සෙක්ස් ගැන ගූග්ල් එකේ සර්ච් කරලා ලංකාව ලෝකෙන්ම අංක එකට ආවා කියන එක ඉතින් බොහොම ප්‍රසිද්ධ විහිළුවක්නේ දැන් වෙනකොට. හැබැයි ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුද ලෝකේ වැඩියෙන්ම සෙක්ස් ගැන සර්ච් කරන්නේ? එහෙම වෙන්න ඉතින් ටිකක් අමාරුයිනේ. හැබැයි සමහර වෙලාවට වැලක් එහෙම හොයාගන්න ඕන වුණහම “සෙක්ස්” කියලා කෙලින්ම ගහලා සර්ච් කරන තාලේ උන්දැලා වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ වෙන්න පුළුවන්. ආන්න ඒක ඉතින් ටිකක් පිළිගන්න පුළුවන් දෙයක්. මොකද, ඔය ඉන්ටර්නෙට් ආපු අලුතත් අපි විතරක් නෙවෙයි, වෙන රටවල ගොඩක් දෙනෙක් වුණත් වැලක් එහෙම සර්ච් කළේ “sex”, “xxx” වගේ එව්වා ගහලා තමයි. හැබැයි ඉතින් දැන් කාලේ එහෙම සෙක්ස් කියලා ගහලා සෙක්ස් සර්ච් නොකර, හරියට තමන්ට ඕන දේ සර්ච් කරා නම් ඒ ලෝක ලැජ්ජාවෙන් ගැලවෙන්න තිබුණා.
කොහොම වුණත් අපි මේ කියන්න හදන්නේ ලෝක ලැජ්ජාවකින් ගැලවෙන්න ඕන නිසා පෝන් කැටගරි ගැන දැනගන්න ඕන කියලා නෙවෙයි. ඊට වඩා කාර්යක්ෂමව, හරියටම තමන්ට ඕනම දේ හොයාගන්න පුළුවන් පෝර්න් කැටගරි ගැන දැනගත්තොත්. ආන්න ඒක නිසා අපි හිතුවා දැන් කාලේ සෑහෙන්න ප්‍රසිද්ධ පෝර්න් කැටගරි ටිකක් ගැන දැනුම බෙදාගන්න අපේ යාළුවොත් එක්ක! 😀
1. බීබීඩබ්ලියු
BBW කියලා ලිව්වහම ගොඩක් අය හිතන්නේ බිග් බෑඩ් වුල්ෆ් කියලා! හරි, බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනේ නමත් එහෙම ලිව්වහැකි තමයි. හැබැයි ඇත්තටම BBW කියලා පෝර්න් වල කියන්නේ බිග් බියුටිෆුල් විමන්, එහෙම නැතිනම් ලොකු සයිස්, හැබැයි ලස්සන ගැහැණු කියන එක තමයි. මේ විදියේ පෝර්න් වල ඉන්නේ ගොඩක්ම ප්ලස් සයිස්, ඒ කියන්නේ ඇඟපතින් ටිකක් උස මහත, එහෙම නැතිනම් ඔය අංගෝපාංගයන්ගෙන් හරි ටිකක් ලොකු පැත්තට බර ගැහැණු කට්ටිය තමයි. ඒ පෝර්න් වල ඉන්න පිරිමිත් එහෙම වෙන්න ඕන කියලා නියමයක් නං නැහැ හැබැයි.
2. හෙන්ටායි
හෙන්ටායි කියන වචනේ ඇත්තටම ඇවිත් තියෙන්නේ ජපානෙන්. හරියටම කියනවා නං හෙන්තායි සෙයියෝකු කියන එකෙන්ලු ඔය වචනේ ඇවිත් තියෙන්නේ. දැන් කාලේ ගොඩක් අය දන්නවා ඇතිනේ ඔය ජපාන ඌරුවට නිර්මාණය වෙලා තියෙන ඇනිමේෂන් හරි මන්ගා හරි පෝර්න් ගැන. ඒ කියන්නේ ඔය අමුතු අමුතු සත්තු එහෙම ඉන්න, අරුම පුදුම ගෑණු මිනිස්සු වගේම පිටසක්වළ ජීවීන් පවා ඉන්න පෝර්න් ගැන. ආන්න එව්වට තමයි හෙන්ටායි කියන්නේ. හෙන්ටායි පෝර්න් හැම එකක්ම වගේ මංගා හරි ඇනිමේ හරි තමයි. හැබැයි ඒ හැම එකක්ම ටිකක් එක්ස්ට්‍රීම්, අමුතු දේවල් එක්ක තමයි තියෙන්නේ.
3. හෝම්මේඩ්
හෝම්මේඩ් කියන්නේ ගෙදර හදපුවා කියන එකනේ! දැන් සාමාන්‍යයෙන් ඔය පෝර්නෝ ෆිල්ම් එකක් කියන්නේ ඇත්තටම ඇත්ත ෆිල්ම් එකක් හදනවා වගේ ෆිල්ම් කෘ එකක් එක්ක, සෑහෙන්න වෙහෙස මහන්සි වෙලා ෂූට් කරලා, එඩිට් කරලා එළියට දාන ප්‍රඩක්ට් එකක්. හැබැයි ඒක බලනකොට අපිට පැහැදිලිවම තේරෙනවා මේක ෆිල්ම් එකක් තමයි කියලා. හැබැයි සමහරු ආසයි එහෙම ෆිල්ම් එකක් කියලා තේරෙන බ්ලූ ෆිල්ම් එකක් නැතුව, ඇත්තටම වුණා වගේ හිතෙන එකක් බලන්න. ආන්න ඒකට තමයි හෝම්මේඩ් කියන්නේ. මේ හෝම්මේඩ් ෆිල්ම් වල අනික් එව්වල වගේ හොඳ ආලෝක තත්ත්වයන්, කැමරා ඈන්ගල්ස් එහෙම නෑ. සමහර වෙලාවට කරන දෙන්නගෙන් එක්කෙනෙක්ම තමයි වීඩියෝ කරන්නෙත්. හැබැයි ඉතින් එව්වා ඇත්තම වගේ තමයි. හෝම්මේඩ් කැටගරියට ඕන නිසා විශේෂයෙන්ම ෂූට් කරන හෝම්මේඩ් එව්වා වගේම, ඇත්තම හෝම්මේඩ් එව්වත් මේ කැටගරියටම තමා යන්නේ.
4. මිල්ෆ්
ඇත්තටම ඔය මිල්ෆ් කියන වචනේ අපි ඉගෙනගත්තේ ඇමරිකන් පයි ෆිල්ම් සීරීස් එකෙන්. ඒ ඉන්නවනේ මිල්ෆ් කියලා ඩබලක්. දැන් ඔය වචනේ හරියටම ලියන්නේ MILF කියලා. ඒකේ අර්ථය සමහරුන්ට දිරවන්නෙ නැති වෙන්න පුළුවන්. ඒකේ ඩිරෙක්ට් ඉංග්‍රීසි දිගහැරුම වෙන්නේ Mothers I like to fuck කියන එක. හැබැයි ඒක වචනාර්ථයෙන්ම ගන්න ඕන නැහැ. ඒකෙන් කියන්නේ ටිකක් මැදි වයසේ ඉන්න සරාගී පෙනුම තියෙන කාන්තාවන් එක්ක ලිංගික එක්වීම් ගැන තමයි.
5. ඉබොනි
ඉබොනි (Ebony) කියලා කියන්නේ ඇත්තටම ලී වර්ගයක්. මේවා වතුරේ පාවෙන්නෙ නැති තරමට දෘඩයි. කළූ, තද දුඹුරු වර්ණයන්ට බරයි. හැබැයි පෝර්න් බිස්නස් එකේ ඉබොනි කියන්නේ කළු නැතිනම් තද දුඹුරු හම තියෙන කාන්තාවන් හෝ පිරිමින් එක්ක ලිංගික හැසිරීම් සිදුකිරීමට තමයි. මෙතනදී ඉබොනි කියන්නේ ගොඩක් වෙලාවට අප්‍රිකානු සම්භවයන් තියෙන අයට තමයි. ඉබොනි කැටගරියේ ෆිල්ම් එකක රඟපාන ප්‍රධාන දෙන්නගෙන් හෝ තුන්දෙනාගෙන් හෝ කිහිප දෙනාගෙන් අඩු තරමින් එක්කෙනෙක් හරි කළු/දුඹුරු හමක් තියෙන අය.
6. බොන්ඩේජ්
බොන්ඩේජ් කියන වචනේ අහල නැති වුණත්, ගොඩක් දෙනෙක් BDSM කියන යෙදුම නං අහලා ඇතිනේ. බොන්ඩේජ් කියන එක BDSM ඇතුළෙත් තියෙනවා. බොන්ඩේජ් සෙක්ස් වලදී වෙන්නේ ඒකට සහභාගි වෙන දෙන්නගේම හරි කිහිපදෙනෙක්ගේ හරි අන්‍යාන්‍ය කැමැත්ත ඇතිව ගැටගහලා, බැඳලා සමහර වෙලාවට මාංචු එහෙමත් දාලා සෙක්ස් කරන එක තමයි. මේක හැබැයි බලහත්කාරයක් නෙවෙයි. ගැටගැසීමට භාජනය වෙන කෙනාගේ කැමැත්තෙන් තමයි ඒක වෙන්නේ. එතකොට මේකෙන් කියන්නේ අත්පය විතරක් ගැටගහන එකත් නෙවෙයි. ඕන නං මුළු ඇඟම වුණත් රළු නැති ලණු වලින් හරි වෙනත් දේකින් හරි ගැටගහන්න පුළුවන්. ඇත්තටම බොන්ඩේජ් වලටම හදපු දේවල් තියෙනවා. උදාහරණයක් තමයි මෙහෙත් ගන්න තියෙන වෙල්වට් මාංචු!
7. දේසි
සාමාන්‍යයෙන් දේසි කියලා කියන්නේ ඉන්දියානු සම්භවය තියෙන අයට. එතකොට ඉන්දියානු විතරක් නෙවෙයි, පකිස්තානු, බංග්ලාදේශ් අයත් අයිති වෙනවා. දැන් මේ කියපු ඉන්දියානු සම්භවය තියෙන අය දාලා හදපු පෝර්න් තමයි දේසි පෝර්න් කියන්නේ. හැබැයි මෙතනදී තව කොන්දේසියක් සමහර වෙලාවට තියෙනවා. ඒ තමයි ඉන්දියානු සම්භවය තියෙන, හැබැයි පිටරට ජීවත් වෙන අය දාලා හදපු පෝර්න් කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, ගොඩක් වෙලාවට දේසි පෝර්න් එකක ඉන්දියන් ගෑණු ළමයෙක් එක්ක සෙක්ස් කරන්නේ ඇමරිකානු පිරිමියෙක් වෙන්න පුළුවන්.
8. හාඩ්කෝර්
හාඩ්කෝර් කියන වචනේ විවිධ තැන්වල පාවිච්චි වෙනවා. හැබැයි සෙක්ස් සහ පෝර්න් බිස්නස් එකට ආවහම හාඩ්කෝර් කියන්නේ, හොඳට දැනෙන්න, වේගවත්ව, දැඩිව කරන ලිංගික ක්‍රියාකාරකම් වලට තමයි. සාමාන්‍යයෙන් හාඩ්කෝර් සෙක්ස් වල ගොඩක් එක්ස්ට්‍රීම් ලෙවල් වලට නොගියත්, සුමටව සිදුකෙරෙන ක්‍රියාකාරකමක් නැති තරම්. ඒ කියන්නේ කිස් එකක් වුණත් ටිකාක් විතර ප්‍රචණ්ඩකාරී විදියට තමයි වෙන්නේ. එතකොට අනික් එව්වත් එහෙමයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!
9. වොයර්
වොයෙවරිස්ම් කියන එකට සිංහල වචනයක් තියෙනවා. ඒ තමයි දර්ශාස්වාදය. ඒ කියන්නේ හොරෙන් බැලිල්ල තමයි. දැන් මෙතනදී මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඇත්තට හොරෙන් බැලිල්ල කියන්නේ ඒ තරම් හොඳ සෙල්ලමක් නෙවෙයි කියන එක. මේ පෝර්න් වල වොයෙවර් කියන්නේ කවුරුහරි සෙක්ස් කරන එකක් ඒ අයත් නොදැනුවත්වම හොරෙන් බලන් ඉන්න එකම නෙවෙයි. සමහර වෙලාවට ඒ අයත් දැනුවත්වම තමයි එහෙම බලාගෙන ඉන්න සීන් එක යන්නේ. එතකොට එහෙම බලාගෙන ඉඳලා සතුටු වෙන පෝර්න් හොයාගන්න පුළුවන් මේ නමෙන් සර්ච් කළොත්.
10. කකෝල්ඩ්
දැන් අපි කියමු කවුරුහරි විවාහක යුවළක කාන්තාව, ඒ කියන්නේ වයිෆ් තවත් කෙනෙක් එක්ක සෙක්ස් කරනවා. ඒක ඉතින් ඔය සම්මත වචන වලින් ගත්තහම චීටින් තමයි. හැබැයි ඇත්තටම ඒක චීටින් නෙවෙයි කියමු. ඒ කියන්නේ එක්කෝ මේක හස්බන්ඩ් නොදැන වුනත්, දැනගත්තහම හස්බන්ඩ් වුණත් ඒකට කැමති වෙනවා. සමහර වෙලාවට හස්බන්ඩ් කැමැත්තෙන්ම වයිෆ් වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරනවාට කැමති වෙනවා. ඒක බලාගෙන ඉන්නත් කැමති වෙනවා. මෙන්න මේක තමයි කකෝල්ඩ් කියන පෝර්න් කැටගරියේ තියෙන්නේ. ඇත්තටම කකෝල්ඩ් කියලා හඳුන්වන්නේ තවත් කෙනෙක් එක්ක සෙක්ස් කරන ගැහැණු කෙනෙක්ගේ හස්බන්ඩ්ව තමයි.
දැන් පැහැදිලියිනේ. මේවා විතරක් නෙවෙයි, තව පෝර්න් කැටගරීස් සෑහෙන්න තියෙනවා. ඒත් ඉතින් පටන් ගැන්මට මේ ටික දැනගත්තත් ඇති. දැන් කෙලින්ම බොස් ලෙවල් එකෙන් තමන්ට ඕන දේ මොකද්ද කියලා දැනගෙන, තමන්ට ඕන දේම සර්ච් කරලා වැල බලන්න පුළුවන්.
හැබැයි මතක තියාගන්න. තාමත් ශ්‍රී ලංකාවේ නීතියෙන් වැල බෙදාහැරීම එහෙම තහනම්. අන්න ඒ නිසා කැටගරි වලින් වැල බෙදන්න යන්නෙ නැතුව තමන් බලන ආතල් එකක් අරගෙන ඉන්නයි තියෙන්නේ!
Leave a Reply