පොල් කියන්නේ කප්රුක කියලා හඳුන්වනවා. දැන් පොල් ගෙඩිය, පොල් මදය කියන දෙයින් එහාට පොල් ගසේ සෑම සියළු කොටසක්ම ජාත්‍යන්තර අවධානය අරගෙන තියෙනවා. මැදපෙරදිග කාන්තාර බිම් වල වගා කරන අය පොල් ලෙලි මාධ්‍යයට ලොල් නිසා දැන් පොල් ලෙලි වලටත් හොඳ මිලක් ලැබෙනවා. ඉතින් පොල් ගැන කියද්දි ආහාරමය පැත්තෙන් වැදගත් වෙන පොල් නිෂ්පාදන කීපයක් ගැන අපි බලමු.
1. පොල් වතුර
පොල් වතුර පානය කිරීම දැන් බටහිරත් ජනප්‍රිය දෙයක් වෙලා. කාබනික බීම ජාති සහ වෙනත් චොකලට් සහ කිරි බීම වෙනුවට පොල් වතුර බොන එක හොඳයි කියලා තමයි සමහර අය විශ්වාස කරන්නේ. එයින් අපිට බොන්න ලැබෙන තැඹිලි කියන්නේ විශේෂ පානයක්. තැඹිලි වතුර පොල් වතුර වලට වඩා ප්‍රණීත රසයක් තියෙනවා. ඉතින් මේ ලපටි පොල් වතුර සහ කුරුම්බා ලබාගන්නම තායිලන්තය වගේ රටවල පොල් වගා කරනවා. ඔවුන් ඒ ලපටි පොල් වතුර වෙනමම සකසලා ඉහළ මිල ගණන් වලට බටහිර රටවලට අපනයනය කරනවා.
2. පොල් කැබලි සහ ගාන ලද පොල්
ගාපු පොල් පාවිච්චිය අපිට නම් මහ ලොකු අමුතු දෙයක් නෙමෙයි. ඒත් පොල් කියන්නේ නිවර්තන කලාපයේ විතරක් සරුවට වැවෙන දෙයක්. ඉතින් පොල් නැති කළාපවල අයට පොල් මදය ගන්න වෙන්නේ වෙනමම කඩෙන්. ඒ කෙඳි පොල් මදය කැබලි කරලා එහෙම නැතිනම් ගාලා විකුණන්න තියෙනවා. ඒ පොල් මදය ඒ රටවල විශේෂ කෑම බීම ජාති හදන්නට පාවිච්චි කරනවා.
3. වීගන් සහ පොල්
වීගන් කියන්නේ මස් මාංශ සහ ඒවා ඇසුරෙන් තනන කිසිවක් පාවිච්චි නොකරන අය. ඒ වගේ ජනතාව ගොඩක් බටහිර රටවල ඉන්නවා. ඒ අයට කිරි, මාගරින් සහ සත්ව තෙල් වෙනුවට පොල් නිෂ්පාදන යොදාගන්නට දැන් හැකි වෙලා තියෙනවා. උතුරු ඉන්දියාවේ කෑම වලට වැඩිපුර දාන්නේ කිරි සහ එලගිතෙල්. මොකද ඔවුන්ට තිබෙන සුලභම මේද ප්රභවය ඒක. එහෙත් ලංකාවේ අපි කෑම හැම එකටම පොල් සහ පොල් තෙල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ සත්ව මේද යොදාගන්නා තැන්වලට සහ සත්ව මේද වලට අකමැති අයට පොල් පාවිච්චි කිරීමට හැකි බව සොයාගෙන තියෙනවා.
4. පොල් බටර්
පොල් තෙල් ඉස්සර ගෙවල් වල හිඳිනකොට තෙල් මන්ද සහ කිරි කැඳ කිරිජ්ජ කියලා කොටස් ඉතිරි වෙනවා. මේ තෙල් වලට අමතර දේවල් එකල කැඳ වර්ග හදන්න ආදියට පාවිච්චි වුණා. පොල් නිෂ්පාදනයේදී පොල් වල තිබෙන මේ ක්‍රීම් එක දැන් බටර් විදිහට පාවිච්චි වෙනවා. එය පීනට් බටර් වගේ මෘදු සහ පැණිරස මේද වර්ගයක්. මේ මේද වර්ගය ආහාර සැකසුම් වලට දැන් දැන් යොදාගන්නවා. එය සාමාන්‍ය බටර් වර්ගවලට වඩා ඒ රටවල මිල අධික වුවත් සෞඛ්යාරක්ෂිත බව ගැන තිබෙන විශ්වාසය නිසා ඒවා ප්‍රචලිත වෙලා තියෙනවා.
5. පිටිකළ පොල් කිරි
නියම පොල් කිරි පාවිච්චි කරපු කෙනෙක්ට නම් මේ පිටිකළ පොල් කිරි කියන්නේ එච්චර කැමති හිතෙන දෙයක් නෙමෙයි. මොකද නියම පොල් කිරි වල තිබෙන රසයට වඩා පිටිකළ පොල් කිරි දියකළාම එන රසය වෙනස්. ඒත් මේ පිටිකළ පොල් කිරි කෑම වර්ග හදන්න කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. පොල් මිල අධික සහ පොල් සොයාගන්නට අමාරු තැන්වලදි මේ ක්රමයේ පිටිකළ පොල් කිරි පාවිච්චි කරන්නට පුළුවන්. පොල් වලින් ලංකාවේදි හදන හැම කෑමක්ම මේ පිටි කළ පොල් කිරි වලින් හදන්න බැහැ. ඒත් පහසුවෙන් සහ ලේසියෙන් පොල් කිරි ටික පිළියෙළ කරගන්න පුළුවන් නිසා අපේ රටෙත් මේ පිටිකළ පොල් කිරි දැන් ජනප්‍රිය වෙලා තියෙනවා.
6. පොල් පැණි සහ පොල් සීනි
පොල් ගස් වල මල මැදලා එන තෙලිජ්ජ වලින් තමයි පොල් පැණි හදන්නේ. පොල් පැණි තවත් පිළිවෙලක් කළාම පොල් සීනි ගන්නට පුළුවන්. අපේ රටේ නම් කෙළින්ම පොල් පැණි තිබෙන නිසා දේශීයව හදන අලුවා, මුංකැරලි, කැවුම් වගේ දේවල් මේ පොල් පැණි දැම්මොත් වඩාත් රසවත් කරගන්නට පුළුවන්. සීනි වලට වඩා සෞඛ්‍යමය අතින් හිතකර මේ පැණි වලින් හදන සීනි, කේක් සහ බේකරි නිෂ්පාදන වලදිත් දුඹුරු සීනි දාන තැන්වලට පාවිච්චි කරන්නට හැකියි.
7. වර්ජින් කොකනට් ඔයිල්
සාමාන්‍ය පොල් තෙල් සෙල්සියස් 400කට විතර රත් වුණාම තමයි වාෂ්ප වෙන්නේ. ඒත් වර්ජින් කොකනට් ඔයිල් සෙල්සියස් අංශක 250දි වාෂ්ප වෙනවා. ඒ ගුණය වර්ජින් කොකනට් ඔයිල් වලට තියෙන වාසියක්. සලාද වර්ග සහ කෑම ජාති වලට ඔයිල් දානකොට ඔලිව් ඔයිල් පාවිච්චි වෙනවා. මේ ඔලිව් ඔයිල් ඉක්මනින් වාෂ්ප වෙනවා. ඒ වෙනුවට දැන් සලාද සහ අමු ආහාර වර්ග පිළියෙල කරනවිට වර්ජින් කොකනට් ඔයිල් පාවිච්චි කරන්නට පුළුවන්. අපේ රටේ එතරම් ජනප්‍රිය නැතත් පොල් තෙල් වලට වඩා පෝෂණීය සහ ඉවුම් පිහුම් වලදි වැදගත් ගතිගුණ තිබෙන වර්ජින් පොල් තෙල් දැන් ලොව පුරා ජනප්‍රිය වෙලා තියෙනවා.
ලංකාවේ පොල් එක පැත්තකින් දේශීය පරිභෝජනයට වැදගත් වගේම පොල් අපනයනය කරන රටවල් අතලොස්ස අතරත් ලංකාව ඉන්නවා. ඉතින් නිකම්ම පොල් කොප්පරාය, ඩී සී ඩී ය එහෙම නැතිනම් ගෙඩි පොල්ය කියලා අඩු මිලට දෙන්නේ නැතිව රටින් පිටට යද්දි ඒ ඒ අවසාන නිෂ්පාදනම අපිට රට පටවන්න පුළුවන් නම් එයින් ලොකු මුදලක් රටක් විදිහට උපයාගන්නට පුළුවන් වේවි. ඒ වගේම පිටරට අය පාවිච්චි කරන පොල් නිෂ්පාදන හරහා අපිට අලුත් කෑම වර්ග ලේසියෙන්ම හදාගන්නත් අවස්ථාවක් ලැබේවි.
Leave a Reply