ෆෝන් එකෙන් සෙක්ස් කරමුද? ෆෝන් සෙක්ස් වලට ටිප්ස්!

දැන් සෙක්ස් ගැන අපි කතා කරනකොට, සාමාන්‍යයෙන් නම් අපේ ඔළුවේ තියෙන්නේ ඒක කරන්න දෙන්නෙක් හරි කීප දෙනෙක් හරි ඉන්න ඕන කියන එකනේ. හැබැයි ඇත්තටම සෙක්ස් කිව්වහම තියෙන්නේ ඒක විතරක් නෙවෙයි. ඕන නම් තනියෙන් සෙක්ස් කරන්නත් පුළුවන්. ස්වයංවින්දනය කියන්නේ ඒකටනේ. එතකොට එහෙම තනියෙන් කරන දේට සමහර වෙලාවට උදවුවක් එහෙම ඕන නම් හොඳයි. ඔය බ්ලූ ෆිල්ම්ස් අනං මනං බලලා උදවුවක් ගන්න පුළුවන්. එතකොට සෙක්ස් චැට් එකකින් එහෙම උදවුවක් ගන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් ෆෝන් සෙක්ස් වලින් එහෙමත් උදවුවක් ගන්න පුළුවන්. ආන්න ඒ ෆෝන් සෙක්ස් ගැන තමයි මේ කතා කරන්න යන්නේ.

 

ෆෝන් සෙක්ස් කියන්නේ සරලවම දෙන්නෙක් ෆෝන් එකෙන් සෙක්ස් ෆන් එකක් ගන්න එකනේ. ඒ කියන්නේ දෙන්නම හරි එක්කෙනෙක් හරි ෆෝන් එකෙන් සෙක්ස් ෆන් එකක් ගන්න ගමන් ස්වයං වින්දනයෙන් සතුටක් ලබන එක. දැන් ඕක කරන්නේ කොහොමද? එව්වා ඉතින් අපෙන් අහන්න ඕන නෑ. බල්ලොන්ට පීනන්න උගන්නන්න ඕන නැහැනේ. හැබැයි ෆෝන් සෙක්ස් කරන එක හොඳ තෘප්තිමත් වැඩක් කරගන්න නම් කරන්න පුළුවන් යම් යම් දේවල් තියෙනවා. ආන්න ඒ දේවල් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

 

1. ලැහැස්තියක් ඕන

ඇත්තටම බස් එකේ යන එන ගමන් එහෙමත් ෆෝන් සෙක්ස් කරන්න පුළුවන්ද? බැරි කමක් නෑ. හැබැයි එකක් එහෙම සිටුවේෂන් එකක ඉඳලා සෙක්ස් ටෝක් දෙන එක ප්‍රායෝගික වෙන එකක් නෑ. කොහොම හරි එහෙම තත්ත්වයක ඉඳලා සෙක්ස් ටෝක් දෙන්න තියාගත්තත්, ඒක ෆෝන් සෙක්ස් වෙන්නෙ නෑ. ෆෝන් සෙක්ස් වලදී ඉතින් අපිට ඒක එන්ජෝයි කරන්න ක්‍රමයක් තියෙන්න එපැයි. ඉතින් ස්වයං වින්දනයවත් කරන්න බැරි තැනක ඒක තේරුමක් නැති වැඩක්.

ඇත්තටම මේ කියන්න හදන්නේ ෆෝන් සෙක්ස් කරන්න හොඳ ලැහැස්තියක් තියෙන තරමට වැඩේ හොඳට යනවා කියන එක තමයි. ඒ කියන්නේ එහෙන් මෙහෙන් ෆෝන් කෝල් ඇවිත් ඩිස්ටර්බ් වෙන්නෙ නැති, කවුරුවත් කාමරේට කඩාගෙන බිඳගෙන එන්නෙ නැති වෙලාවක් හොයාගෙන, ෆෝන් සෙක්ස් කරන එකට සූදානම් වෙන්න ඕන. හරියට සෙක්ස් කරන්න සූදානම් වෙනවා වගේම තමයි.

 

2. සෙක්සි ඇඳුම්

මේ තමන්ගේ ඇඳේ ඉඳන් ෆෝන් එකෙන් තනියෙන් සෙක්ස් කරන්න අමුතුවෙන් මොකුත් අඳින්න ඕනද? ආන්න එහෙම හිතුවොත් ඉතින් ෆෝන් සෙක්ස් කරන්න බෑ. මෙහෙමයි. සාමාන්‍යයෙන් ෆෝන් සෙක්ස් කරනකොට වුණත් මේ පැත්තේ ඇත්තටම සිද්ධ වෙන්නේ ස්වයං වින්දනය කරන එකනේ. ඒක නිසා පහසු, ලිහිල් ඇඳුමක් ඇඳලා හිටියත් ඇති.

 

හැබැයි අපිට පුළුවන් නම් ෆෝන් සෙක්ස් කරන වෙලාවට ඇත්තටම සෙක්සි ඇඳුමක් අඳින්න, විශේෂයෙන්ම පාට්නර් අපි ඇඳට එනකොට අඳිනවට ආස දෙයක් අඳින්න, ෆෝන් සෙක්ස් කරන එක තවත් ඇත්ත වගේ දැනෙයි.

 

3. හොඳ පටන් ගැන්මක්

සාමාන්‍යයෙන් ෆෝන් සෙක්ස් පටන් ගන්නේ “මොනවද ඇඳලා ඉන්නේ ඔයා?” කියලා නෙහ්? ඇත්තම කිවුවොත් නෑ. ෆෝන් සෙක්ස් කරන්න පටන් ගන්න කලින් මූඩ් එකක් එන්න ඕනනේ. ආන්න ඒ මූඩ් එක සෙට් කරගන්න එකත් ආට් එකක්. ඇත්තට සෙක්ස් කරන්න කලින් ඔය පොඩි පොඩි ටීසින් වැඩ වලින් මූඩ් එක සෙට් කරනවා වගේ තමයි. ඕන නං හැඟීම් ඇවිස්සෙන විදියේ ටෙක්ස්ට් මැසේජ් වලින් එහෙම වැඩේ පටන් ගන්නත් පුළුවන්. ඕන නං ෆෝන් කෝල් එකෙන් පොඩ්ඩක් ආදරේ කරලා එහෙම වැඩේ ටික ටික ගැඹුරු දියඹට ගෙනියන්නත් පුළුවන්. කොහොම වුණත් ෆෝන් සෙක්ස් කරනකොට ඇත්තටම පාට්නර් අපේ ගාව නැහැයි කියලා ඒක යාන්ත්‍රික වෙන්න දෙන්න එපා. ටිකෙන් ටික හැඟීම් එක්ක, දෙන්නගෙම හැඟීම් අවුස්සගෙන වැඩේට එන්ටර් වෙනකොට තමයි සතුට වැඩි.

 

4. දෙන්නගෙම ෆැන්ටසියක්

ෆෝන් සෙක්ස් කරනකොට නිකම්ම හැමදාම කරන ටිකම කරනවා කියලා කියන්න ඕන නෑ. ඒක බෝරින් වෙයි ටික දවසකින්. ඒ වෙනුවට දෙන්නටම එන්ජෝයි කරන්න පුළුවන් සෙක්ස් ෆැන්ටසි වලට යන්න. විශේෂයෙන්ම දෙන්නම ආසයි කියලා කතාවෙලා තියෙන, ඒත් තාම කරලා නැති සෙක්ස් ෆැන්ටසියක් දෙන්නට ඇත්තටම කරන්න පුළුවන් විදිය ගැන පුංචි පුංචි තොරතුරු වෙනකල් පරිකල්පනය කරන්න ෆෝන් සෙක්ස් කියන්නේ මරු විදියක්. එතකොට ඇත්තටම ඒ සෙක්ස් ෆැන්ටසි එක කරනකොට, අපිට ඒක වැරදිල්ලක්, ඇදක්, පළුද්දක් නැතුව හරියටම කරන්න පුළුවන් වෙයි.

 

හැබැයි එකක්, දෙන්නගේ ෆැන්ටසියකට ෆෝන් සෙක්ස් වලදී යනවා නම්, දෙන්නම ඒක ඕකේද කියන එක ගැනත් කලින් කතාවෙලා ඉන්න ඕන. හැබැයි ඒක ඔෆීෂියලි “අපි අද බීච් සෙක්ස් සීන් එකක් කරමුද?” කියලා අහන්න යන්න එපා. ඒ වෙනුවට අර උඩින් කියපු පටන් ගැන්මේදී හරි ඊටත් කලින් දෙන්නව අවුස්සන්න යවන පුංචි පුංචි මැසේජ් වලදී හරි ඒ ගැන කතාබහ කරගන්න පුළුවන්.

 

5. කියන දේ කරන්න, කරන දේ කියන්න

ෆෝන් සෙක්ස් වල ෆන් එක තියෙන්නේ ඇත්තටම තමන් එයාට කරන්න කැමති දේවල් හරි එයා තමන්ට කරනවට තමන් ආස දේවල් හරි හිතින් මවාගෙන කියන එකේ විතරක් නෙවෙයි. ඊටත් වඩා, දෙන්නම ඇත්තටම සෙක්ස් කරන්න එන්ගේජ් වෙනවා කියන ෆීලින් එකත් මේකට ඉතාම වැදගත්. ආන්න ඒ ෆීලින්ග් එක ගන්න හොඳ ක්‍රමයක් තමයි එයා කරන්න ඕන දේවල් අපි කියන එක. ඒ වගේම එයා කරන්න කියන දේවලුත් අපි කරන එක. උදාහරණයක් විදියට කිවුවොත්, ෆෝන් සෙක්ස් කරනකොට “ඔයාගේ බ්‍රා එක ගලවන්න” කියලා අපි කියනකොට එයා ඒක කරයි. ඒ වගේම, එයා “ඔයාගේ නිපල් එකක් අතගාගන්න” කියලා කියනකොට අපිත් ඒක කරන්න ඕන. ආන්න ඒ ටෙක්නික් එකත් එක්ක ෆෝන් සෙක්ස් සෑහෙන්න දුරකට අරගෙන යන්න පුළුවන්. 

 

6. කෙඳිරියකට යන්න පුළුවන් දුර

ෆෝන් සෙක්ස් කරනකොට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි ශබ්දය. ඒ කියන්නේ, අපි වීඩියෝ ඔන් කරලා ෆෝන් සෙක්ස් කළත්, තමන් කියන දේවල්, තමන් ඒ දේවල් කියන කටහඬ, ඒ දේවල් කියන ටෝන් එක එහෙම ඉතාම වැදගත්. ආන්න ඒ නිසා ඒ ගැන සැළකිලිමත් වෙන්න ඕන. කොටින්ම කියනවා නම් ෆෝන් සෙක්ස් කරනකොට කටහඬ සෙක්සි වෙන්න ඕන. ඒක තමන් මුළු හිතින්ම ෆෝන් සෙක්ස් එන්ජෝයි කරනකොට ඉබේම එයි.

ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි රාගික කෙඳිරි ගෑම් සහ සුසුම් වගේ දේවල්. සාමාන්‍යයෙන් සෙක්ස් කරනකොට කෙඳිරි ගාන්න නුහුරු කෙනෙක් වුණත්, ෆෝන් සෙක්ස් කරනකොට ඒවා කරන්න පුළුවන් වීම අවශ්‍යයි. හොඳ සෙක්සි කෙඳිරිගෑමකට තමන්ගේ පාට්නර්ව පුදුමාකාර විදියට අවුස්සන්න, රාගයෙන් උමතු කරන පුළුවන්. 

 

7. ඇත්තට බැරි එව්වත් ඕකේ

දැන් සමහර කපල් වල කොල්ලා කැමති සමහර ෆැන්ටසි තියෙනවා, කෙල්ල කරන්න කැමති නෑ. අපි මේ කියන්නේ කොහොමටවත් කරන්න ආසාවක් නැති ෆැන්ටසි ගැන නෙවෙයි. එක්කෝ ආසයි බයයි ටයිප් ෆැන්ටසි නැතිනම් ඇත්තට ප්‍රායෝගිකව කරන්න බැරි ෆැන්ටසි එහෙම ගැන. ආන්න ඒ විදියේ ෆැන්ටසි එකක් ෆෝන් සෙක්ස් කරනකොට කරන්න බැරිද? උදාහරණයක් විදියට අපි කියමු මිනිස්සුන්ට පේන එළිමහනක සෙක්ස් කරන එක. ඒක ඇත්තට කරන්න අමාරු ෆැන්ටසියක්. හැබැයි ඒත් ඒකට දෙන්නම ආස නම් ෆෝන් සෙක්ස් කරනකොට ඒ සෙටප් එකේ සෙක්ස් කරනවා කියලා මවාගෙන කතා කරන්න පුළුවන්, හා නැද්ද?

 

ඒ වගේම ඔය ගුද සංසර්ගය වගේ ෆැන්ටසියක් වුණත් ඇත්තට කරන්න ආසයි බයයි නම්, ෆෝන් සෙක්ස් කරනකොට පොඩ්ඩක් කරලා බලන්න පුළුවන්. ඒකෙන් ඒක ඇත්තටම කරන්න තියෙන බය ඉවත් කරගන්නත් පුළුවන් වෙයි සමහරවිට.

 

8. පාවිච්චි කරන්න පුළුවන් දේවල් පාවිච්චි කරන්න

ෆෝන් සෙක්ස් කරද්දි මොනවද අපිට අවශ්‍ය වෙන්නේ? මොනවද ඉතින්, ෆෝන් එකයි අතයි, ඔච්චරයිනේ? ආන්න වැරදුණු තවත් තැනක්. නෑ. ඊට වඩා සෑහෙන්න දේවල් ෆෝන් සෙක්ස් කරනකොට පාවිච්චි කරන්න පුළුවන්.

 

එහෙම පාවිච්චි කරන්න පුළුවන් එක දෙයක් තමයි ෆෝන් ස්ටෑන්ඩ් එකක්. ඒ කියන්නේ ෆෝන් එකේ කැමරාවට අපිවත් අහුවෙන විදියට, හැබැයි අතින් අල්ලගෙන ඉන්නෙ නැතුව හිටවලා හරි හේත්තු කරලා හරි තියන්න පුළුවන් ක්‍රමයක්. අන්න ඒ විදියෙන් අපේ අත් දෙකම නිදහස් ඕන දෙයක් කරන්න. ඒ වගේම, ෆෝන් සෙක්ස් කරනකොට හෙඩ්සෙට් එකක් එහෙම නම් අත්‍යාවශ්‍යයි.

 

එතකොට ෆෝන් සෙක්ස් කරනකොට ඔය ලුබ්‍රිකන්ට් එහෙම, සෙක්ස් ටෝයිස් එහෙමත් පාවිච්චි කළාට කමක් නෑ. ෆෝන් සෙක්ස් කරන ගමන් ස්වයං වින්දනය කරද්දී වුණත් අපි කියනවට ඔය ලිහිසිකාරකයක් එහෙම පාවිච්චි කරලා බලන්න. සම්පූර්ණයෙන්ම වෙනස් වින්දනයක්, වෙනස් ෆීල් එකක් ලැබෙයි.

 

9. ඉගෙන ගන්නත් මරු

ඇත්තටම දෙන්නට දෙන්නාට තමන් ගැන, සෙක්ස් කරනකොට  තමන් ආස දේවල්, තමන්ගේ පාට්නර් ආස දේවල් වගේ ඒවා අලුතෙන්ම ඉගෙන ගන්නත් ෆෝන් සෙක්ස් මරු. ඒ කියන්නේ අපි ෆෝන් සෙක්ස් කරනකොට පාට්නර්ගේ සෙක්ස් ආසාවන් ගැන අපි නොදන්න අලුත් දේවල් සමහර වෙලාවට ඉගෙන ගන්න පුළුවන්. අන්න ඒ දැනුම, ඇත්තටම සෙක්ස් කරන්න ගියහම සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි.

 

10. ගනු වගේම දෙනු

ෆෝන් සෙක්ස් කරනකොට මෙන්න මේක නම් ඉතාම වැදගත් කාරණාවක්. ඒ තමයි, තමන්ගේ වැඩේ කරගෙන අයින් වෙන ආත්මාර්ථකාමී මනුස්සයෙක් නොවෙන එක. උදාහරණයක් විදියට අපි හිතමු, අපේ පාට්නර්ට කලින් අපිට සුරතාන්තයක් ආවා කියලා. අන්න එතකොට අපි ෆෝන් සෙක්ස් කිරීම එතනින් නවත්තන එක හරිම අසාධාරණයි. ඊටත් වඩා නරකයි තමන් තෘප්තිමත් වුණාට පස්සේ බොරුවට ෆෝන් එක ඕෆ් වුණා වගේ ඇක්ට් කරලා ෆෝන් එක ඕෆ් කරලා දාලා නිදාගන්න එක.

 

එක එක මිනිස්සු සුරතාන්තයට පත් වෙන්න ගත්වෙන වෙලාවක් වෙනස්. ඒක ඇත්තට සෙක්ස් කරනකොටත් එහෙමයි, ෆෝන් සෙක්ස් කරනකොටත් එහෙමයි. අන්න ඒක කළමනාකරණය කරගන්න ඉගෙන ගන්න ඕන. ෆෝන් සෙක්ස් වලදී වුණත් ගනු වගේම දෙනුත් හරියට තියෙන්න ඕන. අන්න ඒ නිසා, ෆෝන් සෙක්ස් කරන්න යනවා නං, පිං සිද්ධ වෙයි ෆෝන් එක හොඳට චාර්ජ් කරලා තියාගන්න!

 

11. වීඩියෝත් ඕකේ

ෆෝන් සෙක්ස් කරනවා කියන්නේ නිකම්ම කෝල් එකකින් කතා කරන එක විතරක්ද? අපොයි නෑ. ඊට වඩා දැන් කාලේ වීඩියෝ කෝල්ස් එහෙම සාමාන්‍ය දෙයක් නිසා, එකිනෙකා දිහා බලාගෙනත් ෆෝන් සෙක්ස් කරන්න පුළුවන්. ආන්න ඒකට උපකාරී වෙන දේවල් ටිකක් අපි උඩිනුත් කියලා තියෙනවා. හැබැයි ඒ වීඩියෝ කෝල් එක හොරෙන් රෙකෝඩ් කරන්න එහෙම යන්න එපා!

 

ඒ ඇරෙන්න, ෆෝන් සෙක්ස් කරනකොට වීඩියෝ ඔන් කරලා එකිනෙකාගේ නිරුවත හෝ ලිංගික ක්‍රියා රසවිඳීම, නියුඩ්ස් එහෙම නැතිනම් නිරුවත් ඡායාරූප හුවමාරු කර ගැනීම බහුලව සිද්ධ වෙන දෙයක්නේ. ආන්න ඒවා එක අතකට ලීක් නොකිරීම සහ අනික් අතට යවනකොට සහ ගන්නකොට ලීක් නොවෙන්න පරිස්සම් වීමත් අත්‍යාවශ්‍යයි. ඒවා ලීක් කරන්නේ නං අන්තිම පජාත ඩයල් කියන එකත් මතක තියාගන්න එක හොඳයි.

 

මේ ඔක්කොටම උඩින් අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි කෙනෙක්ගේ කැමැත්තකින් තොරව ෆෝන් සෙක්ස් වලට හෝ වෙනත් ඕනම සෙක්ස් ක්‍රියාකාරකමකට බලපෑම් නොකිරීම. සම්බන්ධ වෙන හැම පාර්ශවයකම කැමැත්ත අත්‍යාවශ්‍යයි.

 

වගකීම් සහගතව ෆෝන් සෙක්ස් ෆන් එකක් ගන්නවා කියන්නේ අන්න ඒකයි.