තමයි ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ වැඩකටයුතු වල හොඳ කළමනාකරණයකට, වැඩ කටයුතු පහසු කරගන්න වගේ දේවලට ඔය විවිධ ඔන්ලයින් ටූල්ස් එහෙම වැදගත් වෙන්නේ. අපි මීට කලිනුත් ඔය විදියේ ඔන්ලයින් ටූල්ස් කීපයක්ම හඳුන්වලා දීලා තියෙනවා. අද කියන්න යන්නේ ඒ විදියේ තවත් ඔන්ලයින් ටූල්ස් සෙට් එකක් ගැන තමයි.
1. WordPress
ගොඩක් වෙලාවට අපිට වෙබ්සයිට්ස් එක්ක ගනුදෙනු කරන්න වෙනවා ජොබ් එකකදී. ඒ වගේම, ජොබ් එකේ යම් යම් දේවලට වෙබ්සයිට් එකක් නිර්මාණය කරන්නත් සිද්ධ වෙනවා. ආන්න ඒකට තමයි WordPress වැදගත් වෙන්නේ. ඇත්තටම මේ කියන්නේ ජොබ් එක කරන ලොකු කම්පැණියක ප්‍රධාන වෙබ්සයිට් එක නොමිලේ WordPress ඔස්සේ හදන්න කියලා නෙවෙයි. හැබැයි ඊට වඩා අතුරු කාරණා වලට වෙබ් එකක් හදන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේකට WordPress හොඳයි. මෙතනදී නොමිලේ තමන්ගේ වෙබ් අඩවිය WordPress හරහා හොස්ට් කරවාගන්නත් පුළුවන්. හැබැයි එතකොට වෙබ් සයිට් එකේ තුන්වෙනි පාර්ශවයන්ගේ වෙළඳ දැන්වීම් පෙන්නනවා. එහෙම නැතිනම් WordPress හරහා ක්ලීන් විදියට වෙබ් එක හදාගෙන පොඩි ගාණක් ගෙවලා ඇඩ් ෆ්‍රී විදියට යන්නත් පුළුවන්. ඒක තමන්ගේ වුවමනාව අනුව තමයි.
2. Getresponse
අපේ ජොබ් එක ඇතුළේ සමහර වෙලාවට අපිට ඊ-මේල් මාකටින් කරන්න, ඊ-මේල් නිව්ස්ලෙටර්ස් යවන්න එහෙම සිද්ධ වෙනවා. ආන්න ඒකට හොඳම ටූල් එකක් තමයි Getresponse කියන්නේ. මේක ඇත්තටම ඊමේල් මාකටින් ඇප් එකක්. මේකෙන් පුළුවන් අපිට මේලින් ලිස්ට් හදන්න, ඊට පස්සේ අපේ මේලින් ලිස්ට් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්න අයට ඊමේල්ස් යවන්න. අවශ්‍ය නම් ඒ ඊමේල්ස් යවන වැඩේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කරන්න. ඒ වගේම අපේ ඊමේල් කැම්පේන් එකෙන් අපිට ලැබෙන ප්‍රතිචාර බලන්න, එතකොට ඒවායේ සංඛ්‍යාලේඛන ඇනලයිස් කරලා බලන්න. ඇත්තටම මේ වෙනකොට Getresponse එක සරල ඊමේල් මාකටින් ඇප් එකකට වඩා ඊ-කොමර්ස් සහ ඔන්ලයින් මාකටින් සොල්‍යුෂන්ස් ලබාදෙන ලොකු ප්ලැට්ෆෝම් එකක් වේගෙන යනවා. මේකටත් ගෙවන්න ඕන හැබැයි.
3. Mailchimp
ඉස්සර අපි Mailchimp එක අඳුනගෙන හිටියේ වගේම ඊමේල් මාකටින් සේවාවක් විදියට. ඒ කියන්නේ අපිට ඊමේල් නිව්ස්ලෙටර්ස් යවන්න එහෙම Mailchimp එකෙන් ලැබෙන සහාය අනර්ඝයි. භාවිතයත් බොහොම පහසුයි. හැබැයි අද වෙනකොට Mailchimp කියන්නේ ඊමේල් නිව්ස්ලෙටර් ඇසිස්ටන්ට් කෙනෙක් විතරක් නෙවෙයි. එතනින් එහාට ගිනින් බිස්නස් වලට -විශේෂයෙන්ම ස්ටාර්ටප් සහ පොඩි ඔන්ලයින් බිස්නස් වලට එහෙම- සම්පූර්ණ ඩිජිටල් මාකටින් විසඳුම් ලබාදෙන තැනක් බවට Mailchimp පත් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත් මාකටින් කස්ටමර් රිලේෂන්ශිප් මැනේජ්මන්ට් වලට, ඩිජිටල් ඇඩ්ස් හදාගන්න, ලෑන්ඩින් පේජස් හදාගන්න, සෝෂල් මීඩියා පෝස්ට් හදාගන්න, ටාගට් ඕඩියන්ස් හොයාගන්න, කන්ටෙන්ට් නිර්මාණය කරගන්න විතරක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම බිස්නස් එකේ ඇනලිසිස් පාට් එක කරන්න පවා Mailchimp තමන්ගේ සහාය ලබාදෙනවා. ඉතින් Mailchimp සහාය ලබාගන්න එක පාඩුවක් නෙවෙයි.
4. Capsule CRM
CRM කියලා කියන්නේ කස්ටමර් රිලේෂන්ශිප් මැනේජ්මන්ට් කියන එක. ඒ කියන්නේ පාරිභෝගික සබඳතා කළමනාකරණය. එතකොට හිතාගන්න පුළුවන් නේද Capsule CRM වගේ නමක් තියෙන ටූල් එකකින් සිද්ධ වෙන්නේ මොනවද කියලා? ඇත්තටම සාමාන්‍යයෙන් හොඳ කස්ටමර් රිලේෂන්ශිප් මැනේජ්මන්ට් සේවාවකින් සිද්ධ වෙන්න ඕන දේවල් තමයි ඩේටාබේස් එකක් පවත්වගෙන යන එක, ඒ ඔස්සේ ඩේටාබේස් එකේ කන්ටැක්ට්ස් ගාණට ඕර්ගනයිස් කරලා පවත්වා ගන්න එක, ඒවා ඇනලයිස් කරන එක, ක්ලයන්ට්ස්ලා එක්ක සන්නිවේදනය ට්‍රැක් කරලා තියාගන්න එක, සේල්ස් පයිප්ලයින් එක කළමනාකරණය කරන එක වගේම ක්ලයන්ට්ස්ලගේ තොරතුරු විමසීම් සහ පැමිණිලි එහෙමත් කළමනාකරණය කරන එක. ඇත්තටම Capsule CRM එකෙන් ඒ වැඩකටයුතු ටික වෙනවා. මේකේ නොමිලේ ලබාගන්න පුළුවන් සංස්කරණයේ නම් හැකියාවන් යම් ප්‍රමාණයකට සීමිතයි.
5. Google Data Studio
අපිට බිස්නස් එකක් පටන් ගත්තහම තේරෙන්න ඕන, ඩේටා ඇනලයිසින් කියන එක කොයි තරම් වැදගත් වෙනවද කියලා. ඒ කියන්නේ සරලවම ෆේස්බුක් පේජ් එකේ රීච් එක සහ එන්ගේජ්මන්ට් එක අඩු වැඩි වෙන විදිය ඇනලයිස් කරන එකේ ඉඳලා, බිස්නස් එකේ එකතුවෙන තොරතුරු හැම දෙයක්මත් ඇනලයිස් කරලා ට්‍රෙන්ඩ්ස් හොයාගන්න එක, තීරණ ගන්න එක, බිස්නස් එකේ වර්ධනයට ඉතාම වැදගත්. ආන්න ඒ වැඩේට හොඳ උදවුවක් ලබාදෙන ඔන්ලයින් ටූල් එකක් තමයි Google Data Studio කියන්නේ. විශේෂයෙන්ම මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී සේවාවක්. අපිට පුළුවන් Google Data Studio උදවුවෙන් අපේ දත්ත සම්පූර්ණයෙන්ම සරලව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්, පාවිච්චියට ගන්න පුළුවන් විදියට ඇනලයිස් කරලා, ඩෑෂ්බෝඩ් සහ රිපෝට් විදියට නිර්මාණය කරගන්න. ඒ වගේම එහෙම ඇනලයිස් කරපු දත්ත වඩාත් සාර්ථක විදියට විෂුවලයිස් කරන්නත් Google Data Studio උදවු වෙනවා. බොහොම පහසුවෙන් මේවා ටීම් එක ඇතුළේ සහ පිට ෂෙයාර් කරගන්න සහ ටීම් එකේ අදහස් නැවත ලබාගන්නත් Google Data Studio වල පහසුකම් තියෙනවා.
6. Kanbanize
සාමාන්‍යයෙන් අපි ප්‍රොෆෙෂනල් වටපිටාවක වැඩ කරනකොට දැන් කාලේ විදිය තනි තනියෙන් වැඩ කරන එක නෙවෙයි. ඒ වෙනුවට ටීම්ස් විදියට තමයි අපි වැඩ කරන්නේ. මෙහෙම ටීම්ස් විදියට වැඩ කරනකොට, අපිට ටීම් එකක් අතරේ සහයෝගයෙන් වැඩ කරන්න, කරන වැඩ ටීම් එක ඇතුළේ කළමනාකරණය කරගන්න වගේම සන්නිවේදනය පවත්වා ගන්නත් විවිධ ටූල්ස් අවශ්‍ය වෙනවා. ආන්න ඒ වගේ වැඩකට ගැලපෙන හොඳ ප්‍රොෆෙෂනල් ටූල් එකක් තමයි Kanbanize කියන්නේ. හැබැයි ඇත්තටම Kanbanize නොමිලේ ලැබෙන සේවාවක් නෙවෙයි. හැබැයි මේකේ තියෙන ප්‍රොෆෙෂනල් හැකියාවන් දිහා බැලුවහම Kanbanize සම්පූර්ණ සේවාවන් සල්ලි දීලා ගන්න එක පොඩ්ඩක්වත් පාඩු නෑ. Kanbanize පාවිච්චි කරලා අපිට පුළුවන් ටීම් එක ඇතුළේ තියෙන ප්‍රොජෙක්ට්ස්, ඒවායේ වැඩ කොහොමද එකිනෙකා අතර බෙදිලා තියෙන්නේ, කොහොමද ප්‍රගතිය වගේ කාරණා විෂුවලයිස් කරන්න. එතකොට වැඩ ගණනාවක් එක පාර ට්‍රැක් කරන්නත්, ටයිම්ලයින්, ඩෙඩ්ලයින් පවත්වාගෙන යන්නත් මේකෙන් පුළුවන්. එතකොට එකිනෙකට සම්බන්ධිත වැඩ වල ප්‍රගතිය ඒ සම්බන්ධතා හඳුනාගනිමින් ට්‍රැක් කරන්න පවා Kanbanize සේවාව ඔස්සේ පුළුවන්!
7. Skillshop
Skillshop කියන්නේ ඇත්තටම ගූග්ල් වෙතින් ලබාදෙන සේවාවක්. දැන් අපි ඉතාමත් විශාල වශයෙන් ගූග්ල් නිෂ්පාදන ප්‍රොෆෙෂනල් වාතාවරණයන් යටතේදීත් පාවිච්චි කරනවනේ. උදාහරණයක් විදියට ගත්තොත් ගූග්ල් ඇඩ්ස් පාවිච්චි වෙනවා අපේ බිස්නස් එක ඔන්ලයින් ඇඩ්වර්ටයිස් කරන්න. එතකොට ගූගල් මාර්කටින් ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරනවා අපේ බිස්නස් එකට ඩිජිටල් මාකටින් සොල්‍යුෂන් සඳහා. මේ වගේ සෑහෙන්න ගූගල් ප්‍රඩක්ට්ස් අපිට බිස්නස් එකක් වෙනුවෙන්, ප්‍රොෆෙෂනල් වාතාවරණයක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය ප්‍රඩක්ට්ස් වලින් උපරිම ප්‍රයෝජනය ලබාගන්න නම්, ඒවා හරියටම පාවිච්චි කරන්නේ කොහොමද, ඒවල තියෙන ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් මොනවද කියන දේවලුත් දැනකියාගෙන ඉන්න වෙනවා. ආන්න ඒකට තමයි Google Skillshop තියෙන්නේ. එතනින් අපිට මේ බිස්නස් වලට වැදගත් වෙන ගූගල් ප්‍රඩක්ට්ස් හරියට පාවිච්චි කරන විදිය ගැන ගැඹුරින් ඉගෙන ගන්න පුළුවන්. මේවා පාඨමාලා විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
Leave a Reply