අපි අද මේ ආටිකල් එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාව මේ වෙනකොට ජනප්‍රිය තලයේ ඉන්න ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් පිළිබඳව. මෙතනදී අපි මේ තෝරා ගැනීම සඳහා භාවිතා කළේ සමාජ මාධ්‍ය ජාලා ඇතුළේ මේ අය කොතරම් දුරට ජනප්‍රියද කියන සාධකයයි.
1. ධම්මික පෙරේරා
අද මේ වෙද්දී එක් පරම්පරාවක සිහිනය වෙලා තියෙන්නෙ ධම්මික පෙරේරා වගේ ගොඩයන්න. ඔහු මේ වෙනකොට හුදු ව්‍යාපාරිකයෙකුට පමණක් සීමා නොවී රටේ ආකල්ප වෙනස් කිරීම පිළිබඳව නිරන්තරයෙන් අදහස් දක්වනවා. ඒ වගේම DP Education වැනි නාලිකාවක් හරහා රටේම දරුවන්ට සම අධ්‍යාපන අවස්ථා සැලසීම සඳහා මූලිකත්වය අරගෙන තියනවා. කොටස් වෙළඳපළ ගනුදෙනු හරහා ඔහු ලංකාවේ අංක එකේ ධනවතෙක් වීම දක්වා පැමිණි ගමන අතිශයින්ම විශ්මයජනකයි.
2. නිමල් පෙරේරා
ධම්මික පෙරේරා එක්ක කාලයක් තිස්සේ කියවුණු නමක් වුණේ නිමල් පෙරේරා කියන නමයි. වර්තමානය වෙද්දි ඔහු මෙරට ප්‍රධාන පෙළේ සමාගම් රැසකම මුදල් ආයෝජනය කර අැති ප්‍රධාන පෙළේ ආයෝජකයෙක්. මීට වසරකට පමණ පෙර ඔහුත් ධම්මික පෙරේරාත් අතර මිතුදම පළුදු වුණා කියලා ආරංචියක් ආවා වුණත් කිසිදු පාර්ශවයක් ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණේ නැහැ. කොහොම වුණත් මේ සුසංයෝගය හරහා දෙදෙනාම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වුණා කිව්වොත් වැරැද්දක් නැහැ. වර්තමානයේදී නිමල් පෙරේරා තම Linkedin ගිණුම හරහා ආයෝජකයන් සහ අනාගත පරම්පරාව දිරිගැන්වීම සිදු කරනු ලබනවා.
3. ආරියශීල වික්‍රමනායක
ආරියශීල වික්‍රමනායක කියන්නේ හුදු ව්‍යාපාරිකයෙක් පමණක්ම නොවෙයි. තමන්ගේම දර්ශනයක් අනුව ලංකාවේ අනාගතය වෙනස් කිරීමට හීන දකින්නෙක්. විශේෂයෙන්ම ලංකාව ආහාර සඳහා විදේශ වලට වැය කරන මුදල ඉතිරි කිරීම මගින් ලංකාව වෙනස් කළ හැකි ආකාරය පිළිබඳව ඔහු නිතර කතා කරනවා. එතැනින් නොනැවතුණු ඔහු පැලවත්ත වැනි සමාගම් හරහා ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉෂ්ට සිද්ධ කර කරනවා.
4. ඉෂාර නානායක්කාර
කාලයක් ලංකාවේ අංක එකේ ධනවතා වෙලා හිටපු ධම්මික පෙරේරාගේ තැන මීට වසරකට පමණ පෙර තමන් වෙතට ලබා ගැනීමට ඉෂාර නානායක්කාර සමත්වුණා. කාම්බෝජයේ ආරම්භ කර තිබූ තමන්ගේ මූල්‍ය සමාගමක් කොරියානු බැංකුවකට විකිණීමෙන් අනතුරුව ලද අති දැවැන්ත මුදල් ප්‍රමාණය නිසායි ඔහු එම තැන ලබාගත්තේ. වර්තමානයේ දී ඔහු LOLC ඇතුළු සමාගම් ගණනාවක සභාපති ධූරය දරනු ලබනවා.
5. නන්දන ලොකුවිතාන
ඈත රජරට ප්‍රදේශයේ ඉපදිලා ලංකාවේ ව්‍යාපාර ලෝකයෙන් පමණක් නොනැවතී ඩුබායි රාජ්‍යය තුළ පවා සාර්ථක වෙන්න නන්දන ලොකුවිතානට හැකියාව ලැබුණා. වර්තමානය වෙද්දී ඔහු ඉදිකිරීම්, හෝටල් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්වල පැතිරුණු ව්‍යාපාර රැසකට හිමිකම් කියනවා. ඔහුගේ මේ විස්මයජනක සාර්ථකත්වය නිසාම ඇතැම් පාර්ශ්ව දේශපාලන වශයෙන් ඔහුට චෝදනා එල්ල කිරීමට උත්සාහ කළා. නමුත් අවසානයේදී එම චෝදනා එල්ල කළ පාර්ශව පවා ඔහුගේ විවිධ ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමේ අවස්ථා සඳහා සහභාගී වුණේ ඒ සියළු චෝදනා පුස්සක් බවට පත් කරමින්.
6. ඩඩ්ලි සිරිසේන
අද වෙනකොට අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේනට සමාජ මාධ්‍ය ජාලා හරහා ගල් වගේම මලුත් එල්ල වෙනවා. නමුත් ඔහු මේ සියළු පැසසුම් සහ ගැරහුම් වලට පිළිතුරු දෙන ආකාරය අතිශයින්ම අගය කළ යුතුයි. සෑම විටම තමන් පැමිණියේ දුෂ්කර මාවතක බව පවසන්න ඔහු අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුළින් අධ්‍යාපනයෙන් තේරුමක් නෑ සල්ලි හම්බ කරන්න වැඩ කරන්න ඕන කියන මතයක් සමාජගත වෙමින් පවතිනවා. නමුත් ඩඩ්ලි සිරිසේන නිතර නිතර පවසන්නේ තමන් යම් අධ්‍යාපනයක් ලබා සිටියා නම් මීටත් වඩා තැනකට තමන්ට යා හැකිව තිබූ බවයි. ඩඩ්ලි සිරිසේනගේ මේ දැනුවත් කිරීම අද හෙටම සල්ලිකාරයෙක් වෙන්න හදන ඔන්ලයින් පරම්පරාවට හොඳ ආදර්ශයක්.
7. හින්නි අප්පුහාමි
මෙතුමා මිය ගිහිල්ලා දශක කීපයක් ගත වෙලා තිබ්බත් මෙතුමාගේ ජීවිත කතාව සමාජ මාධ්‍ය ජාලා ඇතුළේ නිතර නිතර සංසරණය වෙනවා. ගාල්ල අක්මීමන ප්‍රදේශයේ දිළිඳු පවුලක උපත ලැබූ එතුමා කරත්තයක් පසුපස කොළඹට ඇවිල්ලා කොළඹ පළවෙනි හරස් වීදියේ පුංචි තේ කඩයකින් තමන්ගේ ගමන ආරම්භ කරනවා. කෙමෙන් කෙමෙන් තමන්ගේ ව්‍යාපාරික කටයුතු දියුණු කරගන්න එතුමා අවසානයේදී තම ව්‍යාපාරය වන මැලිබන් ලංකාවට පමණක් සීමා නොවුණු ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්කර ගන්න සමත් වෙනවා.
එහෙම නම් ඉතින් මේ ව්‍යාපාරිකයෝ ගැන ඔබටත් දක්වන්න අදහස් ගොඩක් ඇති. ඒ සඳහා අපි ඔබ වෙනුවෙන් කමෙන්ට් තීරුව විවෘත කරලා තියනවා. අදහස් දැක්වීමෙන් පස්සේ මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply