පිට රටකට යන කෙනෙක්ට, කඩචෝරු හොයන පොඩ්ඩො ඉන්න අම්මලාට වගේම ට්‍රිප් එකක් යන කොට හදන් යන්නත් කල් තියාගෙන කන්න පුළුවන් ස්නැක් රෙසිපි ටිකක් ගේන්න හිතුවා. මේවානම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔයාලට.
1. මසාලා පීනට්
අවශ්‍ය ද්‍රව්‍ය
- රටකජු කෝප්ප 1
- කඩල පිටි කෝප්ප 1
- හාල්පිටි මේස හැඳි 3
- චාට් මසාලා මේස හැඳි 1
- තුනපහකුඩු තේ හැඳි 1
- ගරම් මසාලා තේ හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- ලුණු ටිකක්
- ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 2
- බැදීමට තෙල්
- රටකජු ටික පැයක් විතර පෙඟෙන්න දාලා වතුර පෙරාගන්න. කඩල පිටි කෝප්ප 1කට පාන්පිටි එකතු කරන්න.
- චාට් මසාලා, තුනපහකුඩු, ගරම් මසාලා හා මිරිස්කුඩු දාගන්න. මේක හොඳට කලවම් කරගන්න. රස අනුව ලුණු, ඉඟුරු සුදුළූණු පේස්ට් එකත් එකතු කරගන්න.
- බෝල් එකකට රටකජු ටික දාගන්න. සාදාගත් පේස්ට් එක ටික ටික දාලා කලවම් කරගන්න.
- මේකට වතුර ටිකකුත් දාලා කලවම් කරන්න. හොඳට කෝට් කරගන්න. ගැඹුරු තෙලේ බැදගන්න. මේක හුළං නොවදින්න අසුරලා මාසයක් වගේ තියාගන්න පුළුවන්.
2. පොටෑටෝ ස්ටික්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් අල 4
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- චාට් මසාලා තේ හැඳි 1/2
- හාල්පිටි කෝප්ප 1/4
- ලුණු
- අල ටික පොඩි කරගන්න. මේකට හාල්පිටි, මිරිස්කුඩු, චාට් මසාලා හා ලුණු එකතු කරන්න. හොඳට කලවම් කරලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
- දැන් මේ ඩෝ එකෙන් ටික ටික අරන් රෝල් කරලා අතින් කූරක් වගේ හදාගන්න. මේක ෆ්‍රීස් කරලා මාසයක් උනත් තියාගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට ගැඹුරු තෙලේ බැදලා ගන්න.
3. Dhal Snack
අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල පරිප්පු මේස හැඳි 2
- ලුණු ටිකක්
- අමුමිරිස් කරල් 2
- ඉඟුරු කෑල්ලක්
- සූදුරු තේ හැඳි 2
- හාල්පිටි කෝප්ප 1
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- චොප්කරගත් කරපිංචා ටිකක්
- බටර් මේස හැඳි 2
- උණුවතුර කෝප්ප 1/2
- කඩල පරිප්පු සෝදලා පැයක් වගේ පෙඟෙන්න තියන්න. ග්‍රයින්ඩර් කප් එකට ඉඟුරු, කපාගත් අමුමිරිස් හා ලුණු දාගන්න. සූදුරු තේ හැන්දකුත් දාලා මේක පේස්ට් එකක් වෙනකල් ග්‍රයින්ඩ් කරන්න.
- බෝල් එකකට හාල්පිටි ටික දාගන්න. මේකට ඉතිරි සූදුරු ටික, ග්‍රයින්ඩ් කරගත් පේස්ට් එක, පෙඟෙන්න තියපු පරිප්පු, චොප්කරගත් කොත්තමල්ලි කොළ හා කරපිංචා ටික දාගන්න. ඊළඟට බටර් ටික එකතු කරන්න.
- දැන් මේකට උණුවතුර ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. මේ ඩෝ එක තුනී කරලා රවුම් කපාගන්න. රන්වන් පාට වෙනකල් ගැඹුරු තෙලේ බැදගන්න. නිවුණට පස්සෙ හුළං නොවදින්න අසුරගන්න.
4. Rice Flour Chips
අවශ්‍ය ද්‍රව්‍ය
- වියළි මිරිස් කරල් 5
- සූදුරු තේ හැඳි 1/2
- කරපිංචා කොළ 10-15
- බැදගත් රටකජු මේස හැඳි 2
- බැදගත් කඩල පරිප්පු මේස හැඳි 2
- හාල්පිටි කෝප්ප 1 1/2
- රත්වුණු තෙල් මේස හැඳි 5
- තල ඇට තේ හැඳි 2
- පෑන් එකට වියළි මිරිස්, සූදුරු, කරපිංචා දාලා බැදගන්න. මේ ටිකට රෝස්ට් කරගත් රටකජු හා කඩල පරිප්පු දාලා ග්‍රයින්ඩ් කරගන්න. මේක පව්ඩර් එකක් වෙනකල් ග්‍රයින්ඩ් කරගන්න.
- හාල්පිටි ටික බෝල් එකකට දාගන්න. මේකට ලුණු ටිකක් දාගන්න. කලවම් කරලා ග්‍රයින්ඩ් කරගත් පේස්ට් එක දාලා හොඳට කලවම් කරගන්න.
- දැන් මේකට හොඳට රත්වුණු තෙල් ටික දාලා කලවම් කරලා තල ඇට ටික දාගන්න. වතුර ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
- පොඩි පොඩි බෝල හදලා අතින්ම තුනී කරගන්න. මේවා පොඩියට හදාගන්න.
- හදාගත්ත චිප්ස් ගැඹුරු තෙලේ බැදගන්න. බදින්න කලින් ෆ්‍රීස් කරලා මාසයක් වගේ තියාගන්න පුළුවන්. බැදගත්තට පස්සෙ හුළං නොවදින්න අසුරලා සතියක් වගේ තියාගන්න පුළුවන්.
5. මුරුක්කු
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි කෝප්ප 1
- කඩලපිටි මේස හැඳි 2
- ලුණු ටිකක්
- සූදුරු ටිකක්
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- බටර් මේසහැඳි 2
- මේ ඔක්කොම එකට කලවම් කරලා වතුර ටික ටික දාල සොෆ්ට් ඩෝ එකක් අනාගන්න.
- දැන් මුරුක්කු හදන සිලින්ඩර් එකකට හෝ නොසල් එකක් දාපු පයිපින් බෑග් එකකට මේ ඩෝ එක දාලා රත්වුණු තෙලට පයිප් කරගන්න.
- රන්වන්පාට වෙනකල් බැදලා තෙල් බේරෙන්න තියන්න. මාස 2ක් උනත් තියාගන්න පුළුවන්.
6. අනෝදා මල්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- ලුණු ටිකක්
- සීනි මේස හැඳි 3
- තෙල් මේස හැඳි 2
- බිත්තර 1
- කිරි මේස හැඳි 2
- පාන්පිටි වලට ලුණු, සීනි හා තෙල් දාලා කලවම් කරගන්න. දැන් මේකට බිත්තරයක් දාලා අනාගන්න. කිරි ටිකත් දාගන්න. හොඳට අනල සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
- මේක තුනී කරලා පොඩි රවුම් කපාගන්න. දැන් මේ එක රවුමක් අරන් දෙකොණින් අල්ලලා එකතුකරන්න. දැන් පිටපැත්තෙ අනික් පැති දෙක අල්ලලා ආයෙ එක් කරන්න.
- මේක ලස්සන මල් පොට්ටුවක් වගේ පෙනෙයි. මේවා ගැඹුරු තෙලේ බැදගන්න. හුළං නොවදින්න අසුරලා මාසයක් තියාගන්න පුළුවන්.
7. ජින්ජර් කැන්ඩි
අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රේට් කරගත් හකුරු කෝප්ප 1
- වතුර කෝප්ප 1/4
- චොප්කරගත් ඉඟුරු කෝප්ප 1/2
- කහකුඩු තේ හැඳි 1/2
- ලුණු ටිකක්
- හාල්පිටි මේස හැඳි 1
- අයිසින් ෂුගර් මේස හැඳි 2
- පෑන් එකක් ලිපේ තියලා හකුරු හා වතුර දාලා ලිපේ තියන්න. හකුරු ටික දියවුනාම පෙරලා වෙන පෑන් එකකට දාගන්න. ඒකට චොප්කරගත් ඉඟුරු ටික දාගන්න. මද ගින්නෙ හැඳි ගාන්න. කහකුඩු හා ලුණු එකතු කරන්න.
- බුබුළු දාලා නටනකල් හොඳට හැඳි ගාන්න. මේක තික් පේස්ට් එකක් වෙනකොට හාල්පිටි ටික එක් කරන්න. තවත් ටිකක් හැඳි ගානකොට පෑන් එකෙන් අයින් වෙලා එක ගුලියක් වගේ වෙයි.
- ලිප ඕෆ් කරලා ටිකක් නිවෙන්න අරින්න. අතේ තෙල් ටිකක් ගාගෙන පොඩි පොඩි බෝල හදාගන්න. අයිසින් ෂුගර්, කුරුඳු කුඩු හා ගම්මිරිස්කුඩු කලවම් කරලා මේ බෝලවල තවරගන්න. සති දෙකක් විතර කල් තියාගන්න පුළුවන්.
Leave a Reply