වෛජයන්ත ප්‍රාසාදය එහෙම නැත්නම් සත්මහල් ප්‍රසාදය කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙටම අපේ කම ගෙන ගිය විශිෂ්ට කලා නිර්මාණයක්. ඉතින් අපි හිතුවා මේ සුවිශේෂී ස්ථානය ගැන ඔබට කරුණු බිඳක් රැගෙන එන්නට…
1. නිර්මාණය වූ කාලය
මේ අපූරු කලා නිර්මාණය නිර්මාණය කළේ අපේ රට ශ්‍රේෂ්ඨ රජතුමෙකු වුණු මහා පරාක්‍රමබාහු රජතුමාගේ නියෝගයක් විදියට කියලා තමයි ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. එතුමා අපේ රට සශ්‍රීක කරන්න ඉදි කළ පරාක්‍රම සමුද්‍රය වගේම මේ වෛජයන්ති ප්‍රාසාදයත් විශිෂ්ට නිර්මාණයක්. මේ ගොඩනැගිල්ල ක්‍රි.ව 1153- 1186 කාලයේ වගේ ඉදි කරලා තිබෙන බවටයි වාර්තා වෙන්නේ.
2. කුමක් සඳහා ඉදි කරන ලද්දක්ද?
මේ ගොඩනැගිල්ල තට්ටු හතක් තියන ගොඩනැගිල්ලක්. ඒ නිසාම මේකට සත්මහල් ප්‍රාසාදය කියන නම භාවිතා කෙරුණා වෙන්න පුළුවන්. මෙම ගොඩනැගිල්ල කුමක් සඳහා ඉදි කළාද කියන එකට නම් මතයන් රාශියක් තියනවා. ඒ අතරින් සත් මහල් ප්‍රාසාදය චෛත්‍යයක් ලෙස කරන ලද ඉදිකිරීමක්ය කියන මතය වඩාත් ජනප්‍රියයි. මෙය රජතුමාගේ මාළිගය සඳහා ඉදි කළා කියලත් ශක්‍රයාගේ වාසභූමිය අනුකරණය කරමින් ඉදි කළා කියලත් සමහර අය කියනවා
3. මාළිගයේ අංග
හතරැස් පිරමීඩාකාර හැඩයකින් යුතු මෙම ඉදිකිරීම අඩි 53ක් උසයි. මහල් හතේ මැද ආරුක්කු හැඩයේ කවාට තුළ දේවරූප වැනි ප්‍රතිමා නෙලා තිබිලා තියෙනවා. ගඩොල්වලින් නිර්මාණය වුණු ප්‍රාකාරවලින් වට වෙච්ච හෙක්ටයාර 8.6ක භූමියක තමයි මෙය ඉදි කරලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ලේ ගිණිකොණ කෙළවරින් කුමාර පොකුණ නමින් හඳුන්වන රාජකීය පොකුණත් දකින්න පුළුවන්.
4. පඬුවස් නුවර මාළිගයට සමානකම
පඬුවස්නුවර තියෙන රජමාළිගයත් මේ වෛජයන්ති ප්‍රාසාදයට ගොඩාක් සමානයි. මේ දෙකම පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණ කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම ඉදිකිරීම් වලට සමාන තවත් ගොඩනැගිල්ලක් තමයි තායිලන්තයේ හි පිහිටි “ලමියුන්ගු වාත්කුකුන් ” විහාරයේ “සන් මහ යොන්” ගොඩනැගිල්ල. එයත් මේ සත්මහල් ප්‍රසාදයට ගොඩාක් සාමානයි කියලා මහාචාර්ය පරණවිතානයන් කියලා තියෙනවා. ඊට අමතරව නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල්ලිපි වලත් පඬුවස්නුවර මාළිගය පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේය කියලා ලියවිලා තියෙනවා.
5. වර්තමාන තත්ත්වය
අද වර්තමානය වෙද්දි මේ විශිෂ්ට නිර්මාණයේ ඉතිරි වෙලා තියෙන්නේ ගඩොල් ගොඩක් විතරයි. මහල් හතකින් සමන්විත වෙච්ච මේ අති දැවැන්ත, අපූරු ගොඩනැගිල්ලේ දැන් අපිට දකින්න පුළුවන් රජ මාළිගාව, රාජ සභාව සහ පරිවාර ගොඩනැගිලිවල නටබුන් කිහිපයක් විතරයි. ඒ අපේ අවසානාවකටද මන්දා. ඒත් මේ ඉතුරු වෙලා තියෙන නටබුන් කිහිපය හෝ බලන්න විදේශිකයින් මහත් ආසාවකින් පොළොන්නරුවට පැමිණෙනවා.
6. අපේ යුතුකම්
මේ හැමදේම තරම්ම අපි දැනගන්න ඕනම දේ තමයි, මේ දේවල් අපි අපේ දේවල් වගේ රැකගන්න ඕනෙය කියන එක. වර්තමානයේ විශිෂ්ට රටවල් විදියට සළකන ඇමරිකාව, බ්‍රිතාන්‍යය වගේ නොයෙක් රටවල් වල තාක්ෂණික විප්ලවයක් වෙන්න කලින් අපේ රටේ මේ වගේ විශිෂ්ට නිර්මාණ බිහිවෙච්ච එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. ඒ වගේම මේ දේවල් ආරක්ෂා කරන්න ඕනේ. ඊජිප්තුවේ පිරමීඩ බිහිවෙන්නත් කලින් අපේ රටේ සොහොන් ගෙවල් මනා තාක්ෂණයකින් හදලා තිබ්බා කියල ඔයාලා දන්නවත් ඇති. මේ තරම් විශිෂ්ට ඉතිහාසයක් තියෙන රටක ඉපදිච්ච එකට ස්තූති වන්ත වන ගමන්ම මේ දේවල් අපි ආරක්ෂා කරගන්නටත් අදිටන් කරගනිමු.
ඉතින් මේ මේ ලිපිය හරහා මෙම විශිෂ්ට නිර්මාණය ගැන ඔයා ගොඩාක් දේවල් දැනගත්තා කියලා අපි හිතනවා. මීට අමතරව මේ ගැන ඔයා දන්න දේවලුත් අපිට කියන්න අමතක කරන්න එපා…
ශශින් ප්‍රබෝද්
Leave a Reply