සාමාන්‍යයෙන් සෙක්ස් කරන්නේ කොහේද කියන එක සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක්ගේ ඔළුව හැඩගැහිලා තියෙන්නේ, සෙක්ස් කරන්න ඕන ඇඳේ කියලනේ. හැබැයි එහෙම එකක් නෑ. අපි හැමදාම කියන දෙයක්නේ සෙක්ස් කියන්නේම ආට් එකක් කියලා. ආන්න එතකොට සෙක්ස් සම්බන්ධයෙන් සාම්ප්‍රදායිකව අපේ ඔළුවලට කාවැදිලා තියෙන අදහස්වලින් පොඩ්ඩක් එහාට ගිහින් බැලුවට කමක් නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට ඇඳේ, සෝෆා එකේ කරන සෙක්ස් වලින් එපිටට ගිහිල්ලා ගාර්ඩන් එකේත් සෙක්ස් කරන්න බැරිද? දැන් වරදවා වටහාගන්න එපා, මේ කියන්නේ ඕනම ගාර්ඩන් එකක නෙවෙයි. විශේෂයෙන්ම පොදු අවකාශයේ තියෙන ගාර්ඩන් එකක නෙවෙයි. මේ කියන්නේ තමන්ගේ පුද්ගලික ගාර්ඩන් එක හෙවත් ගෙවත්ත ගැන. ඉතින් එහෙම සෙක්ස් ලයිෆ් එකේ වෙනසක් අත්විඳලා බලන්න හිතෙනවා නම්, මේ ටිප්ස් ටික කියෝලා බලන්න.
1. සෙටප් එක කොහොමද?
ගාර්ඩන් එකේ සෙක්ස් කරන්න යනවා කියන්නේ ඉතින් රටේ ලෝකේ මිනිස්සුන්ට ෆ්‍රී ෂෝ එකක් දෙනවා කියන එක නෙවෙයිනේ. ආන්න ඒ නිසා මුලින්ම හිතලා බලන්න ඕන ආරක්ෂාව කොහොමද කියලා. මොකද, අපි ලංකාවේ මට්ටමෙන් හිතනවා නම්, මේ වගේ දේකදී තමන් සෙක්ස් කරනවා අනික් අය දැක්කොත් තමන්ට වෙන්න පුළුවන් බලපෑම ගැන වගේම, ඒක අනික් අයටත් ප්‍රශ්නයක් විය හැකි නොවේද කියන කාරණය ගැනත් හිතන්න ඕන. සෙක්ස් කරන්නේ තමන්ගේ වත්තේ වෙන්න පුළුවන්. හැබැයි ඒක අල්ලපු ගෙදර උඩ තට්ටුවේ ඉන්න පොඩි එකාට ෂෝ එකක් වෙනවා නම් ඒක ගැටළුවක්. ඒ ඇරෙන්න, ඔය වගේ දෙයක් තව පාර්ශවයක් දකිනවා කියන්නෙම, ඒක ඉන්ටර්නෙට් එකේ නවතින්නත් ඉඩක් තියෙනවා කියන එක අමතක කරන්න බෑ. අන්න ඒ නිසා කරුණාකරලා තමන්ට සෙක්ස් කරන්න පුළුවන් ගාර්ඩන් සෙටප් එකක් තියෙනවද, ඒක කොයි තරම් ආරක්ෂාකාරීද කියන එක මුලින්ම තක්සේරු කරලා බලන්න ඕන.
බැරිවෙලාවත් තමන්ට එහෙම ආරක්ෂාකාරී සෙටප් එකක් නැතිනම්, කරුණාකරලා වැඩේ අතඇරලා දාන්න. ඒ වෙනුවට වෙනත් අවුට්ඩෝර් සෙක්ස් සෙටප් එකක් අපි තෝරගමු. ඒ ගැන අපි ඉදිරි ආටිකල් එකකින් කියන්නම්.
2. වනසිවුපාවුන්
ගෙවත්තක් වගේ එළිමහනක සෙක්ස් කරනවා නම් අනිවාර්යයෙන්ම සතා සරුපයාගෙන් වෙන්න පුළුවන් හානි සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕන. හරි, ගෙවත්තක ඉන්න පුළුවන් හානිකර සත්තු මොක්කුන්ද? අනිවාර්යයෙන්ම පළවෙනි තැන එන්නේ සර්පයන්ට. මේ සර්පයෝ කියන්නේ නයි පොළොංගු වෙන්න ඕන නෑ. මඳ විෂක් තියෙන පුංචි සර්පයෝ පවා ඔය ගල් අස්සේ, ගස් ගොල්ලවල් අස්සේ, බෙන අස්සේ ඉන්නවා. උන් අපිට දෂ්ට කරන්න ඕන කියලා හිටියේ නැති වුණත්, අපේ ක්‍රියාකාරකම් නිසා ඒ අයට අනතුරක් දැනුනොත් බය වෙලා අනිවාර්යයෙන්ම දෂ්ට කරන්න පුළුවන්. එතකොට ඔය පත්තෑයෝ, විස තියෙන මකුළුවෝ, ගෝනුස්සෝ වගේ සත්තු ගැනත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අන්න ඒ නිසා තමන්ට තියෙන්නේ හොඳින් පවත්වාගෙන යන ගෙවත්තක් නෙවෙයි නම් සෙක්ස් කරන්න තෝරගන්න තැන ගැන එක පාරක් නෙවෙයි, කීප පාරක් හිතන්න. එතන පිරිසිදු කරලා ගත්තත් කමක් නෑ. හොඳින් පවත්වාගෙන යන ගාර්ඩන් එකක් නම් එහෙම බය වෙන්න දෙයක් නෑ. ඒත් ඉතින් ලොකේෂන් එක ඩබල් චෙක් පාරක් දාලා ඉන්න එකෙන් නරකක් වෙන්නෙ නෑ.
3. කාලගුණේ
ගාර්ඩන් එකේ සෙක්ස් කරන්න කාලගුණේ ප්‍රශ්නයක්ද? ඒක ඉතින් තීරණය වෙන්නේ තමන්ට අවශ්‍ය මොකද්ද කියන එක මත තමයි. මෙතනදී අවශ්‍ය දේ තේරුම් ගැනීම කියන්නේ තමන්ට වැස්සක් වැස්සත් අර හින්දි ෆිල්ම් එකක වගේ වැස්සේ සෙක්ස් කරන්න ඕකේද කියන එක තමයි. එහෙම ගැටළුවක් නැතිනම් ගාර්ඩන් එකේ සෙක්ස් කරන්න ඉන්න වෙලාවට වැස්සට කිසිම අවුලක් නෑ. හැබැයි එහෙම බැරිනම් කාලගුණ අනාවැකි කලින්ම කියවලා කරලා ගාර්ඩන් සෙක්ස් වලට ලැහැස්ති වෙන එක හොඳයි. ඒ වගේම සමහර වෙලාවට ඔය දැඩි සුළං, කුණාටු, අකුණු සහ ගිගුරුම් සහිත වැසි වගේ බොහොම තදබල කාලගුණ වෙනස්කම් තියෙන වෙලාවන්ට නම් එළිමහනේ සෙක්ස් කරන්න නොහිතන එක තමයි හොඳ!
4. ඇත්තටම ගාර්ඩන් එකේ කොහේද?
ගාර්ඩන් සෙක්ස් කිව්වහම ගොඩක් දෙනෙක්ට ඔළුවට එන්නේ එක්කෝ බිම, එහෙම නැතිනම් ඔය ගහකට හේත්තු වෙලා සෙක්ස් කරනවා කියන අයිඩියා එකනේ. හැබැයි ඉතින් ඇත්තටම ගෙවත්තේ කොහෙද සෙක්ස් කරන්නේ කියන කාරණාව පදනම් වෙන්නේ තමන්ගේ ලොකේෂන් එකත් අනුව. මූලිකවම අර අනික් අයගේ ඇස් වලින් වසන් වෙලා තියෙන්නේ මොන ඒරියා එකද කියන කාරණාව හිතන්න ඕන. අන්න ඒ අවුල නැතිනම් අපිට ගෙවත්තේ තියෙන ගල් බංකුවක්, ගස් මුලක්, පූල් එක අයින, පූල් එක අයිනේ තියෙන වැතිරෙනන් පුළුවන් පුටුවක් වගේ ඕනම තැනක් සෙක්ස් කරන්න තෝරගන්න පුළුවන්. ඕන නම් ගහේ එල්ලපු ඔංචිල්ලාවක් වුණත් සෙක්ස් කරන්න අයිඩියල්. හැබැයි ඉතින් ඒක ගොඩදාගන්නේ කොයි වගේ පොසිෂන් එකකින්ද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න ඕන. ඒ වගේම, ගෙවත්තේ එළිමහනේ බැඳපු අර එල්ලෙන පැද්දෙන හැමොක් එකක එහෙමත් සෙක්ස් කරන්න පුළුවන්. ඒක වෙනම ආතල් එකක් වෙන එකක් නැද්ද හා? ඕන නම් ඒ වැඩේටම ගෙවත්තේ හැමොක් එකක් බඳින්නත් පුළුවන්!
5. අවශ්‍ය දේවලුත් තියෙනවා
ගාර්ඩන් එකේ සෙක්ස් කරන්න යනවා නම් ඕන කරන ජාති තියෙනවද? ඇත්තටම ඔව්. උදාහරණයක් විදියට ගත්තොත්, ගෙවත්තේ තියෙන නිකම්ම බොරළු අතුරපු කෑල්ලක පස්ස පැත්තේ බොරළු ඇනි ඇනී සෙක්ස් කරන්න බැහැනේ. එතකොට බිමට දාන්න ඝනකම බ්ලැන්කට් එකක් ඕන. එතකොට තණකොළ ගොල්ලේ වගේ සෙක්ස් කරනවා නම්, ඒත් බිමට දාන්න රෙද්දක් හරි ඒ වගේ වෙන මොකක් හරි හරි ඕන. එතනින් එහාට ඉතින් තමන්ගේ අවශ්‍යතාවයන් අනුව කොහොම සෙක්ස් කළත් අවශ්‍ය දේවල් තමයි ඕන වෙන්නේ. ඒ කියන්නේ ක්‍රීම්, ලුබ්‍රිකන්ට්, කොන්ඩම්, සෙක්ස් ටෝයිස් වගේ එක එක එව්වා.
6. පොසිෂන්
ගාර්ඩන් සෙක්ස් කරනකොට බිම රෙද්දක් එළලා නැතිනම් බ්ලැන්කට් එකක් එළලා වැඩේ කරනවා නම්, තමන්ගේ පොසිෂන් ගැන ඒ තරම් ලොකුවට ගැටළුවක් කරගන්න අවශ්‍ය නැහැ. හැබැයි තණකොළ ගොල්ලේ එළපු රෙද්දක් උඩ සෙක්ස් කරනකොට තමන් දණ බිම ඇණගෙන වාරු අරන් මහන්සි වෙන පොසිෂන් එකක ගොඩක් වෙලා අල්ලගෙන ඉන්න බැරිවෙයි. මොකද, රළු පොළවේ දණ ගහගෙන චලනය වෙන එක සෙල්ලමක් නොවෙන නිසා. ඉතින් කොහොම ගත්තත් ගාර්ඩන් සෙක්ස් ගත්තහම ටිකක් වෙනස් විදියේ පොසිෂන් ගැන හිතන්න සිද්ධ වෙයි, හා නැද්ද? ඒක ඉතින් ගෙවත්තේ කොතනද සෙක්ස් කරන්නේ කියන කාරණාව අනුව තමයි. කොහොමත් ඩොගී ස්ටයිල් එහෙම නම් කිසි කරදරයක් නැතුව කරගන්න පුළුවන් වෙයි. එතකොට හිටගෙන ඉස්සරහින් සෙක්ස් කරන පොසිෂන් වගේම, හිටගෙන පිටිපස්සෙන් සෙක්ස් කරන පොසිෂන් එහෙමත් වඩාත් ඵලදායී වෙන්න පුළුවන් ගෙවත්තේ සෙක්ස් කරනකොට.
7. අනතුරු අවම කරගන්න
අපිට අවදානම ඉතාම අඩුවෙන් සෙක්ස් කරන්න පුළුවන් සාලේ සෝෆා එකක, කාමරේ ඇඳක වගේ තැනක ඇරුණහම, කොහේ සෙක්ස් කළත් යම් යම් අවදානම් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපි ෂවර් සෙක්ස් ගැන ආටිකල් එකේදී අවධාරණය කරපු දෙයක් තමයි ලිස්සන අවදානම් අවම කරගන්න ඕන කියන එක. හැබැයි ගෙවත්තේ තියෙන්නේ වෙනස් විදියේ අවදානම්. එකක් තමයි අපි උඩින් කියලා තියෙන සතාසරුපයාගෙන් වෙන්න පුළුවන් අවදානම. ඊලඟට ඔය බෙන්ච් එකක, ට්‍රී හවුස් එකක වගේ තැනක් ගාර්ඩන් සෙක්ස් කරන්න තෝරගත්තා කියලා ඒ හැටි අවදානමක් නැහැ. එකම දේ ඒවල සවිශක්තිය එහෙම කොහොමද කියලා කලින් පරීක්ෂා කරලා බලන එක වැදගත්.
හැබැයි ගාර්ඩන් සෙක්ස් වල ගොඩක් දෙනෙක් හිතන්නේ නැති මෙහෙම අවදානමක් තියෙන්න පුළුවන්. ඒ තමයි හීරෙන්න, තුවාල වෙන්න තියෙන අවදානම. මොකද, ගෙවත්ත කියන්නේ ගල්, බොරළු, කෝටු කෑලි වගේ රළු ජාති අනං මනං තියෙන තැනක්. අන්න එතකොට අපිටත් නොදැනී අපේ හම හීරෙන්න එහෙම තියෙන ඉඩ වැඩියි. උදාහරණයක් විදියට ගත්තොත්, සම්පූර්ණ නිරුවතින් ගෙවත්තේ ගහකට පිට දීලා සෙක්ස් කරනකොට කොහොමද ආතල් එක? ආන්න ඒ නිසා ඒවා ගැනත් සවිඥාණික වෙන්න වෙනවා.
දැන් ඔය කරුණු කාරණා සේරම හිතලා බලලා ගෙදර වත්තට ගිහින් සෙක්ස් කරන එක ඇත්තටම වටිනවද? ඒකට අපේ උත්තරේ සරලයි. ෂුවර් එකටම වටිනවා. වෙනම තෘප්තියක් ලැබෙන වෙනස් දෙයක් වෙයි ඒක!!
Leave a Reply