අද අපි ගෙනාවෙ ගෑණු ළමයින්ටම විශේෂ වුණු ආටිකල් එකක්. ඔයාලට ගෙදර නිකන් ඉන්න ගමන්, රැකියාවට යන ගමන් හෝ විනෝදාංශයක් විදියට කරන්න පුළුවන් පොඩි ව්‍යාපාරික අදහස් ටිකක් දෙන්න හිතුවා. මොකද අපේ ගෑණු ළමයි හරි දක්ෂයි, ඒ වගේම නිර්මාණශීලීයි. එහෙනම් ඔයාලා අනිවාර්යයෙන්ම කියවලා බලන්න මේක.
1. ෆෙල්ට් ක්‍රියේශන්ස්
ගෙදර වෙලා ඉන්න ඔයාට ෆෙල්ට් රෙදි වලින් ඉතා අලංකාර නිර්මාණ කරන්න පුළුවන්. මේ පාට පාට රෙදි එච්චර ගණන් නෑ. මේවයින් පොඩි බබාලට ටෝයිස්, ටෙඩි බෙයාස්, කොට්ට, කොට් මොබයිල්, ඉමෝජි පිලෝස් වගේම Quiet books, වෝල් හැන්ගර්ස්, ටේබල් ක්ලෝත්, කී ටැග්ස්, ෆෝන් කේස්, බුක් කවර්ස් වගේ ලස්සන දේවල් නිර්මාණය කරලා අලවි කරන්න පුළුවන්. මේවා ගැන ඉගෙන ගන්න යූටියුබ් ටියුටෝරියල් ගොඩක් තියනවා. ගොඩක්ම බේබි අයිටම්ස් තමයි යන්නෙ. ඔයාගෙ නිර්මාණ අලවි කරගන්න වෙළඳපොළ හදාගන්න හැටි අපි කලින් පෝස්ට් එකක් දාලා තියනවා. ඒකත් අනිවා බලන්න.
2. ඩයි ක්‍රාෆ්ට්ස්
මේකත් ඉවසීම, හැකියාව තියනව නම් ලේසියෙන්ම කරන්න පුළුවන් බිස්නස් එකක්. වෙඩින් කාඩ්, බර්ත්ඩේ කාඩ්, වෝල් හැන්ගර්ස්, ගිෆ්ට් බොක්ස්, එක්ස්ප්ලෝශන් බොක්ස්, ඕගනයිසර්, කී ටැග්ස් වගේම වෝල් ඩෙකෝර්ස්, ටෝයිස්, ඩෙකරේශන්ස් වගේම තව අලුත් නිර්මාණ ගොඩක් කරන්න පුළුවන්. මේක කියවන අය අතර ඇති දැනටමත් මෙහෙම ව්‍යාපාර කරන අය. මේ ආටිකල් එක අවසානේ අපි චූටි දෙයක් කියන්නම් ඔයාලට මේ බිස්නස් වැඩි දියුණු කරගන්න.
3. රෙසින් ජුවෙලරි
රෙසින් ජුවෙලරි අද වෙනකොට කාන්තාවන් අතර ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම සමාජ ජාල වල දැනටමත් ගොඩක් ලස්සන රෙසින් ජුවෙලරි හදන අය මං දැකලා තියනවා. ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ ඒ වගේ දෙයක් ලේසියෙන්ම පටන් ගන්න පුළුවන්නේ. මේකට ගන්නෙ Epoxy Resin කියන අමුද්‍රව්‍ය. පිටකොටුවෙ බෑන්ක්ශෝල් ස්ට්‍රීට් එකේ පොඩ්ඩක් ඇවිද්ද නම් රෙසින් වගේම අනික් අමුද්‍රව්‍යත්, දෙවෙනි හරස්වීදියේ ඇවිද්දොත් ජුවෙලරි හදන්න ඕන කරන බඩුත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.
4. ක්‍රොස් ස්ටිච් නිර්මාණ
කලින් කිව්ව ඩයි ක්‍රාෆ්ට්ස් වගේම සෑහෙන්න ඉවසීමකින් කරන්න ඕනෙ ව්‍යාපාරයක්. මේකට අත හුරු උනාම ඒකට ආසාවත් එකතු කරලා ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. ෆොටෝ එකක් ක්‍රොස්ටිච් කරන්න පුළුවන් හැකියාව තියනව නම් ඒක ඔයාට වෙනස්ම අත්දැකීමක් වෙයි. ඒ වගේම වෙනස්ම මාකට් එකක් හොයාගන්න පුළුවන්. වෝල් හැන්ගර්ස්, කොට්ට උර, පොඩි ගවුම් වලට රේන්ද, බෑග්, වෙඩින් කේක් කවර්ස්, බර්ත්ඩේ කාඩ්, ටේබල් මැට් වගේ ගොඩක් දේවල් ක්‍රොස්ටිච් වලින් කරන්න පුළුවන්. ට්‍රයි කරලා බලන්න නිකන්ම ඉන්න එපා.
5. ගෙතුම්
ගෙතුම් කලාවත් හරි ලස්සන දෙයක්. මේකට වෙනම ඉඳිකටු එහෙම තියනවා. ඉගෙන ගත්තොත් හරි ලේසියෙන් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. මේ ගැන හැමදේම යූටියුබ් එකේ තියනවා. මේ වගේ ගොතපු පොඩි බබාලගෙ ඇඳුම්, තොප්පි, සපත්තු, මේස් වලට සෑහෙන්න ඉල්ලුමක් තියනවා. ඒ වගේම බෑග්, කුෂන්, ජර්සි, කී ටැග්ස්, ටේබල් මැට්ස්, ටෝයිස්, කරාබු වගේම ගොතපු ස්වෙටර්, ස්කාෆ් වගේ සීතලට අඳින ඇඳුම් වලටත් ඉහළ ඉල්ලුමක් තියනවා.
6. කේක්, ස්වීට්ස්, ස්නැක්ස්
කේක් හදන්න හැකියාව, නිර්මාණශීලිත්වය වගේම අත්ගුණේ තියෙන්නත් ඕනේ.හැබැයි හදන්න හදන්න පුරුදු උනාම මේ කලාවට ආස හිතෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් කේක් හදන්න අලුත්ම කටර්ස්, ටූල්ස් ගොඩක් තියනවා. ඒ නිසා පහසුවෙන්ම මේ බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඒ වගේම කේක් වලට තියන ඉල්ලුමත් කවදාවත් අඩු වෙන්නෙ නෑ. වැඩිදුර ඉගෙන ගන්න ක්ලාස් එකකට ගියත් පාඩු නෑ. තනියම ඉගෙන ගන්න ආස කෙනෙක්ට යූටියුබ් ටියුටෝරියල් වගේම ඉන්ස්ටග්‍රෑම් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කේක් එක්කම ඩිවලොප් කරන්න පුළුවන් පාටි ස්නැක්ස්, ස්වීට්ස් වගේ දේවලුත්. පැකේජ් එකක් වගේ නැත්තම් ඩිස්කවුන්ට් එකක් දීලා වගේ ඔයාට කැමති විදියකට බිස්නස් එක හදාගන්න. මේ අයිඩියාස් දෙන්නෙ නිකන් තියන ඔයාගෙ කාලේ ප්‍රයෝජනවත්ව කැප කරලා අතට කීයක් හරි ගන්න හැටි කියල දෙන්නයි.
7. පාටි ඩෙකරේශන්ස්
ලොකු කැපිටල් එකක් නැතුව ලේසියෙන්ම පටන් අරන් දියුණු කරගන්න පුළුවන් බිස්නස් එකක්. පාටි කවදාවත් නැති වෙන්නෙ නෑනේ. ඔයාටම ආවේණික විදියට නිර්මාණාත්මක දේවල් වලින් බර්ත්ඩේ පාටි, හෝම් ෆන්ක්ශන් වගේම කල් යනකොට වෙඩින් ඩෙකෝසුත් කරන්න පුළුවන් වෙයි. අවශ්‍ය වෙන්නෙ පොඩ්ඩක් නිර්මාණශීලීව හිතන එක විතරයි. හැමෝම කරනවා වගේ නැතුව ටිකක් වෙනස් බැක්ඩ්‍රොප් හදලා එෆ්බී එකට දාලා බලන්න ඔයාට බිස්නස් එන්නෙ නැද්ද කියලා. ඒ වගේම මේ පාටි ඩෙකෝ වලට ඕන හැමදෙයක්ම පිටකොටුවෙ චයිනා ස්ට්‍රීට් එකේ තියනවා. බොහොම අඩුවට ඒවා අරන් පැකේජ් හදලා පාටි වලට දෙන්න පුළුවන්.
ඉතින් ඔයාලා හිතනවා ඇති මේ වගේ නිර්මාණය කළාට මේවා විකුණගන්න බෑනෙ කියලා. ඒකට තමා ළමයෝ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් තියෙන්නෙ. ඒකට ඇවිත් කාලෙ කනවට වඩා ෆේස්බුක් පේජ් එකක්, ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකක් හදලා කැමති නම් පේයිඩ් ප්‍රමෝශන් දාලා ඔයාගෙ බඩු ටික විකුණන්න දාන්න. ඒ වගේම ප්‍රසිද්ධ වෙබ් අඩවි වලට විකුණන්න පුළුවන්. ළඟ අහල පහල කඩවල් වලට දාන්න පුළුවන්. අලි එක්ස්ප්‍රස්, ඊබේ වල සෙලර් අකවුන්ට් හදලා ජාත්‍යන්තර වෙළඳපොලට ඔයාගෙ මේ නිර්මාණ එකතු කරන්න පුළුවන්. ඉතින් බලන්න කොච්චර අවස්ථා තියාගෙනද අපි මේ අත් දෙක බැඳන් ඉඳලා තියෙන්නෙ. මං අර කලින් කිව්වා වගේ පොඩ්ඩක් නිර්මාණශීලීව හිතන එකයි වෙන්න ඕනේ. එහෙනම් ඔයාලට සුබ දවසක්…
Leave a Reply