ප්ලේන්ටියට දාන ඉඟුරු එකේ තියන සුවිශේෂී ගුණ දන්නවද?

අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ඉඟුරු ගොඩාක් පාවිච්චි කරනවා. විශේෂයෙන් තේ පානයේදී, ඊට අමතරව එක එක කෑම වලට අතීතයේ ඉඳන්ම පාවිච්චියට ගත්ත ඖෂධීය වටිනාකමකින් යුත් කුළු බඩුවක් විදියටත් ඉඟුරු සළකන්න පුළුවන්. ඉතින් මේ දිව්‍ය ඖෂධයේ ගුණයන් ගැන අද අපි ටිකක් කතා කරමු. 

 

 

1. කැස්ස, උගුරේ අපහසුතා තියන අයට

මේක නම් ගොඩාක් අය දන්නම දෙයක්. නොදන්න අයත් ඉන්න නිසාම අපි කතාකරමු මේක ගැන. ඉඟුරු වල තියෙනවා ඇන්ටිහිස්ටමීන් කියන ගුණය. ඒක නිසාම මේක ගොඩාක් ශ්වසන පද්ධතියේ හා උගුරේ ආසාත්මිකතාවලට හොඳයි. ඉඟුරු ටිකකින් ඉස්ම ටිකක් අරගෙන මී පැණිත් එක්ක කලවම් කරලා භාවිතයට ගත්තොත් නොනැවතී පවතින කැස්ස ඇතුළු බොහොමයක් ශ්වසන මාර්ගය සම්බන්ධ රෝගවලට එය ගොඩාක් හොඳ ප්‍රතිකාරයක් වනවා. තව ඉඟුරු ඉස්ම ටිකක් උළුහාල් එක්ක මිශ්‍ර කරලා ගන්න මිශ්‍රණයත් ඇදුම රෝගයට ගොඩාක් හොඳ බෙහෙතක්…

 

2. වමනය සමනයට 

ගොඩාක් ගර්භණී මවුවරුන්ට මේ ඉඟුරු දිව්‍ය ඖෂධයක් වගේ. ඔවුන්ට ගර්භණී සමයේදී උදේ හැදෙන ඔක්කාරයට මේ ඉඟුරු ගොඩාක් හොඳයි. ඒ වගේම ඉඟුරු කෑල්ලක් හපලා කෑවොත් ඔය ට්‍රිප් එකක්, දුර ගමනක් යද්දි වගේ වමනේ යන අයට වමනය ගොඩාක් දුරට වළක්වාගන්න පුළුවන්. ඒ වගේම විවිධ ඖෂධ නිසා ඇතිවන වමනය වළක්වා ගන්නටත්, සැත්කමකින් පස්සේ ඇතිවෙන වේදනාව සමනයටත් මේ දිව්‍ය ඖෂධය උපකාර වෙනවා. 

ඒ වගේම පාචනය තත්ත්වය වළක්වා ගන්නත් මේ ඉඟුරු වලට පුළුවන්…

 

3. දරුණු ලෙඩ රැසකට ප්‍රතිකාරයක්

 

මේ ඉඟුරු වල පිළිකා සෛල වුණත් විනාශ කරන්න පුළුවන් තරම් ඉහළ ගුණයක් තියෙන බව කියනවා. මෙයට බඩවැල ආසන්න පිළිකා සෛල විනාශ කරන්න පුළුවන් කියලා විද්‍යාත්මකව පවා ඔප්පු කරලා තියෙනවා. තව දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධවලට ඉඟුරු ගොඩාක් හොඳයි. දියවැඩියා රෝගයට ගන්න බෙහෙත් නිසා ගොඩාක් රෝගීන්ට ඇතිවන වකුගඩු රෝග වළක්වන්නත් මේ ඉඟුරු ගොඩාක් හොඳයි. තව දියවැඩියා රෝගීන් ඉඟුරු ඉස්ම පානය කරනවනම් සීනි මට්ටම අඩු කරගන්නත් පුළුවන්. නමුත් ඉඟුරු පමණ ඉක්මවා භාවිතා නොකළ යුතුයි. ඔවුන් දිනකට ග්‍රෑම් 4ක පමණ ප්‍රමාණයකට වඩා ඉඟුරු භාවිතා නොකළ යුතුයි. 

 

4. සන්ධි රෝග සහ ආමාශ රෝග සඳහා

ඉඟුරු යුෂයෙන් ලබාගන්නා තෙල් ගැල්වීමෙන් සන්ධිවල ඇතිවෙන වේදනාව ගොඩාක් අඩු කර ගන්න පුළුවන් . වේදනානාශක ගුණයක් පවතින නිසා ඉඟුරු දණහිස් අමාරුව, රක්ත වර්ණ වී සන්ධි ඉදිමීම හා සාමාන්‍ය මාංශ පේෂිවල වේදනාවන්ගෙන් පෙළෙන රෝගීන්ට ගොඩාක් යෝග්‍යයි. ඉඟුරුවල තියෙන වාත නැසීමේ ගුණය නිසා ආමාශයේ පිරවීම ගොඩාක් දුරට සුවකරනවා. දිනකට දෙතුන් වතාවක් ඉඟුරු ඉස්ම පානයෙන් ඒ ගතියත් ගොඩාක් මග හරවා ගන්න පුළුවන්. තව ඉඟුරු ආමාශයේ දැවිල්ලටත් ගොඩාක් හොඳ ප්‍රතිකර්මයක් වෙනවා. ඉඟුරු හොඳට දාපු තේ එකක් මේකට වඩාත් සුදුසුයි. තව ඉදිමුම් සහිත දැවිල්ල අඩු කරන්නත් මේ ඉඟුරු වලට පුළුවන්.

 

5. තරුණ බව ආරක්ෂා කරගන්න

අපි හැමෝම ආසයිනේ ඉන්න ටික කාලේ හරි ලස්සනට, තරුණව ඉන්න. ඉතින් මේ ඉඟුරුවල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් තරුණ බව රැක ගන්න ගොඩාක් උදවු වෙනවා. ඒ වගේම සමේ තියෙන විෂ බීජ ඉවත් කිරීමටත් ගොඩාක් උපකාරී වෙනවා. සම පෝෂණය කරගෙන පැහැපත්ව තරුණව ඉන්න පුළුවන් ඉඟුරු පාවිච්චි කළොත්. 

 

6. පිළිස්සුම් තුවාල වලට

අපේ ඇඟේ තියෙන පිළිස්සුම් තුවාලවල හරි පිළිස්සුම් ලප කැළැල් වල වේදනාව හරි නැති කරන්න, සුව කරන්නත් මේ ඉඟුරු ගොඩාක් හොඳයි. ඉඟුරුවල ඉස්ම ගොඩාක් මේකට ගැලපෙනවා. ඉඟුරු පෙති මේ තුවාල වල දින කිහිපයක් ඇතිල්ලීමෙන් මේ කැළැල් ගොඩාක් දුරට සුවවේවි. ඒ වගේම ඉඟුරුවල තියෙන වේදනා නාශක ගුණයත් ගොඩාක් වැදගත්…

 

7. කෙස් වලට

කෙස් වර්ධනය අඩාල වුණ අයට ඉඟුරු ගොඩාක් හොඳයි. මේක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් විදියටත් සැලකෙනවා. ඒ වගේම තරුණ මැදි වයස් වල අයගේ කෙස් අකාලයේ වැටෙන එක වළක්වන්නත් මේ ඉඟුරු වලට පුළුවන්. තව කෙස් අග පැලෙන එක වළක්වන්නත් පුළුවන් දිව්‍ය ඖෂධයක් තමයි ඉඟුරු කියන්නෙ. 

 

ඉතින් මේ දේවල්වලින් අපි කන ඉඟුරුවල රහට අමතරව ගුණ ගැනත් ඔයාලා ගොඩක් දේවල් දැනගත්තා කියලා අපි හිතනවා. ඒ වගේම මේ දේවල් ඔයා යාළුවොත් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *