යූටියුබ් ප්ලේ බට්න්ස් (YouTube play buttons) ගැන ඔයාලා නොදන්නා කරුණු

යූටියුබ් එකේ සැරිසැරුවට ගොඩක් අය දන්නෙ නෑ මේ යූටියුබ් ප්ලේ බට්න්ස් කියන්නෙ මොනවද කියලා. අද අපි ආවේ ඒ ගැන පොඩි විස්තරයක් කරන්න. මොනාද මේ බට්න්ස්? යූටියුබ් චැනල් ක්‍රියේටර්ස්ලා එහෙමත් නැතිනම් යූටියුබර්ස්ලා යූටියුබ් එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ලබාගන්න ආකාරය අනුව යූටියුබ් ආයතනය විසින් එයාලට දෙන අවෝර්ඩ් එකක් තමයි මේ. මේ වගේ අවෝඩ් බට්න්ස් 5ක් දැනට යූටියුබ් ආයතනය හඳුන්වල දීලා තියනවා. අපි එහෙනම් බලමු මේ ගැන වැඩි විස්තර. 

 

1. සිල්‍වර් ක්‍රියේටර් අවෝඩ් (Silver creator award) 

සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයක් සම්පූර්ණ කළාම යූටියුබ් ආයතනයෙන් පිරිනමන අවෝඩ් එක තමයි මේ. දැනට ලෝකයේ තියන බොහොමයක් යූටියුබ් චැනල් මේ අවෝඩ් එක අරන් තියනවා. ලංකාවෙත් ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ අතරින් ඉවුම් පිහුම් චැනල්, ගායක ගායිකාවන් සහ සෙලිබ්‍රිටිලා විශේෂයි. මේ වගේ අවෝඩ් එකක් ලැබෙන මටටමට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලැබුනම යූටියුබ් ආයතනය ඒ අවෝඩ් එක ගෙදරටම එවනවා. තමන්ගෙ චැනල් එකට යූටියුබ් ආයතනය විසින් දෙන සමරු සිහිවටනයක් තමයි මේ. 

 

2. ගෝල්ඩ් ක්‍රියේටර් අවෝඩ් (Gold creator award) 

මේකෙදි මූලිකවම සපුරන්න ඕනේ සබ්ස්ක්‍රයිබ්ස් මිලියනයක්. ඒ කියන්නෙ ලක්ෂ 10ක්. ලෝකේ වගේම ලංකාවෙත් ගොඩක් චැනල් තියනවා මේ සීමාව පහු කරලා ගිය. අපි නම් වශයෙන් පහළ කියන්නම් ඒ ගැන. හැබැයි ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් ගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේම ගෝල්ඩ් අවෝඩ් එකක් හම්බවෙනවා කියන්නෙ ඉතින් ආයෙ මාරම ආඩම්බරයක් තමා. 

 

3. ඩයමන්ඩ් ක්‍රියේටර් අවෝඩ් (Diamond creator award) 

සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 10ක් සම්පූර්ණ කළාම තමා මේ අවෝඩ් එක ලැබෙන්නෙ. ලංකාවෙ නම් තාම මේ අවෝඩ් එක ගත්තු එකම යූටියුබ් චැනල් එකක්වත් නෑ. හැබැයි වෙනත් රටවල් වල ඉන්නවා. ලංකාවෙ ගොඩක් නිවුස් චැනල් මේ තැනට ළඟා වෙන්න උත්සහ කරනවා. අපි බලමු ඉතින් ඉදිරියෙදි කවුද ලංකාවෙ මුලින්ම මේ තැනට එන්නෙ කියල. 

 

4. රූබි ක්‍රියේටර් අවෝඩ්/කස්ටම් ක්‍රියේටර් අවෝඩ් (Ruby creator award)

ගොඩක් ඉහළම මට්ටමක තියන අවෝඩ් එකක් තමයි මේ. සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 50ක් පසු කළාම තමයි මේ අවෝඩ් එක ලැබෙන්නෙ. මේකට නිසි නමක් යූටියුබ් ආයතනයෙන් දීලා නෑ. මේක මේක මුලින්ම ලබාගත්තෙ PewDiePie කියන චැනල් එක. මේ ගැන අපි කලින් කතා කළා වෙන ලිපියක. ඉතින් මේ යූටියුබ් චැනල් එක මේ අවෝඩ් එකට නම තිබ්බා රූබි ක්‍රියේටර් අවෝඩ් කියලා. ඒ ඔවුන්ට රූබි මැණික් වර්ණයෙන් යුතු අවෝඩ් එකක් ලැබුණු නිසා. හැබැයි මේක කස්ටම් මේඩ් අවෝඩ් එකක්. ඒකට හොඳම උදාහරණය තමයි T – Series චැනල් එකට ලැබුණෙ වර්ණයක් රහිත වීදුරු වගේ අවෝඩ් එකක්. ඒ වගේ එක එක්කෙනාට වෙනස් පෙනුමැති අවෝඩ් ලැබෙන්න පුළුවන් මේ කැටගරි එකෙන්. 

 

5. රෙඩ් ඩයමන්ඩ් (Red diamond creator award) 

සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 100ක් පහුකළාම හම්බවෙන අවෝඩ් එක තමයි මේ. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ වෙනකොට ලෝකෙන්ම මේ අවෝඩ් එක අරන් තියෙන්නෙ යූටියුබ් චැනල් 4ක් විතරයි. පහළින් ඒ ගැන විස්තර දාන්නම් සර්ච් කරලා බලන්න. ත්‍රිකෝණාකාර රතු ක්‍රිස්ටල් යූටියුබ් ලාංඡනයක් තමා මේ අවෝඩ් එකේ තියෙන්නෙ. ඇත්තටම මේක දැක්කම අපිටත් මේක තිබ්බ නම් කියලා යූටියුබර්ස්ලාට මාරම ෆීලින් එකක් දැනෙනවා ඇති. 

 

6. ලංකාවෙන් මේ අවෝඩ් ගත්තු අය

උඩින් කිව්වා වගේ අපේ රටේ සිල්වර් අවෝඩ් ගත්තු චැනල් නම් බොහොමයක් තියනවා. හැබැයි ගෝල්ඩ් අවෝඩ් ගත්තු කිහිපදෙනයි ඉන්නෙ. ඒ අතරින් දෙරණ නිවුස් චැනලය, අපේ අම්මා, රැට්ටා, වස්ති ප්‍රඩක්ශන්, විලේජ් ලයිෆ්, ට්‍රැඩිශනල් මී, ස්වර්ණවාහිනී, හිරු ටීවී, ශ්‍රී ලංකන් ක්‍රිකට්, චනුක්ස් බ්‍රෝ, වොයිස් ශ්‍රී ලංකා, විනී ප්‍රඩක්ශන්, නිවුස් ෆස්ට් චැනල් විශේෂයි. A- රෑන්ක් අතර ටීවි දෙරණ හා ස්වර්ණවාහිනී හිටියත් උඩින් කිව්ව අනික් සියළුම චැනල් B+ රෑන්ක් එකේ තියනවා. 

 

7. ලෝකෙන්ම මේ අවෝඩ් ගත්තු විශේෂිත චැනල්

2016 දී PewDiepie චැනලය රූබි ක්‍රියේටර් අවෝඩ් එක ලබාගත්තට පස්සෙ ලෝකෙන්ම තවත් චැනල් 22ක් විතරයි මේ අවෝඩ් එක ගන්න සමත් වෙලා තියෙන්නෙ. ඔවුන්ගෙන් ප්‍රසිද්ධ නම් කිහිපයක් තමා 5 minutes crafts, Cocomelon, Set India, T-series, WWE, Justine Bieber, Zee music company කියන්නෙ. 

 

ඒ වගේම රෙඩ් ඩයමන්ඩ් අවෝඩ් එක මුලින්ම ලැබුණු සුවිශේෂී චැනල් එක වන්නේ T – Series චැනලයයි. ඒ 2019 වසරෙදී. ඊට පස්සෙ ඒ වර්ෂයේම Pewdiepie චැනලයත්, 2020 දී Cocomelon චැනලයත්, 2021 දි Set India චැනලයත් මේ වාර්තාවට හිමිකම් කිව්වා. 

 

ඉතින් ඔයාලත් ඔයාලගෙම යූටියුබ් චැනල් එකක් කරනවා නම් මේ අවෝඩ් පහෙන් එකක් කවද හරි ගන්නව කියන බලාපොරොත්තුව හිතේ තියාගෙනම කරන්න ඕන හොඳේ. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *