රසවත්ම ස්පාඤ්ඤ කෑම ටිකක් ගෙදරදීම හදාගමු

එක එක රටවල කෑම හදන හැටි අපි අරන් ආවනෙ ලයිෆි වෙතින්. ඔන්න අද ගෙනාවා ස්පාඤ්ඤ නැත්නම් ස්පැනිශ් රෙසිපි ටිකක්. එක එක ජාතියේ රෙසිපි ගොඩකින් අපේ රහට ගැළපෙන කෑම ටිකක් තමයි ඔන්න අරන් ආවෙ. හදලම බලන්නකො එහෙනම්.

 

 

1. Spanish Garlic Chicken

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කපාගත් චිකන් ග්‍රෑම් 500
  2. සුදුළූණු බික්10
  3. චොප්කරගත් පාස්ලි ටිකක්
  4. ඔලිව්තෙල් කෝප්ප 1/4
  5. වයිට් වයින් කෝප්ප 1
  6. ලුණු හා ගම්මිරිස්කුඩු

 

 

 

  • චිකන් වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා සීසන් වෙන්න පැය 2ක් තියන්න.
  • පෑන් එකකට ඔලිව්තෙල් දාලා සුදුළූණු ටික බැදෙන්න අරින්න. සුදුළූණු ටික තරමක් බැදුනම අයින් කරලා චිකන් ටික දාගන්න.
  • දෙපැත්ත හරවමින් බැදගන්න. දැන් වැඩි තෙල් ටික අයින් කරලා තෙල් ටිකක් ඉතුරු කරලා බැදගත් සුදුළූණු ටික දාලා වයිට් වයින් ටිකත් දාගන්න.
  • පාස්ලි ටිකත් උඩින් දාලා විනාඩි 15ක් වහලා පිසගන්න.

 

 

2. Spanish Potato

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. රවුමට පෙති කපාගත් අල ගෙඩි 5
  2. පාන්පිටි කෝප්ප 1
  3. ලුණු හා ගම්මිරිස්කුඩු
  4. බිත්තර 3
  5. ඔලිව්තෙල් ටිකක්
  6. චොප්කරගත් ළූණු ගෙඩි 2
  7. චොප්කරගත් සුදුළූණු බික් 6
  8. ලුණු ටිකක්
  9. මිරිස්කුඩු තේ හැඳි 1
  10. වයිට් වයින් කෝප්ප 1/4
  11. වෙජිටබල් බ්‍රොත් කෝප්ප 1

 

 

  • පාන්පිටි වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරන්න. බිත්තර 2 විස්ක් කරගන්න.
  • පෑන් එකකට තෙල් ටිකක් දාල රත්වෙන්න තියන්න. අල පෙති ටික පාන්පිටි වල දවටල බිත්තර සාරු වල දාලා තෙල් එකට දාල බැදගන්න.
  • අල ටික තෙල් බේරෙන්න ටිෂූ එකක් උඩින් තියන්න. දැන් මේ පෑන් එකටම චොප්කරගත් ළූණු හා සුදුළූණු ටික දාලා බැදගන්න.
  • ඒකට මිරිස්කුඩු හා ලුණු දාලා ඊළඟට වයිට් වයින් හා ගම්මිරිස්කුඩු ටික දාගන්න.
  • විනාඩි 5කින් විතර බැදගත් අලපෙති ටික අතුරගන්න. උඩින් වෙජිටබල් බ්‍රොත් එක දාලා විනාඩි 20ක් විතර හිඳෙනකල් ලිපේ තියාගන්න.

 

 

3. Traditional Spanish Salad

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බ්ලැක් ඔලිව් 15
  2. කපාගත් චෙඩාර් චීස් කෑලි ටිකක්
  3. දෙහි ගෙඩියක යුෂ
  4. ලුණු ටිකක්
  5. කොටු කපාගත් ගර්කින් ගෙඩියක්
  6. ඔලිව්තෙල් ටිකක්
  7. කපාගත් තක්කාලි ගෙඩි 2

 

 

  • බෝල් එකකට කපාගත් තක්කාලි, ගර්කින්, චීස්, පාස්ලි, ඔලිව් ටික දාල කලවම් කරගන්න.
  • දැන් ඔලිව්තෙල්, ලුණු හා දෙහි ටික දාලා හොඳට කලවම් කරන්න.

 

 

 

4. Spanish Omelette

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ලියාගත් ළූණු ගෙඩි 1
  2. පෙති කපාගත් අලගෙඩි 3
  3. ඔලිව්තෙල් ටිකක්
  4. බිත්තර 6
  5. ලුණු හා ගම්මිරිස්කුඩු

 

 

  • අල හා ළූණු වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න. රන්වන්පාට වෙනකල් බැදුනම ලිපෙන් බාගන්න.
  • බිත්තර වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හොඳට විස්ක් කරගන්න. ඊළඟට මේකට බැදගත් ළූණු හා අල දාල කලවම් කරගෙන විනාඩි 20ක් විතර වහලා තියන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා මේ බැටර් එක දාලා වහල විනාඩි 5ක් වගේ තියන්න. එක පැත්තක් බැදුනම පරිස්සමට අනික් පැත්ත හරවලා බැදගන්න.

 

 

 

5. Fried Milk

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කෝන්ෆ්ලා කෝප්ප 1/2
  2. සීනි කෝප්ප 1/2
  3. කිරි කෝප්ප 2

 

තැවරුමට

 

  1. පාන්පිටි කෝප්ප 1/2
  2. සීනි මේස හැඳි 2
  3. වතුර කෝප්ප 1/2
  4. බිස්කට් කුඩු කෝප්ප 1

 

 

  • භාජනයකට කෝන්ෆ්ලා හා සීනි දාලා කලවම් කරගන්න. මේකට කිරි ටිකත් දාල කැට නැතිවෙනකල් විස්ක් කරලා අඩු ගින්දරේ ලිපේ තියාගන්න.
  • මේක තික් වෙනකල් අඩිය අල්ලන්න නොදී විස්ක් කරගන්න. හොඳටම තික් උනාම ලිපෙන් බාලා බටර් ගාගත් ට්‍රේ එකකට දාගන්න.
  • පැය 2ක් ෆ්‍රිජ් එකේ තියන්න. එළියට අරන් තරමක කෑලි කපාගන්න.
  • පාන්පිටි, සීනි හා වතුර දාලා උකු බැටර් එකක් හදාගන්න. හදාගත්තු කෑලි ටික මේ බැටර් එකේ දාලා බිස්කට් කුඩු තවරගන්න.
  • මේක විනාඩි 10ක් ෆ්‍රීසර් එකේ තියලා ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න.

 

 

 

6. Spanish Rice

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තෙල් ටිකක්
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  3. සෝදාගත් බාස්මතී හාල් කෝප්ප 2
  4. චොප්කරගත් රතු බෙල්පෙපර් ගෙඩි 1/2
  5. මිරිස්කුඩු තේ හැඳි 1
  6. සූදුරු කුඩු තේ හැඳි ½
  7. ගම්මිරිස් කුඩු ටිකක්
  8. වියළි ඔරිගානෝ තේ හැඳි 1/2
  9. ගාලික් පවුඩර් තේ හැන්දක්
  10. ලුණු ටිකක්
  11. ටොමැටෝ සෝස් කෝප්ප 1
  12. චිකන් බ්‍රොත්/ස්ටොක් කෝප්ප 2
  13. දෙහි බෑයක යුෂ
  14. කොත්තමල්ලි කොළ ටිකක්

 

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු හා බෙල්පෙපර් ටික දාගන්න. සොෆ්ට් වෙනකම් හොඳට තෙම්පරාදු කරගන්න.
  • ටිකකින් හාල් එකතු කරන්න. හාල් ටික රන්වන් පාටට බැදෙනකම් කලවම් කරමින් තෙම්පරාදු කරගන්න.
  • මේකට සෝස්, දෙහි, චිකන් බ්‍රොත්, සූදුරු, මිරිස්කුඩු, ඔරිගානො, ගම්මිරිස්කුඩු හා ලුණු ටික දාගන්න.
  • ගින්දර වැඩි කරල උතුරනකම් උයාගෙන, උතුරන කොට ගින්දර අඩුම කරන්න. පියනකින් වහලා විනාඩි 15-20 පිසගන්න.
  • ලිපෙන් ඉවත් කරල පියනෙන් වහලම විනාඩි 5-6ක් තියල කූරු ගාගන්න. චොප්කරගත් කොත්තමල්ලි කොළ උඩින් දාල රස්නෙන්ම පිළිගන්වන්න.

 

 

7. Classic Spanish Custard – Natillas

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කිරි කෝප්ප 3
  2. බිත්තර කහමද 4
  3. කුඩු කරගත් සීනි මේස හැඳි 4
  4. වැනිලා තේ හැඳි 1/4
  5. කෝන්ෆ්ලා මේස හැඳි 2 1/2
  6. කුරුඳුපොතු කූරක්
  7. ලෙමන් ගෙඩි 1/2ක පොත්ත
  8. ගානිෂ් කරන්න කුරුඳු කුඩු ටිකක්

 

 

 

  • කිරි කෝප්ප භාගයක් ඉතිරි කරන් ඉතිරි කිරි ටික භාජනයකට දාලා මද ගින්නේ ලිපේ තියන්න.
  • මේකට කුරුඳු පොතු කූර හා ලෙමන් පොත්ත දාගන්න. කිරි ටික උතුරන්න කලින් ලිපෙන් බාගන්න.
  • වෙන බෝල් එකකට බිත්තර ටික දාලා සීනි එකතු කරලා හොඳට පෙණ එනකල් විස්ක් කරගන්න.
  • ඉතුරු කරගත් කිරි ටිකට කෝන්ෆ්ලා ටික දාලා දියකරගන්න. මේක බිත්තර මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
  • දැන් රත් කරගත් කිරි මිශ්‍රණයෙ තියන කුරුඳු පොතු කූර හා ලෙමන් පොත්ත අයින් කරලා කෝන්ෆ්ලා සහ බිත්තර මිශ්‍රණයට එකතුකරන්න. ලිපේ තියලා වැනිලා එකතු කරගෙන තික් වෙනකල් විස්ක් කරන්න.
  • තික් වෙනකොට ලිපෙන් ඉවත් කරල යකඩ පෙරණයකින් පෙරාගන්න.
  • ඩෙසර්ට් කප්ස් වලට පෙරාගත් මිශ්‍රණය පුරවගෙන කාමර උෂ්ණත්වයේ නිවෙන්න ඇරලා නිවුණට පස්සෙ ක්ලින්ග් රැප් වලින් කවර් කරල ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න පැය දෙකක් විතර තියන්න. පිළිගන්වන්න කලින් උඩින් කුරුඳු කුඩු ටිකක් ඉහින්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *