විද්‍යා ප්‍රබන්ධ කියන්නේ ගොඩාක් අය ආසම ශානරයක්. ඒ වගේම සමහරුන් නම් අකමැතිම ශානරයක්. ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ කිව්වොත් ගොඩාක් උදවියට මතක් වෙන්නේ ආතර් සී ක්ලාක් මහතාගේ පොත් වල පරිවර්තනනේ. එතුමාගේ පොත් හරහා තමයි අපි බොහෝ දෙනෙක් මේ විද්‍යා ප්‍රබන්ධ කතා වලට ඇබ්බැහි වෙන්න පටන් ගත්තේ. අද අපි කතා කරන්නෙත් විද්‍යා ප්‍රබන්ධ ගැන. මෑතකදී එළිදැක්වූ හොඳම සිංහල විද්‍යා ප්‍රබන්ධ කතා හතක් තමයි අපි අද ගෙන එන්නේ…
1. විස්මිත සිහින දකින්නා
අපි මුලින්ම කතා කරන්නේ මෑතකදී ආපු ජනප්‍රියම විද්‍යා ප්‍රබන්ධය ගැන කියල කිව්වොත් අපි වැරදි නැති වෙයි. මෑත කාලයේ කිව්වට මේක එන්නේ 2009 අවුරුද්දේ. මේ පොතේ රචකයා වෙන්නේ දමිත නිපුණජිත්. ඔහුගේ මුල්ම පොතත් මේකමයි. මේ පොතේ තියෙන කෙටිකතා හතම එකකට එකක් දෙවැනි නෑ. විද්‍යා ප්‍රබන්ධ ලෝලියෙක් කියවිය යුතුම පොතක් විදියට “විස්මිත සිහින දකින්නා” අපට නිර්දේශ කරන්න පුළුවන්.
2. ඉකරස් පුනරාගමනය
“රාවණා මෙහෙයුම” පොත් දෙක ,”X එක්ස්” වගේ පොත් කියවපු කෙනෙක්ටනම් වෛද්‍ය සුසිත රුවන්ව අමතක වෙන එකක් නෑ. මේක ටිකක් විතර වෙනස් ප්‍රබන්ධයක්. ඉකරස්වරුන් හා ජානතාක්ෂණික මිනිසුන්ගේ කතාව ඔස්සේ අනාගතයේ ජනශුන්‍ය වන පෘථිවියට පරිබාහිර මිනිසුන්ගේ අනාගතය තමා මේ පොතට පාදක වෙන්නේ…
3. සැඟවුණු ලොවක හුදෙකලා ගවේෂණය
2017 රාජ්‍ය සාහිත්‍ය සම්මානය (විද්‍යා ප්‍රබන්ධ) පිදුම් ලබපු පොත තමයි මේ. මේක ලියන්නේ හසිනි භාග්‍යා රත්නායක. නවීන සබ්මැරීනයක මරියානා ආගාධය ආශ්රිත ගවේෂණ චාරිකාවක යෙදෙන තරුණ ගවේෂකයින් හත් දෙනෙක්ව තමා මේ කතාවට පසුබිම් වුණේ. කියෙව්වට පාඩු නැති පොතක්…
4. කාල සංචාරකයා
මේකත් ගොඩාක්ම හොඳ විද්‍යා ප්‍රබන්ධයක්. පසිඳු කල්හාර මැදගෙදර කියන කතුවරයාගේ දෙවන ස්වතන්ත්‍ර කෘතියත් මේකයි. මේක එළි දැක්වුණේ 2014 අවුරුද්දේ. කතා දෙකකින් සමන්විත මේ පොත කෙටිකතාවක් හා තරමක් දීර්ඝ කතාවකින් සමන්විතයි. දීර්ඝ කතාවට පාදක වෙන්නේ අනාගතය දකින්න අනාගතයට යන වෛද්‍යවරයෙක්ගේ කතා පුවතක්…
5. කල්පාවසාන සාදය
මේකත් ආවේ 2017 අවුරුද්දේ. තාරක කල්දේරා කියන ලේඛකයා තමයි ලිව්වේ. කාබා, ඉන්ද්‍ර කියන ප්‍රධාන චරිත දෙකත් එක්ක අමුතුම විදියේ ෆැන්ටසි ලෝකයක් අපේ ඔළුවේ මවන්න මේ පොත හරහා තාරක සමත් වුණා. ගොඩාක් පාඨක ප්‍රතිචාර දිනාගන්න සමත් වෙච්ච නියම පොතක් මේක.
6. කලාවකාශයේ සිරකරුවා
මේක අපි කලින් කියපු විස්මිත සිහින දකින්නා පොතේම කතුවරයාගේ දෙවන නිර්මාණය. විස්මිත සිහින දකින්නා ලියවිලා අවුරුදු 3කට පස්සේ මේක ලියවෙන්නේ. මේ පොතත් සුපිරි, ඒ වගේම ගොඩාක් ජනප්‍රිය පොතක් වුණා. සම්මාන පවා ලබාගත්තා. කෙටිකතා අටකින් සමන්විත මේ පොතේ එන කතා අටම හිතන්න දෙයක් ඉතුරු කරලා තමා ඉවරවෙන්නේ…
7. ගායා
මේක විදුසර සඟරාවේ තිබුණු විද්‍යා ප්‍රබන්ධ හතක එකතුවක්. සඳුන් සිරිබන්දු කියන රචකයාගේ පන්හිඳෙන් තමයි මේ අපූරු විද්‍යා ප්‍රබන්ධය ලියවෙන්නේ. විද්‍යාත්මක කරුණු නීරස භාවයකින් තොරව සරල විදියට කියවන්න පුළුවන්, සරල බසින් ලියවුණු ෆැන්ටසිමය විද්‍යා ප්‍රබන්ධ පොතක් හැටියට මේ පොත හඳුන්වන්න පුළුවන්.
මේ තියෙන්නේ මෑතකදී එළි දැක්වුණු ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ කිහිපයක් විතරයි. තවත් මේ වගේ ජනප්‍රිය හෝ ඔබේ සිත්ගත් පොත් ඇති. ඒවා ගැනත් අපිට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා…
ශශින් ප්‍රබෝද්
Leave a Reply