මලාවියේ ඇලි ජනයාගේ කඳුළු කතාව

ඇල්බිනිස්ම් (Albinism) තත්ත්වයෙන් පෙළෙන ඇලි මිනිස්සු ගැන ඔයාලා මීට කලින් අහලා දැකල ඇති. අද අපි කතා කරන්නේ ලෝකයේ එක් කොනක මෙවන් ඇලි තත්ත්වයකින් පෙළෙන මිනිසුන්ට සිදු වෙමින් පවතින සිත් සසල කරවන අකටයුතුකම් ගැනයි… 

 

1. ඇලිබව කියන්නේ මොකද්ද? 

ඇලිබව එහෙම නැත්නම් ඇල්බිනිස්ම් (Albinism) තත්ත්වය කියන්නේ සරලවම අපේ සමේ අඩංගු මෙලනින් කියන වැදගත් වර්ණකය නිපදවෙන එක සීමා කරන රෝගී තත්ත්වයක්. මෙලනින් වර්ණකය නිසා තමයි අපේ හිස කෙස්, ඇස්, ඇහි බැමි, ඇහි පිහාටු සහ සමහර වෙලාවට සමත් කළු පැහැති වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් මේ රෝගය හැදෙන්න පුළුවන් අය ගොඩාක් අඩුයි. විසි දාහක් ගත්තොත් එතනින් එක්කෙනෙක්ට වගේ අඩු මිනිස්සු ප්‍රමාණෙකට තමයි මේ රෝගී තත්ත්වය හැදෙන්නේ. මේක මිනිසුන්ට විතරක් නෙමෙයි, වෙනත් සත්තුන්ට වුණත් හැදෙන්න පුළුවන් රෝගයක්.

 

2. ඇල්බිනිස්ම් ආකාර 

මේ ඇල්බිනිස්ම් රෝගයෙත් ලක්ෂණ ගොඩක් තියෙනවා. පළවෙනිම එක තමයි සුදු හා රෝස සමක්, නිල් හෝ සුදු ඇස් හා සුදු හිස කෙස් පිහිටීම . දෙවන රෝගී තත්ත්වය ගොඩාක් දුරට මුල් එකට සාමානයි. ඒකේ වෙනස වෙන්නේ කොණ්ඩය වෙනත් පැහැයක් ගන්න එක. ඒ කියන්නෙ රතු පාට හරි ත‍ඹ පාට වගේ පාටක්. තුන්වෙනි රෝග ලක්ෂණයත් දෙවනි එකට ගොඩාක් සමානයි. ඒකේ වෙනස ඇස් රතු පාට වෙන එක.  

 

3. මුහුණ දෙන සෞඛ්‍ය ගැටළු 

මෙලනින් වර්ණකය හින්දා අපිට සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවක් ඉර අව්වට නිරාවරණය වෙලා ඉන්න පුළුවන්. ඒත් මෙලනින් අවශ්‍ය පමණට නිපදවෙන්නේ නෑනේ මේ ලෙඩේ නිසා. ඒක හින්දා මේ රෝග තත්ත්වයෙන් පෙළෙන්නන්ට අව් රශ්මියේ ඉන්න ටිකක් අපහසුයි. ඔවුන්ට මීට අමතරව ඇස් අන්ධ වෙන්නත් පුළුවන්. ගොඩාක් දුරට සමේ ඇතිවෙන පිළිකා වලටත් මොවුන් හරියට ගොදුරු වෙනවා. මීට අමතරව ඔවුන් මුහුණදෙන මානසික පීඩනය, සමාජයෙන් කොන් වෙන එක ඔවුන්ට අර රෝග හැදෙන එකටත් වඩා වේදනාකාරී වෙන්න ඇති. 

 

4. වැඩිපුරම ජීවත් වන රටවල් 

මේ වගේ ගොඩාක් ඇලි රෝගයෙන් පෙළෙන මිනිස්සු ජීවත් වෙන්නේ මලාවි කියන රටේ. ඊට අමතරව තව අප්‍රිකානු රටවල් ගණනාවකත් මොවුන් ජීවත්වෙනවා. මේ තත්ත්වයෙන් පෙළන මිනිස්සු අනික් මහද්වීප වලත් ඉන්න පුළුවන් වුණත්, ඒ සම්භාවිතාව අප්‍රිකා මහද්වීපයට වඩානම් ගොඩාක් අඩුයි කියලයි වාර්තා වෙන්නේ…

 

5. ඒඩ්ස් රෝගයට බෙහෙතක්

 

මේක නම් ගොඩාක් දුක හිතෙන දෙයක්. මලාවිය තුළ ජීවත් වෙන සමහර නූගත් වගේම හිත්පිත් නැති මිනිස්සු මේ අහිංසක ඇලි මිනිසුන්ව පැහැර ගෙන ගිහින් දූෂණය කරනවා. එහෙම බලහත්කාරකම් කරන්න එක් විශේෂ හේතුවක් තියනවා. ඒ තමයි ඇලි මිනිසුන් එක්ක ලිංගිකව එකතු වීමෙන් ඒඩ්ස් රෝගය සුව වෙනවා කියලා ඔවුන් අතර මිත්‍යා විශ්වාසයක් පැවතීම. ඒ නිසා හැමෝම වගේ මේ හිත් පිත් නැති අශීලාචාර වැඩේ කරනවා. අසරණ මිනිස්සු සිය දහස් ගාණක් මේ නිසාම විඳවලා මැරෙනවා. තමන්ගෙම රටේ මිනිස්සු කියලවත් හිතෙන්නැති වෙන්න ඒ මිනිස්සු මේ මිත්‍යා මත වලට වහල් වෙලා ඉන්නෙ…

 

6. වාසනාව හා ධනය ගෙනෙන ඇටකටු

 

මේකත් කලින් කියපු දේ තරම්ම සංවේදී දෙයක්. මේ ඇලි මිනිස්සුන්ගේ තියෙන ඇටකටුවලින් මේ මෝඩ මිනිස්සු හදනවා මුද්දක් වගේ දෙයක්. ඉතින් ඒ දේවල් වලින් වාසනාව හම්බවෙනවා කියලයි ඔවුන් කියන්නේ. ඇලි මිනිසුනු‍ත් තමන් වගේම ලෙයින් මසින් හැදුණු සාමාන්‍ය මිනිස්සු කියලා හිතන්න පුළුවන් බුද්ධියක් නොමැති කම නිසා මේ මිත්‍යා මතවලට මලාවි මිනිස්සු යටවෙලා ගිහින්.

 

 

7. වාර්තා වූ කුරිරු මරණ

ඉතින් අර කලින් කියපු හේතු දෙකයි තව හේතු කිහිපයකුයි හින්දා මේ ඇලි මිනිසුන්ට ලොකු ආසාධාරණකම් විඳින්න සිද්ධ වෙලා තියනවා. මේ ලෙඩින් පෙළෙන කුඩා දරු දැරියන් සහ තරුණ අයව පවා මේ මිනිස්සු හරිම අමානුෂික විදිහට මරලා දාල ඒ ඇටකටු ටික අරගෙන ඉතුරු ටික වළදානවා. 2020 මාර්තු විසිපස් වෙනිදත් අවුරුදු 43 ක තාත්තෙක්ව මේ නූගත් මිනිසුන්ගේ ගොදුරක් වෙනවා. මේ දේවල් කියද්දී වුනත් ඇඟ හීතලා වෙනවා නම් මේ මිනිස්සුන්ට කොච්චර අසාධරණයක් සිද්ධ වෙනවද කියල හිතන්න පුළුවන් නේද? මේ වන විටත් මෙවැනි සිදුවීම් 200කට අාසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවටයි දැනගන්න ලැබෙන්නේ. නමුත් සැබෑ දත්තයන් ඊටත් බොහෝ ඉහළ අගයක පැවතිය හැකි බවටයි බොහෝ දෙනා සැක කරන්නේ. 

 

ඉතින් මේ වගේ අවාසනාවන්ත ඉරණමක් තමයි මලාවියේ ඇලිබව හිමි මිනිසුන්ට සිද්ධ වෙන්නේ. එක එක නූගත් රටවල නූගත් මිනිස්සු මිත්‍යා මත වල ඇලිලා කරන මේ බහුභූත ඇදහිලි නිසා අදට කොච්චර ඇලි රෝගී මිනිස්සු මිය යන්න ඇද්ද?

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *