ඇඳට යන්න සෙක්සි ඇඳුමක් තෝරගන්න එකත් ආට් එකත්, මේ ඒ ආට්‍ එකට අපෙන් උපදෙස් කිහිපයක්!

දැන් සෙක්ස් කරනවා කිව්වහම ඕකේ තේරුම් දෙකක් තියෙනවා. එකක් ප්‍රජනන අවශ්‍යතාවය වෙනුවෙන් දෙන්නෙක් සෙක්ස් කරන එක. ඒක නං ඉතින් සත්තුත් කරනවනේ. ඒකට අමුතු කැටයං අනං මනං මොකුත් අවශ්‍ය වෙන්නෙත් නෑ. ඔහේ තියෙන විදියට සෙක්ස් කළා, එච්චරයි!

හැබැයි දැන් මිනිස්සු සංස්කෘතිකගත වෙන්න පටන් ගත්තට පස්සේ වුණු වෙනසක් තමයි, සෙක්ස් කියන දේත් ප්‍රජනන අවශ්‍යතාවය කියන එකෙන් පිටට ඇවිත් ආට් එකක් වුණු එක. ඒ කියන්නේ මනුස්සයාට විනෝදාස්වාදය සපයන ආට් එකක්. අන්න ඊට පස්සේ ඒ සෙක්ස් කියන ආට් එක වෙනුවෙන් සෑහෙන්න තව දේවල් නිර්මාණය වුණා. සෙක්සි ඇඳුම් පැළඳුම් කියන්නෙත් ඒකට අයිති දෙයක්.

දැන් කෙනෙක් අහයි සෙක්ස් කරන්න ඇඳට යන්න අමුතුවෙන් ඇඳුම් මොකටද කියලා. ඇයි ගිහිල්ලත් ඇඳගෙන ඉන්න එව්වා ගලෝන එකනේ කරන්නේ. අන්න ඒක තමයි මචං ආට් එක කියන්නේ. නිකම්ම ගලෝගෙන ඉන්නවට වඩා, සරාගී ඇඳුමක් ඇඳගෙන ඉඳලා ඇස් පිනවලා, ඒක කොටසින් කොටස ගලවන එකෙන් සෙක්ස් කරන එකේ තියෙන තෘප්තිය තව වැඩි කරනවා. ඉතින් අන්න ඒකට කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් උපදෙස් කීපයක් තමයි මේ.

 

1. නිදාගන්න පහසු සහ සෙක්සි ඇඳුම් කිහිපයක්

මේක ඉතින් ඔය මැරේජ් කවුන්සිලර්ස්ලගෙ ඉඳලා ධනාත්මක චින්තන හාදයෝ දක්වා හැමෝම කියන කතන්දරයක්. නිදාගන්න ඇඳට යනකොට අඳින ඇඳුමෙන් ඊට පස්සෙ දවසෙත් බාගයක් ඉන්න එපැයි කියන එක. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ වගේ නං ගැහැණු කට්ටිය අඳින්නේ නයිට් ඩ්‍රෙස් එක. හැබැයි ඒක අර ඝනකම රෙද්දකින් මහපු, විනිවිද නොපෙනෙන එකක් වෙන්න තියෙන ඉඩ වැඩියි. පිරිමි කට්ටිය ඉතින් සරම, ෂෝට වගේ එව්වා අඳිනවා.

හැබැයි දෙන්නත් එක්ක එකට ජීවත් වෙනකොට, තියෙන ඇඳුම රෑට අඳිනවා කියන කන්සෙප්ට් එකට පිටින්, දෙන්නා එකිනෙකා රෑට අඳිනවට ආස දෙයක් අඳින්න පුළුවන්. අන්න ඒ ආසාව, කැමැත්ත එක්ක තමන්ට රාත්‍රියට නිදාගන්න පහසු, සෙක්සි ගතියකුත් තියෙන ඇඳුම් කීපයක් හදාගන්නත් පුළුවන්. උදාහරණයක් විදියට කොල්ලා ආස නං කෙල්ලට පිජාමා ෂෝට් එකකුයි ස්කිනි එකකුයි ඇන්දත් කමක් නෑ.

හැබැයි එකක්. මේක රෑට නිදාගන්න කලින් ඇඟපත හෝදගත්තට පස්සේ ඇඳගන්නවා මිසක්, හවස ඉඳන් ඇඳන් ඉන්න එපා. කොල්ලන්ටත් ඒක අදාළයි. සරම ඇඳලා ඇඳට ගියත්, ඒක හවස ඉඳන් ඇඳගෙන ඉඳලා ඔහේ ඇඳට යන්නෙපා.

 

 

2. ලොංෂරි

මේ ලොංෂරී (lingeries) කියලා කියන්නේ කාන්තාවන් යටට අඳින සරාගී යට ඇඳුම් වලට. හැබැයි එහෙම වුණාට මේක ගොඩක් වෙලාවට යට ඇඳුම් කියලා බ්‍රා ඇන්ඩ් පෑන්ටීස් කියන තැනින් විතරක් නතර වෙන්නෙ නෑ. ලොංෂරීස් ගැන ඉතින් දවසක වෙනම කතා කරන්න ඕන. මේවලට සෙක්සි බිකිනි කිට් වල ඉඳලා බ්‍රා ඇන්ඩ් පෑන්ටි කලෙක්ෂන් වගේම, බොහොම කෙටි බේබිඩෝල් පන්නයේ නයිට්‍ ගවුම්, ස්ටොකින්ග්ස්, ජී ස්ට්‍රින්ග්ස්, තොන්ග්ස්, ගර්ඩ්ල්, නෙග්ලිගේ, පෙටිකෝට්, ටන්ගා වගේ මෙකී නොකී නම් වලින් එන සෑහෙන්න රේන්ජ් එකක දේවල් අයිති වෙනවා. මේ හැම එකකම තියෙන විශේෂත්වය වෙන්නේ, බොහොම සැහැල්ලු විදියට නිම කරපු මේ හැම එකක්ම බොහොම සෙක්සි ඇඳුම් වීම. ඉතින් දෙන්නත් එක්ක අතේ කීයක් හරි තියෙන වෙලාවක ලොංෂරි ෂොපින් පාරක් දැම්මට පාඩුවක් නෑ. දෙන්නම ආස ලොංෂරි කලෙක්ෂන් එකක් හදලා තියාගන්නයි තියෙන්නේ!

 

 

3. වෙනස් විදියෙ සෙක්සි ඇඳුම් කිහිපයක්

දැන් සෙක්ස් කරන්න ගියහම අපිට එක්කෝ නයිට් ඩ්‍රෙස්, එක්කෝ ලොංෂරීස්, එක්කෝ ෂෝට්ස් වගේ ලිමිට් එකක ඉන්න අවශ්‍ය නැහැ. නිකම් හිතලා බැලුවොත්, අපේ පාට්නර් ඇඳට ඇඳන් එනවට ආස වෙනස් විදියේ ඇඳුම් වුණත් තියෙන්න පුළුවන්. ඒවා වෙනත් කෙනෙක්ට කිසිසේත්ම සෙක්සි කියලා නොපෙනුණත්, අපේ තියෙන ආසාවේ හැටියට එව්වා සෙක්සි වෙන්න පුළුවන්. උදාහරණයක් දෙන්නද? සාරිය. ඇත්තටම සාරිය ඇඳලා සෙක්ස් කරන ෆැන්ටසිය තියෙන කොල්ලෝ කෙල්ලෝ සෑහෙන්න ඉන්නවා කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්. එතකොට ඒකට සාරියක් වෙන් කරලා තියෙන එක ගැටළුවක් නෑ. තව උදාහරණයක් දෙන්නද? මැක්සි ගවුමක්. ඒක සමහරුන්ට මෙලෝ සෙක්සි රහක් නැතත්, ඒ ෆැන්ටසියේ ඉන්න එකාට මාර වෙන්න පුළුවන්. තව උදාහරණයක් තමයි කොට ඉස්කෝලෙ ගවුමක්! ඒකත් අර විදියම තමයි. ඉතින් තමන්ගේ සෙක්සි ඇඳුම් වෝඩ්රෝබ් එකේ මෙව්වාත් තිබුණට කමක් නෑ!

 

 

4. කකුල් පේන එව්වා?

සාමාන්‍යයෙන් ගොඩක් පිරිමි කැමතියිනේ තමන්ගේ පාට්නර්ගේ කකුල් පේනවට. එතකොට ඉතින් ඇඳට එනකොට එහෙම හොඳට කකුල් කැපිලා පේන ඇඳුමක් ඇඳලා එනවට කෙනෙක් කැමති වෙන්න පුළුවන්. ඇත්තටම අපි කකුල් කියලා මෙතන ගත්තේ එක උදාහරණයක් විදියට විතරයි. ඕකේ අනික් පැත්තත් තියෙනවා. ඒ තමයි තමන්ගේ පිරිමියාගේ අත් හොඳට පේනවට, කකුල් හොඳට පේනවට කාන්තාව කැමති වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදියේ එකිනෙකාගේ තියෙන විශේෂ ආසාවන්ට සෙට් වෙන විදියටත් ඇඳට යනකොට අඳින ඇඳුම් තෝරගන්න එක හොඳයි.  

 

5. ෆැන්ටසි ඇඳුම්- රෝල් ප්ලේ ඇඳුම්

සෙක්ස් කරනකොට රෝල් ප්ලේ එහෙම සීන් යනවනේ. ඒවා එකිනෙකාගේ තියෙන ෆැන්ටසි අනුව තමයි. ඔය අපි ලියලා තියෙන්නේ සෙක්සි රෝල් ප්ලේ එකක තියෙන රහ ගැන තමයි. මෙන්න මේ රෝල් ප්ලේ වලට සෙට් වෙන ඇඳුම් කැඩුම් වුණත් තමන්ගේ සෙක්සි වෝඩ්රෝබ් එකේ තිබ්බට කමක් නෑ. උදාහරණයක් විදියට කොල්ලා ආස නං කෙල්ල සෙක්සි නර්ස් නෝනා කෙනෙක් වගේ ඇඳට එනවට, ඒකට ගැලපෙන සෙක්සි යුනිෆෝම් එකක් ඔය ලොංෂරි ෂොප් වලින් ගන්න පුළුවන්. එතකොට කෙල්ල ආස නං කොල්ලා ජැකට් දාලා ඇඳට එනවට, ඒවටත් ඕන එව්වා තියෙනවා. මෙන්න මේ ෆැන්ටසි රෝල් ප්ලේ වලට සෙට් වෙන සමහර ඇඳුම් නං කඩවල් වලින් ගන්න නැතිවෙයි. එහෙම වෙලාවට ඉතින් තමන්ටම එහෙම ඇඳුමක් එකලස් කරගන්නත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ මහන්සියේ ප්‍රතිඵල තියෙයි!

 

 

6. මේක් අප්, ඇක්සසරීස්!

මේකප් අර මක්කටෙයි? මුන් දෙන්නා සෙක්ස් කරලා නිදාගන්න ඇඳටද යන්නේ එහෙම නැතිනං හීනෙන් පාටියකට යන්නද? එහෙම අහන්න එපා සහෝ. ඇත්තටම සෙක්ස් කියන්නේ ආට් එකක් කියලා අපි කිව්වනේ. එතකොට ඒ ආට් එකට පාට දෙකක චෝක් කෑලි දෙකක් විතරක් මදිනේ. ආන්න ඒ වගේ තමයි. සමහරු කැමතියි තමන්ගේ පාට්නර් ලයිට් මේක් අප් එකක් දාලා, ලිප්ස්ටික් ටිකක් එහෙම ගාලා ඇඳට එනවට. ඒ විතරක් නෙවෙයි, තව සමහර පිරිමියෙක් ආස වෙන්න පුළුවන් තමන්ගේ වයිෆ් සෙක්සි හයි හීල්ස් දෙකක් දාලා ඇඳට එනවට. ඔය ෆිල්ම්ස් වල එහෙමත් රතු පාට හයි හීල්ස් දාලා සෙක්ස් කරන්න එන සීන්ස් තියෙන්නේ! ඒ විතරක් නෙවෙයි, නිකමට හිතන්න ගෙදර එක්කෙනා සිලිං බිලිං වළලු ටිකක් අතේ දාගෙන සෙක්ස් කරන්න එන එක ගැන. එයා අපිත් එක්ක එක එක ඒවා කරනකොට අර වළලු හෙල්ලිලා එන සද්දෙත් එක්ක අපිට දැනෙන ෆීලින්ග් එක. ආන්න ඒ නිසා තමයි අපි මේක් අප් සහ ඇක්සසරීස් ගැනත් කියන්නේ.

 

තමන්ට එව්වට එහෙම විශේෂ ආසාවක් නැතත් එක්ස්පෙරිමන්ට් කරලා බලන එකේ කිසිම වැරැද්දක් නෑ!

 

7. සෙක්සි වෝඩ්‍රෝබ් එකක්

දැන් මේ දිගින් දිගටම අපි සෙක්සි වෝඩ්රෝබ් එකක් ගැන කිව්වනේ. මොකද්ද ඒ කුණුහරුපේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය උඩින් කියපු විදියේ එක එක ඇඳට යනකොට අඳින ඇඳුම් තියෙනවනේ. අන්න ඒවා විශේෂ වෙන්නෙත්, අවශ්‍ය වෙන්නෙත් ඇඳට යනකොට අඳින්න විතරයි. ආන්න එව්වා එතකොට අපි තියාගන්නෙත් ඒ වැඩේට විතරයි. ඉතින් මේ කියපු ඇඳුම් කැඩුම්, විශේෂ ඇක්සසරීස්, මේක්-අප් එහෙම තියාගන්න පොඩි සෙක්සි මුල්ලක් එක්කෝ තමන්ගේ වෝඩ්රෝබ් එකේ වෙන් කරන්න. එහෙම නැතිනම් ඒකටම පොඩි වෝඩ්රෝබ් එකක් තිබ්බත් කමක් නෑ. මේක වෝඩ්රෝබ් එකේම නැතිනම් වෝඩ්රෝබ් මුල්ලෙම සෙක්ස් කරනකොට අවශ්‍ය වෙන ලුබ්‍රිකන්ට්, කොන්ඩම් වගේ දේවලුත් තියලා තියන්න පුළුවන්. ඒක හොඳට ලොක් කරන්න පුළුවන් එකක් වීම අනිවාර්යයි.

 

ඒ වගේම තව වාසියකුත් තියෙනවා. එහෙම සෙක්සි වෝඩ්රෝබ් කෝනර් එකක් සෙක්ස් වෙනුවෙන් වෙන් කරපු දේවලට වෙන් කිරීම නිසා, සෙක්ස් කරන්න අඳින පළඳින ඒ දේවල් වලට වැඩි විශේෂත්වයක් ලැබෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, සෙක්ස් කරන්නම අඳින සාරියක් වෙන් කරලා තිබ්බොත්, ඒ සාරිය දකිනකොටත්, අතට ගන්නකොටත් සෙක්සි ෆීලින්ග්ස් එන්න පටන් ගන්නවා. මොකද අපේ හිත දන්නවනේ මේක අඳින්නේ සෙක්ස් කරනකොට කියලා. ආන්න ඒකෙන් සෙක්ස් කරන්න කලින්ම දැනෙන ෆීල් එක තව වැඩි වෙනවා. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි!!!

 

දැන් එතකොට මේ කියලා තියෙන්නේ ගැහැණු පාර්ශවය ඇඳට යනකොට අඳින්න ඕන එව්වා ගැන විතරද? පිරිමි පාර්ශවයට මෙව්වා අදාළ නැද්ද?අපොයි අදාළයි. ආයෙ පිරිමියා ගැහැණු ඇඳුමක් වෙනසකට අඳින්න කැමති වුණත්, ඒකත් මේකට අදාළයි. එහෙම ක්‍රොස් ඩ්‍රෙසින්ග් වලට වුණත් උඩ කියපු කාරණාම තමයි අදාළ වෙන්නේ. දැන් මේ දේවල් ඇත්තටම ගැහැණු පිරිමි දෙපැත්තටම අදාළයි කියන එක ඔලුවේ තියාගෙන ආයෙමත් ආටිකල් එක මුල ඉඳලම කියවන්ඩ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *