කාම සූත්‍රය සිංහලෙන් – අසූ හතර වෙනි කොටස

ඔන්න එහෙනම් අපි අද කියවන්න යන්නේ සුභගකරණ වශීකරණ වෘෂ්‍ය යෝග ප්‍රකරණයේ අවසාන කොටස. අදින් පස්සේ අපිට ඉතිරි වෙන්නෙ කාම සූත්‍රයේ අවසාන ප්‍රකරණය විතරයි. මතක ඇතිනේ පහුගිය සතියෙ අපි කියවමින් හිටියේ රතිය වඩන වාජීකරණ ඖෂධ පිළිබඳව.

කාමසූත්‍රයට අදාළ ලිපි පෙළ පෙළ පළමුවරට කියවන කෙනෙක්ට නම් දෙයක් අපිට මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රකරණයේ සඳහන් වන කිසිම ඖෂධයක් පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නැතුව පාවිච්චි කරන්න එපා කියන්න එක. එහෙමනම් අපි ප්‍රකරණය කියවන්න යොමුවෙමු.

විවිධ ඖෂධ වර්ග මිශ්‍ර කිරීමෙන් සාදාගන්නා ලද පාන වර්ග පිළිබඳව සඳහන් කිරීමෙන් අනතුරුව වත්ස්‍යායන පඬිතුමා ඊළඟට කියන්න යන්නේ වාජීකරණ ශක්තිය ලබාදෙන අලුවා වර්ගයක් සාදා ගන්නා ආකාරය පිළිබඳවයි.

ඒ සඳහා ශෘංගාටක, කෙසෙරු, වැල්මී, ක්ෂීර කාකෝලී යන ඖෂධ වර්ග අවශ්‍ය වෙනවා. මේ සියල්ල හොඳින් අඹරා කිරි සහ සීනි, ගිතෙල් සමග මිශ්‍ර කොට මද ගින්නේ සාදාගත් අලුවා කෑමෙන් අනතුරුව කාන්තාවන් ගණනාවක් සමග වුණත් සංසර්ගයේ යෙදීමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම මහා මෑ නම් ඖෂධ වර්ගය හොඳින් තෙමෙන්නට හැර ඉන් අනතුරුව පොතු ඉවත් කොට ගිතෙල් වලින් මදක් තම්බාගෙන මෘදු බවට පත් කර ගැනීම කළ යුතුයි. ඉන් පසුව එම මිශ්‍රණය වැඩුණු පැටියෙකු ඇති එළදෙනෙකුගේ කිරි වලින් තැම්බීම සිදුකළ යුතුයි. අනතුරුව අදාළ ඖෂධය ගිතෙල් සහ මී පැණි සමග ආහාරයට ගැනීමෙන් අනතුරුව ඕනෑම ස්ත්‍රීන් ගණනක් සමඟ වුවත් සංසර්ගයේ යෙදීම පහසු වෙනවා

විදාරී,  ස්වයං ගුප්ත, තිරිගු පිටි, සීනි, මී පැණි සහ ගිතෙල් යන සියල්ල එකට අනා ගුලි කොට අවශ්‍ය ප්‍රමාණයට පමණක් කා, තමන්ට අවශ්‍ය තරමක් ස්ත්‍රීන් සමඟ සතුටු වීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා.

ගේ කුරුළු බිත්තර සාරුවේ මිශ්‍ර කළ සහල් වලින් සාදාගත් කිරිබත්, ගිතෙල්  සහ මී පැණි එකට මිශ්‍ර කර කෑමෙන් ද ඒ හා සමාන ශක්තියක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

තලගේ කුරුළු නම් පක්ෂියාගේ බිත්තර සාරුව ශෘංගාටක, කශේරුකා ස්වයංගුප්ත, තිරිඟු පිටි සහ මාෂ යන ඖෂධ සමඟ මිශ්‍ර කිරීමෙන් තලපයක් සාදා ගැනීම කළ යුතුයි. ඉන් අනතුරුව සාදාගත් තලපය සීනි සහ ගිතෙල් සමග අනුභව කිරීමෙන් පසුව සිතාගත නොහැකි තරමේ වාජීකරණ ශක්තියක් ලැබෙනවා.

ගිතෙල්,මීපැණි, සීනි සහ වැල්මී කොටස් දෙක බැගින් ගෙන මිදි යුෂ කලඳක් ද කිරි පතක් දගෙන සාදාගත් පානය ද මේ ආකාරයටම වාජීකරණ ශක්තියෙන් යුක්තයි. මේ මගින් ආයු වර්ධනය ද සිදුවන අතර ඇතැම් මූලාශ්‍රවල මෙම පානය සඳහා යුක්තරස යන නම භාවිතා වෙනවා.

හාතාවාරිය ගොටු කසාය මිශ්‍රණයකට තිප්පිලි සහ වැල්මී කල්ක යොදා එළකිරි සහ ගිතෙල් මිශ්‍ර කොට පැසවා ගැනීමෙන් අනතුරුව හොඳ නැකතක් යෙදී ඇති දිනයක පානය කිරීම සිදු කිරීමෙන් වාජීකරණ ශක්තිය ඇති වන අතර මෙය මගින් ආයුවර්ධනයද සිදුකරනු ලබනවා.

මේ ආකාරයටම හාතවාරිය, ගොකටු, ශ්‍රීපර්ණඵල එක පමණට ගෙන කොටා වතුර හතර එකට සිදුවා උදෑසන දෙකොටස බැගින් කෑමෙන් බුද්ධි වර්ධනය සිදුවේ. එමගින් රති ශක්තිය වර්ධනයද ආයු වර්ධනයද සිදුවෙයි.

යව සහ ගොකටු චූර්ණ එක පමණට ගෙන උදෑසනට දෙකොටස බැගින් කෑමෙන්  බුද්ධි වර්ධනය පමණක් නොව රතිශක්තියද ආයුෂය ද වර්ධනය වේ

මේ ආකාරයෙන් වෘෂ යෝග පිළිබඳ සටහන නිමා වෙනවා.

අවසානයේදී සමස්ත ප්‍රකරණයෙම අදහස වත්ස්‍යායන පඬිතුමා මෙන්න මේ විදිහට හකුළුවා දක්වනවා

ප්‍රීතිකාරක යෝග ආයුර්වේදයෙන් ද අථර්වවේදයෙන් ද විද්‍යා සහ තන්ත්‍ර ග්‍රන්ථවලින් ද, පුරාතන පිළිගැනීම් අනුවද සිදුකළ යුතුයි.

තමන්ට එතරම් දැනුමක් නැති සහ විශ්වාසයක් නොමැති ශරීරයට අහිතකර ද්‍රව්‍ය ඇතුළත් යැයි හැඟෙන ඖෂධ සහිත වාජීකරණ භාවිතයෙන් වැළකිය යුතුයි.

සෑම අවස්ථාවේදීම ඒ පිළිබඳව හොඳින් දන්නා පුද්ගලයන්ගේ අදහස් ලබා ගැනීම සිදු කළ යුතු වෙනවා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ප්‍රසිද්ධියේ ෂෙයාර් නොකළත් යාළුවෝ එක්ක ෂෙයාර් කරගන්න අමතක කරන්න එපා. ලබන සතියේ අපි කාම සූත්‍රයේ අවසාන ප්‍රකරණය කියවන්න පටන් ගමු.

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 40 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 41 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 42 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 43 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 44 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 45 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 46 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 47 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 48 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 49 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 50 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 51 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 52 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 53 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 54 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 55 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 56 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 57 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 58 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 59 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 60 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 61 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 62 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 63 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 64 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 65 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 66 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 67 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 68 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 69 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 70 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 71 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 72 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 73 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 74 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 75 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 76 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 77 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 78 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 79 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 80 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 81 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 82 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 83 කොට​ස

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *