සෙක්ස් සම්බන්ධ ආටිකල් එකක් ලියනකොට අපි හැමදාම කියන දෙයක් තමයි සෙක්ස් කියන්නෙ ආට් එකක් කියන එක. ඒ කියන්නේ දරුවෝ හදන්න විතරක් කියන පරමාර්ථයෙන් සෙක්ස් කිරීම නෙවෙයි. සතුටක් ලබාගන්න සෙක්ස් කිරීම. ඒක වෙනම කාරණයක්. ඒක ආට් එකක් වෙලා තියෙන්නේ දැන් වෙනකොට. ආන්න එතනදී තමයි සෙක්ස් ටෝයිස් වගේ දේවල් අදාළ වෙන්නේ. හැබැයි ඉතින් සෙක්ස් ටෝයිස් ගත්තට විතරක් මදි. හරි විදියට ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියන එකත් දැනගෙන ඉන්න ඕන. ආන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ.
1. සෙක්ස් ටෝයිස් කිව්වහම මොනවද අයිති වෙන්නේ?
සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ට සෙක්ස් ටෝයිස් කියපු ගමන් මතක් වෙන්නේ එක්කෝ ඩිල්ඩෝ එකක්, එහෙම නැතිනම් වයිබ්‍රේටර් එකක්. ඔය දෙක තමයි. හැබැයි ඇත්තටම සෙක්ස් ටෝයිස් විකුණන කඩේකට ගිහින් බැලුවොත් තේරෙයි ඔය දෙක නං මොනාද අයියෝ කියලා. ලංකාවෙ එහෙම කඩ නෑනේ. ඒ නිසා ලංකාවේ ඔන්ලයින් සෙක්ස් ටෝයිස් විකුණන තැනකට ඉන්ටර්නෙට් එකෙන් ගිහින් බලන්න, මොනවද සෙක්ස් ටෝයිස් කියලා තියෙන්නේ කියලා. උදාහරණයක් විදියට කිවුවොත්, ඩිල්ඩෝස් වුණත් එක එක ජාතියෙන්, එක එක පාටවලින්, එක එක හැඩයන්ගෙන් දැකගන්න පුළුවන් වෙයි. එතකොට වයිබ්‍රේටර්ස් වුණත් එක එක විදියට හදපු ඒවා දකින්න ලැබෙයි. ආයෙ ඇඟිල්ලට දාගෙන ක්‍රියාත්මක කරවන්න පුළුවන් වයිබ්‍රේටර්ස් වුණත් තියෙනවා. ඒ ඇරෙන්න බට් ප්ලග්ස්, ඇනල් බීඩ්ස්, කොක් රින්ග්ස් වගේ එව්වත් තියෙනවා.
ඒ විතරක් නෙවෙයි, ඔය ටෝයි හෑන්ඩ් කෆ්ස්, නිපල් ක්ලෑම්ප්ස්, බූටි විප්ස්, ස්පෑන්කින් ටූල්ස්, පැඩ්ල්ස් වගේ හැම දෙයක්ම අයිති වෙන්නෙත් සෙක්ස් ටෝයිස් ගණයට කියන්න පුළුවන්. හැබැයි ඉතින් මේවා සමහරු සෙක්ස් ටෝයිස් විදියට නැතුව සෙක්ස් ඇක්සසරීස් විදියටත් ගණන් ගන්න පුළුවන්.
2. තනියම සීන් විතරයිද?
ඇත්තටම සෙක්ස් ටෝයිස් අවශ්‍ය වෙන්නේ තනියම ගන්න ආතල් එකකට විතරයි කියන මනෝභාවය ඇතිවෙලා තියෙන්නෙම අර සෙක්ස් ටෝයිස් කියන්නේ ඩිල්ඩෝ සහ වයිබ්‍රේටර් විතරයි කියන අදහසත් එක්ක තමයි. ඒත් ඒක නෙවෙයි ඇත්ත. සෙක්ස් ටෝයිස් ඕන නම් තනියම පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ ඇරෙන්න දෙන්නා එක්කත් පුළුවන්. තුන්දෙනෙක් හතරදෙනෙක් නම් එහෙමත් පුළුවන්. අදහස වෙන්නේ, එහෙම සීමා මායිම් දාගන්න අවශ්‍ය නැහැ කියන එක තමයි. උදාහරණයක් ගමු. සාමාන්‍යයෙන් වයිබ්‍රේටර් එකක් පාවිච්චි කරන්නේ කාන්තාවකට ස්වයං වින්දනයේ යෙදෙන්නනේ. හැබැයි හස්බන්ඩ් සහ වයිෆ් සෙක්ස් කරනකොට, හස්බන්ඩ්ට බැරිද වයිබ්‍රේටර් එකෙන් වයිෆ්ට උත්තේජනයක් ලබාදෙන්න? ආන්න ඒක තමයි අපි කියන්නේ. නිර්මාණශීලී වෙන්නත් ඕන ඉතින් සෙක්ස් ටෝයිස් එක්ක. ඒ ගැන තව ඉස්සරහදී කියනවා.
3. සෙක්ස් ටෝයිස් ගන්න එකේ ෆන් එක
ලංකාවේ සෙක්ස් ටෝයිස් ගන්න අමුතුවෙන් කඩ නැහැ කියලා අපි කිවුවා. හැබැයි ඔන්ලයින් කඩ තියෙනවා. එතකොට සෙක්ස් ටෝයිස් ඕඩර් කරන්න ඕන හොර රහසෙන්ද? අපි නම් කියන්නේ ඊට වඩා ආතල් දෙන්නත් එක්ක සෙක්ස් ටෝයිස් ඕඩර් කරන එක. ඒ කියන්නේ දෙන්නත් එක්ක සෙක්ස් කරන්න ලැහැස්ති වෙලා, දෙන්නත් එක්ක ඔන්ලයින් ගිහින් තමන්ට ඕනැයි කියලා හිතෙන සෙක්ස් ටෝයිස් තෝරනවා. එතකොට සමහර වෙලාවට එකිනෙකා නොදන්න දෙන්නගේ ෆැන්ටසීස් එහෙමත් එලියට එන්න පුළුවන්. ඒ වගේම එහෙම තෝරනකොට අර බලාපොරොත්තුවත් එක්ක එන ත්‍රිල් එකත් මාරයි.
4. අම්මෝ මෙව්වා බීඩීඑස්එම් නේද?
මෙන්න සෙක්ස් ටෝයිස් වලට ගොඩක් දෙනෙක් බය කාරණයක්. ටෝයි හෑන්ඩ් කෆ්ස්, නිපල් ක්ලෑම්ප්ස්, බූටි විප්ස්, ස්පෑන්කින් ටූල්ස්, පැඩ්ල්ස් වගේ දේවල් එක්ක තමයි මේ බය ගොඩක් වෙලාවට එන්නේ. ඒකට හේතුව, බීඩීඑස්එම් කියන වචනේ ගැන හරි දැනුමක් නැති එක තමයි. හරි, බීඩීඑස්එම් ගැන පැත්තකින් තියන්නකෝ. මෙහෙම හිතලා බලන්න. ස්පෑන්කින් ටූල් එකකින්, පැඩ්ල් එකකින්, බූටි විප් එකකින් පස්සට සාමාන්‍ය පාරක් ගැහුවා කියලා රිදෙන්නෙ කාටද? ඒක ඇත්තටම තව උත්තේජනයක් නෙවෙයිද සෙක්ස් කරනකොට? එතකොට නිපල් ක්ලෑම්ප්ස් එහෙම වුණත් නිර්මාණය කරලා තියෙන්නේ එහෙම අසීරු වේදනාවක් එන විදියට නෙවෙයි. ඉතින් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න බැරිද? මේවා තමන්ගේ සෙක්ස් ලයිෆ් එක රසගන්වා ගන්න පාවිච්චි කරන ටූල්ස් විදියට නැතුව, බීඩීඑස්එම් වගේ එව්වා ඔළුවේ තියාගෙන කලින්ම බය වෙන එක තමයි අවුල. එහෙම නැතුව ට්‍රයි කරලා බැලුවහම ප්‍රශ්නේ ඉවරයිනේ.
හැබැයි එකක්. මේ හැම දෙයක්ම වෙන්න ඕන දෙන්නගේම කැමැත්ත ඇතුව. එක්කෙනෙක් අකමැත්තෙන් මේ මොකක් හරි දෙයක් වෙනවා නම්, ඒක ප්‍රශ්නයක්.
5. අළුත් අලුත් ක්‍රම
අපි කලින් ආටිකල් වලත් කියලා තියෙන දෙයක් තමයි, සෙක්ස් කරනකොට නිර්මාණශීලී වෙන්න කියන එක. එතකොට මේ ආටිකල් එකෙත් සඳහන් කළා, සෙක්ස් ටෝයිස් පාවිච්චි කරනකොට නිර්මාණශීලී වෙන්න කියලා. ඒ කියන්නේ මෙහෙමයි. කෙනෙක් හිතන්න පුළුවන් තමන්ට හස්බන්ඩ් ඉන්නකොට ඩිල්ඩෝ එකක් මොකටද කියලා. හස්බන්ඩ්ට සමහර වෙලාවට පොඩි හීනමානයක් ඇතිවෙන්නත් පුළුවන්, තමන්ගේ පුරුෂ ලිංගයට වඩා ලොකු සයිස් ඩිල්ඩෝ එකක් ගන්නේ මොකටද කියලා. ඇත්තටම මේවා සෙක්ස් සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ ඔළුවල තියෙන වැරදි මත. තමන්ගේ පුරුෂ ලිංගයේ සයිස් එක ගැන හිතන්නේ නැතුව ඒක පාවිච්චි කරන විදිය ගැන හිතන මනුස්සයෙක්ට කවදාවත් වයිෆ් ලොකු ඩිල්ඩෝ එකක් ගන්න එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ වගේම, හස්බන්ඩ් ඉන්නකොට ඩිල්ඩෝ එකක් මොකටද කියන ප්‍රශ්නේ එන්නෙත් නැහැ. වයිෆ් සමහර විට කැමති වෙන්න පුළුවන් හස්බන්ඩ් එක්ක සෙක්ස් කරන අතරේම ඩිල්ඩෝ එකත් මොන යම් විදියකට හරි පාවිච්චි කරන්න. ඕන නම් හස්බන්ඩ්ටම ඩිල්ඩෝ එකත් වයිෆ් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්.
එතකොට තව උදාහරණයක් ගත්තොත්, බූටි විප් එකකින් බූටි ස්පෑන්කින් විතරද කරන්න පුළුවන්? ඇයි පියයුරු වලට ස්පෑන්ක් කරන්න බැරිවෙයිද ඒකෙන්? එතකොට කිතිකවන්න, සොෆ්ට් ටෝයි එකක් විදියට විප් එක පාවිච්චි කරන්න බැරිද?
6. මික්ස් ඉට් අප්
ඇත්තටම ගොඩක් පිරිමි අයගේ ඔළුවල තියෙන ස්ටීරියෝටයිප් තියෙනවා. උදාහරණ ගත්තොත්, තමන්ගේ වයිෆ් එක්ක ගුද සංසර්ගයේ යෙදෙන්න ආස පිරිමියෙක් වුණත්, තමන්ගේ ගුදයට දෙයක් ලං වුණත් බය වෙනවා. හැබැයි ඉතින් එහෙම දෙයක් කළා කියලා තමන්ගේ පිරිමි කම නැතිවෙන්නෙ නෑ. ඉතින් වයිෆ් බට් ප්ලග් එකක් පාවිච්චි කරනවා නම්, පිරිමියාටත් බට් ප්ලග් එකක් පාවිච්චි කරන්න බැරි ඇයි? ඒ වගේම තව උදාහරණයක් ගමු. නිප්ල් ක්ලෑම්ප්ස්. ඇත්තටම ඒවා ගැලපෙන්නේ ගැහැණියගේ පියයුරු තුඩු වලට විතරද? ඇයි පිරිමියාගේ නිපල්ස් වලට ඒවා හරියන්නෙ නැද්ද? ආන්න ඒ නිසා, සෙක්ස් ටෝයිස් එක්ක සතුටු වෙනකොට මේ ගැහැණු සහ පිරිමි කියන භේදයෙන් අත්මිදෙන්න කියලා තමයි අපි මේ කියන්නේ. නිර්මාණශීලී විදියට පොඩ්ඩක් මික්ස් කරලා විනෝද වෙන්න කියලා තමයි මේ කියන්නේ.
7. පිරිසිදු කරන්නේ මෙහෙමයි
දැන් ඔය අපි කියලා තියෙන විදියට සෙක්ස් ටෝයිස් එක්ක උපරිමයෙන් සතුටු වෙන්න පුළුවන්. හැබැයි එතනින් පස්සේ ඒවා හරි හැටි පිරිසිදු කරලා තියන්නත් ඕන. කම්මැලි කමට ඔහේ සෙක්ස් ටෝයිස් අතන මෙතන දාලා තියලා, පස්සේ ආයෙමත් එහෙමම පාවිච්චි කරන්න ගන්නවා කියන්නේ කේස්. මොකද මේවා අපි අපේ ශරීරත් එක්ක පාවිච්චි කරන දේවල්නේ. ආන්න ඒ නිසා පිරිසිදුකම තියෙන්නම ඕන.
දැන් සෙක්ස් ටෝයිස් පිරිසිදු කරනකොට ඒවල මැටීරියල් එක මොකද්ද කියන එකත් වැදගත්. උදාහරණයක් විදියට ගත්තොත්, ABS ප්ලාස්ටික් වලින් හදපු සෙක්ස් ටෝයි එකක් නම් ටිකක් උණුසුම් ජලයෙන් සෝදන්න පුළුවන් සබන් යොදලා. එතකොට ඔය කොට්න් වගේ රෙදි වලින් හදපු අනං මනං සෝදන්න සීතල ජලය සහ සබන් හොඳයි. ක්‍රිස්ටල් වලින්, විවිධ පාෂාණ වලින් හරි ලී වලින් හරි හදපු දෙයක් නම් ඒත් උණුසුම් ජලය සහ සබන් පාවිච්චි කරලා හෝදන්න පුලුවන්. වීදුරු, සිලිකන්, පයිරෙක්ස්, මළ නොබඳින වානේ වලින් හදපු එව්වා පිරිසිදු කරනකොට නටන වතුරෙන් හෝදලා ගන්න එක හොඳයි. හැබැයි ඒවල මෝටර් යාන්ත්‍රණයක් තියෙන කෑලි තියෙනවා නම්, ඒවා මද උණුසුම් ජලයෙන් තමයි හෝදන්න ඕන. ජෙලි රබර්, ලේටෙක්ස් වගේ ඒවා සාමාන්‍ය වතුරෙන් සහ සබන් පොඟවපු රෙදි කෑල්ලකින් හෝදන්න පුළුවන්. පීවීසී හෝ විනිල් වලින් හදපු ඒවා උණුසුම් වතුරෙන් සහ සබන් පොඟවපු රෙදි කෑල්ලකින් හෝදන්න පුළුවන්.
දැන් එතකොට පැහැදිලි වෙන්න ඕන, තමන්ගේ සෙක්ස් ටෝයිස් හදලා තියෙන්නේ මොනවැයින්ද කියන එකත් මුලින් දැනගන්න ඕන කියන එක. ඒක නම් ඉතින් අමාරු දෙයක් නෙවෙයි.
හරි විදියට සෙක්ස් ටෝයිස් පාවිච්චි කරන්න ඉගෙන ගත්තට විතරක් මදි. ඒවා ගන්න තියෙනවද? ඇත්තටම ඔය ඇමරිකාවේ වගේ සෙක්ස් ටෝයිස් එහෙම ගන්න වෙනම ෂොප් ලංකාවේ නැහැනේ. හැබැයි ඉතින් ගෙන්න ගන්න තැන් හොයාගන්න පුළුවන් ඔන්ලයින් සර්ච් පාරක් දැම්මා නම්.
Leave a Reply