දැන් සාමාන්‍යයෙන් සෙක්ස් ගැන කතා කරන්න ගියහම කෙල්ලො වගේම කොල්ලොත් පොඩ්ඩක් ඇඹරෙනවනේ. ඒකට කමක් නෑ. ලෝක සොබාවේ ඒක තමයි. හැබැයි ඉතින් සෙක්ස් ගැන ඉගෙන ගන්න ඕන දේවල් ඉගෙන ගන්න නම් පොඩ්ඩක් ඇඹරෙන්නෙ නැතුව ඉගෙන ගන්න වෙනවා. ස්වයං වින්දනය කියන්නෙත් අන්න ඒ වගේ සෙක්ස් සම්බන්ධයෙන් ඉගෙන ගන්න තියෙන දෙයක්.
හරි, ස්‍වයං වින්දනය හොඳද, නරකද? අපි දන්නෙ නෑ. අපිට ඒ ගැන උපදෙස් දෙන්න බෑ. හේතුව ඒක එක එක්කෙනාගේ විශ්වාසයන් මත පදනම් වුණු දෙයක්. අපිට මෙහෙම කියන්න පුළුවන්. තමන්ගේ එදිනෙදා වැඩ පවා පාඩු වෙන තරමට ඇබ්බැහියක් නොවෙනවා නම්, සෞඛ්‍ය හානි සිද්ධ වෙන්නෙත් නැති නම්, ස්වයං වින්දනය වුණත්, වෙන ඕනම දෙයක් වුණත් ගැටළුවක් නැහැ නේ? ඒක ආගමිකව හොඳද නරකද, පෞද්ගලික සදාචාර විශ්වාසයන්ට අනුව හොඳද නරකද වගේ කාරණා තමන් විසඳගන්න ඕන.
හැබැයි එහෙම ස්වයං වින්දනය ගැන ගැටළුවක් නැති කොල්ලන්ට අපි කැමතියි ස්වයං වින්දනයේ යෙදීම සම්බන්ධයෙන් ටිප්ස් ටිකක් කියලා දෙන්න!
1. දෙවේලට ගන්න පෙත්තක් නෙවෙයි!
මේක තමයි මූලිකම කාරණාව. ස්වයං වින්දනය ඇබ්බැහියක් වෙන්න බලපාන්නෙත් මේකම තමයි. ඒ කියන්නේ අර බේත් පෙත්ත ගන්නවා වගේ උදේට නැගිට්ටහම, වොෂ් එකක් දාන්න යන්න කලින්, නිදාගන්න යන්න කලින් වගේ විශේෂිත වෙලාවක ස්වයං වින්දනය කරන්න ඕන කියලා තමන්වම කන්ඩිෂන් කරගන්න එක. ඒකෙන් ඇත්තටම වෙන්නේ ස්වයං වින්දනය කියන එකේ තියෙන නියම ආතල් එක නැතිවෙන එක. ඊට පස්සේ ඒක කරන්නේ පුරුද්දට. එහෙම බෑ. ස්වයං වින්දනය කරන්න ඕන ඒකට නියම ෆීල් එකක් දැනෙන නිසා. ඒ නිසා ස්වයං වින්දනය කනවා, බොනවා වගේ පුරුද්දට නොකර, වෙලාව අරගෙන හරි විදියට කරන්න ඕන.
2. ප්ලෑන් කරන්න, රෂ් වැඩ එපා
සාමාන්‍යයෙන් සෙක්ස් කරනකොටත් අපි කියනවනේ හොඳට ප්ලෑන් කරලා කරන්න කියලා. හදිසියේ කරන සෙක්ස් කිරීම්, ක්විකීස් තියෙනවා තමයි. හැබැයි එව්වා විශේෂ අවස්ථාවන්.
ස්වයං වින්දනයේ යෙදීම වුණත් ප්ලෑන් කිරීමේ තියෙනවා හොඳ ෆන් එකක්. ඒ වගේම එහෙම ප්ලෑන් කරලා කරන එකෙන් අනවශ්‍ය විදියට ඒකට කාලය නාස්ති වීම වළක්වා ගන්නත් පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අපි ස්වයං වින්දනය කරනකොට පෝර්න් මොනවා හරි බලනවා නං, බලන්න ඕන පෝර්න් එක මොනවද කියලා හිතාගන්නම යනවා මාර කාලයක්. හැබැයි අපි ස්වයං වින්දනය කරන්නේ මොන කැටගරියේ ෆැන්ටසි එකක් ගැන හිතලද කියලා කලින්ම ප්ලෑන් කරගත්තොත්, පෝර්න් කැටගරි තෝරන්න යන වෙලාව ඉතුරුයි. ෆන් එකත් වැඩියි.
3. වෙනම අඳින්නත් ඕනද?
මොකද්ද ඒ කුණුහරුපේ? සාමාන්‍යයෙන් ඉතින් කොල්ලෙක් ස්වයං වින්දනයේ යෙදෙන්න අමුතුවෙන් මොකක් වත් අඳින්නෙ නැහැනේ. හැබැයි හිතලා බලන්න. අපි සෙක්ස් කරන්න ඇඳට යනකොටත් එකිනෙකාට දැනෙන සෙක්ස් ඇපීල් එක, උත්තේජනය වැඩි කරන්න විශේෂයෙන් මොනවා හරි අඳින්න කැමතියිනේ. ඇත්තටම එහෙම විශේෂ සෙක්සි ඇඳුමක් අඳින එකෙන් අපේ පාට්නර්ට උත්තේජනයක් තියෙනවා වගේම, අපිටත් හොඳ උත්තේජනයක් තියෙනවා. ආන්න ඒ කාරණාව දැන් ගේන්න ස්වයං වින්දනයටත්. මෙතනදීත් අපිට පුළුවන් අපිට ආස, අපේ ෆැන්ටසි එකක්ට ගැලපෙන ඇඳුමක් අඳින්න. ඒක ඇඳලා ඇඳට ගිහින් ස්වයං වින්දනයේ යෙදිලා බලන්න, ෆීල් වෙන විදියේ වෙනස කොහොමද කියලා.
4. පොසිෂන්ස්!
මේකත් ඔය මුලින් කියපු රූටින් එකකට හුරු වීම පිළිබඳ දෙයක්. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් ස්වයං වින්දනයේ යෙදෙන්න හුරු වුණු විදියක් තියෙනවා. ඒ කියන්නේ ස්වයං වින්දනයේ යෙදෙන්න හුරු පොසිෂන් එකක් සහ හුරු අතක්. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක්ට හොඳටම ස්වයං වින්දනයේ යෙදෙන්න පුළුවන් දකුණු ඇලේට හැරිලා දකුණු අතින් කරනකොට වෙන්න පුළුවන්. හැබැයි ඕක දිගින් දිගටම පුරුද්දට ගියාට පස්සේ මළාට වෙන පැත්තකට හැරිලා, අනික් අතින් ස්වයං වින්දනයේ යෙදෙන්න බෑ.
අපි කියන්නේ අන්න ඒක කඩාගමු කියලා තමයි. දැනට ස්වයං වින්දනයට හුරු පොසිෂන් එකක් තිබුණත්, වෙනස් වෙනස් පොසිෂන් වල ඉඳලා කරලා බලන්න. අමාරු වෙයි මුලින්. හැබැයි එහෙම කරනකොට හැමදාම කරන ඒකාකාරී වැඩේට වඩා සෑහෙන්න වෙනසක් තියෙයි.
5. රබ් යුවර්සෙල්ෆ්!
ඇත්තටම ස්වයං වින්දනයේ යෙදෙනකොට අවධානය යොමු කරන්න වුවමනා වෙන්නේ ලිංගේන්ද්‍රියට, ඒ කියන්නේ පීනිස් එකට විතරද? කිසිසේත්ම නෑ. ඇත්තටම ගොඩක් දෙනෙක් ස්වයං වින්දනයේ යෙදෙනවා කියලා කරන්නේ පුරුෂ ලිංගය පිරිමැදීම විතරයි. අපි කියන්නේ එතනින් එහාට යන්න කියලා. තමන්ගේ ඇඟේ තවත් සංවේදී තැන් තියෙනවා. සමහර වෙලාවට ඒ වෘෂණ කෝෂ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ කලවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ තනපුඩු වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත්, ස්වයං වින්දනයේ යෙදෙන වෙලාවට ස්පර්ෂ කිරීමෙන් අමතර උත්තේජනයක් ලැබෙනවා කියන එක අමතක කරන්න එපා. ඕන නම් ඊලඟට අපි කියන කොටස් දෙකත් ඒකටම සම්බන්ධ කරගන්න පුළුවන්.
6. ටෝයිස්!
ටෝයිස් ඕනද මාස්ටර්බේට් කරන්න? ඔව්, කෙනෙක් එහෙම අහයි. විශේෂයෙන්ම සෙක්ස් ටෝයිස් කියන්නේ ඩිල්ඩෝ වලටය කියලා හිතාගෙන ඉන්න අය සෑහෙන්න අප්සට් යයි. හැබැයි ඉතින් දැන් කාලේ ලිංගික තෘප්තිය වැඩි කරන්න විවිධාකාරයේ සෙක්ස් ටෝයිස් නිර්මාණය කරලා තියෙනවා. ඒවා කාන්තාවන්ට විශේෂ එව්වා වගේම, පිරිමින්ට විශේෂ එව්වා විදියටත් ලබාගන්න පුළුවන්. ඉතින් තමන් ස්වයං වින්දනයේ යෙදෙන වෙලාවක තෘප්තිය ඩබල් කරගන්න ඔය සෙක්ස් ටෝයි එකක් පාවිච්චි කළා කියලා පාපකර්මයක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ වගේම තමන්ගේ පිරිමි කමට හානියක් වෙන්නෙත් නෑ!
කොහොමද මේ එක එක සෙක්ස් ටෝයිස් ස්වයං වින්දනයේ යෙදෙනකොට පාවිච්චි කරන්නේ කියන එක නම් ඉතින් ටොකු ඇනලා කියලා දීලා වැඩක් නෑ. තමන්ගේ පරිකල්පනය යොදවලා, තමන්ට උපරිම ෆන් එකක් එන ඕනම විදියකට පාවිච්චි කරන්නලා. මොකද, ස්වයං වින්දනයේ යෙදෙනකොට කවුරුවත් අපි දිහා බලාගෙන ඉන්නෙ නෑනේ!!
7. ලූබ්!
අපි කියන දෙයක් තමයි, සෙක්ස් කරනකොට ලිහිසිකාරක, එහෙම නැතිනම් ලුබ්‍රිකාන්ට් පාවිච්චි කිරීම ඉතාම හොඳයි කියන එක. ඒකෙන් ලිංගික තෘප්තිය වැඩි කරනවා විතරක් නෙවෙයි, වඩා පහසුවකුත් ලබාදෙනවා. ඉතින් ස්වයං වින්දනයේ යෙදෙනකොටත් ඒක එහෙම තමයි. ඔය හොලිවුඩ් ෆිල්ම් වල නං දැකලා ඇති ස්වයං වින්දනයේ යෙදෙනකොට එක එක ක්‍රීම් වර්ග, ලූබ් වර්ග පාවිච්චි කරනවා. අපි කියන්නේ පාවිච්චි කරලා බලන්න, වෙනස වටහාගන්න කියලා තමයි. විවිධ ලූබ් වර්ග වුණත් ට්‍රයි කරලා බැලුවට කමක් නෑ!
8. ඉමැජිනේෂන්
අන්තිමට මේකත් කියන්න ඕන. ස්වයං වින්දනයේ යෙදෙන්න පෝර්න් මත විතරක් යැපෙන්න එපා. ඊට වඩා තමන්ගේ පරිකල්පනය යොදාගන්න. තමන්ට හිතාගන්න පුළුවන්, වෙන කිසිම කෙනෙක්ට කියන්න බැරි ෆැන්ටසීස් පවා අපේ පරිකල්පනය ඇතුළේ තියෙනවා. ඉතින් ඒවා යොදාගන්න ස්වයං වින්දනයේ යෙදෙන්න. තමන්ට ඕන ෆැන්ටසි එකක හැම සියුම් තොරතුරක්ම හිතින් මවන්න, ඒක ඇතුළේ ඒ මොහොතේ ජීවත් වෙන්න. එතකොට තේරෙයි ඇත්තටම පෝර්න් වීඩියෝ එකකට වඩා අපේ පරිකල්පනය ස්වයං වින්දනයේ යෙදෙනකොට මොන තරම් තෘප්තියක් ලබාදෙනවද කියලා!
දැන් මේ කියන්නේ කොල්ලන්ට ස්වයං වින්දනයේ යෙදෙන හැටි ගැන විතරද? ඇයි කෙල්ලන්ට ස්වයං වින්දනය තහනම්ද? අපොයි නෑ. මේකේ තියෙන උපදෙස් ගොඩක්ම කොල්ලන්ට ස්වයං වින්දනය ගැන තමයි කියලා තියෙන්නේ. හැබැයි කෙල්ලන්ගේ ස්වයං වින්දනය ගැනත් අපි අනිවාර්යයෙන්ම ලියනවා!
Leave a Reply