අද අපි කතා කරන්න යන්නේ එක සංවේදී සිද්ධියක් ගැන. ඔයාලා දන්නවත් ඇති මේ සිද්ධිය ගැන. සමහරවිට මේ ගැන නොදන්න අයත් ඇති. අපි කියන්න යන්නේ මීට කලෙකට ඉහතදී තලෙයිබාන් ත්‍රස්තවාදීන් අතින් විනාශයට පත් වූ බාමියන් ප්‍රතිමා ගැනයි.
1. පිහිටීම හා විශාලත්වය
මේ පිළිමවල දැන් ඉතිරිවෙලා තියෙන්නේ නටබුන් කිහිපයක් විතරයි. ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නගරයේ ඉඳලා සැතපුම් අසූවක් විතර වයඹ පැත්තට වෙන්න හසාරජට් කියන ප්‍රදේශයේ බාමියන් නිම්නයේ කඳුබෑවුමක තමයි මේ ප්‍රතිමා පිහිටා තිබුණේ. මේ ප්‍රතිමා වලින් විශාලතම ප්‍රතිමාව අඩි 180ක් විතර උසයි. එය ලොව විශාලතම ප්‍රතිමාවලටත් එක්වෙනවා. ඒ වගේම මේ පිළිම ඉන්දියාවේ හිටපු කුශාන් රජවරුන් විසින් ඉදිකරන ලදැයි කියලා තමයි පුරා විද්‍යාඥයින් විශ්වාස කරන්නෙ.
2. ආභාෂය
මේකට ආභාෂය ඇවිත් තියෙන්නේ මහා ඇලෙක්සැන්ඩර් රජුගෙ කාලයේ කියලත් ජනප්‍රවාද වල තියෙනවා. ඇලෙක්සැන්ඩර් රජුත් එක්ක ආව ග්‍රීක කණ්ඩායමක් ඉන්දියාවට උතුරින්, ඒ කියන්නෙ ඇෆ්ගනිස්ථානයේ මේ බාමියන් නිම්නය ආශ්‍රිතව නැවතුණා කියල ජනප්‍රවාදවල තියෙනවා. ඒ කාලයේ ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව පාලනය කරපු නිසාත් ග්‍රීක ආභාෂය මේ බෞද්ධ ප්‍රතිමා නිමකිරීමේදී යොදාගෙන තියෙනව කියලත් කියනවා. මෙම ප්‍රතිමා ලංකාවේ බුදුරුවගල තියෙන පිළිමවලටත් සෘජුවම නොවුණත් සමහර සමානකම් පෙන්නනවා. ගාන්ධාර කලාවේ සම්භාව්‍ය ලක්ෂණ මිශ්‍ර වුණු ශෛලියක් මේ පිළිම නියෝජනය කරනවා කියලත් සමහරු අදහස් කරනවා…
3. වාර්තා
අතීතයේ මේ අවට සේද මාවතක් විදියටයි හඳුන්වලා තියෙන්නේ. මොකද චීනයේ රෙදිපිළි යුරෝපයට ප්‍රවාහනය කළේ මේ මාවතේ කියලත් ජනප්‍රවාද වල තියෙනවා. තව මේ පිළිම මෙච්චර වටින්නේ සහ සාමාන්‍ය පිළිමවලට වඩා වෙනස් වෙන්නේ මේ පිළිමවල මතුපිට පිදුරු සහ මැටි යොදාගෙන කරන ලද සුමට ආවරණය නිසා සහ පාද, දෑස්, මුහුණ විවිධ වර්ණ වලින් වර්ණ ගන්වලා තියෙන නිසායි. අතීත චීන භික්ෂූන්ගේ සංචාරක සටහන් වලත් මේ ප්‍රතිමා ගැන සටහන් වෙලා තියෙනවා…
4. 2001 ට පෙර ප්‍රහාර
මේ විශාල ප්‍රහාරයට කලින් ගොඩාක් ඉස්සර මේ ප්‍රතිමා වලට විවිධ පුද්ගලයින් හානිකරලා තියෙනවා. මූගල් අධිරාජ්‍යයෙක් වුණ ගෙන්ගීස් ඛාන් මුලින්ම මේ ප්‍රතිමා වලට ප්‍රහාරයක් එල්ල කරනවා. 1618 දී ඇෆ්ගනිස්ථානය පාලනය කරපු ඉස්ලාම් මූලධර්මවාදියාත් මේ ප්‍රතිමාවලට හානි කරනවා. නඩා අෆ්කා කියන ඉස්ලාම් පාලකයා මෙය ගිනිතබා විනාශ කරන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. 1830 දී රහමන් නමින් හඳුන්වන අයෙකුත් මෙම ප්‍රතිමාවල මුහුණුවලට හානි සිදු කරනවා…
5. 2001 විනාශය
මේ විනාශය තමයි බාමියන් ප්‍රතිමා වලට සිදු කළ දරුණුතම විනාශය. හරියටම 2001 අවුරුද්දේ මාර්තු මසදී තලෙයිබාන්වරුන්ගේ අතින් මෙම ප්‍රතිමා විනාශයට පත්වෙනවා. මෙම හිතපිත් නොමැති ක්‍රියාවේ නායකයා වුණේ මුල්ලා මොහොමඩ් ඕමාර් නැමැත්තායි. ඔවුන්ගේ සංවිධානය විසින් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම සහ වෙනත් ආගම්වලට අයත් සිද්ධස්ථාන විනාශ කිරීම අරමුණු කිරීම නිසයි මේ මහා විනාශය සිදු කරනු ලැබුවේ. මුලදී ගුවන් යානා නාශක ප්‍රහාර එල්ල කර මේ පිළිම විනාශ කිරීමට ඔවුන් උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වන්නේ නැහැ. පසුව ඔවුන් ඒ සඳහා ටොන් ගණනක ඩයිනමයිට් යොදා ගන්නවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ ජනතාවත් මෙම විනාශකාරී ක්‍රියාව සඳහා ත්‍රස්තයන් විසින් බලහත්කාරයෙන් වැඩෙහි යොදවා ගෙන තිබෙනවා.
6. ජාත්‍යන්තර විරෝධය
බාමියන් බුදු පිළිම විනාශ කිරීමට තලේබාන් සංවිධානය තීරණය කිරීමත් සමග ලොව පුරා විවිධ රටවලින් මේ සඳහා දැඩි විරෝධයක් එල්ල වුණා. ලෝක උරුම සුරකින යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක ඉස්ලාම් රාජ්‍ය සමුළුවක් කැඳවූ අතර එම රටවලින්ද මේ විනාශය සඳහා දැඩි විරෝධයක් එල්ල වුණා. තලේබාන් හිතවාදී මුස්ලිම් රටවල් වූ පාකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය පවා මේ විනාශය සිදු නොකරන ලෙසට තම විරෝධතාවය දැක්වුවා. එහෙත් ඒ කිසි විරෝධයකින් ඵලක් වුණේ නම් නැහැ.
7. අතුරු ප්‍රතිඵල
මේ අන්තවාදීන්ට ස්වභාවධර්මයෙන් බේරෙන එක ලේසි දෙයක් වුනේ නෑ. ඉතා ඉක්මනින් ඔවුන්ටත් ඒ කර්මයේ ඵල විපාක ලැබුණා. ඇමෙරිකානු මෙහෙයුම් වලින් ඔවුන්ගේ නායකයන් හා සංවිධානය විනාශ වුණේ දරුණු වධ වේදනා සමගිනුයි. 2013 දී මේ විනාශයට මූලික වූ මුල්ලා මොහොමඩ් ඕමාර් පාකිස්ථානයේදී මිය ගිය බවට හෙළිවුණා. ක්ෂය රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී තමයි ඔහු මිය යන්නේ.
කොහොම වුණත් මේ බාමියන් පිළිම නැවතත් ප්‍රතිසංස්කරණ කිරීම පිළිබඳ කාලයෙන් කාලයට නොයෙක් අදහස් පළවෙනවා. මෙම පිළිම නැවත ඉදිකිරීම ඉතාම දුෂ්කර සහ වියදම් අධික කාර්යයක් වනු ඇතැයි කියලා තමයි විශේෂඥයින්ගේ මතය වන්නේ. නැවත එම නව නිමැවුම් සිදු වුණත් ලෝක උරුමයක් වුණු සැබෑ ඉපැරණි බාමියන් පිළිම දැන් විනාශ වෙලා ඉවරයි. අන්තවාදී මතධාරීන් නිසා මුළු ලෝකෙටම අහිමි වුණු වටිනා ඓතිහාසික වස්තුවක් හැටියට බාමියන් පිළිම ඉතිහාසයට එකතු වනවා.
ශශින් ප්‍රබෝද්
Leave a Reply