යූටියුබ් ඉතිහාසයේ වාර්තා තැබූ නාලිකා

යූටියුබ් කියන්නෙ මේ වෙනකොට වැඩිම පරිශීලකයන් ප්‍රමාණයක් ඉන්න විශාලතම සමාජ මාධ්‍ය ජාලයක්. මේ යූටියුබ් එක පටන්ගත්ත මුල් කාලෙ වාර්තා තියපු සෙට් එකක් ඉන්නවා. අද අපි ඒ අය ගැන පොඩ්ඩක් කියන්න ඕනෙ කියලා හිතුවා. දැන් නම් පඳුරකට ගැහුවත් යූටියුබ් චැනල් විසිවෙන කාලයක්නේ. අපිට ඉන්ටර්නෙට්වත් නැති කාලේ යූටියුබ් කරන අය, යූටියුබ් බලන අය ලෝකෙ අනෙක් දියුණු රටවල් වල ඉඳලා තියනවා. ඒ කාලෙ කප් ගහපු යූටියුබ් චැනල් ටිකක් තමයි මේ. 

 

1. Judson Laipply 

මුලින්ම ‍යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000 ඉක්මවූ චැනල් එක තමා Judson Laipply. මේ චැනල් එක කරන Judson කියන්නෙ මෝටිවේශනල් ස්පීකර් කෙනෙක් වගේම ඩාන්සර් කෙනෙක්. ඒ චැනල් එකේ Evolution of Dance කියන වීඩියෝ එක​ට මිලියන 305 ඉක්මවලා වීව්ස් ආවා. 

 

2. Brookers

Brookers කියන්නෙ ලෝකෙ පළවෙනි වතාවට සබ්ස්ක්‍රයිබර්ස්ලා 10,000ක් ඉක්මවපු චැනල් එක. මේක කරේ Brooke Allison Brodack කියන ඇමරිකන් වීඩියෝ කොමීඩියන්. කෙටි වීඩියෝ ඉදිරිපත් කරපු මේ චැනල් එක 2017 ජුලි 12 වෙනිදා ඇලිසන් විසින් ඩිලීට් කරනව. ඇයි එහෙම කළේ කියන්න අදටත් කවුරුවත් දන්නෙ නැහැ. 

 

3. geriatric1927

මේ චැනල් එක හදලා තියෙන්නෙ 2006 අගෝස්තු 17 වෙනිදා. සබ්ස්ක්‍රයිබර්ස්ලා 25,000 ඉක්මවූ පළවෙනි චැනල් එක උනේ මේක. දෙවන ලෝක යුද්ධ සමයේ රේඩාර් කාර්මික ශිල්පියෙක් විදියට කටයුතු කරපු ඉංග්‍රීසි ජාතික Peter Oakley තමා මේ චැනල් එකේ නිර්මාතෘවරයා. ඔහුගේ ඒ කාලයේ අත්දැකීම් ගැන කෙටි වීඩියෝ තමා මේ චැනල් එකේ තිබුණෙ. 2014 මාර්තු 23 වයස අවුරුදු 86දි Peter Oakley මිය යනවා. 

 

4. lonelygirl15

මේ චැනල් එක තමා ලෝකෙන්ම මුල්ම වතාවට සබ්ස්ක්‍රයිබර්ස්ලා 50,000 ඉක්මවූ චැනල් එක. 2006 ජුනි 16 වැනිදා නව යොවුන් ගෑණු ළමයෙක්ගෙ වීඩියෝ ඩයරි එකක් විදියට පටන් ගන්න මේ චැනල් එක 2006 සැප්තැම්බර් වෙද්දි එකවර අවධානයට ලක්වෙනවා. ඒ මේක වීඩියෝ ඩයරි එකක් නෙවෙයි, ෆික්ශනල් චැනල් එකක් කියල හෙළිවීමත් එක්ක. පවුලේ අය එක්ක සිදු කරන රහසිගත ඇදහිලි ගැනත්, හදිසියේ අතුරුදහන් වෙන දෙමවුපියන් ගැනත් කුඩා ගෑණු ළමයෙක් තනියම ඉඳන් කරන චැනල් එකක් කියල පෙනුනට මේ පිටිපස්සෙ ඉන්නෙ Miles Beckett, Mesh Flinders, Greg Goodfried සහ Amanda Goodfried කියන ෆිල්ම් මේකර්ස්ලා. 

 

5. Smosh

2006 වසර අවසාන වෙනකොට විව්ස් මිලියන 43ක් ඉක්මවූ එකම චැනල් එක උනේ Smosh. 2002දි Anthony Padilla විසින් somsh.com කියල වෙබ් සයිට් එකක් පටන් අරන් පස්සෙ Ian Hecox එක්ක එකතු වෙලා පටන් ගත්ත මේ කොමඩි චැනල් එක තමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා 100,000 ඉක්ම වූ පළමු චැනල් එක. මේකෙ කොමඩි වලට අමතරව ගේමින් සහ ඇනිමේශන් වීඩියෝසුත් තියෙනවා. මේ වෙනකොට මිලියන 45.8ක සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ චැනල් එකට ඉන්නවා. ඒ වගේම සබ්ස්ක්‍රයිබර්ස්ලා 10,000,000ක් ඉක්මවපු පළවෙනි චැනල් එක වෙන්නෙත් මේකමයි. ඒ 2013 මැයි මාසෙදි.

 

6. FRED

Fred චැනල් එක තමා සබ්ස්ක්‍රයිබර්ස්ලා 1,000,000ක් පන්නවපු පළමු චැනල් එක. මේ චැනල් එක Jon සහ Katie Smet කියන ඥාති සහෝදරයො එක්ක එකතු වෙලා නිර්මාණය කරන්නෙ Lucas Cruikshank විසින් 2006 ජුනි වලදි. මේ චැනල් එක පටන් ගන්නකොට ලූකස් කියන්නෙ අවුරුදු 12ක පොඩි ළමයෙක්. චැනල් එකේ තියෙන්නෙත් ළමා කොමඩි වීඩියෝස්. එක එක විදියෙ චරිත නිරූපණය කරල වීඩියෝ අත්හදා බලල 2006 ඔක්තෝබර් වලදි මුලින්ම නිර්මාණය වෙන Fred කියන චරිතය ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනව නම් 2009දි Cruikshank හදපු Fred: The movie කියන චිත්‍රපටය 2010දි නිකලෝඩියන් චැනල් එකේ තිරගත වෙනවා. 

 

7. nigahiga

යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,000,000 ඉක්මවපු පළවෙනි චැනල් එක තමයි මේ. මේ චැනල් එක පටන් ගන්නෙ සංගීතඥයෙක්, නළුවෙක් සහ කොමීඩියන් කෙනෙක් වෙන Ryan Higa විසින් 2006දි. 2009 ඉඳන් 2011 වෙනකම් දින 677ක් පුරාවට වැඩිම දෙනෙක් සබ්ස්ක්‍රයිබ් වුණ චැනල් එක විදියටත් nigahiga වාර්තාවක් උසුලනවා. 

 

8. RayWilliamJohnson 

2008 මැයි 25 ක්‍රියේට් කරපු චැනල් එකක්. සබ්ස්ක්‍රයිබර්ස්ලා 5,000,000ක් ඉක්ම වූ පළමු චැනල් එක තමයි මේ. Ray William Johnson කියන කොමීඩියන් සහ තිරපිටපත් රචකයා තමයි මේක නිර්මාණය කරන්නෙ. මේ චැනල් එකෙන් ගෙන ආපු “Equals Three” කියන වෙබ් සීරීස් එක ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගන්න සමත් වෙනවා. ඒ නිසාම 2013 වසර වෙද්දි මේ චැනල් එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ගණ​න මිලියන 10 පසු කරන්නත් සමත් වෙනවා. 

 

9. Pewdie

2006 දෙසැම්බර් 10 ක්‍රියේට් කරපු Pewdie චැනල් එක 2010 අප්‍රේල් 29 වෙනකොට PewDiePie කියලා වෙනස් කළා. පළවෙනි වතාවට සබ්ස්ක්‍රයිබර්ස්ලා 50,000,000ක් ඉක්මවපු පළවෙනි චැනල් එක තමා මේ. මේක කරන්නෙ Felix Arvid Ulf Kjellberg කියන ස්වීඩ්න් ජාතික කොමීඩියන් කෙනෙක්. දවසක් පරණ වීඩියෝ එකකට මිලියන 2ක් ඉක්මවලා වීව්ස් එන මේ චැනල් එකේ මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 109ක් ඉන්නවා. 

 

10. T – Series 

ලෝකෙන්ම පළවෙනි වතාවට යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා 100,000,000ක් පාස් කරලා වාර්තා තිබ්බෙ මෙන්න මේ චැනල් එකයි. මේක ඉන්දියන් මියුසික් චැනල් එකක්. මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 180ක් ඉක්මවලා තියෙනවා. ෆිල්ම් ට්‍රේලර්ස් සහ මියුසික් වීඩියෝස් තමා මේ චැනල් එකේ තියෙන්නෙ. T- Series කියන කම්පැණි එක පටන් ගන්නෙ ගුල්ශන් කුමාර් 1983දි. මේක යූටියුබ් චැනල් එකක් විදියට පටන් ගන්නෙ 2006 මාර්තු මාසෙදි. හැබැයි හරියට වීඩියෝස් අප්ලෝඩ් කරන්න පටන් ගන්නෙ 2010 විතර ඉඳන්. 

 

යූටියුබ් වලට ගෝල්ඩ් බට්න් එක හඳුන්වා දුන්නෙ කලේ 2012දි. ඒ වගේම යූටියුබ් සමාගම විසින් නිර්මාණය කරපු Music චැනල් එක මිලියන 100ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉක්මවා ගියා.

මේ වගේ තවත් විස්තර දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න…

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *