සිංගප්පූරුව ගොඩනැඟූ ලී ක්වාන් යූගේ අදහස්

නිදහස ලබා ගනිද්දී සිංගප්පූරුව බලාපොරොත්තුව වුණේ ලංකාව තරමට දියුණු වෙන්නටය කියන එක ප්‍රසිද්ධ රහසක්. නමුත් සිංගප්පූරුවට නායකත්වය දීපු ලී ක්වාන් යූ නම් විශිෂ්ට මිනිසා සිංගප්පූරුව ගෙනිච්ච දුර කොයිතරම් ද කියනවා නම් අද වෙනකොට ලංකාවේ අපි බලන්නේ සිංගප්පූරුව තරම් දියුණු වෙන්න. අපි අද කතා කරන්න යන්නේ සිංගප්පූරුව ගොඩ නගන්න බලපෑ ලී ක්වාන් යූගේ අදහස් කීපයක්

 

1. ප්‍රජාතන්ත්‍රවාදයද? සෞභාග්‍යයද?

එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ලී ක්වාන් යූ මෙහෙම අහනවා. රුවන්ඩාව, බංග්ලාදේශය, කාම්බෝජය, පිලිපීනය වගේ රටවල් ගත්තම ඒ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. නමුත් ඒ රටවල මිනිස්සුන්ට උසස් ජීවන තත්ත්වයක් හිමි වෙලා තියෙනවා. මිනිසාට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ආර්ථික සමෘද්ධිය. නමුත් ඒ රටවල පාලකයෝ ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ වෙනත් දේවල් වලට. මිනිස්සුන්ගෙන් විමසලා බැලුවොත් ඔබට තේරේවි මිනිස්සුන්ට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ගෙවල්, සෞඛ්‍යය, රැකියා සහ අධ්‍යාපනය කියන එක.

 

2. මැකියාවෙල්ලි හරි 

තමන්ගේ චරිතාපදානයේදී ලී ක්වාන් යූ සඳහන් කරනවා සුප්‍රකට “කුමාරයා” ග්‍රන්ථය ලියූ මැකියාවෙල්ලි නිවැරදි බව. මිනිස්සුන්ගේ ජනප්‍රිය අදහස් සහ මත සමීක්ෂණ ගැන කවදාවත් අවධානය යොමු කළේ නැහැ කියලා ඔහු අවධාරණය කරනවා. ඔහු කියන්නේ යම් පාලකයට කිසිම කෙනෙක් බය නැත්නම් ඔහු දුර්වල පාලකයෙක් කියලා.

 

3. මාව අවතක්සේරු කරන්න එපා 

තවත් වතාවක ලී ක්වාන් යූ පැවසුවේ තමන්ගේ ශරීර ස්වභාවය නිසා තමන්ට මතවාදීව හෝ පහර දෙන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් හිතන බවයි. නමුත් ඒ අය තමන්ව නිසි පරිදි අඳුරගෙන නැහැයි කියලා ලී ක්වාන් යූ පවසනු ලැබුවා. යම් අයෙක් තමන්ට පහර දුන්නොත් තමන් නැවතත් ඔහුට පහර දෙන්නේ ආයුධ සන්නද්ධ වෙලා කියලා ඔහු ප්‍රකාශ කළා. සිංගප්පූරුව වැනි චීන ජාතික සම්භවයක් සහිත ජනතාවක් බහුලව ඉන්න රටක් පාලනය කරන්න මේ හැර වෙන විදියක් නැහැයි කියලායි ඔහු දැක්වුවේ.

 

4. පෞද්ගලික නිදහස අඩුකිරීමේ වගකීම් 

තවත් වතාවක සිංගප්පූරු ජනතාවගේ පෞද්ගලික නිදහස අඩු කිරීමේ චෝදනාවට ලී ක්වාන් යූ  උත්තර දෙන්නෙ තමන්ට ඒ ගැන කිසිම පශ්චාත්තාපයක් නැහැයි කියලායි. යම් විදිහකින් තමන් ජනතාවගේ පෞද්ගලික නිදහසට මැදිහත් නොවුණා නම් සිංගප්පූරුවට අද ඉන්න තත්ත්වයට ළඟා වෙන්න බැහැයි කියන එක ඔහු පැවසුවා. එහිදී ඔහු තවදුරටත් පවසනු ලැබුවේ තමන්ගේ අසල්වැසියා කවුද, ඔහු ජීවත් වන ආකාරය මොකක්ද?, භාවිතා කරන භාෂාව මොකක්ද? කියන එක තේරුම් ගන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බැහැයි කියන එකයි. ඒ ගැන කවුරු මොනවා කිව්වත් හරි දේ තමන් කරා කියන එක ගැන තමන් සතුටු වෙන ඔහු පැවසුවා.

 

5. මාධ්‍ය නිදහස 

ඕනෑම ඇමෙරිකානු ජනමාධ්‍යවේදියෙක්ට සිංගප්පූරුවට පැමිණිලා සිංගප්පූරුව පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයට වාර්තා කරන්න පුළුවන්. හැබැයි අපි කිසිම අවස්ථාවක ඇමරිකානු ජනමාධ්‍ය ඇමරිකා එක්සත් ජනපදය තුළ නිරූපණය කරන භූමිකාව සිංගප්පූරුව තුළ නිරූපණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ට අපේ පාලන ක්‍රමය සිංගප්පූරුව තුළ ප්‍රශ්න කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. මෙහෙම කියන්නෙත් ලී ක්වාන් යූ.

 

6. මහජනතාවට දේශපාලන බලය ලබාදීම 

ගොඩක් දේශපාලනඥයො පුරුදුවෙලා තියෙනවා මහජනතාවගෙන් අහන්න කියන්න. ඒක මොන මෝඩ කතාවක්ද? ලී ක්වාන් යූ වතාවක් අහනවා. තවදුරටත් ඔහු තර්ක කළේ අඩු අධ්‍යාපනයක් ලබපු පුද්ගලයෙකු තමන් ගන්න තීරණයක ප්‍රතිඵල ගැන මෙසේ පුරෝකථනයක් කරන්නේ කොහොමද කියන එකයි. 

7. මිනිසුන් සතුටු කරන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ 

තවත් අවස්ථාවක මාධ්‍ය හමුවකට එක්වෙමින් ලී ක්වාන් යූ මිනිසුන්ව සතුටු කරන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන පැවසුවා .මේ ක්‍රම දෙක ගැන නැවත නැවත කියවන්න කියලා අපි අපේ ලයිෆි පාඨකයන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

“මිනිස්සුන්ව සතුටු කරන්න දේශපාලනඥයකුට කරන්න පුළුවන් දේවල් දෙකක් පමණයි මේ ලෝකෙ තියෙන්නේ. පළවෙනි දේ තමයි මිනිස්සුන්ව සතුටට පත්කරන යම් දෙයක් ඔවුන්ට ලබාදීම. උදාහරණයක් විදිහට හොඳ ආහාර, හොඳ නිවාස වගේ දේවල්. 

එහෙම නැත්නම් ඔහුට කරන්න තියෙන්නේ අනාගතයේදී අපේ රට පත් වෙන්න තියෙන විශිෂ්ට බව ගැන මිනිස්සුන්ට පැවසීම.”

 

ලී ක්වාන් යූ ගේ මේ අදහස් ගැන ඔබේ අදහස් සඳහා අපි අපේ කමෙන්ට් සෙක්ෂන් එක විවෘත කරලා තියෙනවා. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *