බිස්කට් හෝ පාන් කුඩු වලින් හදන්න පුළුවන් රසවත් කෑම වර්ග 7ක්

සමහර කෑම හදන කොට අතුරු අමුද්‍රව්‍යයක් විදියට අපි බිස්කට් කුඩු හෝ පාන් කුඩු පාවිච්චි කරනවා. ඉතින් එහෙම ගන්න බිස්කට් හෝ පාන් කුඩු වලින් හදාගන්න පුළුවන් රසවත් කෑම ටිකක් ගැනයි මේ කියන්න යන්නේ. මේවා හදන්න ඔයාලට බිස්කට් කුඩු ගන්නත් පුළුවන් පාන් කුඩු ගන්නත් පුළුවන්. පාන් කුඩු ගන්නව නම් ගෙදරම පාන් රෝස්ට් කරල අලුතෙන්ම පාන් කුඩු හදල ගත්තොත් වඩාත් රසවත් කඩෙන් ගන්න ඒවට වඩා. බිස්කට් කුඩු නම් ක්‍රීම් ක්‍රැකර් වගේ බිස්කට් එකකින් හදාගන්න පුළුවන්. 

 

1. බිස්කට් ක්‍රම්බ් කුකීස් (Biscuit Crumb Cookies)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිස්කට් කුඩු කෝප්ප 2 
  2. පිටි කෝප්ප 1 1/4
  3. සීනි කෝප්ප 1 1/2
  4. ලුණු කුඩු තේ හැඳි 1/2
  5. බේකින් පවුඩර් තේ හැඳි 1/2
  6. කොකෝවා පවුඩර් කෝප්ප 1 /2
  7. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1 /2
  8. බිත්තර 1
  9. වැනිලා තේ හැඳි 2
  10. එළවළු තෙල් කෝප්ප 2/3

 

  • ලොකු බෝල් එකක් අරගෙන ඒකට බිස්කට් කුඩු, පිටි, සීනි, ලුණු කුඩු, බේකින් පවුඩර්, කොකෝවා පවුඩර් දාගෙන හොඳින් කලවම් කරන්න. 
  • ඊළඟට ඒකටම ෆ්‍රෙෂ් මිල්ක්, බිත්තර, වැනිලා හා එළවළු තෙල්ද එක් කරන්න. හොඳින් මිශ්‍ර කරන්න. 
  • ඊළඟට ට්‍රේ එකක් අරගෙන ඒකට කලින් සදා ගත් මිශ්‍රණයෙන් හැන්දක් බැගින් අරන් ට්‍රේ එකට දාන්න. ඒක හැන්දෙන්ම ටිකක් තද කරන්න. සෙල්සියස් 180°ට විනාඩි 10 -12 ක් විතර බේක් කරගන්න. 

 

2. බනානා බිස්කට් ක්‍රම්බ් පුඩිම (Banana Biscuit Pudding) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිස්කට් කුඩු කෝප්ප 4
  2. පොඩි කර ගත් කෙසෙල් ගෙඩි 1 
  3. බිත්තර 1
  4. ඇපල් සෝස් කෝප්ප 1/2
  5. ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/4
  6. මී පැණි මේස හැඳි 2
  7. දුඹුරු සීනි මේස හැඳි 1
  8. කුරුඳු කුඩු තේ හැඳි ¼
  9. සාදික්කා කුඩු තේ හැඳි 1/4
  10. කරාබු නැටි කුඩු තේ හැඳි 1/4
  11. මුද්දරස්පලම් කෝප්ප 1/2

 

  • මුලින්ම අවන් එක සෙල්සියස් 180° ට ප්‍රී හීට් වෙන්න තියන්න. ඒ අතරතුර බෝල් එකක් අරගෙන ඒකට කෙසෙල්, ඇපල් සෝස්, බිත්තර, ෆ්‍රෙෂ් මිල්ක්, මී පැණි දාලා තික් බැටර් එකක් එනකන් හොඳින් කලවම් කරන්න. 
  • දුඹුරු සීනි, කුරුඳු, සාදික්කා, කරාබු නැටි දාලා හොඳින් කලවම් කරන්න. දැන් ඒකට බිස්කට් කුඩු එක් කරමින් මිශ්‍ර කරන්න. මේකට මුද්දරස්පලම් දාලා හොඳින් වහලා විනාඩි 30 ක් විතර බේක් කරගන්න. ස්ටීම් කරගන්නත් පුළුවන්. 

 

3. බිස්කට් ක්‍රම්බ් ආමන්ඩ් බෝල්ස් (Biscuit Crumb Almond Balls)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බිස්කට් කුඩු කෝප්ප 1 
  2. බිත්තර සුදුමද 2
  3. දුඹුරු සීනි කෝප්ප 1
  4. මේපල් සිරප් තේ හැඳි 1/2
  5. චොප් කරගත් ආමන්ඩ් කෝප්ප 1 

 

  • මුලින්ම අවන් එක සෙල්සියස් 180°ට ප්‍රී හිට් වෙන්න තියන්න. බිත්තර සුදුමද ස්ටිෆ් වෙනකන් හොඳට බීට් කරගන්න. 
  • දැන් ඒකට දුඹුරු සීනි හා මේපල් සිරප් එක් කරන්න. හොඳින් කලවම් කරන්න. දැන් ඒකට ආමන්ඩ් හා බිස්කට් කුඩු දාලා හොඳට මිශ්‍ර කරන්න.  
  • මේ මිශ්‍රණයෙන් පොඩියට බෝල සාදා අරගෙන කුකින් ශීට් එක මත අතුරන්න. අවසානයේ විනාඩි 20 ක් විතර එය බේක් කරගන්න. 

 

4. බිස්කට් ක්‍රම්බ් කේක් (Biscuit Crumb Cake)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිස්කට් කුඩු කෝප්ප 2 
  2. සීනි කෝප්ප 1 
  3. බේකින් පවුඩර් තේ හැඳි 1 
  4. බේකින් සෝඩා තේ හැඳි 1/2
  5. කිරිපිටි මේස හැඳි 1
  6. පාන්පිටි පිටි කෝප්ප 1
  7. ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 2
  8. වැනිලා තේ හැඳි 1/2
  9. කජු ස්වල්පයක් 

 

  • බෝල් එකක් අරගෙන ඒකට බිස්කට් කුඩු, පාන්පිටි දාලා හොඳින් මිශ්‍ර කරන්න. ඊළඟට ඒකට සීනි, බේකින් පවුඩර්, බේකින් සෝඩා හා කිරිපිටි දාලා හොඳින් කලවම් කරන්න. 
  • වෙනම බෝල් එකක් අරගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක් හා වැනිලා දාලා හොඳට මිශ්‍ර කරගන්න. දැන් කලින් සාදා ගත් බිස්කට් කුඩු මිශ්‍රණය මේකට දාන්න. ස්පැතූලා එකෙන් හොඳට කලවම් කරන්න. මේක බේකින් ට්‍රේ එකකට දාගන්න. 
  • උඩින් කජු ටිකක් ඉස ගන්න. දැන් සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 30-35 ක් බේක් කරගන්න. 

 

5. ඩීප් ෆ්‍රයිඩ් බිස්කට් ක්‍රම්බ් බෝල්ස් (Deep Fried Biscuit Crumb Balls)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිස්කට් කුඩු කෝප්ප 1 
  2. මුදවපු කිරි 500g
  3. කජු මද 100g
  4. රුලං මේස හැඳි 7
  5. සීනි මේස හැඳි 2
  6. බටර් මේස හැඳි 1
  7. එළවළු තෙල් කෝප්ප 1 
  8. බිත්තර 1
  9. රස අනුව ලුණු කුඩු 

 

  • බෝල් එකක් අරගෙන ඒකට මුදවපු කිරි, රුලං, බටර් සහ බිස්කට් කුඩු වලින් භාගයක් දාලා හොඳින් මිශ්‍ර කරන්න. ඒකටම සීනි, ලුණු කුඩු හා බිත්තරය ද එක් කරන්න. හොඳට කලවම් කරලා විනාඩි 30 ක් විතර තියන්න. 
  • ඊළඟට ඒ මිශ්‍රණයෙන් පොඩියට බෝල සාදා ගන්න. ඒ මැදට කජු මද එක බැඟින් තියලා බෝලේ හදාගන්න. 
  • අවසානයේ ඉතුරු බිස්කට් කුඩු වල තවරාගෙන ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගන්න. 

 

6. බිස්කට් ක්‍රම්බ් හල්වා (Biscuit Crumb Halwa)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිස්කට් කුඩු කෝප්ප 2
  2. ගිතෙල් මේස හැඳි 1
  3. පොඩියට කපා ගත් ආමන්ඩ් ස්වල්පයක් 
  4. පොඩියට කපා ගත් කජු ස්වල්පයක් 
  5. කුඩු කර ගත් සීනි මේස හැඳි 2
  6. ෆ්‍රෙශ් මිල්ක් ටිකක්

 

  • පෑන් එකක් ලිපේ තියලා ඒකට ගිතෙල් දාලා රත් වෙන්න තියන්න. ඒකටම කජු හා ආමන්ඩ් දාන්න. ඊළඟට බිස්කට් කුඩු දාගන්න. 
  • හොඳින් කලවම් කර ගනිමින් රෝස්ට් කරගන්න. පසුව ඒකට කුඩු කර ගත් සීනි එක් කරන්න. නැවත හොඳින් කලවම් කරන්න. 
  • ෆ්‍රෙශ් මිල්ක් ටික ටික එකතු කරල යන්තම් ක්‍රීමි ගතියට එන කොට ලිප නිවාගන්න. උණුවෙන්ම පිළිගන්වන්න. 

 

7. සූජි විත් බිස්කට් ක්‍රම්බ් (Sooji with Biscuit Crumb)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් 10g
  2. සිහින්ව කපා ගත් ළූණු ගෙඩි 1 
  3. මුද්දරස්පලම් ස්වල්පයක් 
  4. ආමන්ඩ් ඇට 15 පමණ
  5. බිස්කට් කුඩු කෝප්ප 1 
  6. වතුර කෝප්ප 5
  7. එනසාල් 
  8. කුරුඳු 
  9. ටින්කිරි 315 ml 

 

  • පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් දාලා රත් වෙන්න තියන්න. ඒකට කපාගත් ළූණු ටික දාලා රන්වන් පැහැවන තුරු බැදගන්න. 
  • ඊළඟට ඒකට මුද්දරස්පලම් ස​හ ආමන්ඩ් දාලා නැවත ෆ්‍රයි කරගන්න. ඒකට බිස්කට් කුඩු එක් කරන්න. 
  • හොඳින් කලවම් කරමින් තෙම්පරාදු කරගන්න. දැන් වතුර දාගාන්න. එනසාල්, කුරුඳු දාගෙන හොඳින් කලවම් කරන්න. 
  • ඒක හොඳින් පිසීගෙන එන විට ඒකට ටින්කිරි දාගන්න. 
  • හොඳින් කලවම් කරන්න. හොඳින් පිස ගත් පසුව ලිපෙන් බාගන්න. උඩින් චොප්කරගත් ආමන්ඩ් ඇට ටිකක් දාගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *