ඔයා මාත් එක්ක සෙක්ස් කරන්න එනවද? එහෙම ඇහුවොත් වැඩේ හරියයිද, වැඩ වරදියිද?

අපි හැමෝම ඉතින් සෙක්ස් කරන්න කැමති, සෙක්ස් වලට ආස කරන ගෑණු මිනිස්සුනේ. සෙක්ස් කරන්න ආස නැති කෙනෙක් හිටියොත් එක්කෝ අසෙක්ෂුවල් මනුස්සයෙක් වෙන්න ඕන, එහෙම නැතිනම් කෙලෙස් හැඟීම් ප්‍රහීණ කරපු කෙනෙක් වෙන්න ඕන. හැබැයි ඉතින් එහෙම සෙක්ස් වලට ආස වුණාට විතරක් බැහැ. ඇත්තටම වෙනත් කෙනෙක් එක්ක සෙක්ස් කරන්න හිතනවා නම් යම් යම් සීමා මායිම් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක්ගේ අකමැත්තෙන් කවදාවත් සෙක්ස් කරන්න හොඳ නැහැ. ඒ වගේම සෙක්ස් කරන්න මුහුකුරා ගිහින් කියලා කියන වයසට, ඒ කියන්නේ අවුරුදු 16 ට අඩු කෙනෙක් එක්ක කිසිසේත්ම සෙක්ස් කරන්න යන්න හොඳ නැහැ. 

හරි, දැන් අපි කියමු ඔය ප්‍රශ්න ගැටළු මොකුත් නැතුව, අපි සෙක්ස් කරන්න ආස කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි ඒ කෙනා අපේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි නෙවෙයි. අපිට එහෙම සම්බන්ධතාවයකට යන්න වුවමනාවකුත් නැහැ. හැබැයි අපි ඒ කෙනත් එක්ක සමීප ඇසුරකට යන්න, ලෙංගතු වෙන්න, ඒකත් එක්ක සෙක්ස් කරන්න කැමතියි. දැන් ප්‍රශ්නේ මේකයි. අපි කෙලින්ම “සෙක්ස් කරමුද?” ඇහුවොත් ඉතින් ගොඩක් වෙලාවට කොසු මිටි පාරක් කන්න සිද්ධ වෙන ඉඩ වැඩියිනේ. ඉතින් කොහොමද ඇත්තටම තමන්ගේ අරමුණ කියලා වැඩේ ගොඩදාගන්නේ?

 

1. ඉස්සර වෙලා සම්බන්ධ වෙන්න

මෙතනදී අපි සිහියේ තියාගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. සෙක්ස් කරනවා කියන්නේ නිකම්ම ශරීරයක් එක්ක මොනව හරි කරන එක නෙවෙයි. මේක ගැන ගැඹුරින් කරන දාර්ශනික විග්‍රහයන් තියෙනවා තමයි. හැබැයි අපි ආස කෙනෙක් එක්ක සෙක්ස් කරනකොට, ඒක නිකම්ම අත හරි ඇඟිල්ල හරි වෙනුවට ශරීරයක් ආදේශ වීමක් වෙන්න ඕන නෑ. ඒක අප්සට්. ඒ වෙනුවට ඒ කෙනා එක්ක ඊට වඩා ගැඹුරු ලෙවල් එකකින් සම්බන්ධ වුණොත් තමයි ඒ සෙක්ස් කිරීමේ සතුට වැඩි වෙන්නේ, හොඳ තෘප්තියක් ලැබෙන්නේ. ආන්න ඒ නිසා කරන්න ඕන පළවෙනි කාරණය තමයි එහෙම සම්බන්ධයක් නිර්මාණය කරන එක. මේ කියන්නේ රිලේෂන්ශිප් එකක් ඇති කරගන්න හෝ කසාද බඳින්න කියන එක නෙවෙයි. දෙන්නටම කතාබහ කරන්න පුළුවන් පොදු දේවල්, රසවිඳින්න පුළුවන් පොදු දේවල් හොයාගන්න කියන එක. ඊට පස්සේ ඒවා ඔස්සේ හොඳ යාලුකමක්, එකිනෙකා ගැන සැලකිලිමත් වීමක්, කෙයාර් කිරීමක් ගොඩනගාගන්න කියන එක. අන්න එතකොට දෙන්නට සෙක්ස් කරන තැනකට ගියත්, ඒක හොඳින් එන්ජෝයි කරන්න පුළුවන්. 

 

2. සෙක්ස් සම්බන්ධයෙන් දරණ අදහස මොකද්ද?

සාමාන්‍යයෙන් අර උඩ කියපු විදියේ හොඳ සම්බන්ධතාවයක්, මිත්‍ර කමක් ගොඩනගා ගත්තට පස්සේ දෙන්නට පුළුල් පරාසයක මාතෘකා ඔස්සේ කතාබහ කරන්න පුළුවන්. ඒ කියන්නේ සෙක්ස් ගැන වුණත් කතා කරන්න පුළුවන්. හැබැයි මෙතනදී පරිස්සම් වෙන්න ඕන. මෙතනදී තමන්ට එයත් එක්ක සෙක්ස් කරන්න ඕන කියන ලිංගික සංඥා දීලා හරියන්නෙ නෑ. ඊට වඩා අවශ්‍ය වෙන්නේ ඒ කෙනාගේ අදහස දැනගන්න එක. ඒ කියන්නේ එයා සෙක්ස් සම්බන්ධයෙන් විවෘත අදහස් තියෙන කෙනෙක්ද, වඩා සාම්ප්‍රදායික අදහස් තියෙන කෙනෙක්ද කියලා දැනගන්න එක.

උදාහරණයක් විදියට කිවුවොත්, එයා සෙක්ස් සම්බන්ධයෙන් හිතන්නේ විවාහ වෙනකල් කිසිසේත්ම නොකළ යුතු දෙයක් කියලා නම්, එතනින් එහාට එයත් එක්ක සෙක්ස් කරන්න හීන මවලා වැඩක් නැහැ. එතනින් එහාට කරන්න තියෙන්නේ යාළුමිත්‍ර කම එන්ජෝයි කරගෙන ඉන්න එක. 

 

3. මැනිපියුලේට් කරන්න යන්න එපා!

දැන් අපි කියමු උඩ කියපු විදියට අපි ඒ කෙනා සෙක්ස් සම්බන්ධයෙන් ෆෝර්වර්ඩ් නැති කෙනෙක් කියලා දැනගත්තා කියලා. එතකොට එයා ආසයි බයයි බෝට්ටුවෙ කෙනෙක් නං, අපිට පුළුවන් දේවල් කියලා දෙන්න. හැබැයි එහෙම නැතුව එයා ඒ ගැන අකමැත්තක් තියෙන කෙනෙක් නම්, ඒ කියන්නේ කසාද නොබැඳ සෙක්ස් කරන්න කැමති නැති හරි රිලේෂන්ශිප් එකක් නැතුව සෙක්ස් කරන්න කැමති නැති හරි කෙනෙක් නම්, අපිට සිද්ධ වෙනවා වෙන අතක් බලාගන්න. හැබැයි වෙන අතක් බලගන්නෙ නැතුව එයාව එක එක කතන්දර වලින් රවට්ටලා තමන්ගේ ආශාව ඉෂ්ට කරගන්න තැනට නම් යන්න එපා. එහෙම මැනිපියුලේට් කරලා සෙක්ස් කරන්න පොළඹවා ගන්න එකෙන් වෙන්නේ නොහිතන හානියක්!

 

4. බොරු පොරොන්දුවෙන් වැඩ කරගන්නත් එපා!

ඒ වගේම මේකත් එහෙම කසාද නොබැඳ සෙක්ස් කරන්න කැමති නැති හරි රිලේෂන්ශිප් එකක් නැතුව සෙක්ස් කරන්න කැමති නැති හරි කෙනෙක් සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් භාවිතා කරන අතිශයින්ම වැරදි ක්‍රමයක්. ඒ තමයි බොරු පොරොන්දු. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ට කෙනෙක් එක්ක සෙක්ස් කරන්න ඕන නිසා “මං ඔයාව බඳිනවා පැට්ටෝ, ඉතින් බැන්ඳම ඕවා අපි කවදහරි කරන්න එපැයි, ඒ නිසා දැන්මම කරමුද?” වගේ ලයින් දීලා සෙක්ස් කරන්න පොළඹවා ගන්න එක අන්තිම ජරා වැඩක්. බොරුවට රිලේෂන්ශිප් එකකට ගිහින් පස්සේ අවශ්‍යතාවය ඉටු කරගෙන අතෑරලා දාන එකත් ඒ වගේම තමයි. අන්න ඒ නිසා පරිස්සම් වෙන්න, තමන්ට ඕන දේ කෙලින්ම කියන්න.

 

5. අදහස හෙමින් සැරේ දාන්න ඕන, හැබැයි කෙලින් කතා ඕන

හරි දැන් උඩ කියපු සෙක්ස් සම්බන්ධ අදහස ගත්තහම, අපි කියමු එයා එක්කෝ සෙක්ස් සම්බන්ධයෙන් විවෘත කෙනෙක්. එහෙම නැතිනම් පොඩ්ඩක් ආසයි බයයි ලෙවල් එකේ, ඒත් සෙක්ස් කරන එක ලොකු අවුලක් විදියට නොදකින කෙනෙක් කියලා. එහෙමනම් ගැටළුවක් නැහැනේ. හැබැයි තාමත් එක ගැටළුවක් තියෙනවා. එයා පොදුවේ සෙක්ස් කරන්න කැමති, ඒක ගැටළුවක් කර නොගන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා දකින දකින කෙනා එක්ක සෙක්ස් කරන්න යන කෙනෙක් නෙවෙයිනේ. ඉතින් එතකොට එයා අපිත් එක්ක සෙක්ස් කරන්න කැමති වෙයිද කවුද දන්නේ?

ආන්න ඒකට ඉතින් හෙමින් සැරේ එන්ටර් වෙන්න ඕන. හෙමින් සැරේ අපිට කියන්න පුළුවන් සෙක්ස් සම්බන්ධයෙන් අපි ආස දේවල් මොනවද කියන එක. හෙමින් සැරේ අපිට අහන්න පුළුවන් සෙක්ස් සම්බන්ධයෙන් එයා ආස දේවල් මොනවද කියන එක. එතකොට දෙන්නට දෙන්නා සෙක්ස් කරන්න මැච් වෙනවා නම් ඔන්න තව ඉදිරි පියවරක් ගිහින්, “අපි දෙන්නා මෙහෙම කළොත් කොහොම තියෙයිද” වගේ බෝලයක් දාලා බලන්න පුළුවන්. හැබැයි මෙන්න මේ පියවරේදී තමන් හරියට පරිස්සම් වෙන්න ඕන. ඒ කියන්නේ අවංකව තමන්ගේ සිතැඟි කියන්නත් ඕන. හැබැයි පොල්ලෙන් ගැහුවා වගේ කියන්න ගිහින් යාළුකම් නැතිකරගන්නේ නැති වෙන්නත් ඕන. ඒක නම් ඉතින් ටිකක් දුරට ආට් එකක් තමයි.

 

6. තමන්ගේ සීමාවන් හරියට ලකුණු කරගන්න

දැන් අපි ඇත්තටම මේ යාළුකමක් එක්ක සෙක්ස් කරන ලෙවල් එකකනේ ඉන්නේ. ආන්න එතනදී අපි හරියට අපේ සීමාවන් ලකුණු කරගන්න ඕන. ඒ කියන්නේ තමන්ට මේ මොහොතේදී කිසිසේත්ම රිලේෂන්ශිප් එකක් හරි කසාදයක් හරි අවශ්‍ය නොවෙන බව පැහැදිලිවම සන්නිවේදනය කරන්න ඕන. එහෙම නැතුව අනික් කෙනාට ඕන දෙයක් හිතාගන්න ඇරලා ඉඳලා හරියන්නෙ නෑ. ඒ වගේම, තමන් සෙක්ස් කරන්න කැමති සීමාවන් ගැනත් අනික් කෙනාට කියන්න ඕන වගේම, එයාගේ සීමාවලුත් දැනගන්න ඕන. ඒ වගේම ඒ සීමාවන් වලට රෙස්පෙක්ට් කරන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු එයා ගෑණු ළමයෙක් කියලා. එයා සෙක්ස් කරන්න කැමතියි අපිත් එක්ක. හැබැයි සෘජු ලිංගික සංසර්ගයකට යන්න කැමති නෑ. එයාට ඕන කරන්නේ තර්ඩ් බේස් එකෙන් නවතින්න. එහෙමනම් අපි එයාව එතනින් එහාට යන්න නම්මාගන්න උත්සාහ කරන එක වැරදියි. අපි කරන්න ඕන ඒ තීරණයට ගරු කරලා එතනින් ඉස්සරහට යන එක.

 

7. බැහැ නම් බැහැ, එච්චරයි!

දැන් පස්වෙනි කාරණේදී කියපු විදියට අපි හෙමින් සැරේ අදහස දැම්මා කියමු. එතකොට එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ එයා සෙක්ස් කරන්න විවෘත වුණාට, එයාට අපිත් එක්ක සෙක්ස් කරන්න ඕන නැහැ. ඒක වෙන්න පුළුවන් දෙයක්නේ. සමහර වෙලාවට එයාට අපිව එහෙම සෙක්ෂුවල් විදියට ෆීල් නොවෙන්න පුළුවන්. අන්න එහෙම අවස්ථාවකදී මොකද කරන්නේ? කරන්න තියෙන්නේ හොඳ මහාත්මයෙක්, හොඳ නෝනා කෙනෙක් විදියට ඒක කාරුණිකව පිළිගන්න එක. පිළිඅරගෙන, එතනින් එහාට කවදාවත් සෙක්ස් කරන්න එයාව පුෂ් නොකර ඉන්න එක. යාළුකම ලස්සනට අරගෙන යන එක. එහෙම නැතුව සෙක්ස් ඉල්ල ඉල්ල පස්සෙන් යන ඩෙස්පරේට් ලෙවල් එකට නං කීයටවත් වැටෙන්න එපා!

 

හරි. දැන් එහෙම වෙලා වැඩේ සාර්ථක කරගෙන සෙක්ස් කළාය කියමුකෝ. ඊට පස්සේ මොකද කරන්නේ? හතර වටේම කිය කියා යනවද මම අරකිට ගැහුවා, මම අරූව ඉස්සුවා කියලා? ආන්නෙ එව්වා කැත වැඩ පුතාලා දුවලා. ජෙන්ල්ට්මෙන් ඇන්ඩ් ලේඩීස් නෙවර් කිස් ඇන්ඩ් ටෙල් කියනවනේ. ආන්න ඒ නිසා ඒ කරපු දේවල් තමන් දෙන්නා අතරේ විතරක් තියාගෙන ඉන්න එක තමයි හොඳ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *