සමස්ත රෝමානු කතෝලික ප්‍රජාවගේ උත්තරීතර ආධ්‍යාත්මික නායකයා වන පාප්වහන්සේ මිහිපිට සිටින බලවත්ම පුද්ගලයන් අතර ඉහළම ස්ථානයේ පසුවනවා. සියවස් ගණනාවක් තිස්සේ පාප් තනතුරේ බලය ඇතැම් අවස්ථාවල වර්ධනය වුණු අතර ඇතැම් අවස්ථාවල දුර්වල වුණා. මෑත කාලයේදී නම් බොහෝම පාප්වහන්සේලා තම බලය ස්වකැමැත්තෙන්ම අත් හැරීමට කටයුතු කළා. අපි අද කතා කරන්න යන්නේ පාප් වහන්සේලා සම්බන්ධයෙන් අහන්න ලැබෙන රස කතා කීපයක් පිළිබඳව.
1. ජේසුස් වහන්සේටවත් සමාව දෙන්න නෑ
6 වන සික්ස්ටස් පාප්තුමා සැළකෙන්නේ බොහෝම තීක්ෂණ පාප්වරයෙක් විදිහට. දවසක් එතුමාට අහන්න ලැබෙනවා රෝමයේ පවතින එක්තරා පල්ලියක කුරුසයෙන් ලේ ගැලීමක් සිද්ධ වෙනවා කියලා. බොහෝ දෙනෙක් මෙය ප්රාතිහාර්යක් බවටයි විශ්වාස කරන්නේ. එම ස්ථානයට ගිය පාප්තුමා මෙය ව්‍යාජ ප්රාතිහාර්යයක් බව වටහා ගන්නවා. ඉන්පසුව පොරවක් ඉල්ලගත්ත එතුමා කුරුසය ඉදිරිපිටට ගිහිල්ලා “ජේසුස් වහන්සේට මම ආදරය කරමි, නමුත් ලීයක් නම් කපාදමමි” කියලා කුරුසය දෙකට මැද්දෙන් පලනවා. පලා බලද්දි එය ඇතුලේ ලේ වලින් පොඟවන ලද රෙදි කැබැල්ලක් හමුවෙනවා. මේ සිදුවීමෙන් පස්සේ රෝම වාසීන් අතර සික්ස්ටස් පාප්තුමාගෙන් ජේසුස් වහන්සේටවත් සමාවක් හම්බ වෙන්නේ නෑ කියලා කතාවක් ඇති වී තිබෙනවා.
2. සිංහයෙක් ඉන්දැද්දි ඇයි සතුන්ට බය වෙන්න?
දහතුන්වෙනි ලියෝ පාප් වහන්සේ සතුන්ට දැඩිව ආදරය කළ කෙනෙක්. මේ නිසාම උන්වහන්සේ වතිකානු උද්‍යානය තුළ විවිධ වර්ගයේ සතුන් ඇති දැඩි කිරීම සිදුකළා. දවසක් පිරිසක් එක්ක උද්‍යානයේ ඇවිදිමින් සිටියදී ඔවුන් ඉදිරියෙන් හදිසියෙන්ම ගෝනෙකු බඳු සතෙක් දිව ගියා. මේ සිදුවීමත් එක්ක අසල සිටි පිරිස තැති ගත්තා. වහා ඒ පිරිස දෙසට හැරුණු උන්වහන්සේ “ඇයි මේ සිංහයෙක් එක්ක ඉන්දැද්දී ඔබතුමන්ලා වෙන සතෙක්ට බය වෙන්නේ” කියලා ඇහුවා. එමගින් උන්වහන්සේ මතක් කළේ තමන්ගේ නම සිංහයා යන අර්ථය දෙන “ලියෝ” විත්තියයි.
3. පරණ තෙස්තමේන්තුව ඉස්සරහින්
මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නෙ විසිතුන්වෙනි ජෝන් පාප් වහන්සේ වතිකානුවේ නියෝජිතයකු ලෙස ප්‍රංශයේ කටයුතු කරමින් සිටිය කාලයේදීයි. දවසක් එතුමා පැරීසියේ යුදෙව් ආගමේ ප්‍රධානියෙකු සමඟ සාකච්ඡාවක යෙදීමෙන් පසුව ආහාර ගැනීම සඳහා දෙදෙනාම පිටත් වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ ප්‍රධානියා පියතුමාට ඉදිරියෙන් යන්න කියලා කියා තියනවා. “නෑ නෑ පරණ තෙස්තමේන්තුවට තමයි පළමු තැන හිමි වෙන්න ඕන” කියලා පාප්තුමා යළිත් යුදෙව් ආගමික ප්‍රධානියාට කියලා තියෙනවා. මොකද පරණ තෙස්තමේන්තුව සම්පූර්ණයෙන්ම ගොඩනැඟෙන්නේ යුදෙව්වන් මගින්.
4. මම පොඩි පියතුමෙක්
දවසක් හයවෙනි පාවුළු පාප්වහන්සේ රෝමයේ පිහිටි ශුද්ධාත්මයේ කන්‍යාරාමය වෙත දුරකථන ඇමතුමක් ලබාගෙන තිබෙනවා. ඊට පිළිතුරු දුන් කන්‍යාරාමයේ ප්‍රධාන මවුතුමිය “හලෝ, මේ ශුද්ධාත්මයේ ප්‍රධාන මවුතුමිය (Hello, this is the mother superior of holy spirit) කතා කරන්නේ” කියලා පිළිතුරු දීලා තියෙනවා. අනිත් පැත්තට පාප්තුමා “අනේ මට සමාවෙන්න මේ මම කතාකරන්නේ ජේසුස් වහන්සේගේ පොඩි පියතුමෙක් (Lowly vicar of Christ on earth)” කියලා පිළිතුරු දීලා තියෙනවා.
5. පෝලන්තයේ කාඩිනල්වරුන්ගෙන් සියයට පනහක්ම ඒ දේ කරනවා
පෝලන්ත ජාතික දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ පත්වීමට නියමිතව තිබූ නිලවරණයේදී වයස්ගත කාඩිනල්වරයෙක් එතුමා වෙතට පැමිණිලා, “මට ඔබතුමා හිම මත ලිස්සන ක්‍රීඩාවල යෙදෙන, කඳු නගින, බයිසිකල් පදින වගේම පිහිනන කෙනෙක් කියලා ආරංචි වෙලා තියෙනවා, මේ දේවල් ඇත්තටම අනාගත පාප්කෙනෙක්ට සුදුසු දේවල් කියලා ඔබතුමා හිතනවද?” කියලා අහලා තියෙනවා. මේ ප්රශ්නය අහපුවාම එතුමා උත්තර දීලා තියෙන්නේ “ඇයි ඔබතුමා දන්නේ නැද්ද පෝලන්තයේ කාඩිනල්වරුන්ගෙන් සීයට 50ක්ම මේ දේවල් කරනවා කියලා” යනුවෙනුයි. එවක පෝලන්තයටම හිටියේ කාඩිනල්වරු දෙන්නයි.
6. මම මේ කතා කරන්නේ නැපෝලියන්
වර්තමාන ප්‍රැන්සිස් පාප් වහන්සේ දවසක් පූජකාරාමයකට දුරකථනයෙන් කතා කරලා “මම මේ පාප්තුමා කතා කරන්නේ” කියලා තියෙනවා. අනිත් පැත්තෙන් දුරකථනයට පිළිතුරු දුන්න ක්‍රියාකරු “ආ ඇත්තද? මං මේ නැපෝලියන් කතා කරන්නේ” කියලා උත්තර දීලා තියෙනවා.
7. කවුද කියන්නෙ ප්රාතිහාර්ය නෑ කියලා
ප්‍රැන්සිස් පාප් වහන්සේ ඇමරිකානු නිල සංචාරය සඳහා පැමිණීමේදී උන්වහන්සේ රැගත් ගුවන් යානය වේලාවට කලින් ගුවන් තොටුපළ වෙත ළඟා වීම නිසා එම යානය ගොඩ බැස්සවීම සඳහා වැඩි වෙලාවක් ගත වුණා. මේ සිදුවීම ඇමෙරිකානු මාධ්‍ය වල වැඩියෙන් කතාබහට ලක් වුණු අතර ඇතැම් අය අදහස් පළ කළේ ගුවන් යානයක් කලින් පැමිණීමේ ප්රාතිහාර්යය සිදු කළ හැක්කේ පාප්වරයෙක්ට පමණක්ම බවයි.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply