ලෝකෙ වටේ තියෙන දැක්කම පිස්සු හැදෙන බිල්ඩින් 7ක්

ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා කරන කොට පිරමීඩ, ටජ් මහල සහ අපේ දළදා මාළිගාව වගේ අතීතෙ නිර්මාණය වුණ විශිෂ්ට නිර්මාණ අපිට නිතැතින්ම මතක් වෙනවා. අතීතෙ කරපු ඒ නිර්මාණ වලට අමතරව වර්තමාන ලෝකයේදි ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස්ම මානයන් වලට ගිහිල්ලා කරපු නිර්මාණ ලෝකේ ගොඩක් තියෙනවා. ඒ අතරින් බැලූ බැල්මට ටිකක් අමුතුවට වගේම ලස්සනට පේන ගොඩනැගිලි ටිකක් අපි තෝරගත්තා ඔයාලට පෙන්නන්න. බලන්න මේවා කොච්චර නිර්මාණශීලීද කියලා.

 

1. Ren building China

චීනයේ ශැංහයි නුවර ඉතා ආකර්ෂණීය ලෙස හදලා තියන බිල්ඩින් එකක් තමයි මේ. චීනයේ Bjarke Ingels Group කියන සමාගම තමයි මේ අමුතු ගොඩනැගිල්ලෙ නිර්මාණ ශිල්පීන්. මොවුන් විසින් Better City, Better Life 2010 World Expo එකට අනුරූපව තමයි මේක හදලා තියෙන්නෙ. මෙහි හෝටලයක්, ක්‍රීඩාගාරයක් හා සම්මන්ත්‍රණ ශාලාවක් අන්තර්ගත වෙලා තියනවා. මේක නිර්මාණය කරලා තියෙන්නෙ ගොඩනැගිලි දෙකක් එකට එකතු වෙනවා වගේ පේන විදියට. එක බිල්ඩින් එකක ක්‍රීඩාගාර හා ඒ හා සම්බන්ධ පහසුකම් වලිනුත් අනික් ගොඩනැගිල්ල හෝටලය හා අනික් අංග වලිනුත් සමන්විතයි.

 

2. Wing Shape Zayed National Museum 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාඩියට් දූපතේ පිහිටා තිබෙන මේ කෞතුකාගාරය එහි ඉතිහාසය, සංස්කෘතිය, ආර්ථිකය මනාව පිළිබිඹු කරන පළමු කෞතුකාගාරයයි. ඒක බැලූ බැල්මට පියාපත් පහක් හුළඟට දිගහැරී තියෙන ආකාරයට සැකැසූ ගොඩනැගිල්ලක්. මේක ගොඩක් ලස්සන කෞතුකාගාරයක්. මේකෙ ලොකු ශ්‍රවණාගාරයක් පවා තියනවා. ඒ වගේම සාම්ප්‍රදායික නර්තනයට, සංගීතයට, කාව්‍ය රසාස්වාදයට ලොකු තැනක් දීලා තියන කෞතුකාගාරයක්. මේක 2021 විවෘත කරන්න නියමිත වෙලා තිබ්බට තවම නිශ්චිත දිනයක් නැහැ. බොහෝදුරට ලබන අවුරුද්දට කල් යන බවක් තමයි පේන්න තියෙන්නෙ.

 

3. Basket Building

ඉතා විශාල කූඩයක හැඩේට තට්ටු 7කින් යුක්තව වර්ග අඩි 180,000ක් පුරා හදලා තියන මේ බිල්ඩිම හරිම දැකුම්කළු අද්විතීය නිර්මාණයක්. 1997 විවෘත කරපු මේක පිහිටලා තියෙන්නෙ ඇමරිකාවෙ ඔහායෝ ප්‍රාන්තයේ. මේක ඇමරිකාවෙ ඩේව් ලොන්ගාබර් විසින් 1973 ආරම්භ කරපු ලොන්ගාබර් බාස්කට් කියන සමාගමේ මූලස්ථානයයි. මේකෙ තියන සිත් ඇදගන්නාසුළු ස්වභාවය නිසා සංචාරක ආකර්ෂණය දිනාගන්නත් සමත් වෙලා තියනවා. මේ බිල්ඩින් එකේ බාස්කට් එකට අදාළ හැන්ඩ්ල් ටොන් 150ක බරකින් යුක්තයි. මේ සමාගම 2016 තම ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා තියනවා. මේ වෙනකොට කොරෝනා වෛරසය නිසා සංචාරක කර්මාන්තය අඩපණ වෙලා තියන නිසා මේ බිල්ඩින් එක ගත්තු කෙනා නැවත ඩොලර් මිලියන 6.5කට විකුණන්න දාලා තියනවා. 

 

4. Cybertecture Egg Office Building

බිත්තරයක හැඩ ගත් තට්ටු 13කින් යුත් මේ අරුම පුදුම ගොඩනැගිල්ල තියෙන්නෙ ඉන්දියාවෙ මුම්බායි නගරයේ. මේක සැලසුම් කරලා තියෙන්නෙ ගෘහ විද්‍යාඥ ජේම්ස් ලෝ විසිනි. ඇත්තටම මේ නිර්මාණය විශිෂ්ටයි කියන්නෙ මේකෙ තියන පාලන අංග, පාරිසරික සැලැස්ම ඉතා විශිෂ්ට විදියට නිර්මාණය වී තිබෙන නිසා. මේක වර්ග අඩි 33000ක කාර්යාල වපසරියක්, විශාල උද්‍යානයක් හා තට්ටු තුනකින් සමන්විත වාහන 400ක් පමණ නැවැත්විය හැකි කා පාක් එකකින් සමන්විතයි. මේක විවෘත කරල තියෙන්නෙ 2010 වසරෙදි. ස්වභාවික ආලෝකය වැඩියෙන් ලැබෙන්නත් සුළං සහ සූර්ය බලයෙන් බිල්ඩිමට අවශ්‍ය විදුලිය ලබාගන්නත් පුළුවන් විදියට නිර්මාණය කරල තියෙන මේ ගොඩනැගිල්ල සියවසේ විශිෂ්ට නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන්.

 

5. Earth House 

මේක නම් හරිම ලස්සන උයනක් වගේ තැනක්. බැලූ බැල්මට නම් හොබිට් විලේජ් එකේ පෙනුම තිබ්බත් මේ නිවෙස් මුලින්ම 1974දි කෘත්‍රිමව නිර්මාණය කරලා තියෙන්නෙ ගෘහ නිර්මාණ ශිල්පී Peter Vetsch විසින්. මේවා ස්විට්සර්ලන්තයෙ ඩයිකොන් හි කඳුකරයේ හදලා තියන නිවාස වර්ගයක්. නිදන කාමර 3 සිට 7 දක්වා තියෙන නිවාස 9කින් මේ නිවාස සංකීර්ණය සමන්විතයි. බලශක්තිය ඉතුරු කරන විදියට නිමවලා තියෙන මේ නිවාස පොළවෙන් ආවරණය වෙලා හදල තියෙන නිසා සීත කාලයේදි සාමාන්‍ය නිවසකට වැය වෙන බලශක්තියෙන් තුනෙන් එකක් විතරයි ලබාගන්නෙ. අවුරුදු ගණනාවක් තිස්සෙ මේවයෙ මිනිස්සු ජීවත් වෙනවා. පස් කඳු වලට යටින් හැංගිලා වගේ හදලා තියන ගෙවල් ඇත්තටම හරිම නිර්මාණශීලීයි. මේවයෙ වහල සම්පූර්ණයෙන්ම පොළොවෙන් වැහිලා නිසා ආකර්ෂණීය බව තවත් වැඩි කරනවා.

 

6. Bubble Palace 

හංගේරියානු ගෘහ නිර්මාණශිල්පී Antti Lovag විසින් 1975 සිට 1989 දක්වා කාලයක් අරන් ඉදිකරන ලද ප්‍රංශයේ පිහිටා ඇති මේ ගොඩනැගිල්ල Palais Bulles කියලත් හඳුන්වනවා. මේක මුලින්ම හදලා තියෙන්නෙ ප්‍රංශයේ ව්‍යාපාරිකයෙක්ට වුණත් පසුව මේක ෆැශන් ඩිසයිනර් කෙනෙක් වන පියරේ කාර්ඩින් නිවාඩුව ගතකරන්න සුදුසු ස්ථානයක් විදියට මිලට අරන් තියනවා. වර්ග මීටර් 1200ක් වගෙ වෙන මේ නිවස එළිමහන් විවේකාගාරයක්, නිදන කාමර 10ක්, පිහිනුම්තටාක හා දිය ඇලි කිහිපයකින් සමන්විතයි. බුබුළු බුබුළු ආකාරයේ හරිම ලස්සනට ඇරෙන්ජ්මන්ට් එකක් මේ බිල්ඩින් එකට තියනවා. මේ නිවස එක්ක තියෙන පිහිනුම් තටාක,පොකුණු ඔක්කොම එකතු කරල බැලුවම මේ නිවසේ මුළු වපසරිය වර්ග මීටර් 8500ක් විතර වෙනවා. 

 

7. Casa Terracota 

කොළොම්බියාවේ කඳුකර ගම්මානයක පිහිටලා තියන මේ අලංකාර විලා එක සෙරමික් හවුස් කියලත් හඳුන්වනවා. මේක මුළුමනින්ම හදලා තියෙන්නෙ මැටි වලින්. මේක වර්ග අඩි 5400ක්. මේ අවට පදිංචිකරුවන් නම් මේක Casa de Flinstone කියලත් හඳුන්වනවා. මේක පෙනුමෙන් ලොකු පස් කන්දක් වගේ. සංචාරකයින්ට සිකුරාදා ඉඳලා සඳුදා වෙනකල් උදේ 10 ඉඳලා හවස 5 වෙනකල් විවෘතයි. හරිම සශ්‍රීක වගේම මනරම් වටපිටාවක පිහිටලා තියන නිසා මෙහි අලංකාරය තවත් වැඩි වෙලා පේනවා. මේක ඩිසයින් කරල තියෙන්නෙ කොලොම්බියානු ජාතික නිර්මාණ ශිල්පියෙක් වෙන ඔක්ටාවිඕ මෙන්ඩෝසා විසින්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *