එදිනෙදා ජීවිතය

ලෝකයේ පූජනීයම විල් ගැන දැනගනිමු

ජල මූලාශ්‍ර පූජනීයත්වයෙන් සැලකීම බොහෝ ශිෂ්ටාචාරවල කොටසක් වුණා. ප්‍රධාන වශයෙන් ගංගා සහ මුහුදු වැඩි පූජනීයත්වයෙන් සැළකූවත් ඇතැම් ප්‍රදේශවල එම ස්ථානය ලබා ගත්තේ විල්. ඊට හේතුව වූයේ ඒ ආශ්‍රිත ජනතාවගේ සම්පූර්ණ ජීවිතයම පාහේ එම විල් සමග බැඳී පැවතීමයි. අපි අද කතා කරන්න යන්නේ එවැනි විල් කීපයක් ගැනයි.

 

 

1. අනෝතප්ත විල 

බෞද්ධ සාහිත්‍යය තුළ අනෝතප්ත විලට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. බෞද්ධ පුරා කතා වලට අනුව මේ විලේ ජලය අතිශය පාරිශුද්ධ ස්වභාවයෙන් යුක්ත වනවා. මේ නිසාම මේ විලේ ජලය පරිභෝජනය කිරීමට සමත්වන්නේ බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලාත්, ධ්‍යාන වැඩූ සෘෂිවරුන් සහ දෙවියනුත් පමණයි. මහමායා දේවියගේ සිහිනය ගැන කියවෙන පුවතේදීද අනෝතප්ත විල පිළිබඳව සඳහන් වනවා.

 

 

2. මානස විල 

බෞද්ධ හා හින්දු සාහිත්‍ය තුළ මානස විල පිළිබඳව අවස්ථා ගණනාවකදී සඳහන් වෙනවා. ඇතැම් විද්වතුන් විසින් අනෝතප්ත විල සහ මානස විල යනු එකම විලක් ලෙස සැළකුවත් එය එතරම් නිවැරදි මතයක් නොවන බව මූලාශ්‍ර හැදෑරීමේදී පැහැදිළි වනවා. මේ විලේ නිර්මාණය පිළිබඳව විවිධ මත පළව ඇති අතර ඉන් එක් මතයකට අනුව මානස නම් කුමරු විසින් මෙම විල නිර්මාණය කළ නිසා මානසවිල නම ලැබුණු බව කියවෙනවා. වර්තමානයේ ටිබෙට් රට ආසන්නයේ මානසවිල සොයා ගෙන ඇති බව කියවෙතත් දැඩි හින්දු බැතිමතුන් නම් එය පිළිගන්නේ නැහැ. කෙසේ නමුත් මානස විලේ ස්නානය සඳහා වර්ෂයකට විශාල බැතිමතුන් ප්‍රමාණයක් ඒ විල වෙත යනවා. 

 

 

3. බොසුම්ටවි විල 

ඝානා රාජ්‍යයේ පිහිටා තිබෙන එකම ස්වාභාවික විල වන මෙම විල අශාන්ති ගෝත්‍රිකයන් අතර ශුද්ධ වූ වස්තුවක් ලෙස සැළකෙනවා. ඔවුන් විශ්වාස කරන අන්දමට මළගිය ආත්ම මෙම විලෙහි වාසය කරන දේවතාවක් වෙත සිය ගෞරවය දැක්වීමට පැමිණෙනවා. මෙම අදහස නිසාම මෙම විලෙහි මසුන් මැරීම සඳහා ලීයෙන් තනන ලද ඇටවුම් පමණක් භාවිතා කිරීමට ඔවුන් වග බලා ගන්නවා. බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට මීට වසර මිලියනයකට එහා සමයක සිදුවූ උල්කාපාත ගැටුමක් නිසා මෙම විල නිර්මාණය වී තිබෙනවා. 

 

 

4. මළ මුහුද 

ඊශ්‍රායලය සහ ජෝර්දාන් මායිම්ව පිහිටා තිබෙන කරදියෙන් පමණක් පිරුණු මෙම විල දුරාතීතයේ පටන් පූජනීය වස්තුවක් ලෙස සළකා තිබෙනවා. ඊට එක හේතුවක් වන්නේ මෙම විලෙහි ඇති ලුණු සාන්ද්‍රණය අධික වීම නිසා මේ විලෙහි නොගිලී පාවීමට ඇති හැකියාවයි. එසේම බයිබලයේ සඳහන්ව ඇති එක්තරා අනාවැකියකට අනුව අනාගතයේ එක් දින​යක මෙම විල මිරිදියෙන් පිරෙනු ඇති බව සඳහන් වනවා.

 

 

5. ගලීල මුහුද 

ඊශ්‍රායලයේ පිහිටා ඇති මෙම විල සඳහාද බයිබල සමයේ සිට මුහුද යන නම භාවිතා වෙනවා. මිරිදිය පිරුණු මුහුදු මට්ටමේ පහළින්ම ඇති විල ලෙස මෙය සැළකෙනවා. මෙම විලට භූගත ජල පෝෂක මගින් ජලය සපයන අතර ඊට අමතරව ජොර්දාන් ගඟ ද ප්‍රධාන ජල මූලාශ්‍රයක් වනවා. බයිබලයේ නව තෙස්තමේන්තුව තුළ ගලීල මුහුද අවස්ථා ගණනාවකදීම ජේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්ය සම්බන්ධයෙන් සඳහන් වෙනවා. මුහුද මත ඇවිද යාම, කුණාටුවක් සංසිඳවීම, අතිදැවැන්ත මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීම ආදී ප්‍රාතිහාර්යයන් ගණනාවක් මේ මුහුද ආශ්‍රිතව සිදුව තිබෙනවා.

 

 

6. නෙමි විල 

රෝමයට කිලෝමීටර් තිහක් පමණ දකුණු දිගින් පිහිටා ඇති මෙම විල පුපුරාගිය ගිනිකන්දක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ එකක් බවට විශ්වාස කරනවා. පුරා කතා වලට අනුව පුරාණ රෝම වැසියන්ගේ වන්දනාමානයට ලක් වූ දඩයමට අධිපති ඩයනා දෙවඟන සතු පූජනීය වස්තුවක් ලෙස මෙම විල සැළකුණා. මේ නිසාම ඇතැම් රෝම අධිරාජ්‍යවරු මෙම විලේ යාත්‍රා කිරීමට ප්‍රිය කළේ තමන්ටද දේවත්වයක් ආරෝපණය කර ගැනීමටයි.

 

 

7. චිකාබල් විල 

පුරාණ ඇමරිකානු මහද්වීපය තුළ අති විශිෂ්ට ශිෂ්ටාචාරයක් ගොඩනඟාගෙන සිටි මායාවරුන්ගේ ඇදහිල්ලේ ප්‍රධාන තැනක් මෙම විල හිමිකර ගනු ලැබුවා. ග්වාතමාලාවේ පිහිටා තිබෙන මෙම විල අද දක්වාම මායාවරුන්ගේ ඇදහීම් පවත්වාගෙන යන පිරිස් විසින් වන්දනාමානයට ලක් කරනු ලබනවා. මේ නිසාම මේ විලෙහි පිහිනීම තහනම් වන අතර සෑම වසරකම මැයි මාසයේ පළමු භාගය තුළ මෙම ප්‍රදේශයට ඇතුල් වීම සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතු වෙනවා. ඒ අදාළ සාම්ප්‍රදායික උත්සව පැවැත්වෙන නිසායි.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago