කිවි කියන්නෙ ලංකාවෙ වැවෙන පළතුරක් නෙමෙයි. ඒ උනාට අපිට මිලදී ගන්න පුළුවන් සුපර්මාකට් එකෙන්. මේක හරිම රස වගේම ගුණ පළතුරක්. ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා කේක් ඩෙකරේෂන්ස් වල. ඉතින් අද අපි කියන්න යන්නෙ කිවි වලින් හදන්න පුළුවන් රසවත් කෑම ටිකක් ගැනයි.
1. Kiwi Salad
අවශ්‍ය ද්‍රව්‍ය
- කිවි ගෙඩි කිහිපයක්
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- චොප්කරගත් ගර්කින් ගෙඩි 1/2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ඔලිව්තෙල් තේ හැඳි 1
- සුදු තල ඇට ටිකක්
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- දෙහි ගෙඩියක යුෂ
- කිවි ටික පොතු ඇරලා පොඩියට කපාගන්න. මේකට ළූණු හා ගර්කින් ටික දාගන්න.
- ඔලිව්තෙල් ටික දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගන්න. චොප්කරගත් කොත්තමල්ලි කොළ හා දෙහි යුෂ දාලා අන්තිමට තල ඇට දාලා හොඳට කලවම් කරගන්න.
2. Kiwi Smoothie
අවශ්‍ය ද්‍රව්‍ය
- කිවි ගෙඩි 2
- කෙසෙල් ගෙඩි 2
- පැණි මේස හැඳි 2
- කිවී මදය සූරාගන්න. කෙසෙල් තරමක කෑලි කපාගන්න. මේ ටික බ්ලෙන්ඩර් එකට දාලා පැණි ටික දාගන්න.
- විනාඩියක් වගේ බ්ලෙන්ඩ් කරලා වතුර කෝප්ප 1/2ක් වගේ දාලා ආයේ බ්ලෙන්ඩ් කරගන්න.
3. Kiwi Candy
අවශ්‍ය ද්‍රව්‍ය
- කිවි ගෙඩි කිහිපයක්
- සීනි කෝප්ප 1/2
- කිවි ටික පොතු ඇරලා පෙති කපාගන්න. නන්ස්ටික් පෑන් එකක මේ පෙති ටික අතුරලා උඩින් මේ පෙති වැහෙන්න සීනි දාගන්න.
- දැන් මේක අඩු ගින්දරේ රත්වෙන්න තියන්න සීනි ටික ටික දියවෙලා මේ කිවි පෙති වල දැවටෙයි. සීනි උණුවෙලා බුබුළු දානකොට හැන්දකින් ඒ මේ අත පෙරල පෙරල හැඳිගාන්න.
- ටිකකින් ලිප නිවලා ට්‍රේ එකක මේ පෙති ටික අතුරලා නිවෙන්න තියන්න.
4. Kiwi Lemonade
අවශ්‍ය ද්‍රව්‍ය
- චොප්කරගත් කිවි ගෙඩි 2
- කපාගත් කිවි පෙති 3-4
- ලෙමන් යුෂ මේස හැඳි 1
- සීනි මේස හැඳි 2
- වතුර කෝප්ප 1
- අයිස්කැට කෝප්ප 1
- ලෙමන් පෙති 2
- බ්ලෙන්ඩර් එකට කිවි ටික දාලා ලෙමන් යුෂ සහ සීනී එකතු කරලා වතුර දාගන්න. මේක විනාඩියක් වගේ බ්ලෙන්ඩ් කරලා පෙරලා ජාර් එකට දාගන්න.
- ඊළඟට අයිස්කැට ටික දාලා කිවි පෙති ටික දාගන්න. උඩින් ලෙමන් පෙති ටිකත් දාලා කලවම් කරගන්න.
5. Kiwi Ice Cream
අවශ්‍ය ද්‍රව්‍ය
- කිවි ගෙඩි 4
- හෙවි විප්ක්‍රීම් කෝප්ප 1
- ටින්කිරි කෝප්ප 1/2
- කුඩුකරගත් සීනි මේස හැඳි 4
- ග්‍රේට් කරගත් දෙහි පොතු ටිකක්
- කිවි ටික පොත්ත සුද්ද කරලා කෑලි කපලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- හෙවි ක්‍රීම් වලට ටින්කිරි ටික දාලා බ්ලෙන්ඩ් කරගත් කිවි වලින් භාගයක් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න.
- ඊළඟට මේක වෙනම බෝල් එකකට දාලා ඉතිරි කිවි ටිකත් දාලා කලවම් කරගන්න. දැන් මේකට කුඩුකරගත් සීනි හා වැනිලා දාලා, දෙහි පොතු ටික දාලා කලවම් කරලා, එයාර් ටයිට් කන්ටේනර් එකක් දාලා පැය 10-12ක් ෆ්‍රීස් කරගන්න.
6. Kiwi Pudding
අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 2
- සීනි කෝප්ප 1
- කෝන්ෆ්ලා මේස හැඳි 3
- වැනිලා ටිකක්
- භාජනයක් ලිපේ තියලා කිරි ටික දාගන්න. මේකට සීනි කෝප්ප 1/2ක් එකතු කරලා සීනි දියවෙනකල් හැඳිගාන්න.
- ඊළඟට කෝන්ෆ්ලා වලට කිරි වලින් ටිකක් දාලා දියකරලා මේ කිරි මිශ්‍රණයට එකතු කරන්න. ඒකටම වැනිලා දාගන්න.
- අඩිය අල්ලන්න නොදී කලවම් කරගන්න. මිශ්‍රණය ටික ටික තික් වේගෙන එනවා පෙනෙයි. හොඳටම තික් වෙනකල් හැඳිගාලා ලිපෙන් බාගන්න.
- වෙනම භාජනයක් ලිපේ තියලා ඉතිරි සීනි ටික දාගන්න. මේකට වතුර කෝප්ප 1/4ක් වගේ දාලා කලවම් කරලා උණුකරගන්න. නූල් ඇදෙන පදමට ආවම ලිපෙන් බාගන්න. චොප්කරගත් කිවි වලට මේ සීනි මිශ්‍රණය දාලා කලවම් කරගන්න. දැන් ග්ලාස් එකක් අරගෙන මුලින්ම කිරි මිශ්‍රණයෙන් ටිකක් දාලා ඊළඟට කිවි ටිකක් දාගන්න. ඔය වගේ ලේයර්ස් දාගන්න. උඩින් කැමති විදියකට කිවි පෙති තියලා සරසලා පිළිගන්වන්න.
7. Kiwi Bite
අවශ්‍ය ද්‍රව්‍ය
- කිවි ගෙඩි 4
- ශීත කළ කිරි මි.ලී 300
- කෝන්ෆ්ලා කෝප්ප 1
- කුඩුකරගත් සීනි කෝප්ප 1
- කිවි ටික චොප් කරලා බ්ලෙන්ඩ් කරගන්න. කිරි ටික භාජනයකට දාලා කෝන්ෆ්ලා හා කුඩුකරගත් සීනි දාලා කලවම් කරගන්න.
- දැන් මේක ලිපේ තියලා අඩු ගින්දරේ උණුකරගන්න. කිරි ටික තික් වේගෙන එනකොට කිවි පේස්ට් එක දාලා කලවම් කරගන්න.
- දිගටම හැඳිගාමින් කලවම් කරගන්න. මිශ්‍රණය ඝණකම් වෙලා එක ගුලියකට වගේ එනකොට ලිපෙන් බාලා බටර් ගාගත් ට්‍රේ එකකට දාල තුනී කරගන්න. මේක පැය 2ක් ෆ්‍රිජ් එකේ තියලා අරන් කෑලි කපාගන්න.
Leave a Reply