දුම් දාන සැරට කන්න ආස අයට කොච්චි වලින් කෑම වර්ග 5ක්

කොච්චි දාපු කෑමක් කියන්නෙ ඉතින් ඒකෙ රස ආයෙ කියන්න දෙයක් නෑනෙ. දැන් කොච්චි කියන්නෙ අලුත්ම ට්‍රෙන්ඩ් එක. ගෙදර දොරේ අපි කෑම රස කරගන්න ගන්න කොච්චි දාලා හදන කෑම ටිකක් ගේන්න හිතුවා. කොච්චි වලින් මේ විදියට හදලා බලන්න කොහොමද කියලා. සූස් සූස් ගගා කන්න පුළුවන්. කොච්චි වර්ග ගණනාවක් තියෙනවනෙ කැවුම් කොච්චි, සුදු කොච්චි, බෝල කොච්චි, නයි මිරිස් කොච්චි වගේ. ඔයාල ආස ඔයාලට කැමති කොච්චි වර්ගයක් මේ කෑම වලට ගන්න පුළුවන්. 

 

1. කොච්චි බැදුම 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොච්චි කෝප්ප 1
  2. චොප්කරගත් රතුළූණු ගෙඩි 3
  3. උම්බලකඩ කුඩු මේස හැඳි 1
  4. රම්පේ හා කරපිංචා 
  5. දෙහි යුෂ ටිකක් 
  6. කෑලි මිරිස් තේ හැඳි 1
  7. ලුණු ටිකක් 

 

  • තෙල් තාච්චිය ලිපේ තබා රතුළූණු, රම්පෙ, කරපිංචා දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න. 
  • ඒකට කෑලි මිරිස්, උම්බලකඩ කුඩු එකතු කරන්න. ඒ එක්කම සෝදා, වතුර වේලාගත් කොච්චි කරල් ටික දාලා තෙම්පරාදු කරගන්න. 
  • මේකට ලුණු හා දෙහි යුෂ ටිකක් දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න. 

 

2. කොච්චි චිකන් බයිට් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොඩියට කපාගත්ත චිකන් බ්‍රෙස්ට් කප් 1
  2. කොච්චි කරල් 10ක් විතර 
  3. තක්කලි සෝස් මේස හැන්දක්
  4. සීනි තේ හැඳි 1/2
  5. රවුමට කපාගත්ත ළූණු ගෙඩි 1
  6. චොප් කරගත්ත ළූණු ගෙඩි 1 
  7. සුදුළූණු බික් 2
  8. ලුණු හා ගම්මිරිස්කුඩු 
  9. දෙහි යුෂ ටිකක් 

 

  • චොප් කරපු ළූණු, සුදුළූණු, කොච්චි කරල්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු දාලා හොඳින් කොටා ගන්න. 
  • චිකන් වලට ලුණු සහ ගම්මිරිස් චුට්ටක් අතගාල ගැඹුරු තෙලේ බැදගන්න.
  • තෙල් ටිකක් ‍රත් වෙන්න තියල ඒකට කොටාගත්ත කොච්චි මිශ්‍රණය දාල තෙම්පරාදු කරගන්න. ඒකට සෝස් සහ සීනි එකතු කරල කලවම් කරගෙන බැදගත්ත චිකන් ටික දාල හොඳට කලවම් කරගන්න.
  • ලිපෙන් බාල දෙහි ටිකක් උඩින් දාල කලවම් කරගන්න. 

 

3. කොච්චි රසට ලිංගුස් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. දික් අතට කපාගත් ලිංගුස් කරල් 5
  2. දෙකට කපාගත් කොච්චි කරල් 6-7
  3. ලියාගත් ළූණු ගෙඩි 1
  4. ලියාගත් සුදුළූණු බික් 3
  5. කෑලිමිරිස් තේ හැඳි 2
  6. කහකුඩු තේ හැඳි 1/4
  7. ලුණු හා ගම්මිරිස්කුඩු 
  8. තෙල් ටිකක් 

 

  • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කොච්චි, සුදුළූණු හා ළූණු දාලා තෙම්පරාදු කරගන්න. 
  • ඊළඟට ලිංගුස් ටික දාලා ඒක බැදෙන කොට කෑලිමිරිස්, කහකුඩු දාලා රස අනුව ලුණු එකතු කරගන්න. 
  • ලිපෙන් බාන්න කිට්ටුව ගම්මිරිස්කුඩු ටිකක් ඉසගන්න. 

 

4. කොච්චි සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොච්චි කරල් 12-15
  2. අමු අඹ ගෙඩි 1
  3. සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  4. ඉඟුරු පේස්ට් මේස හැඳි 1
  5. විනාකිරි මේස හැඳි 3
  6. ඔලිව්තෙල් මේස හැඳි 3
  7. ලුණු ටිකක් 
  8. සීනි මේස හැඳි 4

 

  • අඹ ගෙඩිය හොඳින් සෝදා ගෙන ලෙල්ල ඇරලා ග්‍රේට් කරගන්න. 
  • බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට ග්‍රේට්කරගත් අඹ, කොච්චි, සුදුළූණු පේස්ට්, ඉඟුරු පේස්ට්, විනාකිරි, ඔලිව් ඔයිල්, ලුණු කුඩු, සීනි දා ගන්න. 
  • ඊළඟට ඒක හොඳට ක්‍රීම් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. රස බලල ලුණු තව අවශ්‍ය නම් දාගන්න.

 

5. හතු සමඟ කොච්චි තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හතු පැකට් 1
  2. තලාගත් කොච්චි පේස්ට් මේස හැඳි 2ක්
  3. කෝන්ෆ්ලා මේස හැඳි 3
  4. සීනි තේ හැඳි ¼
  5. සෝයාසෝස් මේස හැඳි 2
  6. ලුණු කුඩු ටිකක් 
  7. චොප්කරගත් සුදුළූණු බික් 4-5
  8. කපාගත් ළූණු ගෙඩි 2
  9. කෑලි මිරිස් ටිකක් 
  10. කහකුඩු තේ හැඳි 1/4

 

  • හතු ලුණු වතුරෙ දාලා ටිකක් වෙලා තියලා  හොඳින් සෝදා කපා ගන්න. 
  • හතු වලට ලුණු, කෝන්ෆ්ලා, කහ පින්ච් එකක් දාල කලවම් කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
  • වෙනම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒකට කපාගත් ළූණු, සුදුළූණු, කෑලි මිරිස්, කහකුඩු දාලා තෙම්පරාදු කරගන්න. 
  • ඒකට සෝයා සෝස්, කොච්චි පේස්ට් එක සහ සීනි ටික දාල කලවම් කරගෙන අන්තිමට බැදගත්ත හතු ටික දාල කලවම් කරගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *