දැන් අපි කලින් සතියකත් කිව්වනේ වේප් එකකින් නැතිනම් ඊ-සිගරට් එකකින් දුම් බොන එක ගැන හොඳට නරකට දැනගන්න ඕන කරුණු ගැන. ඊට කලින් ආයෙමත් මතක් කරන්න ඕන. අපි මේ වේප් හරි ඊ-සිගරට් හරි ප්‍රොමෝට් කරනවා නෙවෙයි. ඇබ්බැහියක් කියන්නේ කොහොම වුණත් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ආන්න ඒ නිසා බණෙත් තියෙන විදියට මද පමණට ඕනම දෙයක් කරන්න දන්න අයට විතරයි අපි ඊ-සිගරට්/වේප් වුණත් රෙකමන්ඩ් කරන්නේ.
හරි. දැන් එහෙම ගාණට ඇබ්බැහි නොවී වැඩේ කරගෙන යන්න පුළුවන් ඊ-සිගරට්/වේප් ආධුනිකයෙක්, මේවා පාවිච්චිය ගැන දැනගන්න ඕන කාරණා කීපයක් තමයි මේ පෙළගස්වලා තියෙන්නේ.
1. ඇබ්බැහියක් නොකර ගන්න
හරි. පටන් ගන්නකොටම අපි කිව්වා තමයි මේ ආටිකල් එක ලියන්නේ වගකීම් සහගතව, ඇබ්බැහි වලට ඇබ්බැහි නොවී දෙයක් කරගෙන යන්න පුළුවන් මිනිස්සු වෙනුවෙන් කියලා. එහෙම වුණත්, දුම් පානය ඊ-සිගරට්/වේප් වලින් සිද්ධ වුණත් ඒකට මිනිස්සු ඇබ්බැහි වෙන්න පුළුවන් නිසාම අපිට මේක ප්‍රධාන කරුණ විදියට සඳහන් කරන්න වෙනවා.
සාමාන්‍යයෙන් වේප් එකක් එහෙම ගත්තු ගමන් ඒක අලුතෙන් සෙල්ලම් බඩුවක් ගත්තා වගේනේ. එතකොට ඉතින් ආයෙ සතියක් හමාරක් යනකල් විනාඩි දහයෙන් දහයට දුමක් ඇදලා බලන්න හිතෙනවා. හරි කමක් නෑ. ඒ සම්බන්ධයෙන් සවිඥාණික වෙන එක තමයි අවශ්‍ය වෙන්නේ. මොකද නැත්නම් ඔය සති දෙක ඇති ඊ-සිගරට්/වේප් එකට සම්පූර්ණයෙන්ම ඇබ්බැහි වෙන්න. ආන්න ඒ නිසා, තමන්ගේ ඇඟ ඉල්ලන වෙලාවට නැතුව තමන්ට ඕන වෙලාවට විතරක් ඊ-සිගරට්/වේප් එක පාවිච්චි කිරීම තමයි පළවෙනි ටිප් එක. ඒ තමන්ට ඕන වෙලාව සම්බන්ධයෙන් තමන්ටම සීමාවන් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඒ සීමාවන් ඇතුළේ විතරක් ඒක පාවිච්චි කරන්න තමන්ගේ හිත ශක්තිමත් වෙන්න ඕන ඉතින්.
2. ප්‍රීමියම් ඊ-ලික්විඩ්
මෙන්න මේක බොහොම හොඳින් හිතට ගන්න ඕන කාරණාවක්. වේප් එකකට දාන ඊ-ලික්විඩ් එකේ හොඳ කොලිටි බ්‍රෑන්ඩ්ස් තියෙනවා. එහෙම නැතුව අඩුවට ගන්න තියෙන චයිනීස් ඊ-ලික්විඩ් එහෙමත් තියෙනවා. මේ ජාති හැම එකක්මත් වෙළඳපොළේ තියෙනවා. ආන්න ඒ නිසා මුලින්ම කරන්න ඕන දේ වෙන්නේ, තමන්ගේ ඊ-සිගරට්/වේප් පාවිච්චිය ගැන පොඩ්ඩක් ඔන්ලයින් රිසර්ච් එකක් එහෙම කරලා කරුණු දැනගැනීම. එතකොට මොනවද ප්‍රීමියම් කොලිටි ඊ-ලික්විඩ් බ්‍රෑන්ඩ්ස් කියලා එහෙම ඉගෙන ගන්න පුළුවන්. ඒවා කොයි වගේද කියලා දැකබලා ගන්නත් පුළුවන්. ආන්න ඊට පස්සේ ඒ ප්‍රීමියම් ඊ-ලික්විඩ් වලින් බඩු ගන්න පුළුවන්. කාටවත් වෙප් එකට ඊ-ලික්විඩ් ගන්න ගියහම අපිව අන්දන්න පුළුවන් වෙන්නෙත් නෑ.
3. ෆ්ලේවර්ස්
ඇත්තටම වේප් වල තියෙන විශේෂම දෙයක් වෙන්නේ අතිවිශාල පරාසයක විහිදෙන ෆ්ලේවර්ස් ප්‍රමාණයක් තිබීම. අපි අර කලින් ආටිකල් එකෙත් කියපු විදියට කෙසෙල් රස, ස්ට්‍රෝබෙරි රස, වැනිලා රස, චොකලට් රස, කුරුඳු රස, බ්ලැක්බෙරි රස වගේ එව්ව්වා වගේම, කොකා කෝලා රස, චීස්කේක් රස, කොට්න් කැන්ඩි රස, කස්ටර්ඩ් රස, බබ්ල්ගම් රස, පීනට් බටර් රස, මොකා කොෆී රස, සෝර්බට් රස, ලෙමනේඩ් රස, මෙරින්ගේ රස, අයිස්ක්‍රීම් රස වගේම විවිධ ඇට ජාති වල රස වලිනුත් ඊ-ලික්විඩ් ගන්න පුළුවන්. ඒ ඇරෙන්න ඔය දුම්කොළ රහට කැමති අයට හොඳ ප්‍රීමියම් දුම්කොළ වර්ග වෙන වර්ජිනියා දුම්කොළ රස, ගෝල්ඩන් ටොබැකෝ රස, සුරුට්ටු දුම්කොළ රස වගේ සෑහෙන්න පුළුල් පරාසයක ෆ්ලේවර්ස් වර්ග වේප් වලට තියෙනවා. හැබැයි මුලින්ම පිස්සුවෙන් වගේ ෆ්ලේවර්ස් ගණනාවක් ගහන්න යන්න එපා. තමන්ට හොඳටම සෙට් වෙයි කියලා හිතෙන ෆ්ලේවර්ස් කිහිපයක් ට්‍රයි කරන්න. ඒ ට්‍රයි කරන කොටත් ටිකක් ඉවසිලිවන්ත වෙන්න ඕන. මොකද එක පාර ෆ්ලේවර්ස් දෙක තුන දාන්න බැහැනේ.
එහෙම තමන්ට ගැලපෙන ෆ්ලේවර්ස් සම්බන්ධයෙන් එක්ස්පර්ට් කෙනෙක් වුණාට පස්සේ පුළුවන් පොඩ්ඩක් ෆ්ලේවර්ස් මික්ස් ඇන්ඩ් මැච් කරලා බලන්න. හැබැයි මේක ටිකක් එක්ස්පර්ට් ලෙවල් එකක වැඩක්. ඇත්තටම ඒකෙන් තමන්ට සෙට් වෙන අමුතු ෆ්ලේවර්ස් හදාගන්න වගේම, නිකොටින් ලෙවල්ස් කස්ටමයිස් කරගන්නත් පුළුවන්.
4. මොනවද මේ PG/VG ratios කියන්නේ?
ඇත්තටම ප්‍රෝ වේප් භාවිතා කරන කෙනෙක් නම් මේ ගැන දැනගන්න ඕන. කොටින්ම කියනවා නම්, සාමාන්‍යයෙන් ඊ-ලික්විඩ් නැතිනම් ඊ-ජූස් එකක් හැදෙන්නේ දේවල් හතරකින්. එකක් තමයි PG හෙවත් ප්‍රොපිලීන් ග්ලයිකෝල් (Propylene glycol). දෙක තමයි VG හෙවත් වෙජිටබල් ග්ලිසරීන් (Vegetable Glycerin). තුන තමයි ෆ්ලේවර් එක. ඒක ඉතින් වෙනස් වෙනවනේ. හතර තමයි නිකොටීන්. ඒකත් උඩ ප්‍රමාණයක ඉඳලා බිංදුව දක්වාම වෙනස් වෙන්න පුළුවන්.
දැන් ඊ-ලික්විඩ් එකේ ප්‍රධාන සංයෝග දෙක වෙන්නේ PG සහ VG කියන ඒවා. මේවා ආරක්ෂිතයි. දැන් ඔය දෙක ඊ-ලික්විඩ් එකක අඩංගු වෙන සංයුතිය වෙනස් වෙන විදියට අපිට ලැබෙන වේප් එක්ස්පීරියන්ස් එකත් වෙනස් වෙනවා. සමහර ඒවල මේ දෙකේ මික්ස් එකක් නැතුව, සම්පූර්ණයෙන්ම PG හෝ සම්පූර්ණයෙන්ම VG පමණකුත් අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් VG අඩුවෙන්, PG වැඩියෙන් තියෙන කොට තමයි අර ‘ත්‍රෝට් හිට්’ එකක් කියලා හඳුන්වන වඩාත් ප්‍රබල රසයක් ලැබෙන්නේ. හැබැයි ඒකේ දුම අඩුයි. එතකොට අනික් පැත්තට PG අඩුවෙන්, VG වැඩියෙන් තියෙනකොට වඩාත් ඝන දුමක් ලැබෙනවා. හැබැයි අර තරම් උගුරට ප්‍රබලව දැනෙන රසයක් නෑ. කොහොම වුණත් ගොඩක් කොලිටි ඊ-ලික්විඩ් වල VG ප්‍රතිශතය වැඩියි. මේක ඉතින් ලේබලේ ගහලා තියෙන PG/VG ratios බලලා, තමන්ට අවශ්‍ය කොහොමද කියලා හිතලා ගන්න පුළුවන්.
5. බැටරිය බලාගෙන
වේප් එකක් පාවිච්චි කරන ගොඩක් අයට අමතක වෙන දෙයක් තමයි මේක ඇත්තටම බැටරි බලයෙන් වැඩ කර්න ඉලෙක්ට්‍රික් උපාංගයක් බව. ඉතින් ඔහේ හිතුමනාපේ පාවිච්චි කරන්න ගිහිල්ලා ඉතාම ඉක්මනට බැටරියට කෙළවා ගන්නවා. ඇත්තටම සමහර වේප් වල ඇටොමයිසර් බැටරියට සවි වෙන අග්‍ර දෙක එහෙම හොඳින් පිරිසිදු කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම පුරා රැයක් ඔය ෆෝන් එකක් වගේ වේප් එකක් චාර්ජ් වෙන්න ගහලා තියන්නේ එහෙමත් බලාගෙන.
6. පිරිසිදු කරගන්නත් ඕනනේ
අපි ඉස්සරහට කියනවා වේප් එක/ඊ-සිගරට් එක කොහොමද අසුරලා තියාගන්න ඕන කියලා. එතකොට ඒකට පාවිච්චි කරන පවුච් එකේම ඔය ටිෂූ දෙකක් තුනක් එහෙම දාලා තිබ්බට කමක් නෑ. එතකොට වේප් පාරක් දාලා ඒක පවුච් එකට දාන්න කලින්, ටිෂූ එකකින් මවුත් පීස් එක හොඳට පිහිදලා දාන එක පුරුද්දක් විදියට කරන්න. ඒ වගේම, නිරන්තරයෙන්ම ඊ-ලික්විඩ් එක දාන ඊ-ටෑන්ක් එක සහ ෆිල්ටර් ඒරියා එකත් පිරිසිදු කරන එක වේප් එකේ කල්පැවත්මට හොඳයි. මේ පිරිසිදු කරන විධි මොඩ්ල් වලින් මොඩ්ල් වලට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට කොට්න් බඩ් එකකින් ප්‍රවේසමෙන් ඊ-ටෑන්ක් එක සහ ෆිල්ටර් එක පිරිසිදු කරගන්න පුළුවන්.
7. සෝබනේ පරිස්සමෙන්
මේ කියන්නේ වේප් එක/ඊ-සිගරට් එක ආරක්ෂා කරගන්න ඕන ක්‍රම සහ විධි ගැන. ඒ කියන්නේ තෙතමනයේ ඉඳන්, දූවිල්ල දක්වා දේවල් වලින්, බිම වැටීමෙන් වගේ හානි වෙන්න පුළුවන් හැම දේකින්ම මේවා ආරක්ෂා කරන්න ඕන. හේතුව මේවා සිගරට් එකක් වගේ පහසුවෙන් කැඩිලා, පොඩිවෙලා යන්න බැරි වුණත්, මේවත් අප්සට් ගහන්න පුලුවන් ගැජට් වීම නිසා තමයි. විශේෂයෙන්ම ඔය තෙතමනයෙන් එහෙම නම් වේප් එකක් විශේෂයෙන්ම ආරක්ෂා කරගන්න ඕන.
එතකොට මෙතනන සෝබනේ එන්නෙ කොහොමද? එහෙම කිව්වේ මේකයි. සමහරු ඔය වේප් එක ඩෙනිම් සාක්කුවේ එහෙම කිටිකිටියේ දාගෙන යනවා. එතකොට සාක්කුවෙන් ඇදලා අරගෙන වේප් පාරක් දානකොට ගැම්මක් තියෙනවනේ. හැබැයි ගැම්ම වගේ නෙවෙයි, වේප් එකට හානි වෙන්න පුළුවන් ඉඩකඩත් ඒකෙන් වැඩි වෙනවා. ආන්න ඒ නිසා වේප් එක සහ ඒකේ අඩුම කුඩුම ටික දාලා තියන්න උඩත් කියලා තියෙන විදියට පොඩි පවුච් එකක් පාවිච්චි කරන එක තමයි හොඳ.
ඒ වගේම, ඊ-ලික්විඩ් එක හොඳ බෝතලේක තිබ්බා කියලා අතන මෙතන තියන්නත් එපා. විශේෂයෙන්ම දැඩි උෂ්ණත්වයට, සෘජු හිරු එළියට එහෙම නිරාවරණය වුණහම බොහොම ලේසියෙන් ඒකේ ෆ්ලේවර් එක අප්සට් යන්න ඉඩ තියෙනවා.
අපි ආයෙමත් කියනවා. ඇත්තටම විවිධ ෆ්ලේවර්ස් වලින් තියෙන ඊ-ලික්විඩ් එකක් දාලා වේප් එකක් ට්‍රයි කරලා බලන එක හොඳයි. හැබැයි ඇබ්බැහි වීම ඉතාම නරකයි. ආන්න ඒ නිසා ඇබ්බැහියෙන් තොරව ඕන දෙයක්.
Leave a Reply