මේ පාර පලස්තීන ඊශ්‍රායල අර්බුදය ආවේ ලෝකය හිතුවේ නැති වෙලාවක. මේ පාර ගැටුම දිහා සීරුවෙන් බැලුවොත් ඒක පත්තු කරගත්තේ ඊශ්‍රායලය කියලා පේනවා. “අපිට රොකට් දාස් ගාණක් ආවා. අපේ අයන් ඩෝම් එක අපිව ආරක්ෂා කළ එක ඇත්ත. ඒත් පොඩ්ඩක් හිතල බලන්න ඒ රොකට් දාස් ගාණ ඇත්තටම අපේ බිමට වැටුණා නම් අපේ භූමියේ ඉන්න සාමාන්‍ය ජනතාව නේද මැරෙන්නේ “කියලා ඊශ්‍රායල හමුදා නිලධාරියෙක් ප්‍රශ්න කරනවා. ඔවුන් කියන්නේ ත්‍රස්තවාදීන්ගේ රොකට් ප්‍රහාර වලට ප්‍රති පහර දෙන එක හැර විකල්පයක් නැති බවක්.
1. ඔටෝමාන් කාලේ සාමේ
මුහම්මද් තුමා පහළ වෙන්නත් කලියෙන් කාලයේ දැනට පලස්තීනය තිබිලා තියෙන භූමියේ යුදෙව්වන් ඉඳලා තියෙනවා. ඉන් පස්සේ එයාල බොහොම අඩු ගාණක් තමයි පලස්තීන කියන භූමියේ ඉඳලා තියෙන්නේ. එක්දාස් නවසිය ගණන් වල මුල සහ ඉන් පෙර ඔටෝමාන් කියන අධිරාජ්‍යය යටතේ පලස්තීනුවන් සාමෙන් හිටියා. ඒකෙදි මුස්ලිම් බහුතරය විතරක් නෙමෙයි, 10%ක විතර යුදෙව්වනුත් ඒ පලස්තීනය කියලා 1900 විතර හැඳින්වුණු භූමියේ ජීවත් වෙලා තියෙනවා.
2. අලුත් යුදෙව්වෝ
1900 න් පස්සේ පළමුවන ලෝක යුද්ධයෙන් පස්සේ ඔටෝමාන්ලගේ බලය අඩු වෙනවා. ඒ වගේම යුරෝපයෙන් එපිට තියෙන යුදෙව් භූමියක් ගැන යුදෙව් ජනයාගේ අවධානය යොමු වෙනවා. ඒ එක්ක යුරෝපයේ ඇති හැකි යුදෙව්වෝ සමහරු පලස්තීන ජනයාට සල්ලි ගෙවලා ලොකු ඉඩම් ගත්තා. තවත් අය සංක්‍රමණික විදිහට ඇවිත් පදිංචි වුණා. මේ විදිහට මිලියන කිහිපයක යුදෙව් සෙනඟ පලස්තීනයට එන්න ගත්තාම ඒකේ ගැටුම් ඇතිවෙන්නට ගත්තා. ඒත් දෙගොල්ලා අතර යම් එකඟතාවයන් එක්ක වැඩේ ගියා.
3. බ්‍රිතාන්‍ය දෙබිඩි පිළිවෙත
පලස්තීන පාරම්පරික ජනයා මේ පිටින් එන යුදෙව්වෝ නවත්වන්න කියලා ඉල්ලීමක් කළත් එවකට භූමිය පාලනය කළ මහා බ්‍රිතාන්‍යය ඒ ඉල්ලීම එතරම් සැළකුවේ නැහැ. ඉතින් දැනටත් මේ පලස්තීනයේ තියෙන ඉඩකඩම් වලට පලස්තීනුවන්ට සහ ඊශ්‍රායල ජනයාට පැති කිහිපයකින් ලැබුණ ඔප්පු තියෙනවා. එකම ඉඩමට, එකම භූමියට ඔප්පු දෙකක් තියෙන අවස්ථාද තියෙනවා. මොකද විශාල පරිමාණයෙනුත් බ්‍රිතාන්‍යයන් යුදෙව්වන්ට, පලස්තීනුවන්ට වගේම වෙනත් පාර්ශව වලටත් මේ පලස්තීන භූමිය දෙන බවට පොරොන්දු වෙලා තිබුණා.
4. ඊශ්‍රායලය බිහි වීම
1948 ඊශ්‍රායලය බිහි වුණා. දැනට තියෙන ආකාරයට වඩා විශාල පළාතක් බටහිර ඉවුරට සහ ගාසා තීරයට අයත් වුණා. එතනදී විසිරිලා හිටිය පලස්තීනුවන් ඒ කොටස් වලට ගොනු කෙරුණා. සමහර අරාබි ජාතිකයින් සහ පලස්තීනුවන් වෙන් නොවී ඊශ්‍රායලයටම එකතු වුණා. දැනටත් ඊශ්‍රායලයේ යුදෙව්වන්ට අමතරව ජනතාව විදිහට අරාබි ජනතාව සැළකිය යුතු ප්‍රමාණයක් ජීවත් වෙනවා.
5. 1964 යුද්ධය
1964 ඊශ්‍රායලයට එරෙහිව අරාබි රටවල් කළ යුද්ධයෙන් අපකීර්තිමත් විදිහට අරාබි රටවල් පැරදෙනවා. දින හයේ ඒ යුද්ධයෙන් පස්සේ ගාසා තීරයේ වගේම ඊජිප්තුවේ කොටසක්ද ඊශ්‍රායලය අල්ලා ගත්තා. අනෙක් පසින් ජෝර්දානයේ කොටසකුත් ඊශ්‍රායලය අල්ලා ගත්තා. යුධ තාක්ෂණයෙන් දියුණු රටක් විදිහට කෙමෙන් කෙමෙන් ශක්තිමත් වුණ ඔවුන් පලස්තීනය අවට ධනවත් අරාබි රටවල් වලට බය නොවී වෙනමම රටක් විදිහට වර්ධනය වුණා. මේ වර්ධනයට යුරෝපයේ සහ ඇමරිකාවේ සහායත් යම් යම් ආකාර වලින් බලපෑවා.
6. යසර් අර්ෆත්ගේ මරණය සහ මුස්ලිම් අන්තවාදීන්
යසර් අර්ෆත්ගේ කාලය පලස්තීනයට හොඳ කාලයක් කියලා කියන්නට අමාරු වුණත් ඒ කාලය තුළ පලස්තීන රටට දේශපාලන නායකත්වයක් තිබුණා. යසර් අර්ෆත් අපේ දැන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කිට්ටු රාජ්‍යතාන්ත්‍රික මිතුරෙක්ද වුණා. ලංකාවේ තේ අපනයනය කළ හිතවත් දේශයක් ලෙසද පලස්තීනය ජනප්‍රියයි. දැනටත් පලස්තීනය රටක් විදිහට පිළිගන්න රටවල් කිහිපය අතර ලංකාව එකක්. ඉතින් 2005 දී යසර් අර්ෆත් මියගියා. ඉන් පස්සේ බලය ගියේ හමාස්, හිස්බුල්ලා ආදී ත්‍රස්ත සංවිධාන වලට.
7. පලස්තීනයේ මොනවද තියෙන්නේ?
පලස්තීනය ඔලිව් ඔයිල් නිපදවන්න ජනප්‍රියයි. ඒ කාලේ ඉඳලාම පලස්තීන භූමිය වර්ෂාව අඩු කළාපයක් වුණත් වගාවන්ට සාරවත් කලාපයක් ලෙස ජනප්‍රිය වෙලා තිබුණා. අදටත් ඊශ්‍රායලය කියන්නේ වගා තාක්ෂණය අතින් දියුණුම රටක්. පසුකාලීනව ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ට වෙන් කර තිබු බටහිර ඉවුර සහ ගාසාව අස්සේ ඔවුන්ගේ ජනාවාස ඉදිකරන්නට ගන්නවා. ඒවාට හොඳ වෙළඳ ප්‍රචාරණ කටයුතු තුළින් ජනතාව ගෙනත් පදිංචි කරනවා. දැන් නම් කලක පටන් පලස්තීනයේ යුද්ධ තියෙනවා. ඒත් තමුන්ට තිබුණ රට වෙනත් පිරිසක් අත්පත් කරගෙන දැන් යන එන මං නැති වෙලා තියෙන ජාතියක් තමයි පලස්තීනුවන්.
හමාස් ආදී ත්‍රස්ත සංවිධාන තිබුණත් ඔවුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා පලස්තීන ජනතාව බොහොම දුක් තත්‍ත්වයට පත් වෙලා. ඊශ්‍රායලයේ නිවාස සංකීර්ණ වල ජනයා බොහොම ඉසුරුමත් විදිහට දිවි ගෙවද්දී පාරේ ජීවත් වෙන ගෝත්‍රිකයින් විදිහට තමයි පලස්තීනුවන්ට තමුන්ගේ නිජබිම තුළ ජීවත් වෙන්නට වෙලා තියෙන්නේ. කිසිම හමුදාවක් වත් විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් වත් නැති මේ ජනයාට ඊශ්‍රායල ත්‍රස්ත මර්දන වැඩ වලින් නිතර කරදර වෙනවා. ඉතින් ඊශ්‍රායලයේ වීරකම් දැකලා පුරුදු ඔයාලට පලස්තීනය ගැන මේ කරුණු ටික බොහොම වැදගත් වෙයි ඔයාලගේ දැනුමට.
Leave a Reply