එදිනෙදා ජීවත් වෙද්දි අපි එතරම් නොසලකා හරින සමහර දේවල් නිසා පසු කාලෙකදි අපිටම නොයෙකුත් පාඩු සහ හානි සිදු වෙන්න පුළුවන් අවස්ථා තියනවා. අන්න ඒ නිසා සතුටින් ජීවත් වෙන්න නම් අන්න ඒ විදිහේ දේවල් සිද්ධ වෙන්න කලින් වළක්වාගන්න අපි කටයුතු කරන්න ඕනෙ. අපි ඒ වගේ ඒතරම් හිතන්නෙ නැතුව නොසලකා හරින ප්‍රධානම දෙයක් තමයි අපේ මුඛ සෞඛ්‍යය. දිනපතා දත්මැදීමෙන් එහාට අපේ රටේ ගොඩක් දෙනෙක් මුඛ සෞඛ්‍යය ගැන වැඩිදුර හිතන්නේ නැහැ. නමුත් මුඛ සෞඛ්‍යය නොසලකා හැරීම නිසා මුඛයට විතරක් නෙමෙයි, මුළු ශරීරයටම, ජීවිතයටම බලපාන විදිහේ අයහපත් ප්‍රතිඵල උදාවෙන්න පුළුවන්. අපි අද කියන්නේ ඒ තත්ත්වය වළක්වා ගැනීම ගැනයි.
1. යහපත් මුඛ සෞඛ්‍යයක වැදගත්කම
මුඛ සෞඛ්‍යය නොසලකා හැරීම කියන්නේ මුඛයට සහ දත් වලට විතරක් නෙමෙයි, කෙනෙකුගේ මුළු ශරීරයටම අයහපත් විදිහට බලපෑ හැකි කාරණයකි. මුඛය කියන්නේ අපේ ශ්වසන මාර්ගයට සහ ආහාර ජීර්ණ පද්ධතියට සෘජුවම සම්බන්ධ වෙන ශරීරාංගයක්. ඒ නිසා මුඛ සෞඛ්‍යය අයහපත් වීම මගින් ඇතිවිය හැකි අහිතකර බැක්ටීරියා නිසා ශ්වසන සහ ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු වුණත් ඇති කරවා ශරීරය ලෙඩ කරවන්න පුළුවන්. එතනින් එහාට ගියාම දත් දිරායාම, දත් කුහර ඇතිවීම, දත් හැලීම, දත් කැක්කුම්, විදුරුමස් ආසාදන, මුඛයෙන් දුර්ගන්ධය පිටවීම ආදී දන්ත සහ මුඛ ගැටළුත් මේ නිසා අනිවාර්යයෙන්ම ඇති වෙන්නට පුළුවන්.
ඒ විතරක් නෙමෙයි අයහපත් මුඛ සෞඛ්‍යයක් පැවතීම කියන්නේ කෙනෙක්ගේ ආත්ම විශ්වාසයත් පහළට හෙළන්න බලපාන කාරණයක් වෙනවා.
2. දන්ත වෛද්‍යවරයෙකු හමුවීමට ඇති නොකැමැත්ත
ගොඩක් දෙනෙක් අකමෑති, නෑතහොත් බයයි දන්ත වෛද්‍යවරයෙක් ගාවට යන්න. නමුත් තමන්ගේ මුඛ සෞඛ්‍යය නොසලකා හැරියොත් අවසානයේදී අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයකු හමුවට යන්න සිදුවෙනවා විතරක් නෙමෙයි, සමහරවිට වේදනාත්මක ප්‍රතිකාරවලට යොමු වෙන්නත් සිදු වේවි. ඒ නිසා තමන්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි දිනපතා තමන්ගේ දන්ත සහ මුඛ සෞඛ්‍යය මනාව පවත්වාගෙන යාම.
3. වැඩි දෙනෙක් අවධානය නොදෙන මුඛයේ අත්තිවාරම
මුඛ සෞඛ්‍යය කිවුවහම ගොඩක් දෙනෙක් හිතන්නේ දත් සහ දිව ගැන විතරයි. ඒත් අපේ විදුරුමස් කියන්නෙත් මුඛ සෞඛ්‍යය යහපත්ව පවත්වාගන්න අනිවාර්යයෙන් වැදගත් වෙන දෙයක්. එම නිසා විදුරුමස් කියන්නේ මුඛයේ අත්තිවාරම හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් සෞඛ්‍යමත් දත් දෙපළක් සහ මුඛ සෞඛ්‍යයක් පවත්වාගන්න නම් විදුරුමස් කියන මේ අත්තිවාරම ආරක්ෂා කරගැනීමත් ඉතා වැදගත් වේ.
4. යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වාගැනීමට විදුරුමස්වල බලපෑම
ඔබේ මුඛ සෞඛ්‍යය සහ ශරීර සෞඛ්‍යයට අයහපත් ප්‍රතිඵල උදා නොවීමට නම් දිනපතාම ඔබේ මුඛ සෞඛ්‍ය සම්බන්ධව ඔබ සැළකිළිමත් විය යුතුයි. සිනිදු කෙඳි සහිත දත් බුරුසුවකින් දිනකට දෙවරක් දත් මැදීම, දිනකට දෙකකට වරක් ෆ්ලොස් කිරීම ආදිය කළ යුතුයි. ඒ වගේම ඔබේ දත්වලට පමණක් නොව විදුරුමස් වලටත් විශේෂ අවධානයක් ඔබ යොමු කළ යුතුමයි. ඔබේ ස්ථිර දත් ආරක්ෂා කිරීමට විදුරුමස් නිරෝගීව තිබීම අත්‍යාවශ්‍යම සාධකයක් වෙනවා. ඔබේ දත් කොයි තරම් සුදුවන්ව, ශක්තිමත්ව තිබුණත් ඒවාට නිසි පදනමක් සහ ආරක්ෂාවක් සපයන්න විදුරුමස් හොඳ නීරෝගී මට්ටමක තිබිය යුතුයි. අපි කලිනුත් සඳහන් කළා විදුරුමස් කියන්නේ මුඛයේ අත්තිවාරම කියලා. ඉතින් ශක්තිමත් අත්තිවාරමක් සපයන ගමන්ම විදුරුමස් විසින් දත්වල සියුම් පටක සුරකින සීල් එකක් ලෙස ක්‍රියාකරමින් ඒවා මනාව ආරක්ෂා කිරීමද සිදු කරනු ලබනවා. විදුරුමස්වලට නිසි සත්කාර නොලැබුණොත් කාලයත් සමග බැක්ටීරියා සහ මැලියම් (දන්ත පථ) දත් සහ විදුරුමස් මත වර්ධනය වී විදුරුමස් ඛාදනයට ලක් වීම සිදුවනවා. එමගින් දත්වල සංවේදී කොටස් වැඩි වැඩියෙන් නිරාවරණය වෙන්නටත්, දත් දිරායාමට, දත් කුහර ඇතිවීමට සහ පසු කාලීනව දත් ගැලවී යාමටත් මග පෑදෙන්න පුළුවන්.
එමෙන්ම වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් අතරත් ඉතා බහුල විදුරුමස් ප්‍රදාහ (Gingivitis) ආදී විදුරුමස් ආශ්රිත ආසාදන ඇතිවී විදුරුමස් රතු වීම, දත් මැදීමේදී විදුරුමසින් ලේ ගැලීම ආදී අපහසුතාවයන්ට මුහු දෙන්නටත් විදුරුමස්වලට නිසි සත්කාර නොලැබීම හේතු වෙනවා. බොහෝ දෙනෙක්ව අපහසුතාවයට පත්කර ආත්ම විශ්වාසය පහළ හෙලන කාරණයක් වන මුඛයෙන් දුගඳ හැමීමටද විදුරුමස් රෝග ප්‍රධාන වශයෙන් බලපානවා. ඒ නිසා විදුරුමස්වල නීරෝගීබව ගැන ඔබ විශේෂ සැළකිල්ලක් දැක්වීම ඉතාමත් වැදගත්.
විශේෂයෙන්ම දත්වලට පමණක් නොවෙයි, විදුරුමස්වලට පවා හොඳ ප්‍රතිඵල අත්කරන දන්තාලේපයක් තෝරා ගැනීමට ඔබ අනිවාර්යයෙන් වග බලාගත යුතු බව ඉහත විදුරුමස් සම්බන්ධ සෞඛ්‍යමය වැදගත්කම් ගැන දැනගැනීමෙන් පසු ඔබට තහවුරු වෙන්න ඇති කියා අපි හිතනවා.
5. මුඛ සෞඛ්‍යයට ලුණු වල ඇති වැදගත්කම
ඈත අතීතයේ පටන් අපේ මුතුන් මිත්තන් පවා දත් සහ විදුරුමස්වල සෞඛ්‍යය රැක ගැනීමට භාවිතා කළ ප්‍රධාන අමුද්‍රව්‍යයක් තමයි ලුණු කියන්නේ. මුඛය තුළ බැක්ටීරියා නැසීමට වගේම හිතකර ph අගයක් මුව තුළ පවත්වාගැනීමට ලුණු වලින් ඉහළ සහයක් ලබාදෙනවා. ඒ නිසා ඔබ තෝරාගන්නා දන්තාලේපයේ ස්වාභාවික ලුණු එහෙමත් නැත්නම් Natural Salt අඩංගු වනවානම් ඒ මගින් ඔබේ මුඛ සෞඛ්‍යයට විශේෂ අමතර වාසියක් අත් කරනු නිසැකයි. මුඛ සෞඛ්‍යය යහපත්ව පවත්වාගැනීමට අපිට උදවු වන ප්‍රධානම නිෂ්පාදනයක් වන දන්තාලේපයක් තෝරාගැනීමේදී ස්වභාවික ලුණු එයට අඩංගුදැයි කියා විමසා බලන්නටත් මතකයේ තබාගන්න.
“ලුණු බලයෙන් මුව රකින්න”
Clogard Natural Salt වෙතින් පණිවිඩයකි.
Leave a Reply