හිත ඇදගත්ත ඔලිම්පික් මැස්කොට්ස් (Mascot) කීපයක්

මුලින්ම කියන්න ඕන දේ තමයි මේ Mascot කියන වචනෙට ගැලපෙන සිංහල වචනයක් අපිට හරියටම හොයාගන්න බැරි වුණා. මංගල වස්තුව, වෙස් මූණ වගේ වචන දුන්නට මැස්කොට් කියන වචනයේ අදහස ඊට වඩා වෙනස් බවයි අපිට තේරුණේ. සමහරු නිල සුරතලුන් හැටියටත් මේ මැස්කොට්ස් හඳුන්වනවා. මේ නිසා මේ ලිපිය කියවන ඔබෙන් එක ඉල්ලීමක් අපි කරනවා. ඒ තමයි Mascot සඳහා නිවැරදි සිංහල වචනයක්  තියෙනවා නම් අපිව දැනුවත් කරන්න කියලා. මැස්කොට්ස් ඔලිම්පික් තරඟාවලියක් සඳහා එකතු වීම ආරම්භ වුණේ 1968 ප්‍රංශයේ ග්‍රෙනෝබල්හි පැවැති සිසිර ඔලිම්පික් උළෙලට සමගාමීවයි. එතැන් පටන් සෑම ඔලිම්පික් තරගාවලියක ම පාහේ අනිවාර්යය අංගයක් බවට එය පත්වුණා.

 

1. වෙන්ලොක් සහ මෙන්ඩෙවිල් (Wenlock and Mandeville)

2012 ග්‍රීෂ්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ  පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මැස්කොට් විදියට තමයි මේ දෙන්නව එළිදැක්වුණේ. මේ දෙන්නගෙන් සංකේතවත් වුණේ එංගලන්තයේ ක්‍රීඩා ක්ෂේත්‍රයට නොමැකෙන දායකත්වයක් ලබා දෙන්න මුල් වුණු කුඩා ප්‍රදේශ දෙකක්. 1850 වසරේ දී මහා බ්‍රිතාන්‍යය තුළ වෙන්ලොක් ඔලිම්පික් ක්‍රීඩා සමාජය මගින් පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සහ 1948 දී ස්ටෝක් මෙන්ඩෙවිල් රෝහල  මගින් ස්ටෝක් මෙන්ඩෙවිල් තරඟාවලිය පැවැත්වීමත් (පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පූර්වාදර්ශයක් ලබාදුන් ක්‍රීඩා උළෙල) ඒ මඟින් සංකේතවත් වුණා.

 

2. කොටියා, පෝල බෙයාර් සහ හාවා (The Leopard, Polar bear and Hare)

මේ සුරතල් ඔලිම්පික් මැස්කොට්ස් තුන එළිදක්වනු ලැබුවේ 2014 වසරේ රුසියාවේ සෝචිහි පැවති සිසිර ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙනුයි. ඒ සඳහා දීප ව්‍යාප්ත තරඟාවලියක් පැවැත්වූ අතර අවසානයේදී තමන් කැමතිම මැස්කොට්  සඳහා ඡන්දය ලබා දීමට රුසියානුවන්ට විවෘත අවස්ථාවක් ලබා දුන්නා. අවසානයේදී ඔවුන්ගේ තේරීම වුණේ මේ මැස්කොට්ස් තුනයි.

 

3. මිගා, ක්වාචී, සුමි, මුක්මුක් (Miga, Quatchi, Sumi and Mukmuk)

 2010 වසරේ කැනඩාවේ වැන්කුවර්හීදී පැවැත්වීමට නියමිතව තිබූ සිසිර ඔලිම්පික් සහ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නියමිතව තිබූ මැස්කොට් පළමුවරට එළිදක්වනු ලැබුවේ 2007 වසරේදීයි. එසේ ඔලිම්පික් සහ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා යොදා ගන්නා මැස්කොට්ස් එකවර එළිදක්වනු ලැබුයේ පළමු වරටයි. මේ මැස්කොට්ස් හතරම ක්‍රීඩකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේද දැඩි ආදරයට ලක් වුණා.

 

4. ෆුවා (Fuwa)

චීන බසින් “වාසනාව ගෙන එන බෝනික්කෝ” යන අර්ථය ලබා දෙන ෆුවා මැස්කොට්ස් නිර්මාණය කරන ලද්දේ 2008 වසරේ දී බෙයිජින්හි පැවති  ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන්. මෙම මැස්කොට්ස් නිර්මාණය කිරීමේ ගෞරවය  හිමි වන්නේ සුප්‍රකට කලාකරුවකු වන හැන් මෙයිලින් හටයි. එවැනි බෝනික්කන් පස්දෙනකු මැස්කොට් සඳහා භාවිතා වූ අතර ඔවුන් නම් කෙරුණේ Beibei, Jingjing, Huanhuan,  Yingying සහ Nini ලෙසයි.

 

5. නිවි සහ ග්ලිස් (Neve and Gliz)

2006 වසරේ ඉතාලියේ ටියුරින් හිදී සිසිර සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල පවත්වනු ලැබුවා. ඒ සඳහා මැස්කොට්ස් දෙකක් භාවිතා වූ අතර, හිම නිරූපණය කිරීම Neve මගින් සිදු වුණා. Neve රතු පැහැති ඇඳුමකින් සරසා තිබුණු අතර අයිස් නිරූපණය කිරීම Gilz මගින් සිදු වුණා.එය සරසා තිබුණේ නිල් පැහැති ඇදුමකින්.

 

6. පවුඩර්, කොපර් සහ කෝල් (Powder,Copper and Coal)

ස්ටීව් ස්මෝල් නම් ජාත්‍යන්තර වශයෙන් ගෞරවාදරයට පත්වූ කලාකරුවා විසින් මෙම මැස්කොට්ස් නිර්මාණය කළ අතර ඒවා භාවිතා කරනු ලැබුවේ 2002 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ සෝල්ට් ලේක් සිටිහි පැවැති ඔලිම්පික් සහ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙනුයි.

 

7. සුක්කි, නොක්කි, ලෙක්කි සහ ට්සුක්කි (Sukki, Nokki, Lekki and Tsukki)

1998 වසරේදී  ජපානයේ නගෝනා නගරයේ පැවති සිසිර ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය වුණ මෙම මැස්කොට් හතර මගින් කාරණා කීපයක් නිරූපණය වුණා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට වසර 4 ක් ගතවීම, ජපානයේ ප්‍රධාන දූපත් හතර සහ ජපන් විශ්වාසයන් වලට අනුව ලෝකයේ නිර්මාණය වන සතර මහා භූත සංකල්පය මේ මැස්කොට් හතරට පාදක වුණා.

 

එහෙම නම් නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *