ඇඳේදී ඩර්ටි ටෝක් කරන්නේ කොහොමද?

දැන් හෙඩිම කියවනකොටම සමහරු ගාණට දන්නවා මොනවද ඩර්ටි ටෝක් කියන්නේ කියලා. හැබැයි තවත් සමහරුන්ට ඩර්ටි ටෝක් කියනකොට ෆුල් කන්ෆියුස් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් නිරාකරණය කරගමු ඩර්ටි ටෝක් කියන්නේ මොනවද කියලා. ඩර්ටි ටෝක් කියන එකෙන් කියන්නේ සෙක්ස් කරන්න සූදානම් වෙනකොට, සෙක්ස් කරන එකට එකිනෙකාව උද්දීපනය කරනකොට, ඊට පස්සේ සෙක්ස් කරනකොට අපි පාවිච්චි කරන භාෂාව ගැන. ඒක බොහොම ආදරණීය සහ ශිෂ්ට සම්පන්න වෙන්න පුළුවන්. ඒ වගේම ආදරණීය සහ අශිෂ්ට වෙන්නත් පුළුවන්. එතකොට සහමුලින්ම අශිෂ්ට සහ සමහර වෙලාවට ප්‍රචණ්ඩකාරී වෙන්නත් පුළුවන්. ඔය කොයි එකෙනුත් ලිංගික උද්දීපනයක් ඇති වෙන අය ඉන්නවා. ආන්න එතකොට දෙන්නටම ඇඳේදී ගැලපෙන විදිය ඔතනින් තෝරගන්න ඕන.

හරි, එතකොට ඩර්ටි ටෝක් වලට හැඟීම් ඇවිස්සෙන කෙනෙක් නං? එහෙමනම් මෙන්න මේ ටිප්ස් ටික කියවලම වැඩේ පටන් ගන්න.

 

1. කතාබහ කරගෙනම පටන් ගමු

ඇත්තටම අපි සෙක්ස් ගැන ලියන හැම මොහොතකම මේ කතාබහ කරගන්න ඕන කියන කාරණාව මුලටම එන්නෙ ඇයි කියලා නිකමටවත් හිතුවද? හේතුව සරලයි. සෙක්ස් කිරීමෙදී දෙන්නෙක් අතර උපරිම වශයෙන් සන්නිවේදනය අවශ්‍යයි. එහෙම නැතිනම් වැරදි වැරදි දේවල් ඉගෙන ගන්න, හොයාගන්න වෙන එක වැඩියි. එතකොට අර ලිංගික ආකර්ෂණයත් අඩු වෙලා යන්න පුළුවන්.

ආන්න ඒ නිසා ඩර්ටි ටෝක් වලදිත් මෙන්න මේ සන්නිවේදනය අත්‍යාවශ්‍යයි. ඇයි? උදාහරණයක් විදියට ඔන්න යම් කිසි කෙනෙක් තමන්ට සෙක්ස් කරනකොට ඩර්ටි විදියට කතා කරන එකට, කුණුහරුප කියලා කතා කරන එකට ආස වෙන්න පුළුවන්. හැබැයි අනික් කෙනාට සෙක්ස් කරනකොට කුණුහරුප වචනයක් ඇහුණත් හැඟීම් නැතිවෙලා යනවා නං? ආන්න ඒ වගේ තැනකදී ඉතින් එක්කෙනෙක්ට පොඩ්ඩක් කැපකිරීමක් එහෙම කරලා අළුත් දෙයක් ට්‍රයි කරලා බලන්න සිද්ධ වෙන්න පුලුවන්. හැබැයි කලින් කතාබහ කරගන්නේ නැතුව පටන් ගත්තොත්, විනාසේ වෙන්නත් පුළුවන්. 

 

2. ප්‍රැක්ටිස් රන්

හරි, කතා විතරක් වැඩක් නැහැනේ. එහෙම කියලා ඔන්න ප්‍රැක්ටිස් රන් එකක් දෙකක් ගිහින් බලන්න පුළුවන්. මෙන්න මේ ප්‍රැක්ටිස් රන් එකට යන්නේ දෙන්නම තමන්ට ඕන මොනවා ගැනද, තමන් ට්‍රයි කරලා බලන්නේ මොනවද කියන එක ගැන එකඟ වුණාට පස්සේ.

 

මේ ප්‍රැක්ටිස් රන් එකේදී දෙන්නටම අවධානයෙන් ඉන්න පුළුවන් තමන්ගේ පාට්නර්ට වැඩි ලිංගික උද්දීපනයක් ලැබෙන වචන, එහෙම නැතිනම් යම් යම් වචන කියන ආකාර මොනවද කියලා. ඒවා තමයි ට්‍රිගර්ස්. ආන්න එව්වා තේරුම් ගන්නකොට, ඩර්ටි ටෝක් වැඩේ ගාණට ගලාගෙන යන්න පටන් ගන්නවා. ඒ වගේම, ඩර්ටි ටෝක්ස් එක්ක ප්‍රැක්ටිස් රන් එකක් යනකොට එකිනෙකාගේ වගකීම තමයි, තමන්ව හොඳටම උද්දීපනය කරන දේවල් සිද්ධ වෙනකොට අන්න ඒවා ගැන පාට්නර්ව දැනුවත් කරන එක. එතකොට දෙපැත්තටම වැඩේ ලේසියි. 

 

3. ආදරෙන් ඩර්ටි ටෝක්

ඇත්තටම මේකත් ඩර්ටි ටෝක් වල එක ආකාරයක්. ඒ කියන්නේ ආදරෙත් එක්ක කුණුහරුප හෝ අසැබි, අශ්ශීල වචන පාවිච්චි කරන එක. උදාහරණයක් විදියට ගත්තොත්, “රත්තරන් මට ඔයාට xxxxx ඕන” කියලා කියන්න පුළුවන්. ඔව්, බලධාරියා විසින් කපාහැරලා තියෙන වචන මොනවද කියලා තේරුම් ගන්න පුළුවන්නේ. ඒවා තේරෙන්නෙ නැත්තං ඩර්ටි ටෝක් ගැන කතා කරන එක පැත්තක තියලා දහම් පාසල් පොතක් බලාගන්න එක හොඳයි!

 

මෙතනදී ඇත්තටම තමන්ට බොහොම ක්‍රියේටිව් විදියට පාට්නර්ට ලොකු ලිංගික උත්තේජනයක් ලබාදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය අසැබි, අශ්ශීල වචන, කුණුහරුප කියන්නේ යම් කිසි විදියක ආවේගයක් එක්කනේ. එහෙම නැතුව හරිම ආදරේකින් ඒ වචන භාවිතා කරන එකත් වෙනම වැඩක්. ඒ වෙනස නිසාම ඒකේ වෙනම උද්දීපනයකුත් තියේවි.

 

4. ඩර්ටි කම උපරිමෙන් ඩර්ටි ටෝක්

මේ තියෙන්නේ අර අපි පටන් ගන්නකොටම කිව්ව විදියට සහමුලින්ම අශ්ශීල, අසැබි, ඩර්ටි ටෝක්ස් ගැන. ඒවා ඇත්තටම යම් කිසි ප්‍රචණ්ඩකාරී, ආවේගශීලී ලෙවල් එකකින් එළියට එන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණ විදියට ගත්තොත්, “xxxx ඇවිත් මට ඔය xxxx හොඳට xxxxx” වගේ එව්වා ගන්න පුළුවන්. ඇත්තටම නිසි බලධාරියාගේ කපාහැරීම් නිසා මීට වඩා හොඳට පැහැදිලි කරන්න බෑ. හැබැයි අපිට කියන්න පුළුවන් මේ ඩර්ටි කම උපරිමයෙන් තියෙන ඩර්ටි ටෝක් වලදී අර ආදරණීය, සුන්දර වචන එන්නෙ නෑ කියන එක. ඒ වෙනුවට යකෝ, තෝ, කරපන්, දුවපන්, පැනපන් වගේ ආවේගශීලී වචන තමයි අශ්ශීල වචන එක්ක මික්ස් වෙලා එන්නේ!

 

5. කුණුහරුප

ඩර්ටි ටෝක් ගැන කතා කරන්න ඇවිත් ඇයි කුණුහරුප ගැන විශේෂයෙන්ම කතා කරන්නේ? හේතුව සරලයි. හැම ඩර්ටි ටෝක් එකක්ම කුණුහරුප නෙවෙයි. වෙනත් විදියකට කියනවා නම් ඩර්ටි ටෝක් වලදී හැම වෙලේම කුණුහරුප වචන ඇතුළත් වෙන්න ඕන කියලා හිතන එක මිත්‍යාවක්. කවුරුහරි කෙනෙක් සෙක්ස් කරන කොට කුණුහරුප කියන්න හෝ අහන්න අකමැති වුණත්, එයාට ඩර්ටි විදියට කතා කරන්න පුළුවන්. ඇත්තටම මෙතන වචන කියන්නේ එක පැත්තක් විතරයි. තමන් කතා කරන ටෝන් එක, කතා කරන ශෛලිය වගේ තවත් දේවල් ඩර්ටි ටෝක් වලදී වැදගත් වෙනවා.

 

අන්න ඒ නිසා කුණුහරුප ඩර්ටි ටෝක් වලට යොදාගන්න ඕන දෙන්නම ඒකට ආස නම්, ඒකෙන් දෙන්නමට ලිංගික උද්දීපනයක් ඇති වෙනවා නම් විතරයි. එහෙම නැතත් එක කුණුහරුප වචනයක් වත් නැතුව අති සාර්ථක විදියට ඩර්ටි ටෝක් කරන්න පුළුවන්. තමන්ගේ නිර්මාණශීලීත්වය ඒකට ඕන ඉතින්.

 

 

6. පුද්ගලික අපහාස එපා

මෙන්න මේක ගැන බොහොම පරිස්සම් වෙන්න ඕන. ඒ කියන්නේ, දැන් ඩර්ටි ටෝක් වලදී ඩර්ටි කම උපරිමයෙන් පවත්වා ගන්න කොට එකිනෙකාට කුණුහරුප වලින් හරි ඒ ලෙවල් එකටම යන්නෙ නැති වෙනත් ඩර්ටි වචන වලින් හරි කතාබහ කරගන්න පුළුවන්. හැබැයි ඒ, ඒක දෙන්නටම උත්තේජනයක් ගේන දෙයක් නම් විතරයි.

 

හැබැයි මෙතනදී මතක තියාගන්න ඕන අනික් කෙනාට රිදෙන්න පුළුවන් පුද්ගලික අපහාස නොකර ඉන්න. විශේෂයෙන්ම ශරීරය ගැන, ශරීර හැඩය හෝ ශරීර ප්‍රමාණය ගැන, යම් යම් ශරීරාංග වල, ලිංගික අවයව වල ප්‍රමාණයන් ගැන, එතකොට එකිනෙකාගේ පර්ෆෝමන්ස් ගැන එහෙම මොන තරම් ඩර්ටි ටෝක් සීන් එකකදී වුණත් සඳහන් නොකර ඉන්න එක හොඳයි. කාටහරි හියුමිලියේෂන් ෆැන්ටසීස් තියෙනවා නම් ඉතින් එව්වා වෙනම කාරණා. අපි මේ පොදුවේ සඳහන් කරන්නේ එහෙම විශේෂ අවස්ථා විදියට සළකන්න අවශ්‍ය නැති තැන් ගැන.

 

 

7. කරන දේ කියමුද?

මේක ඩර්ටි ටෝක් ඉගෙන ගන්නකොට ප්‍රගුණ කරන්න පුළුවන් බොහොම සාර්ථක ක්‍රමයක්. සරලවම, අශ්ශීල, අසැබි වචනත් එක්ක තමන් සෙක්ස් කරනකොට කරන දේවල් කියන්න. ඔව්, ඒ කියන්නේ කිය කියා කරන්න කියලා තමයි. උදාහරණයක් විදියට මුඛ සංසර්ගයේ යෙදෙන්න යනවා නම්, “මං ඔයාට xxxxx යන්නේ රත්තරන්” කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් “මං දැන් ඔයාව මෙහෙම අරගෙන xxxxx කරන්නයි යන්නේ, ඔයා ආසයි නේද පැටියෝ ඒකට?” වගේ දෙයක් අහන්න පුළුවන්. ඒ විදියට කෙඳිරිලි, තෘප්තිමත් ශබ්ද එක්ක මුහුකරමින් සම්පූර්ණ සෙක්ස් කිරීම පුරාවටම කරන දේවල් කීම ඉතාම හොඳ උත්තේජනයක් දෙන්නටම ලබාදෙන්න පුළුවන්. මේකත් අර උඩ කියපු විදියට ප්‍රැක්ටිස් රන් එකකින් පටන් ගන්න පුළුවන් වැඩක්!

 

දැන් පැහැදිළියිනේ කොහොමද හරියට ඩර්ටි ටෝක් ගොඩදාගන්නේ කියලා. සමහරුන්ට මේක අල්ලන්නෙ නැති වෙන්න පුළුවන්. සමහරු ඩර්ටි ටෝක් වලට ඉතාම මනාප වෙන්න පුළුවන්. ඒ දෙකෙන් කෝක වුණත් ගැටළුවක් නෑ. අපි හැම වෙලේම කියන විදියට සෙක්ස් කියන්නේ අතිශයින්ම ආට් එකක්. ඉතින් ඩර්ටි ටෝක් කියන්නෙත් ඒක වර්ණ ගන්වන එක ක්‍රමයක්. ඒක තිබ්බා කියලා ගැටළුවක් නෑ. ඒක නැහැ කියලත් අවුලක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *