දැන් ඔය සෙක්ස් කරන සීන් එක හැමදාම එකම විදියට කරන්න ගියහම කාටද බෝරින් නොවෙන්නේ? අන්න ඒ නිසා සෙක්ස් කරනකොටත් පොඩ්ඩක් වෙනස් වෙනස් දේවල් අත්හදා බලන එක, හොයලා බලන එක නරක දෙයක් නෙවෙයි. දැන් ඔය බැන්දට පස්සේ සෙක්ස් ලයිෆ් එක රසගන්වා ගන්න ක්‍රම සහ විධි ගැන එහෙමත් අපි ලියලා තියෙන්නේ ඔන්න ඕක නිසාම තමයි. ඇත්තටම තමන්ගේ සෙක්ස් ලයිෆ් එක වඩාත් රසවත් කරගන්න දෙන්නම කරන්න කැමති විවිධ අත්හදාබැලීම් වලට, අලුත් දේවල් වලට යන එක බැඳපු කපල් වලට විතරක් නෙවෙයි, බැඳපු නැති කපල් වලට එහෙම වුණත් ඉතාම හොඳයි.
ඔන්න ඔය වෙනස් දේවල් වලින් එකක් තමයි වතුරේ බැහැලා සෙක්ස් කරන එක. ඒ කියන්නේ ෂවර් සෙක්ස් ගැන නෙවෙයි. හැබැයි බාත් ටබ් එකක වගේ බැහැලා සෙක්ස් කරන එක. ඕන නම් පූල් එකක, ඇළක දොළක විලක එහෙම බැහැලත් සෙක්ස් කරන්න පුළුවන්. ඒත් ඔය සමහර සෞඛ්‍ය අවදානම් එහෙම ඒ තැන් වලදී මගහරවා ගන්න වෙනවා. ආන්න ඒකට අවශ්‍ය කරන උපදෙස් කීපයක් තමයි මේ.
1. පබ්ලික් වෝටර්
වෙන කතා කරන්න දෙයක් නෑ. මහජනතාවට ප්‍රවේශය තියෙන, ගොඩක් මිනිස්සු බහින, පොඩි උන් සෙල්ලං කරන පූල් වලට බහිනවා කියන්නේ ඉතින් මොන ලෙඩ හදාගන්න වෙයිද කියලා කියන්න බෑ කියන එක තමයි. පබ්ලික් පූල් විතරක් නෙවෙයි, ඒ වගේ ලොකු මිනිස්සු ප්‍රමාණයක් පරිහරණය කරන, ජලය හොඳින් ගලා යෑමක් සිදු නොවෙන වතුර තියෙන කිසිම තැනක බැහැලා සෙක්ස් කරන්න තියා හිතන්නවත් එපා. සෞඛ්‍යයට කිසිසේත්ම හිතකර නෑ.
2. ලූබ්ස්
සාමාන්‍යයෙන් වතුරේ සෙක්ස් කරනකොට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපේ ඇඟෙන් ස්වභාවිකවම නිෂ්පාදනය වෙන ලිහිසිකාරක නැතිනම් ලුබ්‍රිකන්ට් වතුරෙන් සේදිලා යන එක. එතකොට එහෙම ස්වභාවික ලිහිසිකරණයක් නැතුව සෙක්ස් කරන එක වේදනාකාරී වෙනවා විතරක් නෙවෙයි, ඒකෙන් ඇතිවෙන ක්ෂුද්‍ර මට්ටමේ සීරීම්, සමේ පැලුම් වලින් ඔය වතුරේ තියෙන විෂබීජ එහෙම ගිහින් ආසාදන ඇතිවෙන්න තියෙන ඉඩකඩත් ඉතාම වැඩියි.
අන්න ඒ නිසා වතුරේ සෙක්ස් කරනවා නම්, අනිවාර්යයෙන්ම කෘත්‍රිම ලිහිසිකාරක පාවිච්චි කරන්න ඕන. හැබැයි ඔය කේවයි ජෙල් වගේ වෝටර් බේස් වෙච්ච ලිහිසිකාරක හරියන්නෙත් නෑ. වතුරේ සෙක්ස් කරන්න හොඳම දේ තමයි සිලිකන් බේස් වෙච්ච ලුබ්‍රිකන්ට්.
3. ප්‍රෙග්නන්ට්?
වතුරේ සෙක්ස් කළහම ප්‍රෙග්නන්ට් වෙන්නෙ නැද්ද? කවුද එහෙම එව්ව කියලා දුන්නේ? වතුරේ වුණත් අනාරක්ෂිතව සෙක්ස් කළොත්, අනාරක්ෂිත සෘජු ලිංගික සංසර්ගයකට ගියොත් අනිවාර්යයෙන්ම ප්‍රෙග්නන්ට් වෙනවා. හැබැයි ගොඩක් දෙනෙක් හිතන විදියට පූල් එකේ කෙනෙක් ශුක්‍ර තරලය පහ කළා කියලා, ඒ පූල් එකේ එයත් එක්ක සෙක්ස් කර කර ලඟින් හිටපු අනික් කෙනා ප්‍රෙග්නන්ට් වෙන්නෙ නෑ. හොඳම දේ තමයි ඔය ගිලින පෙති හෝ ඩෙපෝ ප්‍රොවේරා වගේ දීර්ඝකාලීන උපත් පාලන ක්‍රමයක් පාවිච්චි නොකරන කෙනෙක් නම්, කොන්ඩෝම් හරි පාවිච්චි කරන එක. අන්න එතකොට පූල් එකේ සෙක්ස් කළත් අවුලක් වෙන්නෙ නෑ. හැබැයි ඉතින් කොන්ඩෝම් වුණත් වතුරට බැහැලා සෙක්ස් කරනවා නම් හරියන්නේ ලේටෙක්ස් කොන්ඩෝම් තමයි. හැබැයි එතකොටත් ඉතින් තමන් පාවිච්චි කරන තෙල් පදනම් වුණු ලුබ්‍රිකන්ට් එහෙම වලින් ලේටෙක්ස් කොන්ඩොම් වලට හානි වෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න ඕන.
4. එස් ටී ඩී
ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වෙන රෝග සම්බන්ධයෙන් ගත්තත් උඩ කතන්දරේම තමයි කියන්න තියෙන්නේ. පූල් එකේ හරි හොට් ටබ් එකේ හරි සෙක්ස් කළා කියලා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග තමන්ගේ පාට්නර්ට තියෙනවා නම් තමන්ට සම්ප්‍රේෂණය නොවී තියෙන්නෙ නෑ. එහෙනම් මොකද කරන්නේ? විශේෂ දෙයක් අවශ්‍ය නෑ. සාමාන්‍යයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් බේරිලා ඉන්න පාවිච්චි කරන ක්‍රම සහ විධි තමයි පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ විශ්වාසවන්ත එක් සහකරුවෙකු හෝ සහකාරියක සමගින් ලිංගිකව එක් වීමේ ඉඳන්, ලිංගික එක්වීමකට කොන්ඩෝම් පාවිච්චි කිරීම දක්වා කාරණා. අන්න ඒ කොන්ඩෝම් සම්බන්ධයෙන් ආයෙමත් උඩ පොයින්ට් එක බලන්න.
5. පර්වර්ට් සීන් එපා
පූල් එකක් හෝ ඒ වගේ විවෘත ජලාශයක සෙක්ස් කරන එකේ අමුතු ත්‍රිල් එකක් තියෙනවා. ඒක අපි කිසිසේත්ම නැහැයි කියන්නෙ නෑ. හැබැයි එතනදී තමන්ගේ වටපිටාව සම්බන්ධයෙන් සවිඥාණික වීම අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. උදාහරණයක් විදියට කිවුවොත්, හොටෙල් එකක පූල් එකේ සෙක්ස් කරන්න නම් අපි අනිවාර්යයෙන්ම අවට කවුද ඉන්නේ කියලා බලන්න ඕන. ගොඩ ඉන්න අයට පූල් එකේ වෙන්නෙ මොනවද කියලා හොඳට පේනවා. එහෙම නැතුව දෙන්නෙක් පොඩි ප්‍රදර්ශනකාමී ලයින් එකක ඉන්නවා නම්, කවුරු හරි බලන එක ගැටළුවක් නොවෙන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් කාලේ මැස්සෙක් පියෑඹුවත් වීඩියෝ කරන එකේ, ඔය වටපිට ඉන්නේ කවුද කියලා නොතකා කරන පූල් සෙක්ස් සෙෂන් එක ඉන්ටර්නෙට් එකේ නවතින්න තියෙන ඉඩ වැඩියි. ඒ ඇරෙන්න ළමයි එහෙම ඉන්න තැනක ඒ වගේ එව්වා කරන එකත් වැරදියි. අනික පබ්ලික් තැනක නම් පබ්ලික් ඉන්ඩීසන්සි කියලා නඩු වැටෙන්න වුනත් බැරි නෑ!
6. කෙමිකල්ස්
මේක ඇත්තටම පූල් වලට තමයි විශේෂයෙන්ම බලපාන්නේ. ගොඩක් වෙලාවට පූල් එකක සෙක්ස් කරනවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න කියන්නෙත් ඒකයි. ඒ තමයි ඔය පූල් වලට එකතු කරන ක්ලෝරීන් වගේ රසායන ද්‍රව්‍ය. දැන් ක්ලෝරීන් දාන්නේ විෂබීජ නාශනයට තමයි. හැබැයි ක්ලෝරීන් කියන්නේ වැඩියෙන් සමට නිරාවරණය වුණොත් අපිට අහිතකර රසායන ද්‍රව්‍යයක්. ඔය පූල් එකේ ස්විමින් කරලා තියෙන අය දන්නවා ඇති, පොඩ්ඩක් හරි පූල් එකට දාලා තියෙන ක්ලෝරීන් ප්‍රමාණය වැඩි වුණු ගමන්, සම වියලෙන්න පටන් ගන්න හැටි. අන්න ඒ නිසා එව්වා ගැනත් පොඩ්ඩක් අවධානය තිබීම අවශ්‍යයි.
7. මැරෙන්න යන්නත් එපා
දැන් ඔය වතුරේ සෙක්ස් කරන එක වෙනස් විදියේ වැඩක් නිසා හෙනම ආතල් තමයි. හැබැයි ඉතින් ඇඳක වගේ දඟලල කරලා සෙක්ස් කරන්න නම් බෑ. හොඳට මතක තියාගන්න, පූල් එකක වුණත්, බාත්රූම් එකක තියෙන ටබ් එකක වුණත් ලිස්සලා වැටෙන්න එහෙම තියෙන ඉඩ සෑහෙන්න වැඩියි. අපි පූල් එකෙන් නැතිනම් බාත් ටබ් එකෙන් එළියට ඇවිල්ලා ඇවිදින්නෙත් කොච්චර ප්‍රවේසමකින්ද? එහෙව් එකේ සෙක්ස් කරන්න ගිහිල්ලා, අවදානම් සෙක්ස් පොසිෂන් ට්‍රයි කරන්න ගිහිල්ලා ලිස්සලා වැටිලා මැරෙන්න ලෑස්ති වෙන්නත් එපා. පුළුවන් තරම් වතුරේම සෙක්ස් කරන ටික පවත්වා ගන්න උත්සාහ කරන්න. වතුරෙන් එළියට ඇවිත් සෙක්ස් කරන්න ඕන නම් බිම වාඩි වෙලා හෝ දිගෑදිලා ඉන්න ඉරියව්වකින් සෙක්ස් කරන්න උත්සාහ කරන්න.
ඒ එක්කම, ඔය එක එක සෙක්ස් සීන් වලදී වතුරේ ගිලිලා මැරෙන්න පුළුවන් එව්වත් කරන්න යන්න එපා, හරිද!
දැන් තේරෙනවනේ වතුරේ සෙක්ස් කරන්නේ කොහොමද කියන එක. ඇත්තටම මේ කියපු දේවල් ගැන සැලකිලිමත් වෙලා වුණත්, වතුරේ සෙක්ස් කරනවා වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න එක හොඳ වෙනසක් කියන එක තමයි අපේ අදහස. අන්න ඒ නිසා, තමනුත් පරිස්සං වෙලා, තමන් එක්ක සෙක්ස් කරන කෙනාවත් පරිස්සං කරගෙන, පූල් එකක හරි, ටබ් එකක හරි, හොට් ටබ් එකක හරි, ජකූසි එකක හරි බැහැලා නිවීහැනහිල්ලේ සෙක්ස් කරන්න තමයි තියෙන්නේ. කරලා තියෙන අය තමන්ගේ අත්දැකීම් කමෙන්ට් කළත් කමක් නෑ.
Leave a Reply