සෙක්ස් කරනකොට අහල පහළින් සෙක්ස් ටෝයිස් කීපයක් හොයාගමුද?

සෙක්ස් කියන්නේ ඉතින් අපි හැමෝම එන්ජෝයි කරන කැමති දෙයක්නේ. තවදුරටත් සෙක්ස් කියන්නේ නිකම්ම ප්‍රජනනය සම්බන්ධ දෙයක් නෙවෙයි. මනුෂ්‍ය වර්ගයා විසින් ඊට එහා ගිහින් දැන් සෙක්ස් කියන්නේ විනෝදාස්වාදය සඳහාත් වැදගත් ක්‍රියාකාරකමක් බවට පත් කරගෙන තියෙනවා. අපි හැමදාමත් කියන විදියට සෙක්ස් කියන එක ආට් එකක් වෙලා තියෙනවා. ඉතින් එහෙම සෙක්ස් එන්ජෝයි කරනකොට සෙක්ස් ටෝයිස් වලින් එහෙමත් සෑහෙන්න ප්‍රයෝජනයක් තියෙනවා. ඒක ගැන අපි කලිනුත් කතා කරලා තියෙනවනේ. හැබැයි ඉතින් අපිට සෙක්ස් කරනකොට ඔය සල්ලි දීලා ගන්න සෙක්ස් ටෝයිස්ම පාවිච්චි කරන්න ඕන කියලා නියමයක් නෑ. සෙක්ස් ටෝයිස් කියන නිර්වචනයෙන් එහාට පොඩ්ඩක් හිතලා බැලුවොත්, ඇත්තටම අපේ අවටින් සෑහෙන්න දේවල් හොයාගන්න පුළුවන්, සෙක්ස් කරනකොට තියෙන වින්දනය වැඩි කරන්න හරි ටිකක් වෙනස් වින්දනයක් ලබාගන්න හරි. ෂුවර් නැද්ද? එහෙමනම් මේ ලිස්ට් එක දිහා පොඩ්ඩක් බලලා එමු!

 

1. අයිස්

අයිස් කැටයක් ඇඟේ ගෑවෙනකොට සාමාන්‍යයෙන් නම් අපි නැගිටලා උඩ පනිනවනේ සීතලට. හැබැයි සෙක්ස් කරනකොට ඒ සෙන්සේෂන් එකම පාවිච්චි කරන්න බැරිද සෙක්ස් ෆන් එක වැඩිකරගන්න? ආන්න ඒක කරලම බලන්න ඕන. ඕන නම්, අයිස් කැටයක් සුමුදුව තමන්ගේ පාට්නර්ගේ ඇඟ හරහා ඇදගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම නිපල්ස් හරියේ, යෝනි ප්‍රදේශයේ, ලිංග ප්‍රදේශයේ මේ අයිස් කැටය ටිකක් වැඩිපුර වෙලා එහා මෙහා කරන්න පුළුවන්. එතකොට බෙල්ල මුල ඉඳලා පිට දිගේ පහළට අයිස් කැටය ඇදගෙන යන්නත් පුළුවන්.

 

ඒ විතරක් නෙවෙයි. ඕන නම් අයිස් කැටේ තමන්ගේ කටේ ටිකක් වෙලා දාගෙන ඉඳලා, ඊට පස්සේ තමන්ගේ පාට්නර්ට මුඛ සංසර්ගයක් ලබාදෙන්නත් පුළුවන්. ඒකේ තියෙන ෆන් එක ඉතින් කරලා ප්‍රායෝගිකවම තමයි බලන්න ඕන.

 

2. හොට් වෝටර් ටවල් මසාජ්

සෙක්ස් කරනකොට මසාජින් කියන්නෙත් සෑහෙන්න ලොකු තෘප්තියක් ගෙන දෙන දෙයක්. හැබැයි හොට් වෝටර් එකකින් යෝනි ප්‍රදේශය හෝ ලිංග ප්‍රදේශය මසාජ් කරන එක කොහොම තියෙයිද? ඒක ඇත්තටම කියනවා නම් තමන්ගේ පාට්නර්ව පිස්සු වට්ටන්න පුළුවන් දෙයක්.

 

කරන්නේ මෙහෙමයි. වතුර එකක් රත් කරලා, සමට දරන්න පුලුවන් ප්‍රමාණයට වතුර ඇල් මරලා භාජනයකට දාලා ගන්නවා. ඊට පස්සේ සිනිඳු රෙදි කෑල්ලක් හරි, පොඩි පහේ සිනිඳු තුවායක් හරි අරගන්නවා. පාට්නර්ට සුවපහසුව දිගාවෙලා ඉන්න කියලා අපි අර රෙදි කෑල්ල හෝ තුවාය උණුසුම් වතුරේ පොඟවලා පාට්නර්ගේ ලිංග ප්‍රදේශය, යෝනි ප්‍රදේශය සහ තනපුඩු ප්‍රදේශය මසාජ් කරන්න පටන් ගන්නවා. මේ මසාජ් එක සුමුදු ලෙවල් එකක ඉඳන් ටිකක් පීඩනයක් තියෙන ලෙවල් එකක් දක්වා වෙනස් කරන්න පුළුවන්. එහෙම හොඳ හැටි මසාජ් එකක් දුන්නට පස්සේ, අපිට කෙලින්ම ඕරල් සෙක්ස් වලට ගිහිල්ලා හැපි එන්ඩින්ග් එකක් දෙන්නත් පුළුවන්! 

 

3. ස්පැටියුලා/ලී හැඳි/රූලර්

ස්පෑන්කින්ග් ගැන අහලා තියෙනවනේ. සාමාන්‍යයෙන් ස්පෑන්කින් කියන්නේ එහෙම හයියෙන් රිදෙන්න ගහන එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් දැනෙන තරමට තට්ටම් වලට තියුණු නොවෙන විදියට ගහන එකට තමයි ස්පෑන්කින්ග් කියන්නේ. ඒක ඇත්තටම ආස්වාදයක් මිසක් වේදනාවක් නෙවෙයි.

 

දැන් ස්පෑන්කින්ග් ගත්තහම ඕන නම් විදහා ගත්තු අත්ල ඒකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ස්පෑන්කින්ග් වලින් දැනෙන තෘප්තිය වෙනස් කරන්න වෙනස් වෙනස් දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකටම හදපු සෙක්ස් ටෝයිස් තියෙනවා. හැබැයි අපිට ඕන නම්, ගෙදර අවටින් දේවල් ස්පෑන්කින්ග් වලට හොයාගන්නත් පුළුවන්. අර පැතලි ස්පැටියුලා එකක්, පුළුල් සයිස් ලී හැන්දක්, පළල් ලෝහ හෝ ලී රූලර් එකක් ඒවලට උදාහරණ. ඇත්තටම මේ ඔක්කොම ලඟ තිබ්බත් කමක් නෑ. මොකද, මේ එක එක දේකින් ලැබෙන තෘප්තිය එකිනෙකට වෙනස්. හැබැයි මෙහෙම දේවල් තෝරගන්නකොට කල්පනාකාරී වෙන්න ඕන තියුණු දාර නැති, පළල් යමක් තෝරගන්න.

 

4. ෂවර් හෙඩ්

ඔන්න දෙන්නත් එක්ක ෂවර් සෙක්ස් කරන අවස්ථාවක් කියලා කියන්නකෝ. ඒ වගේ වෙලාවකට, අර අතට ගන්න පුළුවන් ෂවර් හෙඩ් එක හරි, බිඩේ ෂවර් එක හරි සෙක්ස් ටෝයි එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්ද? ඇත්තම කතාව මේකයි. ෂවර් හෙඩ් එක හරි බිඩේ ෂවර් එක හරි පාවිච්චි කරලා ඕන නම් කාන්තාවකට ස්වයං වින්දනය කරන්න වුණත් පුළුවන්. ඒ තරමට තෘප්තියක් ඒකෙන් ලබාදෙනවා. හැබැයි ඉතින් සෙක්ස් ටෝයි එකක් විදියට පාවිච්චි කරනකොට ෂවර් හෙඩ් එක හරි බිඩේ ෂවර් එක හරි යෝනි ප්‍රදේශය සඳහා විතරක් පාවිච්චි කරන්න ඕන කියලා නියමයක් නෑ. පියයුරු, ගුදය, පිරිමියාගේ ලිංග ප්‍රදේශය සඳහා එහෙමත් බොහොම සාර්ථකව මේවා පාවිච්චි කරන්න පුළුවන්.

 

5. හෙයාර් බ්‍රෂ්

මේ කියන්නේ අර ගෑණු ළමයි පාවිච්චි කරන පළල් හෙයාර් බ්‍රෂ් ගැන. දැකලා තියෙනවද? ඒ වල එක පැත්තක් පැතලියි, පුළුල්. අනික් පැත්තේ කූරු කූරු තියෙනවා. ඇත්තටම මේක මොන තරම් දේවල් වලට පාවිච්චි කරන්න පුලුවන්ද? ඕන නම් ස්පෑන්කින්ග් ටූල් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. පැතලි පැත්ත ඒකට ගැලපෙනවා. ඒ වගේම ඕන නම් ඒ තරම් හයියෙන් නැතුව කූරු තියෙන පැත්තෙනුත් ස්පෑන්ක් කරන්න පුළුවන්. ඒක වෙනස්ම සංවේදනයක් වෙයි.

 

ඒ ඇරෙන්න මේ හෙයාර් බ්‍රෂ් එකේ කූරු තියෙන පැත්ත පියයුරු දිගේ, පිට දිගේ, කලවා දිගේ සහ ශරීරයේ වෙනත් ඕනෑම ප්‍රදේශයක් දිගේ ඇදගෙන යනකොට තියෙන සෙන්සේෂන් එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕන නෑ. අත්විඳලම අත්දැකීම ලබාගන්න පුළුවන්.

 

6. සෙන්ට් කුප්පි

සාමාන්‍යයෙන් පිරිමි උදවිය සඳහා එන සෙන්ට් කුප්පි ටිකක් හැඩිදැඩි පෙනුමෙන් යුක්තයිනේ. හැබැයි දැකලා තියෙනවද ලේඩීස් සෙන්ට් කුප්පි? මේවා ගොඩක් වෙලාවට උස, සිහින් හැඩයන්ගෙන් තමයි යුක්ත වෙන්නේ. ඉතින් මේ විදියේ හැඩයන්ගෙන් යුතු සෙන්ට් එකක් පාවිච්චි කළාට පස්සේ ඒක විසි කරන්න එපා. තියාගන්න. දැන් ඒවායිනුත් තියුණු දාර නැති, සුමටව වක්‍ර වුණු හැඩයන් තියෙන සෙන්ට් බෝතල් තෝරගන්න. ඒවා හොඳට සෝදලා පිරිසිදු කරගන්න. දැන් හිතලා බලන්න මේ සෙන්ට් බෝතල් සෙක්ස් කරනකොට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා. මේවා නිපල්ස්, ලිංග ප්‍රදේශයන් ස්පර්ෂ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. 

 

7. මොබයිල් ෆෝන්

අපි ගාව දැන් කාලේ තියෙන ඕනම මොබයිල් ෆෝන් එකක්, ස්මාට්ෆෝන් එකක් දෙයියනේ කියලා වයිබ්‍රේට් වෙනවනේ. හා නැද්ද? ඉතින් ඇත්තටම මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්න බැරිද වයිබ්‍රේටර් එකක් විදියට? වයිබ්‍රේටර් එකක් වගේ හරි විදියටම පාවිච්චි කරන්න අමාරුයි, මොකද දැන් තියෙන ෆෝන්ස් කොහොමත් ලොකු සයිස්නේ. හැබැයි ඉතින් අර පොඩි ෆෝන් එකක් නම් වයිබ්‍රේටර් එකක් විදියට පාවිච්චි කරන්න බැරි කමක් නෑ. ඒ ඇරෙන්න ඉතින් ක්ලිටෝරිස් එක උත්තේජනය කරන්න එහෙමත් මේ ෆෝන් වයිබ්‍රේටර් එක මරු.

 

ඇත්තටම මේ වෙනකොට ස්මාට්ෆෝන් වලට වයිබ්‍රේටර් ඇප්ස් තියෙනවා. ඒ ඇප්ස් තියෙන්නේම මේ වැඩේට පාවිච්චි කරන්න තමයි. ටෙක්නොලොජි එක කියන්නේ මරු දෙයක් නේ?

 

දැන් පැහැදිලියි නේද හොඳ නිර්මාණශීලීත්වයක් තියෙන මනුස්සයෙක්ට ආයෙ සෙක්ස් ගුරු කෙනෙක් වෙන්න පුළුවන් කියන එක! හැබැයි උඩ කියලා තියෙන මේක්ෂිෆ්ට් සෙක්ස් ටෝයිස් ගැන කියනකොට තව දෙයක් කියන්නම ඕන. මේවා පාවිච්චි කරන්නේ ශරීර අවයව එක්කනේ, අන්න එතකොට ඒ වල පිරිසිදු කම ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න ඕන.