අපේ රටේ ප්‍රධාන පෙළේ කෞතුකාගාර ගණනාවක් රට පුරා විසිරිලා තියෙනවා. ඊට අමතරව ඇතැම් ආරංචි මාර්ග වලට අනුව පෞද්ගලික කෞතුකාගාර විවිධ පුද්ගලයන් විසින් පවත්වාගෙන යනවා. මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් රජය විසින් පවත්වාගෙන යන කෞතුකාගාර වලට වගේම ඇතැම් වෙලාවට පෞද්ගලික කෞතුකාගාර වලටත් ගිහිල්ලා ඇති. අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ අතිශයින් ජනාදරයට පත් වෙච්ච කෞතුකාගාර කීපයක් ගැන
1. ලූවර් කෞතුකාගාරය
ලෝකයේ ඇති ජනප්‍රියම සහ සම්භාවනීයම කෞතුකාගාරය විදිහට අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර පිහිටා ඇති ලූවර් කෞතුකාගාරයයි. එම කෞතුකාගාරය නැරඹීමට යන කෙනෙක්ට මධ්‍යතන යුගයේ පටන් මෑත කාලය දක්වාම යුරෝපයේ විශිෂ්ට කලා කෘති වල එකතුවක් නරඹන්නට පුළුවන්. මීට අමතරව ලොව පුරා පැරණි ශිෂ්ටාචාරවල කෞතුක වස්තූන් වලිනුත් ලූවර් පොහොසත්. ආරම්භයේදී රාජ මාළිගයක් වුණු ලූවර් මාළිගය ප්‍රංශ විප්ලවයෙන් පසුව කෞතුකාගාරයක් බවට පරිවර්තනය වුණා. සුප්‍රකට වීනස් ප්‍රතිමාව සහ මොනාලිසා චිත්‍රය මේ කෞතුකාගාරයේ ඇති වැඩිම ආකර්ෂණයක් ලබාගන්නා කලා නිර්මාණයක් යුග්මයක්.
2. නිව්යෝර්ක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය
මෙම කෞතුකාගාරය සැළකෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළ පිහිටා ඇති විශාලතම කලා කෞතුකාගාරය ලෙසයි. මෙහි ප්‍රදර්ශනය වන ඇතැම් කලා නිර්මාණ අවුරුදු පන්දහසක් දක්වා ඉතිහාසයකට උරුමකම් කියනවා. 1870 දී ආරම්භ වුණු මෙම කෞතුකාගාරය විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරමින් තමන් සතු නිර්මාණ ප්‍රමාණය වැඩි කර ගත්තා. ඒ නිසා පුරාණ ඊජිප්තු කලා නිර්මාණ එකතුව සහ යුරෝපීය චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර එකතුව ඉහළ මට්ටමක පවතිනවා.
3. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය
මේ කෞතුකාගාරය පිළිබඳව මීට පෙර ලිපියකිනුත් අපි කතා කළ බව ඔබට මතක ඇති. 1753 වර්ෂයේ දී මෙහි ඉදිකිරීම් ආරම්භ වන අතර එය නිම වූයේ 1759දීයි. ලොව ඉදිවූ ප්‍රථම ස්වභාවික කෞතුකාගාරය ලෙස සැළකෙන මෙම කෞතුකාගාරය සඳහා කලා නිර්මාණ අත්පත් කරගත් ආකාරය පිළිබඳව අදටත් විවිධ වාද විවාද පවතිනවා. කෙසේ නමුත් ඇතැම් පාර්ශ්ව නම් පවසන්නේ ඇතැම්විට මානව වර්ගයාට අහිමිවන්නට තිබූ කලා නිර්මාණ රැක ගැනීමට කටයුතු කිරීම පිළිබඳව බ්‍රිතාන්‍යයට ස්තූතිවන්ත විය යුතු බවයි.
4. උෆිසි කලාගාරය
ඉතාලියේ පිහිටා ඇති මෙම මහා කලාගාරය ඉදිවීමට 1560 සිට 1580 දක්වා වසර විස්සක් පමණ ගතවූ බව කියවෙනවා. මධ්‍යතන යුගයේ සහ පුනර්ජීවන යුගයේ විවිධ කලාකරුවන් අතින් නිර්මාණය වුණු කලා කෘති රැසක් මෙම කලාගාරය තුළ කලා රසිකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙනවා. එසේම ඉතාලියේ සුප්‍රකට රදළ පවුලක් වූ මෙඩිසි පවුලේ කලාකෘති එකතුවෙන් බොහොමයක් මෙම කලාගාරයේ අයිතියට නතුව තිබෙනවා.
5. හර්මිටේජ් කෞතුකාගාරය
ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි තැන හිමිකර ගන්නා කලා කෞතුකාගාරය වන හර්මිටේජ් කලා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන තිබෙන්නේ මහා කැතරින් අධිරාජිනියයි. ආරම්භයේ දී පෞද්ගලික කෞතුකාගාරයක් ලෙස පැවතුණු මෙය රුසියානු රාජවංශයේ ඇද වැටීමෙන් පසුව මහජන කෞතුකාගාරයක් බවට පත්වුණා. අද වන විට මිලියන තුනකට අධික කලා කෘති රැසකට සෙවණ දෙන මෙම කෞතුකාගාරය එරට ඓතිහාසික ගොඩනැගිලි හයක් පුරා විහිදී යන අතිදැවැන්ත සංකීර්ණයක් බවට පත්ව තිබෙනවා.
6. ස්මිත්සෝනියන් ආයතනය
ස්මිත්සෝනියන් ආයතනය සැළකෙන්නේ ලෝකයේ ඇති අති දැවැන්තම පරිපූර්ණ කෞතුකාගාරය ලෙසයි. ඇතැම් වාර්තා වලට අනුව වසර කීපයක් කෞතුකාගාරයේ ගතකරමින් වුවත් ඔබට නැරඹීමට හැකි වන්නේ එහි ඇති කලා එකතුවෙන් සීයට 10ක පමණ ප්‍රමාණයක් පමණයි. මෙම ආයතනයට අධ්‍යාපනික සහ පර්යේෂණ අංශයක්, විවිධ කෞතුකාගාර 19ක් සහ ජාතික සත්වෝද්‍යානයක් ඇතුළත්වනවා.මෙම කෞතුකාගාරයේ ආරම්භය පිළිබඳව රසවත් කතාවක් පවතිනවා. ඒ පිළිබඳව අපි ඉදිරි ලිපියකින් ඔබට තොරතුරු ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
7. වතිකානු කෞතුකාගාරය
ලෝකයේ ඇති කුඩාම රාජ්‍යය වන වතිකනයට යන සංචාරයක් එහි ඇති සුවිශේෂී කෞතුකාගාරය නැරඹීමට යෑමෙන් තොරව සම්පූර්ණ වන්නේ නැහැ. සියවස් ගණනාවක් පුරා ශුද්ධෝත්තම පියතුමන්ලා සහ කතෝලික පල්ලිය විසින් එක්රැස් කළ කලා නිර්මාණ සහ කෞතුක වස්තු ගණනාවක් නැරඹීමට ඔබට එහිදී පුළුවන්. ඒ අතරට පුනර්ජීවන යුගයට අයත් කලා නිර්මාණ සේම රෝම කලා නිර්මාණද ඇතුළත් වෙනවා.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply