රෑට පාඩම් කරන අයට ටිප්ස් හතක්

ලයිෆී අපි දැන් කාලයක ඉඳන් පාඩම් කරන පාසැල් දරුවන් ඇතුළු උදවිය​ට තමන්ගේ පාඩම් කටයුතු සාර්ථක කරගන්න උදවු වෙන උපදෙස් අරන් එන බව ඔබ දැනටමත් දන්නවා ඇති. අපේ අද මේ ලිපියත් පාඩම් වැඩ කටයුතු කරන ඔයාල වෙනුවෙන්​ම තමයි ලියැවෙන්​නේ. රෑට පාඩම් කරන අයට නිදිමත අඩුකරගන්න ටිප්ස් හතක් තමා අද අපි අරන් එන්නේ…

 

1. දවල් පුංචි නින්දක්

ඔයා රෑට පාඩම් කරන්න ඉන්නවා නම් දවල්ට පුංචි නින්දක්, ඒ කිව්වේ පැය භාගෙක වගේ නින්දක් ගන්න එක වඩාත් හොඳ වෙයි. දවසේ වෙනත් වැඩවල නිරත වෙලා, ටිකක් මහන්සි වෙලා එන කෙනෙක්නම් පැයක වගේ නින්දක් ගත්තටත් කමක් නැහැ. එතකොට ගොඩාක් ලේසියි රෑට නිදිමතක් නැතුව දිගටම පාඩම් කරන්න.

 

2. තේ වෙනුවට කෝපි

 

අපි පාඩම් කරද්දි මැද්දේ පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ විනාඩි පහක දහය​ක වගේ. එතකොට ඔයාට ටිකක් රීෆ්‍රෙෂ් වෙන්​න තේ එකක් වෙනුවට කෝපි වගේ දෙයක් බොන්න පුළුවන්. කෝපි වලට අපේ නිදිමත පාලනය කරන්න පුළුවන් නිසා වැඩි කාලයක් පාඩම් කරන්න පුළුවන්…

 

3. වතුර 

රෑට පාඩම් කරද්දි පුළුවන් තරම් වතුර බොන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට ටිකක් ෆ්‍රෙශ් ගතියක් දැනේවි. ඒ වගේම වතුර ටිකක් වැඩිපුර බිව්වට පස්සේ වොශ්රූම් වගේ යන්නත් ඕන වෙනවනේ. එතකොටත් එක දිගට එකම තැන ඉඳන් ඉන්න එ​කේ තියෙන කම්මැලිකමත් මදක් මග ඇරිලා යාවි…

 

4. රෑට පිටි ජාති කන්න එපා 

කොහොමත් අපි රෑට කන්න ඕනේ සැහැල්ලු දෙයක්නේ. අර කතාවට කියන්නේ උදේට රජෙක් වගේ කන්න, රෑට හිඟන්නෙක් වගේ කන්න කියලා. හැබැයි ඉතින් ඔයා අඩුවෙන් කන්නත් හොඳ නෑ රෑට පාඩම් කරනවා නම්. එතකොට සැරින් සැරේ බඩගිනි හැදෙයි. හැබැයි එහෙම වුණා කියල පිටි ජාති, මේදය අධික ආහාර එහෙමත් කන්න හොඳ නෑ. මොකද එතකොට ඉක්මනටම නිදිමත හැදෙන්න පුළුවන්. ඔයාට සුප් එකක් වගේ සැහැල්ලු කෑමක් ගන්න පුළුවන්නම් රෑට පාඩම් කරන ඔයා​ට ඒක ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි….

 

5. කම්මැලි නොහිතෙන විෂයයක්

මේකත් ටිකක් සලකලා බලන්න ඕනෙ කාරණයක්. රෑට පාඩම් කරද්දි ඔයාට අමාරු විෂයයන් පාඩම් කරන්න තෝරගන්න එපා. එතකොට මොළේ වෙහෙසෙනවා වැඩිවීමත් එක්කම නිදිමත හැදෙන්න ඉඩ තියනවා. අමාරු විෂයක් තෝරගත්තත් ඒ විෂයේ ලේසි පාර්ට් එකක් තමා පාඩම් කරන්න ඕනේ….

 

6. එකම විදියට එපා 

පොත ඔහේ කියවලා, ශෝර්ට් නෝට්ස් ගහනවා වෙනුවට ෆ්ලෑශ් කාර්ඩ්ස් , මයින්ඩ් මැප් වගේ ක්‍රම වලට පාඩම් කරන්න ගන්න. ඒ දේවල් කරන විදිය ගැනත් පෝස්ට් ගොඩක් අපේ සයිට් එකේ තියෙනවා. එකම රාමුවකට කොටු නොවී පාඩම් කළොත් ඒ කරුණු ගොඩක් කල් මතකයේ රැඳේවි. 

 

7. පැය දෙකකට වඩා එපා 

රෑට ලොකු කාලයක් පාඩම් කරන එක අපි එතරම් අනුමත කරන්නෙ නෑ. උපරිම පැය දෙකක් වගේ කාලයක් තමයි වඩාත් සුදුසු. හැබැයි එක දිගටම නෙමෙයි, මැද්දේ පොඩි ඉන්ටවල් එකකුත් එක්ක. නැත්නම් නිදිවරන් පාඩම් කරලා මුකුත් වැඩක් නැත්නම් එක්ක නිශ්ඵල දෙයක් වෙනවනේ. හැබැයි නිදිමතක් නෑ වගේ නම් පැය තුන හතරක් වුණත් පාඩම් කළාට ප්‍රශ්නයක් නෑ. 

 

ඔයත් රෑට පාඩම් කරන කෙනෙක් නම් මේ උපදෙස් ඔයාට වටීවි කියලා අපි හිතනවා. ඔයාත් මේ වගේ රෑට පාඩම් කරද්දි පාවිච්චි කරන ටිප්ස් ගැන අපිට කමෙන්ට් එකකින්  කියන්න අමතක කරන්න එපා…

 

ශශින් ප්‍රබෝද්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *