ඉන්දියන් ස්ටයිල් එකට වම්බටු හදාගන්න ක්‍රම කීපයක් දැනගන්න

අපි මීට කලින් වම්බටු රෙසිපි ගොඩක් ගෙනල්ලා තිබුණත් අද කතා කරන්න යන්නෙ ඉන්දියාවට ආවේණික වූ වම්බටු රෙසිපි ටිකක් ගැනයි. ඉන්දියානුවන් එක එක රසින් හදන මේ වම්බටු රෙසිපි ඔයාලත් අනිවා ට්‍රයි කරලා බලන්න. 

 

1. Aloo Brinjal

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සාමාන්‍ය ප්‍රමාණයේ වම්බටු ග්‍රෑම් 500
  2. අල ගෙඩි 5
  3. මිරිස්කුඩු තේ හැඳි 2
  4. කහකුඩු තේ හැඳි 1
  5. තුනපහකුඩු තේ හැඳි 1
  6. ගරම් මසාලා තේ හැඳි 2
  7. එළවළු තෙල් ටිකක් 
  8. ලුණු

 

  • වම්බටු ටික දික් අතට කපාගන්න. මේක
  • ලුණු වතුරෙ පැය කාලක් වගේ දාලා තියන්න. අල ටිකත් සාමාන්‍ය ගාණට කපාගන්න. 
  • තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට අල හා වම්බටු දාලා මද ගින්නෙ පොඩ්ඩක් බැදගන්න. 
  • ඊළඟට මිරිස්කුඩු, කහකුඩු හා රස අනුව ලුණු දාගන්න. ගරම් මසාලා ටිකත් දාලා කලවම් කරගන්න. 
  • දැන් මේක වහලා විනාඩි 10ක් වගේ පිසගන්න. සැරෙන් සැරේ හැඳිගාන්න අඩිය අල්ලන්න දෙන්න එපා. අල හොඳට තැම්බුනාම ලිප නිවාගන්න. 

 

2. Begun Bhaja

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මහත වම්බටු කරල් කිහිපයක් 
  2. මිරිස්කුඩු තේ හැඳි 1
  3. කහකුඩු තේ හැඳි 1/2
  4. ගරම් මසාලා තේ හැඳි 1
  5. හාල්පිටි මේස හැඳි 1
  6. රස අනුව ලුණු
  7. බැදීමට තෙල්

 

  • වම්බටු ටික සෝදලා තෙත අයින් කරගන්න. දැන් අඟල් බාගෙක වගේ පෙති කපාගන්න. 
  • මේ ටික ලුණු වතුරෙ විනාඩි 15ක් වගේ දාලා තියන්න. මේ වම්බටු පෙති වලට මිරිස්කුඩු, කහකුඩු, ගරම් මසාලා හා ලුණු දාලා කලවම් කරගන්න. මේක විනාඩි 10ක් වගේ තියලා හාල්පිටි වල තවරලා පෑන් එකක බැදගන්න. 

 

3. Baingan Bharta

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වම්බටු කරල් 2
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. තක්කාලි ගෙඩි 2
  4. චොප්කරගත් සුදුළූණු බික් 4
  5. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  6. මිරිස්කුඩු තේ හැඳි 1/2
  7. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් 
  8. තෙල් ටිකක් 
  9. ලුණු

 

  • වම්බටු වල තෙල් ටිකක් ගාලා කෙළින්ම ගින්දරට අල්ලන්න. එහෙමත් නැතිනම් ග්‍රිල් කරගන්න. වටේ පොත්ත හොඳට පිළිස්සුනාම පොත්ත ගලවන්න. ඊලඟට මේක පොඩි කරගන්න. 
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු හා සුදුළූණු දාලා බැදගන්න. ටිකකින් අමුමිරිස් ටික දාගන්න. ඊටපස්සෙ තක්කාලි ටික දාලා කලවම් කරගන්න. 
  • තක්කාලි ටික පල්ප් එකක් වගේ වෙනකොට මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. දැන් පොඩි කරගත් වම්බටු ටික දාලා කලවම් කරන්න. 
  • රස අනුව ලුණු දාලා විනාඩි 5ක් වගේ පිසගෙන ලිපෙන් බාගන්න. උඩින් චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් දාගන්න. 

 

4. වම්බටු රයිස් (Brinjal Rice) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පිසගත් බාස්මතී බත් කෝප්ප 2
  2. අබ තේ හැඳි 1/2
  3. සන්ෆ්ලවර් තෙල් ටිකක් 
  4. රෝස්ට් කරගත් කජු ටිකක්
  5. වියළි මිරිස් කරල් 2
  6. දික් අතට කපාගත් වම්බටු කරල් 2
  7. කරපිංචා ටිකක් 
  8. පෙරුම්කායම් පින්ච් එකක්
  9. සියඹලා කෝප්ප 1/2
  10. උණුවතුර කෝප්ප 1/4
  11. ලුණු
  12. ගාගත් පොල් මේස හැඳි 1
  13. කහකුඩු ටිකක්
  14. මසාලා පව්ඩර් මේස හැඳි 2
  15. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් 

 

  • සියඹලා වලට උණුවතුර දාලා පල්ප් එකක් හදාගන්න. වම්බටු ටික ලුණු වතුරෙ ටිකක් වෙලා දාලා තියන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. අබ ටික පුපුරනකොට රෝස්ට් කරගත් කජු ටික දාගන්න. ඊළඟට වියළි මිරිස්, කරපිංචා හා පෙරුම්කායම් දාලා කලවම් කරලා කපාගත් වම්බටු ටික දාගන්න. 
  • මේකට කහකුඩු දාලා රස අනුව ලුණු එකතු කරන්න. වම්බටු ටික වහලා මදක් පිසුනම ඇරලා වතුර ටිකක් දාන්න. භාජනයෙ ඇලෙන්න දෙන්න එපා. 
  • ඊළඟට මේකට සාදාගත් සියඹලා පල්ප් එක දාගන්න. මසාලා පව්ඩර් එකතු කරන්න. කලවම් කරලා වහන්නෙ නැතුව පිසගන්න. 
  • වතුර මදි නම් තව වතුර ටිකක් දාගන්න. වම්බටු හොඳට පිසුණම ගාගත් පොල් ටික දාලා කලවම් කරන්න. වතුර ගතිය තියෙද්දිම බත් ටික දාලා කලවම් කරන්න. ටිකකින් ලිපෙන් බාගන්න. 

 

5. වම්බටු සාම්බාර් (Brinjal Sambar) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. දික් අතට කපාගත් වම්බටු කරල් 4
  2. තෝර පරිප්පු කෝප්ප 1/2
  3. චොප්කරගත් තක්කාලි ගෙඩි 3
  4. සුදුළූණු බික් 4
  5. තෙල් ටිකක් 
  6. අබ ටිකක් 
  7. උළුහාල් ටිකක් 
  8. සූදුරු ටිකක් 
  9. කරපිංචා ටිකක් 
  10. ‍රතුළූණු 10-12
  11. චොප්කරගත් ළූණු ගෙඩි 1
  12. කහකුඩු තේ හැඳි 1/2
  13. සාම්බාර් කුඩු මේස හැඳි 1
  14. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  15. සියඹලා යුෂ කෝප්ප 1/2
  • තෝර පරිප්පු පෙඟෙන්න දාලා සෝදලා අරන් ප්‍රෙශර් කුකර් එකට දාගන්න. මේකට චොප්කරගත් තක්කාලි හා සුදුළූණු දාලා විසිල් 3ක් යනකල් පිසගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. මේකට සූදුරු, උළුහාල් ටිකත් දාලා කරපිංචා ටික එකතු කරන්න. ඊළඟට රතුළූණු ටික ගෙඩි පිටින් දාගන්න. චොප්කරගත් ළූණු ටිකත් දාගන්න. 
  • මේ ටික හොඳට බැදගන්න. ටිකකින් කපාගත් වම්බටු ටික දාගන්න. කලවම් කරලා කහකුඩු, සාම්බාර් කුඩු හා කොත්තමල්ලි කුඩු එකතුකරන්න. හොඳට කලවම් කරලා වතුර ටිකක් දාලා වහලා පිසගන්න. 
  • පරිප්පු ටික පොඩි කරගන්න. වම්බටු ටික හොඳට ඉදුණම මේ පොඩි කරගත් පරිප්පු ටික දාලා රස අනුව ලුණු දාලා සියඹලා යුෂ ටික දාගන්න. තවත් විනාඩි 5ක් විතර හැඳිගාලා ලිපෙන් බාගන්න. 

 

6. Gutti Vankaya curry

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බෝල වම්බටු ගෙඩි 5
  2. ලුණු

 

මසාලා පේස්ට් එකට

 

  1. රටකජු මේස හැඳි 3
  2. තල ඇට මේස හැඳි 2
  3. කොත්තමල්ලි ඇට මේස හැඳි 1
  4. සූදුරු තේ හැඳි 1
  5. උළුහාල් තේ හැඳි 1/4
  6. කුරුඳුපොතු කෑල්ලක්
  7. එනසාල් ඇට 2
  8. කරාබුනැටි 4
  9. පොල් කැබලි කෝප්ප 1/4
  10. ඉඟුරු කෑල්ලක්
  11. සුදුළූණු බික් 3
  12. ලියාගත් ළූණු ගෙඩි 1/2
  13. මිරිස්කුඩු තේ හැඳි 1
  14. කහකුඩු තේ හැඳි 1/2
  15. ලුණු
  16. අබ ටිකක් 
  17. සූදුරු ටිකක් 
  18. අමුමිරිස් කරල් 1
  19. කරපිංචා ටිකක් 
  20. ලියාගත් ළූණු ගෙඩි 1
  21. කහකුඩු තේ හැඳි 1/4
  22. මිරිස්කුඩු තේ හැඳි 1/2
  • වම්බටු නැට්ට පැත්තෙන් වෙන් නොවෙන සේ යටි පැත්තෙන් හතරට පලාගන්න. මේකට ලුණු ටිකක් දාලා වතුර කෝප්ප 2ක් වගේ දාලා විනාඩි 15ක් තියන්න. 
  • රටකජු ටික කබලෙ බැදගන්න. මේකටම තල ඇට ටිකත් දාලා කලවම් කරගන්න. ඊළඟට කොත්තමල්ලි, සූදුරු, උළුහාල්, කුරුඳුපොතු, එනසාල් හා කරාබුනැටි දාලා කලවම් කරලා පොල් ටිකත් දාලා අඩු ගින්දරේ විනාඩි 5ක් විතර බැදගන්න.
  • මේ ටික ග්‍රයින්ඩර් එකට දාලා ඉඟුරු හා සුදුළූණු ටික දාලා ලියාගත් ළූණු, මිරිස්කුඩු, කහකුඩු හා ලුණු දාලා වතුර කෝප්ප 1/4ක් වගේ දාලා ග්‍රයින්ඩ් කරගන්න. 
  • දැන් සාදාගත් තික් පේස්ට් එක කපාගත් වම්බටු ඇතුළට රිංගවන්න. පෑන් එකක් ලිපේ තියලා රත්වෙනකොට තෙල් ටිකක් දාගන්න. ඒකට අබ හා සූදුරු ටික දාන්න. මේකටම කරපිංචා, අමුමිරිස්, ලියාගත් ළූණු දාලා බැදගන්න. 
  • ටිකකින් කහකුඩු හා මිරිස්කුඩු දාගන්න. කලවම් කරලා ළූණු ටික මැලවුනාම සාදාගත් වම්බටු ටික දාගන්න. විනාඩි 2ක් විතර වහලා පිසගන්න. අවශ්‍ය නම් වතුර ටිකක් දාලා වම්බටු තැම්බෙනකල් පිසගන්න. 

 

7. වම්බටු පකෝරා (Brinjal Pakora) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වම්බටු කරල් 4-5
  2. කඩල පිටි කෝප්ප 1
  3. කහකුඩු තේ හැඳි 1/4
  4. මිරිස්කුඩු තේ හැඳි 1/2
  5. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  6. තුනපහකුඩු තේ හැඳි 1/2
  7. බේකින් සෝඩා පින්ච් එකක්
  8. ලුණු රස අනුව
  9. බැදීමට තෙල්

 

  • වියළි ද්‍රව්‍ය සියල්ලම එකතු කරලා වතුර ටික ටික දාලා ස්මූත් බැටර් එකක් හදාගන්න. 
  • වම්බටු ටික හීනි පෙති කපලා ලුණු වතුර එකක ටිකක් වෙලා දාලා තියන්න. දැන් මේ වම්බටු පෙති වල වතුර මිරිකල සාදාගත් බැටර් එකේ දාලා ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *